සංක්රාන්ති ලිංගිකත්වයට නිකරුණේ වෛර කරන පිරිමි ඔබ හිතන්න,
ඔබට වයස දහයෙදි දොළහෙදි විතර එක දවසක උදේ නැගිටිද්දි ඔබේ පිරිමි ඇඟ වෙනුවට ගැහැණු ඇඟක් තිබ්බොත්?
ඔබව දන්න කියන හැමෝටම ඔබ මතක පොඩි ගැහැණු ළමයෙක් විදියට නම්?
ඔබේ ඇඳුම් අල්මාරියෙ තියෙන ඇඳුම් ඔක්කොම ගවුම් නම්?
එදා ඉඳල දවසක් දවසක් ගානේ ඔබට ගවුමක් ඇඳන්, කොණ්ඩ කරල් දෙකක් ගොතන් ඉස්කෝලෙ යන්න වෙනව නම්?
ඔබට පාසලේ පිරිමි ළමයි එක්ක ගැවැසෙන්න ඕන උනත්, ඔබ ගැහැණු ළමයෙක් හින්ද ඔවුන්ගෙන් ප්රතික්ෂේප වෙනව නම්?
ඔබට ගැහැණු ළමයි පමණක් යාලුවො විදියට තියාගන්න කියල බල කෙරෙනව නම්?
අවුරුදු දොළහ-දාහතර වෙද්දි, යෞවන හැඟුම් මෝදු වෙද්දි ඔබේ පන්තියෙ ඉන්න ගැහැණු ළමයෙකුට ඔබේ හිත යනව නම් (ඔබට ගැහැණු ඇඟක් තිබ්බත් ඔබ හිතින් පිරිමි නෙ?)
නමුත් ඔබේ හැඟීම් කාට හෝ කිව්වොත් ඔබව පි_ස්සෙක් විදියට සලකන බව ඔබ දන්නව නම්?
ඔබේ හැඟීම් එළි පිට කිව්වොත් ඔබව වෛ රයට පාත්ර වෙන බව ඔබ දන්නව නම්?
පිරිමි හිතක් තියෙන ඔබ,
කවදා හෝ දවසක පිරිමියෙක් ව කසාද බඳියි කියල සමාජය බලාපොරොත්තු වෙනව නම්?
අවුරුදු විසි හතර විසි පහ වෙද්දි ගෙදර අය, නෑදෑයො ඇයි ඔබට පෙම්වතෙක් නැත්තෙ කියල අහමින් කරදර කරනව නම්?
ඔවුන්ගේ පෙරැත්තය නිසා පිරිමි හිතක් තියෙන ඔබට පිරිමියෙක් ව කවදා හෝ කසාද බඳින්න වෙනව නම්?
පිරිමි හිතක් තියෙන ඔබට ඒ ඔබ බැඳපු පිරිමියාගෙ ස්පර්ශය, හාදු, ඉවසන්න සිද්ධ වෙනවා නම්?
පිරිමි හිතක් තියෙන ඔබට ඒ පිරිමියා ඉදිරියේ නි_රුවත් වෙන්න සිද්ධ වෙනවා නම්?
පිරිමි හිතක් තියෙන ඔබ තුලට ඒ පිරිමියා තමන්ගෙ ශිෂ්_ණය ඇතුල් කර ලිං_ගිකව හැ_සිරෙන තුරු ඔබට ඉවසා ඉන්න සිද්ධ වෙනවා නම්?
ඔබට ජීවිත කාලයම මේ දුක විඳින්න වෙනවා නම්?
ඔබ ගැහැණියක් නම්, ඔය ටිකම අනිත් පැත්තට උපකල්පනය කර ගන්නකො.
අද ලංකාවෙ බොහෝ සංක්රාන්ති_ලිංගිකයන්ට ලැබිල තියෙන ජීවිතය තමයි ඕක. තමන් තෝරා නොගත්තු, නමුත් තමන්ට උපතින් ලැබිච්ච දෙයක් නිසා ජීවිතයම හි_ර ගෙයක ගෙවන්න සිද්ධ වෙච්ච ගැහැණුන් මිනිසුන් දස දහස් ගණනක්, සමහරවිට ලක්ෂ ගණනක් අද ලංකාවෙ ඉන්නවා. ඒ හි_ර දඬු_වම මට හිතෙන හැටියට ලංකාවෙ බරප_තලම වැඩ තියෙන සි_ර දඬු_වමටත් වඩා දරු_ණු එකක්.
ඔවුන්ට කරුණාකර ඒ සි_ර ගෙයින් නිදහස් වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට තමන්ගෙ ආදරය සොයා යන්න ඉඩ දෙන්න. ඔවුන් ඒක කර ගත්ත කියල ඔබට කිසිම පාඩුවක් නෑ. ඔබේ පිරිමි කමට/ගැහැණු කමට කිසිම හානියක් වෙනත් දෙන්නෙක් කරන දේකින් සිද්ධ වෙන්නෙ නෑ.
සහකම්පනය පෙන්වන්න.

මිනිසත්කම පෙන්වන්න. ❤
යක්ෂයෙක් නොවන්න.