ඒ වගේ හැදිලා තියෙන්නේ තමන්ගේ වැඩේ ක්ර්ගනන් ඇමතිලා පස්සේ යන උන් හින්ද තමයි බන්.
හරියට එක එකා පස්සේ යන්නේ නැතුව වැඩේ කරනවා නම් ඔය විදියේ ක්‍රම පවතින්නේ නෑ .
ඉතින් යකෝ එහෙම අදුරන උන්ට කොරන්න ගිහින් තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ .
උබ කියන්නේ ඒ වගේ හොර වැඩකින් තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් පොඩි එකාව ඒ වගේ කනෙක්ෂන් හදල හරි ගොඩ දාපං වගේ අදහසක්.
වෙන රටක සිස්ටම් එක ගැන කතා කරාම කියනව "සිංහලුන්ගේ හැටි" ලු.
------ Post added on Jan 26, 2023 at 10:58 PM
ඔව් සිංහලුන්ගේ හැටි තමයි.
මේ රටේ 80% උන් තමන්ට පුළුවන් මට්ටමින් කරප්ටඩ්.
පල්ලෙහාම ඉන්න එලවලු මුදලාලි පවා පුලුවන් නම් බලන්නේ තරාදිය යටින් කාන්දමක් අලවන්න.

රට හැදෙනකම් ඉදලා අපේ වැඩ කරගන්න බෑනේ බන්.
උබට එක උදාහරණයක් කියන්නම්.
මගේ පතලක එක පාරක් වැඩ නැවැත්තුවා පරිසර අධිකාරියෙන් ඇවිල්ලා.
මං ඇයි ඇහුවම කිව්වා ජල මූලාශ්‍ර හානිවෙලා කියලා.
මම කිව්වා ඉතින් මේ වටේ පිටේ අහල පහලක ගෙයක් වත් නෑ, අනික පල්ලෙහායින් ලොකුවට දොල ගලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා.
බෑ මේව මේ අද හෙට එන ප්‍රශ්න නෙමෙයි.
උල්පත් ඔක්කොම හානි වෙනවා කිව්වා.
පස්සේ බැලුවම ඌට ලක්ශ 5ක් ඕනේ වෙලා.
නොදුන්නොත් පරිසර කමිටුවට දානවා කිව්වා.
පරිසර කමිටුවෙන් බලල නිර්දේශයක් එන්න අඩුම මාස 6ක් යනවා, එතකොට කෑනිම් බලපත්‍රය එක්ස්පයර් වෙනවා මගේ.
පරිසර කමිටුවෙන් හා කිව්වත් පතල කරන්න බෑ හේතුව ඒ එනකොට කැනීම් බලපත්‍රේ ඉවරයි නේ.

ඊට පස්සේ තව මාස ගානක් යනවා කැණිම් බලපත්‍රය හදන්න.
ඒක හදන් එනකොට වැහිකාලේ ආවම ආයේ හිකෙනවා.

ඇමතියෙක් කෝල් එකක් දුන්න ගමන් පරිසර හානි ඔක්කොම ඉවරයි.
ඇත්තටම එතන උන හුත්තේ ජල මූලාශ්‍ර හානියක් නෑ.
ඌ දන්නවා මගේ ලයිසන් එක එක්පයර් වෙන්න තව මාස 6 නිසා තියෙන්නේ මම කීයක් හරි ඌට දීල වැඩේ ගොඩදාගන්නවා කියලා.
දැන් උබ ඔය කියන විදිහට හරි පාරේ ඒක කරන්න ගියා නම් පතල අවුරුද්දක් වහන්න වෙනවා.
අවුරුද්දක් යනකොට තට්ටි කැඩිලා බිදිලා බුරුල් වෙලා ගිහිල්ලා, ආයෙ තට්ටු බදින්නත් වියදම් කරන්න ඕනේ, දවස් ගණන් පොම්ප දුවවන්න ඕනේ.
උබල ඔය දකින සුරංගනා ලෝකෙ ඇත්ත සමාජේ නෑ බන්.
සිස්ටම් චේන්ජ් කියන්නේ හීනයක්.
ඕකෙන් නැගිටපන්
ඉදපන් දැන් දානව pm එක.උබට ඕක කරගන්න ඕන නම් විස්තර ටිකත් අරගෙන වරෙන්. PM එකක් එවපන් විස්තර ඕන නම්. මට සල්ලි එපා
------ Post added on Jan 26, 2023 at 11:18 PM