සංක්‍රාන්ති ලිංගිකයෙකුට සාධාරණත්වය ඉටු &

gosmart

Member
Oct 24, 2010
568
174
0
සංක්‍රාන්ති ලිංගිකයෙකුට සාධාරණත්වය

nicole-01.jpg

එක්සත් ජනපදයට අයත් මෙයිනි රාජ්‍යය පිළිබඳ ඉකුත් සතියේ විදෙස් පුවත්වල සැලකිය යුතු ඉඩක් වෙන්ව තිබුණි. ඊට හේතු වූයේ මෙයිනි මහාධිකරණය විසින් නීතිඥයින්ගේ විවාදාත්මක තර්ක විතර්ක ගණනාවකට පසු ලබාදුන් නඩු තීන්දුවකි. සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට තමා කැමති පරිදි වැසිකිළි, කැසිකිළි හෝ නානකාමර තෝරාගත හැකි බවට එකී තීන්දුවෙන් ප්‍රකාශයට පත්විය. "ස්ත්‍රී" හෝ "පුරුෂ" ලෙස නාම පුවරු සවිකොට ඇති ඕනෑම අවස්ථාවට තමාට රිසි පරිදි ඒ දෙවර්ගයම එක සේ භාවිතා කළ හැකි බව මෙයිනි මහාධිකරණය විසින් තීන්දු කිරීම හුදු නාන කාමර ප්‍රශ්නයක් විසඳීමක් නොවේ. එය මානව වර්ගයාගේ සංක්‍රාන්ති ලිංගික ජීවිතය නීතිය ඉදිරියේ පිළිගැනීමකි. සමාජයට තවත් සංස්කෘතික වටිනාමක් දායාද කිරීමකි.

15 හැවිරිදි නිකොලෙ මෙයැන්ස් ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙස උපත ලැබූවද ඇය වඩාත් සමීපවෙමින් සිටියේ ස්ත්‍රී ලිංගික ජීවිතයකටය. කාලයත් සමග ඇය ස්ත්‍රීම විය. එහෙත් වසර 4 ට පෙරාතුව කාර්ය මණ්ඩල වැසිකිළි හා කැසිකිළි භාවිතයේදී ඇය "ස්ත්‍රී " නාන කාමර භාවිතා කරන බවටත්, එයින් බොහෝ සිසුවියන් පිරිසක් අපහසුතාවට පත්වන බවටත් පාසලේ පාලනාධිකාරිය විසින් ඇයට තරවටු කර තිබිණි. ඇයගේ පංතියේ පිරිමි ළමයෙකුගේ සීයා විසින් පාලනාධිකාරියට මෙම පැමිණිල්ල කර තිබුණු බව පසුව අනාවරණය විය.

nicole-02.jpg

මෙම සිදුවීමෙන් පසුව ඇයට පංතියේ බොහෝදෙනා අඬතෙට්ටම් කරන්නට වූහ. සමකාලීන මිතුරු මිතුරියන්ගේ අකටයුතුකම් , නොසලකාහැරීම් ඉවසන්නට බැරිම තැන ඇය ඊට එරෙහිව නඩු මගට බැස්සාය.

" ඒ හැමෝම සාමාන්‍ය ළමයි. ඒත් ඔයා එහෙම නෙවෙයි.." පවසමින් නිතර ඇයගේ සිත රිදවූ බව ජෙනිෆර් ලෙවි පවසයි. ජෙනිෆර්, "ස්ත්‍රී හා පුරුෂ සමලිංගික ආරක්ෂක උපදේශන සංවිධානයේ" සංක්‍රාන්ති ලිංගිකයින් පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂවරියයි.

" පාසලට ඇතුළත් වන සිසු සිසුවියන්ට තමා කැමති ලෙස කිසිදු වෙනස් කමකින් තොරව සතුටින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව තිබිය යුතුයි. ඔවුන්ගේ මානසික හා ශාරීරික අඬතෙට්ටම් වලට ලක්වීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරිය යුතුයි. පාසලක වැඩිහිටි සිසු සිසුවියන් මෙන්ම පාලනාධිකාරිය මෙම නඩු තීන්දුවේ වැදගත්කම අවබෝධ කරගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.."නිකොලෙ මෙයැන්ස් පවසයි.

ඇයට ඔරොනෝ දිස්ත්‍රීක් පාසලේ දී මෙම කටුක අත්දැකීමට මුහුණදෙන්නට සිදුවුවද ඇය මේ වන විට දකුණු මෙයිනි උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියි. 2009 වසරේ ඇය විසින් තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නඩුමගට බැසීමෙන් පසු ඇයගේ පවුලේ උදවිය මෙන්ම "මෙයිනි මානව හිමිකම් කොමිසම" මෙම නඩු ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයාමට ඇයට සහය විය.
මෙයිනිහි මානව හිමිකම් පනත උල්ලංඝණය කරමින් ඇයට පාසලේ බලධාරීන් විසින් හිරිහැර කර ඇති බවත්, එමගින් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවී ඇති බවත් අවසානයේදී තීරණය විය.

"මෙයිනිහි නීතිය වෙනස්විය යුතු බව මිනිස්සු තීරණය කර ඇති බව පැහැදිලියි. ඒක එහෙම විය යුතුයි. ඒත් නීතිය කියන්නේ කුමක්ද? ඒ වන විටත් පැවති වටිනාකම් හා තීරණයයි. එය පාසලෙන් හෝ පාලනාධිකාරියෙන් උල්ලංඝණය කිරීමක් සිදුකොට නෑ"

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිලීෂා හෙවෙයි පවසයි.

nicole-03.jpg

" මේක හුදෙක් ළමයෙකුගේ නාන කාමර ප්‍රශ්නයක් නෙවෙයි. ස්ත්‍රී හෝ පුරුෂ ආකාරයට කරනු ලබන සමාජීය බෙදීම් වලට ඔබ්බෙන් මානව වර්ගයාට පවතින්නට පුළුවන්. සංක්‍රාන්ති ලිංගිකයින් කියන්නේ මනුෂ්‍යයින්. ඒ අයටත් අනිත් හැමෝටම වගේ සමාජය සමානාත්මතාවෙයන් සලකන්න ඕන..මේ සමස්ත මානව වර්ගයාටම අදාළ වන පොදු කාරණයක්.."

ස්ත්‍රී හා පුරුෂ සමලිංගික ආරක්ෂක උපදේශන සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය වන ජෙනිෆර් ලෙවි පෙන්වාදෙයි.

පොලීසිය හෝ බලධාරීන් මෙවැනි ප්‍රශ්නයකදී මැදිහත් විය යුතු අන්දම හා මෙවැනි ප්‍රශ්නයක පවත්නා සංකීර්ණතාව මැනවින් හඳුනා ගන්නා බවක් දක්නට නොලැබෙයි. ඒ නිසාම ඔවුන් සෙසු සෑම අපරාධයක් දෙසම බලන ආකාරයෙන් මෙවැනි ගැටලු දෙස බලන්නට යාමෙන් එබඳු අත්දැකීම් වලට මුහුණදීමට සිදුව ඇති දරු දැරියන් මානසික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වෙයි. එය පසු කාලීන වෙනත් මානසික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් ඇති කිරීමට ඉවහල් විය හැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඉකුත් වසරේ අමෙරිකානු මනෝ චිකිත්සක සංවිධානය විසින් " ලිංගභේද අනන්‍යතා ව්‍යාධි" ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ආබාධ ලැයිස්තුවෙන් ඉවත් කරගෙන තිබේ. අමෙරිකානු මනෝ චිකිත්සක ඇකඩමිය, නිකොලෙ මෙයැන්ස් සංසිද්ධිය හා නඩුතීන්දුව අධ්‍යයන වාර්තාවක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර තිබේ.

nicole-04.jpg

" ඒක ඇත්තටම ආයාසකාරී අත්දැකීමක් වුණා. නමුත් අවසානයේ සාධාරණත්වය ඉෂ්ඨ වුණා. ඒ ගැන හරිම සතුටුයි. ඉතා හොඳ අවසානයක් ලැබීම ගැනත්, සමාජීය වශයෙන් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳවත් බලාපොරොත්තු සහගතව ඉන්නවා.."

නිකොලෙ මෙයැන්ස්ගේ පියා වන වෙයිනෙ මෙයැන්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

උපුටා ගත්තේ මෙතනින්.
http://sinhala.adaderana.lk/novel.php?nid=4276&mode=novel

මේ news එක ගැන බලද්දී තව විස්තර වගයක් හොයා ගන්න පුළුවන් වුණා.
මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි මේ කියන Nicole Mains ඉපදිලා තියෙන්නේ තවත් නිවුන් සහෝදරයෙක් එක්ක. ඒ කියන්නේ නිවුන් පිරිමි දරුවෝ දෙන්නෙක් විදියට තමයි ඉපදිලා තියෙන්නේ.

article-2073416-0F27D2D100000578-669_634x419.jpg

නමුත් Nicole ට තිබිල තියෙන්නේ ගැහැණු ළමයෙක්ට තිබ්බ ආශාවල්. ඒ නිසා ඒ විදියට වෙනස් කර ගත ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා තියෙනවා.

article-2073416-0F27D2A900000578-219_634x434.jpg

Identical: From an early age the twins showed distinct personalities with Jonas preferring pirates and Spiderman while Wyatt preferred Barbie and mermaids

article-2073416-0F27D2D900000578-352_634x408.jpg

Happy with what's in the mirror: Nicole Maines, 14, sits at her dressing table - she has endured a long emotional journey to live as a girl

article-2073416-0F27D2C100000578-515_634x447.jpg

By her side: The Maines' family (l-r) Jonas, Nicole, mother Kelly and father Wayne. They have fought many battles for Nicole but have fully supported her being transgender

article-2073416-0F27D2C900000578-355_634x549.jpg

Close bonds: The brother and sister whisper with each other as they tell their story at the family's home in southern Maine

ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ. හොඳ නම් ඉතින් දන්නවා නේ. :):):)
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
harima amuthi ban ithin..mu kollekwa bandoth itin.okkoma awayawa thibbata bandina kolla gay wage wenawa mu upathin kollek nisa

ඌ surgery එකක් කරලා ඒක වෙනස් කර ගන්නලු බං හදන්නේ. මට තේරෙන්නේ නැත්තේ surgery කරලා අරක අයින් කලත් female part එකක් සෙට් කර ගන්නේ කොහොමද කියල.
:nerd::nerd::nerd:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අභිධර්මය අනුව ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ වලට බලපාන්නේ ස්ත්‍රී හා පුරුෂ භාව රූප දෙකයි.

    මෙම භාව රූප කුසල කර්මජ රූප ගණයට වැටෙන අතර හුදෙක් පුරුෂ භාව රූපය නොලැබීමෙන් පමණක් ස්ත්‍රී භාව රූපය පහළ වේ. මෙහිදී සිදුවී ඇත්තේ මෙම දරුවාගේ පුරුෂ භාව රූපය ඉපදවීම සඳහා හේතු වූ කුසල කර්මය අභාවයට යාමයි. ඉන් ස්ත්‍රී භාව රූපය පහළ වී ඇත.

    මෙසේ වීමට පෙර භවයන් වල පරදාර සේවනය වැනි අකුසල කර්ම හේතු වන බව දක්වා ඇත. කිසිදු බෞද්ධයෙකුට මේවා මැජික් නොවේ. මෙවැනි අයට කරුණාවෙන් සැළකිය යුතු වේ.

    මෙවැනි නඩු තීන්දු වලින් සදාචාරය ඉගැන්වීමට සිදුවී ඇත්තේ මේවා Abominations/un-godly/විකෘතීන් ලෙස තවමත් දකින බටහිර සංස්කෘතිය නිසාය.
     
    • Like
    Reactions: gosmart

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌ surgery එකක් කරලා ඒක වෙනස් කර ගන්නලු බං හදන්නේ. මට තේරෙන්නේ නැත්තේ surgery කරලා අරක අයින් කලත් female part එකක් සෙට් කර ගන්නේ කොහොමද කියල.
    :nerd::nerd::nerd:

    හේ..හේ...අයින් කරලා අමතර කෑලී සෙට් කරන්නේ නෑ මචෝ ඇඟේ තියෙන කෑලී වලින්මයි ඒක කරන්නේ..මට මතක විදියට එළකිරියේ සහෝදරයෙක් මේ සැත්කමට අදාල වීඩියෝව දාලා තිබුනා.විශ්මිත වෛද්‍ය විද්‍යාව..ඒ ඔපරේශන් කර බැලුවම ඇඩෙනවා..(හිරි වැටිලා යනවා බොල...) ඇත්තටම කලල අවස්ථාවේ මට මතක විදියට මාස 2 හෝ මාසයයි සති 3ක කාලයේදී ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ..ලිංගික අවයව දෙකම එකයි..එය දිගටම විකරණයට ලක් වෙලා තමා අවසානයේ පුරුෂ ලිංගික අවයවය මාස 4 වගේ කාලය වෙද්දි නිර්මාණය වෙන්නේ ඒත් ඕක Complete වෙන්නේ උපත සිදුවුනාට පසු යි ඒ කියුවේ වෘෂණ,වෘෂණකෝෂ වලට ප්‍රවිශ්ඨ වීමට පසුයි..ඒක වෙන්නේ උපත සිදු වීමට ඔන්න මෙන්න කියලා තියෙන්නේ.සමහරුන්ගේ ඒක වෙන්නේ නෑ..පස්සේ පොඩි ඔපරේෂන් එකක් කරලා ඒක හදනවා..කියන්න ඕන උනේ පිරිමි ඕනම කෙනෙක් අම්මගේ කුස තුළ ඉන්නකොට ඔය කියන එක පොදු අවස්ථාවක් දරණවා..
    මට තියෙන්නේ සාමාන්‍ය දැනුමක් විතරයි මේ ගැන එලකිරියේ ඉන්න මෙඩ්ඩෝ Lucky luke. Dr.NACමේ නූල දැක්කොත් හොඳ පැහැදිලි කිරීමක් දෙයි.
    කොහොම උනත් ඕකට ඇර ගන්න ඕන සීන් එකක් නෑ.තමන්ට කැමති විදියට තමන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.වගේම තමන් කැමති සහකරුවෙක් හා ජීවත් වෙන එකත් එහෙමයි.
     
    • Like
    Reactions: gosmart

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ඌ surgery එකක් කරලා ඒක වෙනස් කර ගන්නලු බං හදන්නේ. මට තේරෙන්නේ නැත්තේ surgery කරලා අරක අයින් කලත් female part එකක් සෙට් කර ගන්නේ කොහොමද කියල.
    :nerd::nerd::nerd:

    50 +

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0

    හේ..හේ...අයින් කරලා අමතර කෑලී සෙට් කරන්නේ නෑ මචෝ ඇඟේ තියෙන කෑලී වලින්මයි ඒක කරන්නේ..මට මතක විදියට එළකිරියේ සහෝදරයෙක් මේ සැත්කමට අදාල වීඩියෝව දාලා තිබුනා.විශ්මිත වෛද්‍ය විද්‍යාව..ඒ ඔපරේශන් කර බැලුවම ඇඩෙනවා..(හිරි වැටිලා යනවා බොල...) ඇත්තටම කලල අවස්ථාවේ මට මතක විදියට මාස 2 හෝ මාසයයි සති 3ක කාලයේදී ගෑණු පිරිමි කියලා වෙනසක් නෑ..ලිංගික අවයව දෙකම එකයි..එය දිගටම විකරණයට ලක් වෙලා තමා අවසානයේ පුරුෂ ලිංගික අවයවය මාස 4 වගේ කාලය වෙද්දි නිර්මාණය වෙන්නේ ඒත් ඕක Complete වෙන්නේ උපත සිදුවුනාට පසු යි ඒ කියුවේ වෘෂණ,වෘෂණකෝෂ වලට ප්‍රවිශ්ඨ වීමට පසුයි..ඒක වෙන්නේ උපත සිදු වීමට ඔන්න මෙන්න කියලා තියෙන්නේ.සමහරුන්ගේ ඒක වෙන්නේ නෑ..පස්සේ පොඩි ඔපරේෂන් එකක් කරලා ඒක හදනවා..කියන්න ඕන උනේ පිරිමි ඕනම කෙනෙක් අම්මගේ කුස තුළ ඉන්නකොට ඔය කියන එක පොදු අවස්ථාවක් දරණවා..
    මට තියෙන්නේ සාමාන්‍ය දැනුමක් විතරයි මේ ගැන එලකිරියේ ඉන්න මෙඩ්ඩෝ Lucky luke. Dr.NACමේ නූල දැක්කොත් හොඳ පැහැදිලි කිරීමක් දෙයි.
    කොහොම උනත් ඕකට ඇර ගන්න ඕන සීන් එකක් නෑ.තමන්ට කැමති විදියට තමන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා.වගේම තමන් කැමති සහකරුවෙක් හා ජීවත් වෙන එකත් එහෙමයි.

    බොහොම ස්තුතියි මචන් උඹේ පැහැදිලි කිරීමට. ඔව් ඇත්තටම ස්ත්‍රී පුරුෂ මෞත්‍ර ලිංගික පද්දතිය විකසනය වෙන්නේ එක් පොදු අවයව අවස්ථාවකින් තමයි. මම bio කරපු නිසා ඒ සීන් එක දන්නවා මචන් ටිකක්. ඒත් විකසනය වුනාට පස්සේ එක අයෙත් reverse කරන එක පුදුමයි නේද? උඹ නිකමට හිතපන් උඹේ ඔය තියෙන එක වෙනුවට කෙල්ලෙක්ගෙ එකක් ඔතෙන්ට set කලොත් surgery එකකින් :rofl::rofl::rofl:

    උඹේ පැහැදිලි කිරීමට ස්තුතියි මචන්
    REP 4+
    :):):)
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අභිධර්මය අනුව ස්ත්‍රී හා පුරුෂ ලක්ෂණ වලට බලපාන්නේ ස්ත්‍රී හා පුරුෂ භාව රූප දෙකයි.

    මෙම භාව රූප කුසල කර්මජ රූප ගණයට වැටෙන අතර හුදෙක් පුරුෂ භාව රූපය නොලැබීමෙන් පමණක් ස්ත්‍රී භාව රූපය පහළ වේ. මෙහිදී සිදුවී ඇත්තේ මෙම දරුවාගේ පුරුෂ භාව රූපය ඉපදවීම සඳහා හේතු වූ කුසල කර්මය අභාවයට යාමයි. ඉන් ස්ත්‍රී භාව රූපය පහළ වී ඇත.

    මෙසේ වීමට පෙර භවයන් වල පරදාර සේවනය වැනි අකුසල කර්ම හේතු වන බව දක්වා ඇත. කිසිදු බෞද්ධයෙකුට මේවා මැජික් නොවේ. මෙවැනි අයට කරුණාවෙන් සැළකිය යුතු වේ.

    මෙවැනි නඩු තීන්දු වලින් සදාචාරය ඉගැන්වීමට සිදුවී ඇත්තේ මේවා Abominations/un-godly/විකෘතීන් ලෙස තවමත් දකින බටහිර සංස්කෘතිය නිසාය.

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක් මචන්. අපි බෞද්ධ දර්ශනය තුල ඉගෙන ගන්නේ ඉතා කුඩා කොටසක් විතරයි වගේ බං. මේ වගේ සංකීර්ණ දේවල් ගැන බුදුන් වහන්සේගේ දේශනා තුල විස්තර කරලා තියෙනවා නේද? පුරුෂ භාව රූපය නොලැබීමෙන් ස්ත්‍රී භාව රූපය ලැබෙනවා කියන එක අර Y වර්ණදේහය නොලැබීම ගැන කියවෙන දෙයක් වගේ නේද? XY නම් පිරිමි. XX නම් ගැහැණු. ඒ කියන්නේ පුරුෂ භාව රූපය ලෙස බුදු දහමේ සඳහන් වෙන්නේ මේ කියන Y වර්ණදේහය ගැන නේද මචන්?