ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි

    ජනප්‍රිය පාසල් වෙනුවෙන් දරුවන්ගේ
    ජීවිත බිල්ලට අරන් තියෙනවා!
    මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි
    - ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි දැයි බන්දුල කියයි

    5 වන ශේ්‍රණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කිරීමට බලපෑ හේතු සාධකයන් මොනවාද යන්න පිළිබඳව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අදහස්‌ පහත පරිදි වේ

    පිළිතුර - කන්නන්ගර යුගයේදී 5 ශිෂ්‍යත්වය හඳුන්වල දුන්නේ ග්‍රාමීය දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යාධාර සැපයීම සඳහායි. ඒ සමග එතුමා නිර්මාණය කළා, ඒ වන විට පැවතුන මැතිවරණ කොට්‌ඨාසයකට එක්‌ ද්විතීයික පාසලක්‌ වශයෙන් මධ්‍ය මහා විද්‍යාල 54 ක්‌. පළමු ශේ්‍රණියේ සිට 5 වන ශේ්‍රණිය දක්‌වා ගමේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වූ පසු එම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්‌ථාව ඇති කළා. එම පාසල් 54 මගින් ඊට පෙර පැවැති දරුවන් කොළඹ, නුවර සහ යාපනයට ඇදී ගිය ප්‍රවනතාව ඇනහිටියා.

    අදත් ද්විතීයික පාසල් ලෙස ක්‍රියාත්මක වන පොරමඩුල්ල, ඉබ්බන්ගමුව, කුලියාපිටිය, අනුරාධපුරය, කරන්දෙණිය, දික්‌වැල්ල, වීරකැටිය, තොලංගමුව යන මධ්‍ය මහා විද්‍යාල එදා ආරම්භ කළ ඒවා. එදා ශිෂ්‍යත්වය සමත්වී මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළු වී සමහරුන් එහි නේවාසිකාගාරවල නැවතී අධ්‍යාපනය ලබා රටේ ගම්බද දරුවන් විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන් බවට පත් වූවා. නමුත් මෙම උදාර වූ මධ්‍ය මහා විද්‍යාල ඇති කළ යුග පුරුෂයාටත් පහර දුන්නා පමණක්‌ නොවෙයි එම සංකල්පය විනාශ කර විභාග කේන්ද්‍රීය අධ්‍යයන ක්‍රමයක්‌ ඇති කළා. බටහිර අනුකාරකවාදීව ලන්ඩන් ධරැඛල A/L වලට සමගාමීව, 1977 දී විවෘත වෙළෙඳපොළ ආර්ථිකයත් සමග නැවතත් අ.පො.ස. (සා.පෙ.), උසස්‌ පෙළ ඇති කළා. එය සම්පූර්ණයෙන්ම දේශපාලන තීන්දුවක්‌. 1977 සිට 17 ත් අවුරුද්දක්‌ පුරා නගරවල ප්‍රධාන පාසල් පිළිබඳව පමණක්‌ අවධානය යොමු කළ නිසා ග්‍රාමීය පාසල්වලට සම්පත් බෙදී ගියේ නෑ. ඒ වගේම ගම්බද, විශේෂයෙන් දිළිඳු දරුවන් තොග වශයෙන් සමාජගත වූයේ අ.පො.ස. (සා.පෙළ) වත් සමත් නැතිව. එම 17 ත් වසර කාලය තුළ අ.පො.ස. (සා.පෙ.) සමත් ප්‍රතිශතය 22% යි. ඒ කියන්නේ 75% කට අධික පිරිසක්‌ සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක්‌ බවට පත් කළා. ඒ අතරම කන්නන්ගර යුගයේදී ආරම්භ කරන ලද මැටි වැඩ, වඩු වැඩ, ලෝහ වැඩ, රෙදි විවීම, මෝටර් කාර්මික විද්‍යාව වැනි වැඩ ලෝකයට අවශ්‍ය විෂයයන් ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නවතා දැම්මා. ක්‍රීඩා, සෞන්දර්ය වැනි විෂයන්ට අඩු බරක්‌ තැබූ අතර ඉතිහාසය අයින් කළා. මෙම දැවැන්ත නායයැම තුළ ක්‍රමක්‌ ක්‍රමයෙන් සමාජ ආකල්පයක්‌ මෝදු වූවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට නම්, දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කළ යුතු බවට. එම තත්ත්වය තුළ 5 ශිෂ්‍යත්වය ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ මාරාන්තික තරගකාරී විභාගයක්‌ බවට පත් වූවා. මෙම ජනප්‍රිය යෑයි සම්මත පාසල් වැඩිම ප්‍රමාණයක්‌ තිබුණේ කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර යන ප්‍රධාන නගරවල. මේ අතරිනුත් කොළඹ හෝ නුවර පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම මවුවරුන් තුළ විශාල උනන්දුවක්‌ වර්ධනය වූවා. මෙය සම්පූර්ණයෙන්ම වැරදි පාසල් වර්ගීකරණයක්‌. මොකද මේ රටේ ජනප්‍රිය පාසල් ලෙස පිළිගත් ඒවා තිබෙන්නේ 56 යි. මුළු ගණන 10,000 යි. මෙම 10000 න් 56 ක්‌ හැර අනිත් පාසල් ජනතාවට අප්‍රිය පාසල් ලෙස හංවඩු ගහලා. නැති බැරි ගමේ මිනිසුන්ගේ බහුතරයක්‌ දරුවෝ තමයි මෙම ජනයා අප්‍රිය පාසල්වලට යන්නේ.

    මේ වන විට ශිෂ්‍යත්ව විභාගය සඳහා වසරකට ලක්‍ෂ 300000 ත් 350000 ත් අතර පිරිසක්‌ පෙනී සිටිනවා. මේ අතරින් ශිෂ්‍යාධාර හිමි වන්නේ 15000 කට පමණයි. වැඩිම ශිෂ්‍ය පිරිසකට පාසල් ලබාදීලා තිබෙන්නේ මේ වසරෙදී. 2009 වර්ෂයේදී ශිෂ්‍යත්වය සමතුන් 23673 ක්‌ පමණයි සමස්‌ත ලංකාවෙන්ම පාසල්වලට ඇතුළත් කළේ. 2014 වර්ෂයේදී 30746 ක්‌ ඇතුළත් කරනවා. විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් 1% කට පමණයි ඔය වර්ධනයෙන් පසුත් පාසලක්‌ ලැබෙන්නේ. එයිනුත් ජනප්‍රිය පාසලක්‌ ලැබෙන්නේ 1% කටත් අඩු පිරිසකට. මෙම 1% කටත් අඩු පිරිසක්‌ වෙනුවෙන් දරුවාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිල්ලට ගෙන තිබෙනවා. දෙමව්පියන්ගේ අසාමාන්‍ය ධනස්‌කන්ධයත් වියදම් කරල ව්‍යාපාරික කරණයක්‌ බවට පත් කර ඇති 5 ශිෂ්‍යත්වය විභාගය එලෙසින්ම පවත්වා ගත යුතු යෑයි තර්ක කරන්නේ මන්දැයි මට නම් වටහා ගන්න අපහසුයි. මන්ද යත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්‌කම් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කළ විශේෂ උපකාරක කාරක සභාවේ සභාපතිවරයා මම.

    එකී කාරක සභාවට ආගමික, දේශපාලනික, අධ්‍යාපනික, සමාජ සංස්‌කෘතික අංග ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන 1000 කට අධික පිරිසක්‌ සාක්‍ෂි සැපයුවා. ඒ සියලුම සාක්‍ෂි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පටිගත කරලා තිබෙනවා. එහි සාක්‍ෂි පොත් ලෙස මුද්‍රණය කරලා කැබිනට්‌ මණ්‌ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්‍ෂි දීමට පැමිණි මානසික විශේෂඥ වෛද්‍ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ළමා මනස පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යය ලැබූ අධ්‍යාපනඥයන් පොත්පත් සහ ශාස්‌ත්‍රීය ඔප්පු කිරීම් මගින් අද පවතින 5 හේ ශිෂ්‍යත්ව විභාගය ළමුන්ට කරන ඉතා බරපතළ වරදක්‌ බවත්, දරුවන්ගේ ළමා කාලය හා ළමා ලෝකය ඔවුන්ට අහිමි කර දරුවන්ගේ ළමා ලෝකය දෙමව්පියන් විසින් උදුරාගෙන ඇතැයි චෝදනා කළා. මේ කොමිසමට සාක්‍ෂි දුන් මහ ප්‍රාඥයන් හා විද්වතුන් පිස්‌සන් පිරිසක්‌ ලෙස සැලසීම කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වුණේ මේ වයසේ දරුවකුට දුව පැන ඇවිදීමට පාරිසරික අත්දැකීම් ලැබීමට, අභියෝගවලට මුහුණදීමට, ක්‍රීඩා කිරීමට, සුන්දර ළමා විය ගත කරමින් මානසික හිතකාමී වන ආකාරයට කටයුතු කිරීමට ඇති ඉඩකඩ අසුරලා ඇති බවයි. 2 වන ශේ්‍රණියේ පටන් දරුවා ශිෂ්‍යත්වය ඉලක්‌ක කරගෙන අහිතකර මානසික පීඩනයකට ගොදුරු කරන බවත් එම නිසා 5 ශිෂ්‍යත්වය අ.පො.ස. (උ.පෙළ), අ.පො.ස (සා.පෙළ) ට වඩා තරගකාරී සහ පීඩාකාරී එකකැයි අධ්‍යාපනඥයන්ගේ මතය වූවා. එම නිසා පසුගිය කාලය තුළ මේ 5 ශිෂ්‍යත්ව විභාගය, දරුවන්ගේ විභාගයක්‌ නොවන බවත්, අම්මලාගේ විභාගයක්‌ ලෙසත් හඳුන්වා දී තිබුණා. මේ තත්ත්වය තුළ 5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට නව ක්‍රමවේදයක්‌ ඇති කළ යුතු බව තරයේ විශ්වාස කළා. එයට ප්‍රධාන හේතුව තමයි මහින්ද චින්තන ඉදිරි දැක්‌ම අනුව කේන්ද්‍රීය අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා නගරයේ තිබෙන සුපිරි යෑයි සම්මත පාසල්වල ඇති භෞතික හා මානව සම්පත සහිතව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම පාසල් 3 බැගින් මහින්දොaදය පාසල් 1000 ක්‌ රට පුරා ඇති කිරීම, මෙවැනි දැවැන්ත විප්ලවීය වෙනසක්‌ ලාංකික ඉතිහාසය තුළ සිද්ධ වී නැති බව ඇත්ත. ගුරු සංගම් යෑයි කියාගෙන නිවේදන නිකුත් කරන සංවිධාන දෙකක්‌ මේ පාසල් 1000 ඇති කිරීමට විරුද්ධ වූවා පමණක්‌ නොව, ඡේ.වී.පී. එකට සම්බන්ධ සංවිධාන ප්‍රාථමික ඉවත් කොට යළි මධ්‍ය විද්‍යාල සංකල්පය ඇති කරනවාට විරුද්ධව උද්ඝෝෂණ, පිකටින්, ටයර් පිළිස්‌සීම් සහ අධිකරණවල නඩු පැවරීම් සිද්ධ කළා. මට තේරුම් ගන්න අසීරුයි කිසි දිනක ග්‍රාමීය දුප්පත් ජනතාවට හිමි නොවුණ අයිතියක්‌ සහ වරප්‍රසාදයක්‌ ලෙස තිබුණ පරිගණක 40 කින් යුත් අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාර 1000 ක්‌ ගමේ දරුවන්ට අයිති කර දීමට විරුද්ධ වන්නේ මන්ද? බ්‍රිටිෂ් කවුන්සිලයට හා කොළඹ නගරයේ සුපිරි පාසල් කිහිපයක පමණක්‌ ඇති භාෂාගාර මේ නාගරික සීමාවෙන් ඔබ්බට ගොස්‌ ගමේ දුප්පත් දරුවන් වෙනුවෙන් පරිගණක 20 කින් යුත් භාෂාගාර 1000 ක්‌ ඇති කරනවාට විරුද්ධ වූයේ මන්ද? ගණිත විෂය සාමාන්‍යයෙන් දුර්වල නිසා ගණිත විෂය අසමත් වීමෙන් රජයේ කම්කරු රැකියාවක්‌ වත් ලබාගත නොහැකි නිසා මේ ගණිත විෂය සමත් කිරීමට ගණිතාගාර 1100 ක්‌ ගමට ලැබීමට එරෙහි වන්නේ ඇයි?

    ඊළඟට දුරස්‌ථ අධ්‍යාපනික පහසුකම් ලබාදීම සඳහා මධ්‍යස්‌ථාන 1000 ක්‌ පිහිටුවීමට විරුද්ධ වූයේ ඇයි? අවු. 2600 කට පසුව ලංකා ඉතිහාසයේ ඇති කළ තාක්‍ෂණවේදී විෂය ධාරාව සඳහා තාක්‍ෂණවේදී විද්‍යාගාර 500 ක්‌ ඇති කිරීමට විරුද්ධ වන්නේ ඇයි. ඉතා සරල උත්තරය මට සිතෙන හැටියට ඔවුන් හොඳටම දැනගෙන සිටියා මහින්ද චින්තනය යටතේ නිදහස්‌ අධ්‍යාපනය යටතේ දැවැන්ත හැරවුම, කන්නන්ගර යුගයෙන් පසු ඇති වූ විප්ලවීය අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ නිසා ග්‍රාමීය දරුවන් නිසැක ලෙසම, අධ්‍යාපනය ලොවට ගැලපෙන අධ්‍යාපනයට සහ ජීවිතයට අගයක්‌ එකතු වන බව. එසේ නොවුවහොත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ජීවිතයක්‌ සොයාගත නොහැකිව දරුවන් ප්‍රචණ්‌ඩත්වය තෝරාගෙන මිනීමරුවන් බවට පත්වන බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරනවා. කොළඹට කිරි - අපිට කැකිරි සටන් පාඨයෙන් ප්‍රකාශ වුණේ ඒක තමයි. දීර්ඝ කාලයක්‌ ග්‍රාමීය ජනතාවගේ ඇට, මස්‌, ලේ, නහර වලට කාවැදී තිබුණේ තමන්ට බලවත් අසාධාරණයක්‌ වන බවත්, අධ්‍යාපනය සුළු පිරිසකගේ අයිතියක්‌ වන බවත්. අපි දැන් අධ්‍යාපනය දුප්පතුන්ට නිත්‍ය උරුමය බවට පත් කිරීමට දැනට පවත්නා ජනප්‍රිය පාසල් 56 වෙනුවට ජනප්‍රිය ද්විතීයික පාසල් 1000 ක්‌ 2016 වන විට නියත වශයෙන්ම ප්‍රතිනිර්මාණය කර අවසන් කරනවා. මේ සඳහා කරන ආයෝජනය මහවැලි ගඟ උතුරට හැරවීමට කරන ආයෝජනය වඩා වැඩියි. මේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබෙනවා ඇ. ඩොලර් මිලියන 200, රු. කෝටි 2500 ක්‌. පාසල් 1000 ට පමණක්‌ ලංකාණ්‌ඩුව ලබාදෙන ප්‍රතිපාදනය කෝටි 1500 යි. මේ හා සමගාමීව ළමා මිතුරු පාසල් 8000 ක්‌ ප්‍රති නිර්මාණය වනවා. එයින් ළමයින් 50 ට අඩු පාසල් 1552 ක්‌ කෙලින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය නොවන ආයතන 18 ක මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. එය අය-වැය ලේඛනයට ඇතුළත් වියදමක්‌ නොවෙයි. යුනිසෙෆ් ආධාර ඇතිව යුද්ධය නිමවීමෙන් පසුව උතුරු සහ නැගෙනහිර ළමා මිතුරු පාසල් 1500 ක්‌ සාදා නිම කර තිබෙනවා.

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ළමා මිතුරු පාසල් 5000 ක්‌ නිර්මාණය කිරීමට මුදල් වෙන් කළා. බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා ඊට කලින් ග්‍රාමීය පාසල් 7000 කට වැසිකිළි, කැසිකිළි පහසුකම් ලබා දුන්නා. ළමා මිතුරු පාසලකට මේ වර්ෂයේ රු. ලක්‍ෂ 5 බැගින් වෙන්කර දුන්නා. මෙහෙම අධ්‍යාපනයට සම්පත් ලබාදුන් රජයක්‌ බිහි වූවේ නැහැ.

    දැන් මහින්දොaදය පාසල් 409 ක වැඩ අවසන් කර භාරදී තිබෙනවා. තවත් 500 කගේ ඉදිකිරීම් අවසන් වෙනවා. මට තිබෙන එකම ප්‍රශ්නය, ලබන වසරට තිබෙන්නේ දින 365 යි. එම දින 365 තුළදී පාසල් 700 - 800 ක්‌ විවෘත කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය. එහෙම ප්‍රශ්නයකට කිසිම අධ්‍යාපන ඇමැතිවරයකු මුහුණ දී නැහැ. මේක තමයි අද රජයට විරුද්ධව කොටි ඩයස්‌පෝරාව ඇතුළු සියලු බලවේගවලට දිරවා ගත නොහැකි ප්‍රශ්නයක්‌ බවට පත්වෙලා තිබෙන්නේ.

    උතුරු මැද පළාතට හිමි වන්නේ 83 යි. නමුත් උතුරට 90 ක්‌ ලැබෙනවා. නැගෙනහිර 103 ක්‌ ලැබෙනවා. ඉතිං ලංකාව පුරාම ජාති, ආගම්, වර්ණ, කුල ලිංග බේදයකින් තොරව මහින්දොaදය ජනප්‍රිය පාසල් 1000 ක්‌ 2016 වන විට ළමුන්ට හිමි වන විට මේ දෙමවුපියන්ට මහ බරක්‌ වූ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ කුමටද?

    ගමේ දරුවා කොළඹ ගෙනෙනවාට වඩා කොළඹ තිබෙන පහසුකම් ගමට දෙන එක අපරාධයක්‌ ද? දුප්පත් දෙමව්පියන්ගේ බර අඩු කිරීම අපරාධයක්‌ ද? ළමයාට දැනට අහිමි වූ ළමා ලෝකය දෙන එක වරදක්‌ද? ඉතින් මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් විශ්ලේෂණ කර විග්‍රහ කිරීම සඳහා මම ලි�තව ජාතික අධ්‍යාපන කොමිසමට මේ හා සම්බන්ධ විමර්ශන කරන ලෙස ඉල්ලා සිටියා.

    එම කොමිෂම විසින් ඒ පිළිබඳව විමර්ශන වාර්තාව 2013-11-08 දින ප්‍රකාශයට පත් කළා. මේ වාර්තාව සැපයීමේදී 5 ශිෂ්‍යත්වය පර්යේෂණය පිළිබඳව සුවිශේෂ මතය ඉදිරිපත් කළ පාර්ශ්වයන් පිළිබඳවත් එහි සඳහන් වෙනවා. අධ්‍යාපනඥයන්, මනෝවිද්‍යාඥයන්, වෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයන් එහිදී අදහස්‌ දක්‌වා තිබෙනවා. ඔවුන් පුළුල් විමර්ශනකින් පසු 5 වන ශේ්‍රණි ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා නව යෝජනාවලියක්‌ නිර්දේශ කළා.

    මෙයින් යෝජනා කරල තිබෙන්නේ ළමයින්ට දෙමාපියන්ට වරදක්‌ වන ජාවාරම්කාරයන්ට වාසිදායක ලෙස සැකසී තිබෙන අතිශයින් තරගකාරී අකාරුණික අනුවණ ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 5 වන ශේ්‍රණියේ දී දරුවන්ට සාදන මට්‌ටම මැන බැලිමේ පොදු විභාගයක්‌ පැවැත් විය යුතු බව එයින් පෙන්නුම් කර තිබෙනවා. මේ විභාගය සඳහා දෙමව්පියන් අතිරේක වෙහෙසක්‌ දැරිය යුතු නැහැ. දෙමව්පියන් පංති යායුතු නැහැ.

    අධ්‍යාපන කොමිෂම නිර්දේශ කර ඇති ආකාරයට අතිරේක ඉගෙනීමකින් තොරව පාසලේ පංතියේ හා බාහිර පරිසරයෙන් ලබාගන්නා දැනුමින් මෙම ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පුළුවන් වනවා. එකී ප්‍රතිඵල අනුව 2016 දී දැනට 15000 කට ලබාදෙන ශිෂ්‍යත්ව 25000 දක්‌වා වැඩි කරනවා. එතකොට තවත් දිළිඳු දරුවන් 10000 කට අතිරේක සහනයක්‌ ලැබෙනවා. 2016 දී ජනප්‍රිය පාසල් 1000 නිර්මාණය වීමෙන් පසුත් කොළඹ නුවර පාසලකට එන්න ඕනි නම් ඒ ලකුණුවලින් එන්න පුළුවන්. අපි එය අහුරන්නේ නෑ. තම තම නැණ පමණින් එන්න පුළුවන්. දැනට වුවත් මේ පහසුකම් තත්ත්වය තුළ ලංකාවේ අධ්‍යාපනයේ සැඟවී ඇති යථාර්ථය විශේෂයෙන් සිංහල මාධ්‍ය භාවිත කරන බහුතරයට නොවැටහීම පිළිබඳ මම අතිෂයින් කනගාටු වනවා.

    මෙවර ජීව විද්‍යාව අංශයෙන් විශිෂ්ටතම දරුවා බිහි වූයේ සීතාවක පුරවරයේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලෙන්. ඒ දරුවා 5 ශිෂ්‍යත්වය සමත්. සා.පෙළ A-9 ලබාගත් අය අතරින් 3 වෙනියා. එහෙත් තමන්ගේ ගම සහ පාසල විශ්වාස කර කටයුතු කර ලංකාවෙන් එක වූවා. මීට පෙර රඹුක්‌කන පින්නවල ජාතික පාසල, තිස්‌සමහාරාම දෙබරවැව ජාතික පාසල, වීරකැටිය ජාතික පාසල වැනි පාසල් වලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උසස්‌ පෙළ සමතුන් බිහි කර තිබෙනවා. ප්‍රධාන වානිජ්‍ය නගරය කොළඹ වුවත්, වානිජ්‍ය අංශයේ පළමු වැනියා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් බිහිවී තිබෙන්නේ. මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵලවලින් හොඳම පළාත බවට උතුරු පළාත පත්වී තිබෙනවා. 2 සබරගමුව, 3 නැගෙනහිර, 4 දකුණ, 5 ඌව, බස්‌නාහිර 6 වන පළාත. එම ප්‍රතිඵල දිස්‌ත්‍රික්‌ක අනුව බැලුවත් විශිෂ්ටතම දිස්‌ත්‍රික්‌කය වන්නේ කිලිනොච්චිය, මන්නාරම, වවුනියා, මුලතිව්, යාපනය, මඩකලපුව, රත්නපුර. කොළඹ තිබෙන්නේ 15 ට, ගම්පහ 24 ට. එම නිසා මේ නව ප්‍රවනතාවයන් පිළිබඳව අධ්‍යාපනඥයන් පමණක්‌ නොව වෙනත් නායක කාරකාදීන්ගේත් අවධානය යොමුවිය යුතුයි. යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවල දරුවන් වේගයෙන් අධ්‍යාපන පසුබැස්‌ම නිවැරදි කර ගැනීමට විශාල ප්‍රයත්නයක්‌ දරද්දී යුද්ධය නොපැවති ප්‍රදේශවල අපි දේශපාලන වෛරයෙන් මුසපත්ව, ගම්බද, නිරායුධ අවිහිංසක දරුවන්ට රජය මගින් ලබාදීමට වෙහෙසෙන අධ්‍යාපනයේ භෞතික හා මානව සම්පත් අසුරා දැමීමට ප්‍රයත්න දැරීම මොනතරම් අපරාධයක්‌ ද?

    සටහන එරික්‌ ගාමිණි ජිනප්‍රිය

    ]http://www.divaina.com/2013/12/29/politics07.html

    මම ඉන්නෙත් ශිෂ්‍යත්වය තියන්න ඕනේ කියන මතයේ ,ඒවුනාට මේ උන්නැහේ කියන විදියටම වැඩ කරනවානම් බොහොම හොඳයි !! සංවාදයට විවුර්තයි
     
    • Like
    Reactions: RuZZa

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මතයක් සමාජ ගත වෙන්න සැහෙන කාලයක් යනවා.
    ශිෂ්‍යත්වය ඕනේ කියන මතය සැහෙන කාලෙක ඉදන් සමාජ ගත වෙලා තියනවා වගේ මේ වැඩ පිළිවෙල හොදයි කියන මතය මිනිස්සු අතරට ගෙනියන්නත් සැහෙන කාලයක් යයි.
    නමුත් පාසල් දිවුණු කරනවා සම්පත් ලබා දෙනවා සම මට්ටමට ගේනවා කියන මතය ගොඩක් හොදයි.
    මොකද ගොඩක් සුළු ප්‍රතිශතයකට පාසැල නිසා ඇතිවන අධි මාන්නයත්, බොහෝ පිරිසකට ඇතිවන හීන මානයත් අද සමාජයේ හොදටම දකින්න පුළුවන්.
    සමහර රැකියා වලදීත් පාසලට තැන දීම දක්වා ක්‍රමය නිර්මාණය වී තියන එක කණගාටුවට කරුණක්.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    පාසල් දියූණු කරනවා සම්පත් ලබා දෙනවා සම මට්ටමට ගේනවා කියන මතය ගොඩක් හොදයි. ඒ වුනාට මමනම් හිතන්නේ ඒක කරන්න අමාරු දෙයක් . ඒ නිසා මගේ මතයනම් ශිෂ්‍යත්වය තියෙන්න ඕනේ .
    සමාන්‍යයෙන් අනෙක් පාසල් වල තිබෙන පහසුකම් වලට ජනප්‍රිය යැයි පවසන පාසල් වල තිබෙන පහසුකම් වැඩියි .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කියන ඒවා වෙන්නෙ නෑ නෙ බන් .ශිෂ්‍යත්වෙ නැති කරන එකෙන් වෙන්නෙ ඉගෙන ගෙන තැනකට එන දුප්පත් ලමයි අයින් කරන එක තමා ....ඔය කිව්වට ගමේ ඉස්කෝලෙකට ඩෙස් පුටු ටිකක් දෙන්න බෑ ..ගුරුවරු නෑ ...
    නැති එකාව නැතිම කරල දාන්න හදන්නෙ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනේ මන්ද බන් ඉස්කෝල හදනවා කියලා හෙන්චයියලා ටිකට contract ටික දීලා හොඳට මාටියා ගහන්න අරින එකද දන්නේ නෑ ප්ලැන් එක ,අර ගම නැගුම කියලා නිදන් ටික හැරුවා වගේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිරාවට බන් ගොඩක් එවුන් ලොකු ඉස්කෝල වලට ගියේ ශිෂත්වයේ පිහිටෙන් ,සාමාන්‍ය මිනිස්සුන්ට කොහෙන්ද බන් ලක්ෂ ගණන් සල්ලි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    5 වසර ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ . ලංකාවේ හෝඩියේ ඉඳන් 13 වසර වෙනකම්ම පාසල් අද්යාපනය නිකම්ම නිකම් රේස් එකක් විතරයි. ඒ රේස් එක අවුරුදු 13 ක් දුවල පළවෙනිය උනා කියල අවුරුදු 13 අවසානයේ විශ්වවිද්‍යාලයට නොයන ළමයෙකුට රැකියාවකට අරන් යන්න ඉතුරු වෙන්නේ 1 වසරේ අකුරු ලියන්න ඉගෙනගතපු ටිකයි එකතු කරන්න , අඩු කරන්න , වැඩි කරන්න , බෙදන්න ඉගෙනගතපු ටිකයි විතරයි. කොටින්ම කියනවනම් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගතපු විෂය ධාරාවන්ගෙන් 1% වගේ කොටසක් විතරයි විශ්වවිද්‍යාල වරම් නොලැබෙන ළමයෙකුත අනාගතෙට අරන් යන්න ඉතුරු වෙන්නේ. කාලෙන් කාලෙට තුට්ටු දෙකේ දෙසපාළුවන් අද්යාපන ක්‍රම, විභාග වෙනස් කරනවා හිතු හිතු විදිහට. එත් ඒවා කිසිම හරයක් නැති තීන්දු තීරණ විතරයි. ඔය විභාගේ 5 වසරේ තිබ්බත් 7 වසෙරේ තිබ්බත් ළමයින්ට ඉදිරි අනාගතෙට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් විභාගයක් විතරයි.

    විශ්වවිද්‍යාල නොයන මට්ටමේ ළමයෙක් උසස්පෙළ සඳහා ගත කරන කාලය හරිම අපරාදයක් කියලයි මම දකින්නේ. උසස්පෙළ සමත් කියන වචනය අයදුම්පත්‍රයකට ලොකු වචනයක් උනාට ඒ වචනේ ඇතුලේ කිසිම රැකියා සුදුසුකම තියනවද කියල කපනා කරලා බලන්න සිද්දවෙන කාලයක් ඉදිරියට එයි.

    පාසල් යන දරුවෙකුගේ සහ එම දෙමාපියන්ගේ මුලිකම අවසන් බලාපොරොත්තුව ඉහලපෙලේ රැකියාවක් ලබාගෙන සාර්ථක ජීවිතයක් ගැන තමයි. එත් ඒ බලාපොරොත්තුව ඉටුකරන්නේ අද වෙනකොට පාසල් අද්යාපනය නෙවෙයි, එතනින් එහා තියන බාහිර අද්යාපන ආයතනයකින්. උදාහරණයක් විදිහට කියනවනම් AAT , CIMA , German Tec , Hotel School , Technical College , ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය, Nita , NIBM , වගේ ආයතන සහ මෙකි නොකී බාහිර පාඨමාලා මුදලට හොයා රජයේ අනුග්‍රහයෙන් සපයන ආයතන තමයි හෝඩියේ ඉඳන් පළවෙනිය වෙලා campas යන්න එක ලකුණක් මදිවෙන එකා රස්සාවකට තල්ලු කරන්නේ. ඉතින් මේ අද්යාපන ක්‍රමේ ඇතුලේ විභාග එහෙ මෙහෙ කරා කියල අවසන් ප්‍රතිපලයේ වෙනසක් වෙන්නේ නැහැ.

    මගේ අදහසනම් මේ කෙහෙල්මල් විභාග ගැන මේ තරම් focus නොකර වුර්තීය අද්යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතුයි කියලයි. අඩුම තරමේ 6 වසරේ ඉඳන් ළමයෙකුට තමුන්ගේ අනාගත වුර්තීය ඉලක්කයට යන්න අත්වැලක් තිබුය යුතුයි. අඩුම තරමේ මේ විෂය ධාරාව ඇතුලේ යම් යම් වුර්තීයන් ඉලක්ක කරගත්තු විෂයන් තිබියයුතුමයි. අද වෙද්දී හෝඩියේ ඉස්කෝලෙට ඇතුල්වෙන ළමයට දෙන පලවෙනි ඉලක්කය 5 වසර ශිෂත්වය. ඊළඟට සාමාන්‍යපෙළ. ඊළඟට උසස්පෙළ. උසස්පෙළ සමත් විෂවිද්යාල වරම් නොලැබෙන උන් උඩ ඉඳන් අයෙත් වැටෙන්නේ හෝඩියටම තමයි. මේ ක්‍රමවේදය වෙනස්වෙන්න ඕන. ළමයෙකුට තමුන්ගේ වුර්තිය සඳහා ඉලක්කයක් ගන්න මාවතක් මේ අද්යාපන ක්‍රම ඇතුලේ තිබිය යුතුයි. එහෙම උනොත් රටේ රැකියා වියුක්තිය අඩුවෙයි. පිකටින් අඩුවෙයි. මොකද වුර්තීය අද්යාපනයක් ලබපු ඕනෑම කෙනෙකුට මේ ලෝකේ ඕන තරම් රස්සාවල් තියනවා. නිකම්ම නිකම් උසස්පෙළ සහතිකයක් උපාදි සහතිකයක් අරන් එලියට බහින කෙනෙක් හරියට හිස් අතින් යුද්දෙට ගියා වගෙයි. සංවාදයට විවුර්තයි.....
     
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    උඹ කියන එක හරි මචන් ,6-7 වසර වලදීම ළමයින්ට කැමති විෂය ධාරාව තෝරාගන්න දෙන්න ඕනේ ,කාර්මික විද්‍යාව කරන එකාට o/l ගණන් ගොඩ දාගන්න අවුරුදු ගානක් මහන්සි වෙන්න වෙන්නේ නෑ එතකොට,විෂය ගාන අඩු නිසා තමයි විශ්ව විද්‍යාලේ යන්න මෙච්චර තරගයක් තියෙන්නේ ,උඹ කියනවා වගේ ඉස්කෝලේ ඉගෙන ගන්න ඒවා ඉස්කෝලේ කාලෙන් පස්සේ ඕනේ වෙන්නේ නැති තරම්

    ඒ වුනාට ශිෂත්වේ කියන එක වෙනම කතාවක් ,ඒකෙන් දුප්පත් පාසලක ඉන්න ළමයෙක්ට පහසුකම් සහිත ඉස්කෝලෙකට ඇවිල්ලා තමුන් කැමති විෂය ධාරාවකට අවතීරණය වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා ,2016 වෙනකොට ඔය කියන විදියේ පාසල් ආරම්බ කරලා තිබ්බොත් හොදායි ,හැබැයි ඔය කියන ඒවගෙන් කෙරෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක අපි හැමෝම දන්නවා

    ඒවගේම ශිෂත්වේ ගොඩ දාගෙන ඒවාගෙන් නිසි ප්‍රොයෝජන අරගෙන ගොඩ ගිය එවුන් දැන් කියන්නේ ඒක ඕනේ නෑ කියලා ,කුහක කම කියන එක ජාතියේ වරදක් නිසා කරන්න දෙයක් නෑ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    ජීවිතය කියන්නේ එකක් ,රැකියාව කියන්නනේ තවත් එකක් ,මේ ක ඇවිල්ල පොඩි මිනිහට ගහන්න කරපු දෙයක් ,ශිෂ්ශ්ත්වේ තියල ටියුශන් තහනම් කරනම් එවරයි ,දෙන ප්‍රෙෂර් එක අඩු කරානම් එවරයි ,ඔය උගත් කියන ගොඩක් එඋන් ඔය විබාගේ ෆේල් ,ඕක විතරයි ,බුද්ධි පරීක්ෂණයකට තියෙන්නේ එකත් කැහැම හරි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹ කියන එක හරි මචන් ,6-7 වසර වලදීම ළමයින්ට කැමති විෂය ධාරාව තෝරාගන්න දෙන්න ඕනේ ,කාර්මික විද්‍යාව කරන එකාට o/l ගණන් ගොඩ දාගන්න අවුරුදු ගානක් මහන්සි වෙන්න වෙන්නේ නෑ එතකොට,විෂය ගාන අඩු නිසා තමයි විශ්ව විද්‍යාලේ යන්න මෙච්චර තරගයක් තියෙන්නේ ,උඹ කියනවා වගේ ඉස්කෝලේ ඉගෙන ගන්න ඒවා ඉස්කෝලේ කාලෙන් පස්සේ ඕනේ වෙන්නේ නැති තරම්

    ඒ වුනාට ශිෂත්වේ කියන එක වෙනම කතාවක් ,ඒකෙන් දුප්පත් පාසලක ඉන්න ළමයෙක්ට පහසුකම් සහිත ඉස්කෝලෙකට ඇවිල්ලා තමුන් කැමති විෂය ධාරාවකට අවතීරණය වෙන්න වැඩි අවස්ථාවක් තියෙනවා ,2016 වෙනකොට ඔය කියන විදියේ පාසල් ආරම්බ කරලා තිබ්බොත් හොදායි ,හැබැයි ඔය කියන ඒවගෙන් කෙරෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක අපි හැමෝම දන්නවා

    ඒවගේම ශිෂත්වේ ගොඩ දාගෙන ඒවාගෙන් නිසි ප්‍රොයෝජන අරගෙන ගොඩ ගිය එවුන් දැන් කියන්නේ ඒක ඕනේ නෑ කියලා ,කුහක කම කියන එක ජාතියේ වරදක් නිසා කරන්න දෙයක් නෑ
    මචන් ඕක කලින් කළා බන් ,එක අසාර්ථක උනා ,එකයි ,මේ වගේ විෂය මාලාවක් ගෙනාවේ ,එක විෂය මාලාවක් ඒගෙන ගත්තත් ජිවිතයට මුහුණ දෙද්දී හැම දෙයක් ගැනම දැනගන්න එක වටිනවා ,අපිට උගන්නපු ගුරුවරුන්ට ඔය කියන අදහස කිව්වම කිව්වේ ,ඔය ක්‍රමය නිසා ගොඩක් විද්‍යාව දැනුම එහෙම අඩු උනාලු ,ගොඩක් විද්‍යාව පැතෙන් නොගොයා අයගේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඕක නවත්තලා දාන එක හොඳයි. නිකන් ලමයින්ගෙ ලමාකාලෙයි සල්ලි කන වැඩක්.:dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව් ඕක නවත්තලා දාන එක හොඳයි. නිකන් ලමයින්ගෙ ලමාකාලෙයි සල්ලි කන වැඩක්.:dull:
    කැකිල්ලේ තීන්දු ,සැරද මහරජ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Education kiyana eke meaning eka education eka nathi kenata bari kenata Education eka laba demai. Grade 5 kiyanne ahinsaka dula puthala inna class ekak , Deviyane scholarship eka fail vena ahinsaka son ge manasikatthwaya thawa duratath bidha nodamiya yuthuya. Education eka hodin diya yutthe bari kenatai. Aka nisa Grade 5 scholarship eka cancel kirima great Buddhimath kriyawaki. Thanks very much Bandula Sir.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    grade 5 exam kiyanne wadakata nathi exam ekak thama ,ewunata eken lamayekta chance ekak enawa thamunge heenayak haba karaganna.ada rate loku thanwala inne janapriya pasal walin apu minissu.jobak denakota ethana inna lokka thamunge iskole ekata aniwa adinawa .meka nathi karanna puluwan oka nathi karata kamak naa.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලොකුම අසාධාරනය වෙන්නෙ දුශ්කර පැතිවල ඉන්න දක්ශ පොඩි උන්ට අමාරුවෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොඳ ඉස්කොලෙකට ඇවිත් හැදෙන්න තියන එකම චාන්ස් එක නැති වෙනවා .....

    ඕකත් ඉතින් ආන්ඩුව ගහන එක්තරා ගැටයක් වෙන්න පුලුවන් ...එතකොට ඉතින් පුලුවන් තරම් කොමිස් ගහලා සල්ලි තියන ලමයි ලොකු ඉස්කෝල වලට ගන්න පුලුවන් වගේම තියන තරඟෙටත් විසඳුමක් ...හරි නම් මිනිස්සු මේවටයි පාරට බහින්න ඕන :yes::frown:...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    grade 5 exam kiyanne wadakata nathi exam ekak thama ,ewunata eken lamayekta chance ekak enawa thamunge heenayak haba karaganna.ada rate loku thanwala inne janapriya pasal walin apu minissu.jobak denakota ethana inna lokka thamunge iskole ekata aniwa adinawa .meka nathi karanna puluwan oka nathi karata kamak naa.
    ---Kolabata kiri gamata kakiri vage scholarship eken venne game school eka thawa duratath nosalaka harimai. Kon kirimai. Viya yutthe village school eka develop kirimai. Muttiya bera ganimata eluvage bella kapima vage ha samanai dakksha daruwa village school eken ayin kara village school eka nosalaka harima.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    දැන් මෙච්චර කල් ඉස්කෝල ටික දියුණු කරන්න බැරි වුනේ ශිෂ්‍යත්වෙ තිබ්බ හින්ද ද?

    ශිෂ්‍යත්වෙ අයින් කරාම ගමේ ඉස්කෝල දියුණු කරන්න ලේසී! :rolleyes::rolleyes:

    ළදරු ගොන් ටෝක් දෙන්නෙ එපා බං. උඹ අර දානවයි කියපු සාධනය දාපන්කො ඔක්කොටම ඉස්සෙල්ලා! :lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    scholarship eka pass vena kena vitharadha dakksha ? University wala inna godak professors la Doctors la Grade 5 scholarship eka fail .