කොහෙවත් ගියෙ නැද්ද - northern & eastern border

tharakaf

Well-known member
  • Oct 19, 2020
    23,117
    42,744
    113
    තමුන්නාන්සේල කොහෙවත් ගියෙ නැතෙයි දෙසැම්බර් වලට
    මම ගියා, හැබැයි පවුලත් එක්ක යන්න උනෙ රෝඩ් ට්‍රිප් එකක්, වෙනද වගෙ බයික් එකෙ යන්න බැරි උනා/ දුන්නෙ නෑ

    ඉතින් මේකෙ ලොකු දෙයක් නෑ, නිකන් කියවල පොටො ටික බලන්න


    01. Doric Bungalow


    මේ ලන්කාවෙ පලවෙනි British Governor Frederick North ට හදපු ගෙදරක් + ඔෆිස් එකක් කියල තමයි කියන්නෙ
    වර්ශ 1804දි හදල තියන්නෙ මේක. තියෙන්නෙ මන්නාරම - පුත්තලම පාරෙ, අරිප්පු කියන හරියෙ
    බීච් එක අයිනෙම තමයි. මේ ස්තානයර තෝරගෙන තියෙන්නෙ ඒ කාලෙ මේ ප්‍රදෙශය ආශ්‍රිතව කෙරුන මුතු කර්මාන්තයෙ අදීක්ශන කටයුතු වලට පහසු වෙන්න කියලත් සදහන් වෙනව





    මේක මෙහෙම තිබ්බට, එ දවස් වල මේකට ගහන්න එකක් පලාතෙමෙ තියෙන්නෙ නැතුව ඇති.
    මේකෙ නිදන කාමර 4ක්, තට්ටු දෙහෙකට හදල තිබුනලු. මේකෙ පලවෙනි තට්ටුව Frederick North විසින්ම architect කර කියලත් සදහන් වෙනව

    "ඩොරික්" කියල කියන්නෙ පුරාණ ග්‍රීක නිවාස ආක්ෘතියක් කියලත් සදහන් වෙනව
    මන්නාරමෙ ගියොත් මෙතනටත් ගිහිල්ල එන්න.
    මේ ලගම ලන්දේසි බලකොටුවකුත් තියනව.


    02. පූනරීන් බලකොටුව







    මේක වර්ශ 1770දි මුලින්ම ඉදීකරල තියෙන්නෙ ප්ෘතුග්‍රීස් කාරයො විසින්, ඒ යාපනෙ බලය තහවුරු කරගැනීම සදහා.
    ඊට පස්සෙ මේක ලන්දෙසි ව්සිනුත්, අන්තිමට ඉන්ග්‍රීසි විසින් තානායමක් විදියටත් පවත්වාගෙන ගිහිල්ල තියනව

    1983 - 1991 වෙනකන් හමුදාව විසින් මෙහි බලය තහවුරු ක‍රගෙන ඉදල තියන අතර, 1991-2009 වෙනකන් LTTE කාරයන් වීසී න්
    අල්ලගෙන ඉදල තියනව

    නැවත 2009 දි හතරවෙනි ඊලාම් යුද්දෙදි ආමි එක නැවත මෙහි බලය තහවුරු කරගෙන තිබෙනව
    මේ සියලු විස්තර එතන තියන බෝඩ් එහෙක ගහල තියනව.



    03. Monument of Victory







    හතරවෙනි ඊලාම් යුද්දෙදි LTTE සන්විදානය යුදමය වශයෙන් පරාජය කරාට පස්සෙ, ඒක සැමරීම වෙනුවෙන් පරන්තන් - මුලතිව් මාර්ගයෙ අනන්තපුරම් හරියෙදි
    මේ ඉදිකිරීම දකින්න පුලුවන්

    මේකෙ පිටිපස්සෙ තියන කතාව එතන හිටපු ආමි සහුර්දයාගෙ වචන වලින් කිව්වොත් මෙහෙමයි.

    "
    ඔයාලට දකින්න පුලුවන් මේ ගල් එක උඩ එක වගෙ හදල තියෙන්නෙ, මෙ ගල් වලින් හමුදාවෙ විවිද පෙරමුනු, බලඇනි නිරූපනය වෙනව.
    උඩින්ම වටේට තියන ගල් 4න් Northern front, western front etc ආදී වසයෙනුත්,
    ඊට යට පේලිය 55 සේනාන්කය, 58 සේනාන්කය වසයෙනුත්,
    ඊටත් යටින් 524 වෙනි බලඇනිය වසයෙනුත්, යටට යන්න යන්න ප්‍රමානයෙක් කුඩා බලඇනි, අනුකන්ඩ වසයෙන් තමයි දාල තියෙන්නෙ.

    එතකොට මේ සොල්දාදුවා බලන් ඉන්නෙ අපේ හමුදාව විසින් රුදුරු ත්‍රස්තවාදී ප්‍රබාකරන් විනාස කරල දාපු නන්දි කඩාල් කලපුව දිහා,
    එයින් නිරූානය කරනව නැවත කිසි දිනක මේ මාත්ෲබූමිය තුල එවැනි තස්තවාදීන් නැගිටින වාද යන්න සුපරික්ශාකාරව බලා හිදින වග

    "

    මන් මෙතන ඉද්දි. දැකපු දෙයක් තමයි දෙමල අයත් මෙතනට ඇවිල්ල බලල යන බව.
    මොනවද ඒ අයට මෙකෙ තියන විසෙශත්වෙ.

    දෙමල කොල්ලො කුරුට්ටො ඇවිල්ල ටික් ටොක් කෑලි කර කර ඉන්නව,
    ඒක ටිකක් අමුතුයි කියල මට හිතුනෙ, එ අය එක්කො මේ පලාත් වල වෙන බලන්න දෙයක් නැති නිසා ඇවිල්ල යනව වෙන්න පුලුවන්

    කෝම උනත්, සිවිල් මිනිස්සු මැරෙන්න ඇති සැහෙන්න, මේ අයට ගොඩක් දෙවල් නැති වෙන්නත් ඇති
    ඒ මතකයන් නැති කරනව වෙනුවට , ආයෙ අලුත් කරගන්න ඇයි කියන එක හිතාගන්න බැ


    04. වැලිඔය - ජනකපුර









    මේ හැමදාම යුද්දෙන් බැට කාපු මායිම් ගම්මාන ටික
    මේ පාර හදල තිබුනත් සිවිල් යටිතල පහසු කම් කියල දෙයක්, නන් ගැවිලාවත් නෑ
    යන්න ඕන වෙලාවට මේ පැත්තෙ ඇවිදල මිනිස්සුන්ට කතා කරල එන්න ශේප් එකෙ

    යුද්දෙ ඉවර වෙලා වසර 15ක් වෙන්න ආවත්, ඉවත් නොකල බිම් බෝම්බ මේ මුලතිව් - ජනකපුර මාර්ගය අයිනෙ දකින්න පුලුවන්
    පොටො එක නන් ක්ලියර් නෑ, යන ගමන් වැදුනෙ
    මේ දිගටම තිබුන







    මේ මිනිස්සු බොහොම සාරවත් විදියට ගොවිතැන් නන් කරනව
    බොහොම ලස්සනයි,

    මේ මඩුවෙ ගොයිරාල කෙනෙක් ඉන්නව දැක්කෙ පස්සෙ මම
    පොර බලන්න ඇති මේ මොකාද පොටො ගහන්නෙ කියල



    මෙව ඉතින් නිවාඩු පාඩුවෙ ඇවිදල බලන්න ඕන පැති
    තනියම ආපු වෙලාවක වෙන ත්‍රෙඩ් එකක් දාන්න ඕන in detail


    ------ Post added on Jan 6, 2024 at 6:07 PM

    Supiri machan. Maara asawak tiyenne yudde tibba pathi wala awidala wistara balanna. Eth itin dan ewa karanna widiyak ne podi ekath ekka.

    Ado meeta wada photo gahapan yako. Gahala album hadala upload karapan api wage unta balanna.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,182
    113
    96
    හෝමාගම
    @Solo Rider කොයි දවස් වලද ගියේ මචන්, අපි family ගියා 23, 24, 25. ඔය තැන් ටිකම තමයි cover කලේ

    24/25/26/27/28
    :D


    Supiri machan. Maara asawak tiyenne yudde tibba pathi wala awidala wistara balanna. Eth itin dan ewa karanna widiyak ne podi ekath ekka.

    බබා ලොකු වෙනකන් ඉදල ආයෙ ඇවිදින්න
    වයස 8-10ක් වගෙ උනාම අවුලක් නැහැනෙ, ඊට වඩ පොඩි නන් කේස් තමයි

    Ado meeta wada photo gahapan yako. Gahala album hadala upload karapan api wage unta balanna.

    yaa yaa
    යනකොට බල බල යනව මිසක් , පොටො ගහන්න මතක් වෙන්නෙ නැ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,716
    18,761
    113
    Kaer Morhen
    thewitcher.com
    Nice tfs
    Jaffna පැත්ත කොහොමද? පාරවල් හොදද? මං අවුරුදුත් අල්ලලා මාර්තූ එන්න කියලා බැලුවේ
    ඔක්කොම පාරවල් හොදයි, දබකොල පටුනට යන පාර ටිකක් අවුල්. වෙන නං කිසිම අවුලක් නෑ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,095
    15,169
    113
    109
    Gotham
    batman.com
    Apit gya last week ramboda patte,
    hanthane nawatuna.. Hithuwata wada wade interesting wuna naya ghn tiana ewa assen gye. 🤣, samahra parawal wahala.






    Me sathiyet nkn rawmk danna hitila Unawatuna pattata awa. Tama ehe. Beach eke api wtra da mnda local හිටියේ, okkoma foreigners La inne.

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,399
    1
    91,020
    113
    32
    Kalutara
    අඩෝ පාරවල් ටික දැක්කම හොනට් එක තිබ්බ නම් කියල හිතෙනවා. වංගු නවන්න පුළුවන්නේ කනේ වැලි ගෑවෙන්න.. 😍😍😍


    මොනවා වුනත් මයින්ද මහත්තයා නිසානේ මේ සේරම.. කලගුණ සලකන්න ඕන මේ පාරත්.. 🤗
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,117
    42,744
    113
    බබා ලොකු වෙනකන් ඉදල ආයෙ ඇවිදින්න
    වයස 8-10ක් වගෙ උනාම අවුලක් නැහැනෙ, ඊට වඩ පොඩි නන් කේස් තමයි



    yaa yaa
    යනකොට බල බල යනව මිසක් , පොටො ගහන්න මතක් වෙන්නෙ නැ
    Eka tama ban karanna ona, eth itin etakota oya pathi wenas wela tiyeida danne ne. habei itin lankaawa nisa ehema nowi tiyenath puluwan :-D
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider