මෙරට සිදූවූ මහබැංකු බැඳුම්කර වංචාව ඔබට මතකද?...
ශාෆ්ටර් මහතා මේ වංචාව හෙළිදරව් කිරීමේ ප්‍රභල සාක්ෂිකරුවෙක්.
2015 පෙබරවාරී 01 සිට 2016 මාර්තු 31 දක්වා මෙරට සිදු වූ කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබා දුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණය විය.
දිනේශ් ශාෆ්ටර් මහතා අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 223 වැනි පිටුවේ සටහන් වේ.
2015 පෙබරවාරී 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට දැනුමක් නොතිබූ බව ශාෆ්ටර් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණි.
තමන් ඒ ගැන දැනුවත් වුණේ, රජයේ මුදල් අවශ්‍යතාවයක් පිළිබඳව කැඳවු විවෘත වෙන්දේසියෙන් පසුව බව ශාෆ්ටර් මහතා ප්‍රකාශ කර තිබුණි.
ශාෆ්ටර් මහතාගේ සාක්ෂියට අනුව 2015 පෙබරවාරී 27 වන දින පැවති වෙන්දේසියේ දී ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් පීඑල්සී එහි ප්‍රධාන අලෙවි නියෝජිත සුහිණි හිමාලිකා ෆර්නැන්ඩෝ මහත්මිය හරහා ලංසු තබා තිබේ.
මෙම බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමන්ට හැඟි ගිය බව බවද ශාෆ්ටර් මහතා කොමිසම හමුවේ පෙන්වා දී තිබුණි.