සංක්‍රාන්ති ලිංගිකයෙකුට සාධාරණත්වය
එක්සත් ජනපදයට අයත් මෙයිනි රාජ්‍යය පිළිබඳ ඉකුත් සතියේ විදෙස් පුවත්වල සැලකිය යුතු ඉඩක් වෙන්ව තිබුණි. ඊට හේතු වූයේ මෙයිනි මහාධිකරණය විසින් නීතිඥයින්ගේ විවාදාත්මක තර්ක විතර්ක ගණනාවකට පසු ලබාදුන් නඩු තීන්දුවකි. සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට තමා කැමති පරිදි වැසිකිළි, කැසිකිළි හෝ නානකාමර තෝරාගත හැකි බවට එකී තීන්දුවෙන් ප්‍රකාශයට පත්විය. "ස්ත්‍රී" හෝ "පුරුෂ" ලෙස නාම පුවරු සවිකොට ඇති ඕනෑම අවස්ථාවට තමාට රිසි පරිදි ඒ දෙවර්ගයම එක සේ භාවිතා කළ හැකි බව මෙයිනි මහාධිකරණය විසින් තීන්දු කිරීම හුදු නාන කාමර ප්‍රශ්නයක් විසඳීමක් නොවේ. එය මානව වර්ගයාගේ සංක්‍රාන්ති ලිංගික ජීවිතය නීතිය ඉදිරියේ පිළිගැනීමකි. සමාජයට තවත් සංස්කෘතික වටිනාමක් දායාද කිරීමකි.
15 හැවිරිදි නිකොලෙ මෙයැන්ස් ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙස උපත ලැබූවද ඇය වඩාත් සමීපවෙමින් සිටියේ ස්ත්‍රී ලිංගික ජීවිතයකටය. කාලයත් සමග ඇය ස්ත්රීම විය. එහෙත් වසර 4 ට පෙරාතුව කාර්ය මණ්ඩල වැසිකිළි හා කැසිකිළි භාවිතයේදී ඇය "ස්ත්‍රී " නාන කාමර භාවිතා කරන බවටත්, එයින් බොහෝ සිසුවියන් පිරිසක් අපහසුතාවට පත්වන බවටත් පාසලේ පාලනාධිකාරිය විසින් ඇයට තරවටු කර තිබිණි. ඇයගේ පංතියේ පිරිමි ළමයෙකුගේ සීයා විසින් පාලනාධිකාරියට මෙම පැමිණිල්ල කර තිබුණු බව පසුව අනාවරණය විය.
මෙම සිදුවීමෙන් පසුව ඇයට පංතියේ බොහෝදෙනා අඬතෙට්ටම් කරන්නට වූහ. සමකාලීන මිතුරු මිතුරියන්ගේ අකටයුතුකම් , නොසලකාහැරීම් ඉවසන්නට බැරිම තැන ඇය ඊට එරෙහිව නඩු මගට බැස්සාය.
" ඒ හැමෝම සාමාන්‍ය ළමයි. ඒත් ඔයා එහෙම නෙවෙයි.." පවසමින් නිතර ඇයගේ සිත රිදවූ බව ජෙනිෆර් ලෙවි පවසයි. ජෙනිෆර්, "ස්ත්‍රී හා පුරුෂ සමලිංගික ආරක්ෂක උපදේශන සංවිධානයේ" සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියයි.
" පාසලට ඇතුළත් වන සිසු සිසුවියන්ට තමා කැමති ලෙස කිසිදු වෙනස් කමකින් තොරව සතුටින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුයි. ඔවුන්ගේ මානසික හා ශාරීරික අඬතෙට්ටම් වලට ලක්වීමට ඇති ඉඩ ප්රස්ථා ඇහිරිය යුතුයි. පාසලක වැඩිහිටි සිසු සිසුවියන් මෙන්ම පාලනාධිකාරිය මෙම නඩු තීන්දුවේ වැදගත්කම අවබෝධ කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.."නිකොලෙ මෙයැන්ස් පවසයි.
ඇයට ඔරොනෝ දිස්ත්‍රීක් පාසලේ දී මෙම කටුක අත්දැකීමට මුහුණදෙන්නට සිදුවුවද ඇය මේ වන විට දකුණු මෙයිනි උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියි. 2009 වසරේ ඇය විසින් තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නඩුමගට බැසීමෙන් පසු ඇයගේ පවුලේ උදවිය මෙන්ම "මෙයිනි මානව හිමිකම් කොමිසම" මෙම නඩු ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ඇයට සහය විය.
මෙයිනිහි මානව හිමිකම් පනත උල්ලංඝණය කරමින් ඇයට පාසලේ බලධාරීන් විසින් හිරිහැර කර ඇති බවත්, එමගින් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බවත් අවසානයේදී තීරණය විය.
"මෙයිනිහි නීතිය වෙනස්විය යුතු බව මිනිස්සු තීරණය කර ඇති බව පැහැදිලියි. ඒක එහෙම විය යුතුයි. ඒත් නීතිය කියන්නේ කුමක්ද? ඒ වන විටත් පැවති වටිනාකම් හා තීරණයයි. එය පාසලෙන් හෝ පාලනාධිකාරියෙන් උල්ලංඝණය කිරීමක් සිදුකොට නෑ"
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිලීෂා හෙවෙයි පවසයි.
" මේක හුදෙක් ළමයෙකුගේ නාන කාමර ප්‍රශ්නයක් නෙවෙයි. ස්ත්‍රී හෝ පුරුෂ ආකාරයට කරනු ලබන සමාජීය බෙදීම් වලට ඔබ්බෙන් මානව වර්ගයාට පවතින්නට පුළුවන්. සංක්‍රාන්ති ලිංගිකයින් කියන්නේ මනුෂ්‍යයින්. ඒ අයටත් අනිත් හැමෝටම වගේ සමාජය සමානාත්මතාවෙයන් සලකන්න ඕන..මේ සමස්ත මානව වර්ගයාටම අදාළ වන පොදු කාරණයක්.."
ස්ත්‍රී හා පුරුෂ සමලිංගික ආරක්ෂක උපදේශන සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය වන ජෙනිෆර් ලෙවි පෙන්වාදෙයි.
පොලීසිය හෝ බලධාරීන් මෙවැනි ප්‍රශ්නයකදී මැදිහත් විය යුතු අන්දම හා මෙවැනි ප්‍රශ්නයක පවත්නා සංකීර්ණතාව මැනවින් හඳුනා ගන්නා බවක් දක්නට නොලැබෙයි. ඒ නිසාම ඔවුන් සෙසු සෑම අපරාධයක් දෙසම බලන ආකාරයෙන් මෙවැනි ගැටලු දෙස බලන්නට යාමෙන් එබඳු අත්දැකීම් වලට මුහුණදීමට සිදුව ඇති දරු දැරියන් මානසික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වෙයි. එය පසු කාලීන වෙනත් මානසික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් ඇති කිරීමට ඉවහල් විය හැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.
ඉකුත් වසරේ අමෙරිකානු මනෝ චිකිත්සක සංවිධානය විසින් " ලිංගභේද අනන්‍යතා ව්‍යාධි" ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ආබාධ ලැයිස්තුවෙන් ඉවත් කරගෙන තිබේ. අමෙරිකානු මනෝ චිකිත්සක ඇකඩමිය, නිකොලෙ මෙයැන්ස් සංසිද්ධිය හා නඩුතීන්දුව අධ්‍යයන වාර්තාවක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර තිබේ.
" ඒක ඇත්තටම ආයාසකාරී අත්දැකීමක් වුණා. නමුත් අවසානයේ සාධාරණත්වය ඉෂ්ඨ වුණා. ඒ ගැන හරිම සතුටුයි. ඉතා හොඳ අවසානයක් ලැබීම ගැනත්, සමාජීය වශයෙන් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් බලාපොරොත්තු සහගතව ඉන්නවා.."
නිකොලෙ මෙයැන්ස්ගේ පියා වන වෙයිනෙ මෙයැන්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
උපුටා ගත්තේ මෙතනින්.
http://sinhala.adaderana.lk/novel.php?nid=4276&mode=novel
මේ news එක ගැන බලද්දී තව විස්තර වගයක් හොයා ගන්න පුළුවන් වුණා.
මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි මේ කියන Nicole Mains ඉපදිලා තියෙන්නේ තවත් නිවුන් සහෝදරයෙක් එක්ක. ඒ කියන්නේ නිවුන් පිරිමි දරුවෝ දෙන්නෙක් විදියට තමයි ඉපදිලා තියෙන්නේ.
නමුත් Nicole ට තිබිල තියෙන්නේ ගැහැණු ළමයෙක්ට තිබ්බ ආශාවල්. ඒ නිසා ඒ විදියට වෙනස් කර ගත ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා තියෙනවා.
Identical: From an early age the twins showed distinct personalities with Jonas preferring pirates and Spiderman while Wyatt preferred Barbie and mermaids
Happy with what's in the mirror: Nicole Maines, 14, sits at her dressing table - she has endured a long emotional journey to live as a girl
By her side: The Maines' family (l-r) Jonas, Nicole, mother Kelly and father Wayne. They have fought many battles for Nicole but have fully supported her being transgender
Close bonds: The brother and sister whisper with each other as they tell their story at the family's home in southern Maine
ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ. හොඳ නම් ඉතින් දන්නවා නේ.

Last edited:

ape rate vage nam gahala pannala chater karala dawase waraddaata daala ara lamaya melahata ellila marila