ශ්‍රී ලංකාවටත් ටෝකියෝ මිට්සුබිෂි බැංකු&
ජපානයේ විශාලතම බැංකුව වන බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි බැංකුවේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සූදානම් වේ. ශ්‍රී ලංකාව සමඟ දිගුකාලයක් තිස්සේ වාණිජ සහ මිත්‍රශීලි සම්බන්ධතාවක් ගොඩනඟා තිබෙන ජපානය, තවමත් එහි බැංකු ශාඛාවක් මෙරටේ ආරම්භ කොට නොමැත. එය මඟ හරවා ලීමේ අරමුණින් ජපාන බැංකු ශාඛාවක් මෙරටේ ඇරැඹීමට මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි බැංකුවේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මූලික අධ්‍යයන කටයුතු සිදු කිරීමට නියමිත බවද පැවසේ.