අඩේ තෙල් ගහගන්න ගියා බයික් එකට සිපෙට්කෝ එකක් හොයාගෙන. ගාල්ලෙ ටවුන් එකෙ ශෙඩ් එකේ පෙට්‍රල් නෑ. ගියා කොටුවේ ඇතුලේ තියෙන එකට පොඩි පෝලිමකුයි වාහන ටිකකුයි තිබුනා. ටිකක් වෙලා ඉද්දි ත්‍රීවිල් අයියල ටිකක ඇවිත් සද්දයක් දැම්මා. බයික් වලට ගහන්න එපා අන්න තෙල් ඇවිල්ලා අරහෙන් ගහගන්න කියල. මන් ඇහුනෙ නැති ගානට ඉදියා. ඊට පස්සෙ ඉස්සරහ හිටපු ටික පැත්තකට දාලා සුපිරි වාහනයක් තිබ්බා. ටුවරිස්ට් ලා අදින එකක් ද මන්දා ඒකට ගහගනින් කියල උන්ම ඉස්සරහට දැම්මා. මන් බයික් එක පම්ප්ප්ප්ෙක් අ කිට්ටුවට ගත්තා ඒකෙ අස්සෙ. කෝම හරි මට පොඩි චාන්ස් එකක් වැදුනා පොඉලිම මික්ස් වෙලා මාව ඉස්සරහට වැටෙන්න. ඊට පස්සෙ ආයෙත් ත්‍රීවීල් අය්‍ය කෙනෙක් ඇවිත් කෑගැහුවා ත්‍රීවීල් වලට විතරක් ගහන්න කියල. මන් ඇහුනෙ නෑ වගේ ඉදලා. ශෙඩ් එකෙ මනුස්සයට සල්ලි දුන්නා 1000 ක ගහන්න කියල. කෝම හරි ගහගෙන ආවා. බයික් එකට දැනුනෙවත් නෑ. 1000 ක ගැහුවත්. 


ඒ ශෙඩ් එකේ මනුස්සයා අහින්සකයි ඌට අරුන් තග දානවා. පව් ඉතින්. ත්‍ර්‍රිවීල් අයියලටත් ඉතින් කීයක් හරි හම්බ කරගන්නනේ ඔක්කොම. ආමි එකෙන් දැම්ම කිව්වට ශෙඩ් එක ලග ආමි නෑනේ බන්. කන්ට්‍රොල් එකල් නැති උනාම මිනිස්සු උන්ට ඔන විදියට නීති හදාගන්නවා. 


ඉවසීමක් නැතිඋන් මරාගන්නවා. ඒකනිසා පාඩුවේ ඇහුනෙ නෑ දැක්කෙ නෑ වගේ හෙමීට වැඩේ කරන් එන එක ඇගට ගුනයි. පෝලිම මික්ස් වෙන්න කලින් මගේ ඉස්සරහින් ඉදපු එකෙක් මගෙන් පස්සට වැටිලා මන් තෙල් ගහද්දිමගේ දිහා අමුතුවට බලන් ඉදියා. මං හිතුවෙ ඌ ගේම අදීයි කියල. 

ඒකත් දැක්කෙ නෑ වගේ මන් අහක බලන් ආවා. 


ඉස්සරහට කොහොම වෙයිද කියලනම් කියන්න බෑ. 





















