ෂුවර් නැති ජීවිතේ..

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ෂුවර් නැති ජීවිතේ..

    ෂුවර් නැති ජීවිතේ..

    article-0-0C1DF74A000005DC-571_470x288.jpg



    පහුගිය දවසක බොහොම දුක්බර සිදුවීමක් අහන්න ලැබුණා දුම්රිය අනතුරක් ගැන. ඇත්තම කිවුවොත් ඒක දැකලා හිත බොහොම කම්පා වුණා වගේම මේ ජීවිතේ කොච්චර අවිනිශ්චිතද කියලා හිතුණා. ඒ අතරේ අද ඊමේල් එකක් මඟින් ලැබුණු තායිලන්තයේ “Life Museum” කියන කෞතුකාගාරයේ විස්තර දැකලා මේ කෙටි ජීවිතේ වගේම අපි මේ විචිත්‍ර ඇඳුම් පැළඳුම් වලින් සරසන අපේ ශරීරයත් කොච්චර තාවකාලික ද කියලා හිතුණා. සටහන ලියන්නේ ඒ ගැන නොවන නිසාත් ඕනාම කෙනෙකුට අන්තර්ජාලයෙන් ඒ තොරතුරු බලන්න පුළුවන් නිසාත් ඒ ස්ථානය ගැන මෙතනදි විස්තර කරන්න යන්නේ නෑ.අපි වැඩියෙ හිතුවෙ නැති වුණාට ඇත්තටම ජීවිතේ කියන්නෙ බොහොම අවිනිශ්චිත දෙයක් නෙ. අද ඉන්න කෙනා හෙට මේ ලෝකෙ
    ඉඳීද, මීට ටික වෙලාවකට කලින් අපිට දුරකථනයෙන් කතා කරපු කෙනා දැන් මේ ලෝකෙ ඉන්නවාද, අපි හෙට ඉඳීද නැද්ද කියන එක
    වත් අපි කාටවත් සහතික කරලා පුළුවන් ද? “මම නම් කීයටවත් හෙට මැරෙන්නෙ නෑ” කියලා සහතික කරලා කියන්න පුළුවන් කෙනෙක්
    මේ ලෝකෙ ඉන්නවාද? ඒ තරමට මේ ජීවිතේ අවිනිශ්චිතයි. මේ ළඟදි දොස්තර මහත්තයෙක් මැරුණානෙ. දොස්තර උපාධිය අරගෙන
    මාස 6ක් විතර ලු, කසාද බැඳලා මාස 3යි ලු, ඩෙංගු හැදිලා නෙ මැරුණෙ. ලෙඩ ගැන නොදන්න කෙනෙක්ද? ඩෙංගු වල රෝග ලක්ෂණ
    සහ බෙහෙත් වර්ග අපිට වඩා හොඳට දන්න කෙනෙකුට එහෙම වුණා නම් අපි ගැන කවර කතාද. ඒත් එහෙමයි කියලා, ඉගෙන ගන්නෙ
    මොකටද, මහන්සි වෙලා නිදි මරලා පාඩම් කරලා විභාග පාස් වෙලා උපාධියකුත් අරගෙන හොඳ රස්සාවක් හම්බුනාටත් පස්සෙ
    මැරුනොත් කියලා හිතුවොත් ඉතින් ජීවිතේ කිසිම දෙයක් කරන්න බෑ නෙ.
    ඒත් අපි බලාපොරොත්තු වෙනවා අපි, අපේ පවුලේ අය, යාළුවෝ, දන්න අඳුනන අය තව මොහොතකින්, අද රෑටත්, හෙටත්, අනිද්දාත්,
    තව අවුරුද්දක්, තව අවුරුදු දහයක්, තව අවුරුදු විස්සක් තිහක් අපිත් එක්ක ඉඳියි කියලා. ඒ වගේම අපි ඒ දේ විශ්වාස කරනවා. ඒ මත තමයි
    අපි මුළු ජීවිතේම ගොඩනඟන්නෙ. ඉගෙන ගන්නෙ, රස්සාවක් කරන්නෙ, සල්ලි හම්බ කරන්නෙ, කසාද බඳින්නෙ, දරුවො හදන්නෙ,
    තවත් ජීවිතේ කරන්න තියන හැම දේම කරන්නෙ ඒ විශ්වාසය නිසයි. අපි ජීවත් වෙන්නෙ අපිව ජීවත් කරවන්නෙ මේ බලාපොරොත්තු සහ
    විශ්වාසයයි. බලාපොරොත්තු සහ විශ්වාසය නැති වුණොත් අපේ ජීවිතෙන් කිසිම වැඩක් නෑ කියල අපිට හැඟේවි.
    එහෙම ජීවිතයක් ලබලා තියන අපි කවදාවත් මැරෙන්නෙ නැති මිනිස්සු වගේ තණ්හාවෙන් සල්ලි, බලය පස්සෙ යන්නෙ ඇයි කියන එක
    මට නම් නොතේරෙන කාරණාවක්. ඒත් ඉතින් සල්ලි කියන්නෙ දෙයියන්ගෙ මල්ලි කියලා අපි දන්නව නෙ. සමහර අය ජීවිත කාලෙම
    ඉවරයක් නැතුව මහන්සි වෙලා හරියට නොකා නොබී සල්ලි හම්බ කරලා කරලා ජීවිතේ විඳින්න වත් කාලයක් ඉතුරු කරගන්නෙ නැතුව
    මැරිලා යනවා. ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ගෙ දෙමවුපියො, බිරිඳ සැමියා, දරුවො, යාළුවො එක්ක හොඳට කාලා බීලා සතුටින්
    ඉන්නෙ නැතුව ජීවිත කාලෙම සල්ලි විතරක් හොයලා ඒ සල්ලිත් කාටහරි දීලා මැරිලා යන එකේ තේරුම මොකද්ද? සමහර
    දේශපාලනඥයෝ දැක්කාම නම් අපිට හිතෙනවානේ “අනේ ඇත්තට.. මේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැමදාම ජීවත් වෙනවා
    කියලානේ..” කියලා. සල්ලි තණ්හාව, බලය තණ්හාව විතරක් නෙමේ තව ඒ වගේ සමාජයේ අපි දන්න කොච්චර නම් දේවල් තියනවාද
    මිනිස්සුන්ට තමන් මැරෙනවා කියන එක අමතක වෙච්ච. ත්‍රස්තවාදය, මිනීමැරුම් වගේ දේවල් එහි දරුණුම අවස්ථාවන් නෙ.
    ලොකු දේවල් ඕනේ නෑ. අපි ගැනම හිතන්න. අපි කවදාහරි මැරෙනවා කියන එක අපිටම අමතක වෙන අවස්ථා කොච්චර තියනවාද?
    අනිත් අයට නරක විදියට සලකනකොට, නපුරු වෙනකොට, දරුණු වෙනකොට, රිද්දනකොට, බොරු කරනකොට, හතුරුකම්
    කරනකොට, වෛර කරනකොට, පාවා දෙනකොට සදාකාලිකව ජීවත් වෙන්න ආපු අය වගේ සමහර වෙලාවට අපි හැසිරෙනවා නේද?
    තමන්ගෙ වයසක අම්මාට තාත්තාට සලකන එක වදයක් වෙන්නෙ අපිත් කවදා හරි ඒ තත්ත්වෙට පත්වෙනවා කියන එක නොදැන ද? නෑ
    නෙ. ඒ ගැන හිතන්න අපි කැමති නෑ. අපි කැමති අපි හැමදාම මෙහෙම ඉන්නවාට. දැන් තියන හොඳ කල්පනාව වත්, ශරීර ශක්තිය වත්,
    රූපය වත් වයසට යනකොට අපිට තියෙන්නෙ නෑ. ඒත් ඉතින් සමහර වෙලාවට දෙමවුපියන්ට සලකන්නෙ ඒවා මතක නැති ගානට නෙ.
    ජීවිතේ නියම සතුට තියෙන්නේ සල්ලි වල වත්, බලයේ වත්, අනිත් අය යටත් කර ගැනීමෙන් වත්, අනිත් අයට දුක් දීමෙන් වත්, වෛර
    කිරීමෙන් වත් නෙමෙයි කියලා තේරුම් ගන්න අපිට පුළුවන් වෙනකොට සමහර විට ඒ ගැන පසුතැවෙන්න වත් වෙලාවක් අප සතුව
    නොතිබෙන්න පුළුවන්. කවුද දන්නෙ කවදා කොතැන අපේ වෙලාව එයිද කියලා. කොයි වෙලේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න උනත්
    පසුතැවීමක් නැතුව ජීවිතේ අන්තිම අවස්ථාවෙදි ජීවිත කාලෙම කරපු හොඳ දේවල් වල සතුටත් අරගෙන සමාදානෙන් අවසන් හුස්ම
    හෙලන්න තියනවානම් ඒක තමයි මගේ ජීවිතේ නම් මට ලබන්න තියන ලොකුම වාසනාව හැටියට මං සලකන්නෙ.
    මැරෙන දවසක අපිට අරන් යන්න තියෙන්නෙ අපි මේ ලෝකේ ජීවත් වෙන කාලෙදි අපි කරපු හොඳ නරක විතර නෙ. පොදි ගහල හම්බ
    කරන සල්ලි වත් කෑදර කමින් පස්සෙන් යන බලය වත් ලොකු කම වත් නෙමෙයි නෙ. අර සින්දුවකුත් තියෙන්නෙ, “නාමෙ නොදිරනා
    කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ..” කියලා. අපිත් එක්ක ඉන්න අයට කවදාහරි අපිව මතක තියෙන්නෙ අපි කරලා තියන හොඳ
    නරක අනුව නෙ. ඉන්න කාලෙ පවුලෙ අයට හොඳින් සලකලා ආදරෙන් ඉඳලා, යාළුවො සහ පිටස්තර සමාජය එක්ක හොඳ සම්බඳයක්
    ගොඩනඟාගෙන ඉන්න කෙනෙක් මිය ගියාම සදා කල් මතකයේ රැඳෙනවා හැමදාටම. අපි නැති කාලෙක ඒ අය අපිව මතක් කරයි, අපේ
    හොඳ නම විතරක් රැඳෙයි එයාලත් එක්ක හැමදාම. සල්ලි ගොඩක් විතරක් ඉතුරු කරලා විතරක් ගියාට එහෙම වෙන්නෙ නෑ නේ. සල්ලි
    තියනකම් මතක් කරයි. ඊට පස්සෙ?
    ඉතින් ඉන්න කාලේ පුළුවන් තරම් හොඳට ජීවත් වෙලා තමන්ගෙ දෙමව්පියන්ට බිරිඳට සැමියාට දරුවන්ට මිතුරන්ට අසල්වැසියන්ට
    හොඳින් සලකලා තමන්ගෙ රැකියාව අවංකව ඉටු කරලා සමාජයට කරන්න පුළුවන් හොඳ දෙයක් කරලා මේ ලෝකෙන් සමුගන්න එක
    කොච්චර වාසනාවක්ද? තවත් ගොඩක් දේ මේ ගැන කියන්න තිබුණත් සටහන දිග වැඩිවෙන නිසා දැනට මේ ඇති. පහුගිය සටහන දිග
    වැඩි වෙලා මුලින්ම ලියපු ස්තූතියෙ කොටස අයින් වෙලා තිබුණානෙ. :p
    එහෙනම් හිතන්න යමක් ඉතුරු කරලා අදත් නවත්තන්නම්. ඔබ මෙලොවින් ගියාට පස්සේ ඔබේ පවුලේ අයට හිතවතුන්ට සමාජයට ඔබව
    කොහොම මතක හිටිනවාටද ඔබ කැමති කියලා ඔබම හිතලා බලන්න.

    Source
    :
    ෂුවර් නැති ජීවිතේ.. by ජීවිතය
    Code:
    thelastrow.net
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක දැක්කම ජිවිතේ ගැන නැවතත් හිතන්න සිදු උනා යාලුවා.. ඇත්ත තම්යි වචනයක් වචනයක් පසා... +4
     
    • Like
    Reactions: gihand4r

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජීවිතේ අපි මොන දේ කලත් ජීවිතේ යතාර්ථයට අපිට මුහුණ දෙන්න වෙනව පැලේ කෙනාටත් ප්‍රසදේ අයටත් ඒක පොදුයි
    ලිපිය නම් කලින් කියවල තිබේ
    එලකිරියේ ශෙයා කිරීම ගැන සතුටුයි !