චරිත්ගෙ හොයාගැනීම කරපු ගැටලුව මොකද්ද ? ඒකට එයා හොයාගත්ත විසදුම මොකද්ද ඇයි ඒක යෙද උණේ නැත්තෙ?
උඹට බුද්ධියක් තියෙන පොරක් කියලා හිතෙනවා .
එක නිසා මෙ උත්තර දෙන්නෙ .
චරිත් මෙන්ඩිස්ව මන් පෞද්ගලිකව දන්නවා .පොරගෙ තාත්තා මගෙ ෆිසික්ස් ගුරා ,පොරගෙ මල්ලි මගෙ බොක්ක .
චරිත් ගැන කිව්වොත්
ඇකඩමික් පැත්තෙන් සිරා වැඩ්ඩෙක් ,
ශිෂ්‍යත්වෙ ලංකාවෙ පළවෙනියා,ඕ ලෙවල් ලංකාවෙ දෙවෙනියා ,ඒ ලෙවල් ලංකාවෙ පළවෙනියා ඒ කාලෙ පොරගෙ ඉසෙඩ් ඉස්කොර් එක වාර්තාවක් උනා.
ඒ වගෙම මොරටුව කැම්පස් එකෙ බැච් ටොප් හැම පාරම .
එම් අයි ටී එකට ගියා පී එච් ඩී එක කරන්න දැන් මන් හිතන්නෙ කැම්පස් එකක සහාය මහාචාර්ය කෙනෙක් විදියට කටයුතු කරනවා.
පී එච් ඩී එකට සම්මානෙකුත් දුන්නා .
පී එච් ඩී එකට කරලා තිබ්බෙ බිට් රොට් කියන ප්‍රශ්නෙට විසඳුමක් .
ඒ කිව්වෙ සොෆ්ට්වෙයාර්ස් වල ඩේටා ඩිග්රෙෂන්ස් වෙන එක තමා බිට් රොට් කියන්නෙ.
ඉතිං ඒක අළුත් දෙයක් නෙමෙ .ගැටළුවකට පවතින සංකල්ප පාවිච්චි කරලා දීපු විසඳුමක් .
චරිත්ගෙ ඩොක්ටරල් ඇඩ්වයිසර් ප්‍රොෆෙසර් සමන් අමරසිංහ
ඒ ප්‍රොජෙක්ට් එකෙ තව කට්ටිය ඉන්නවා.
එත් අළුත් දෙවල් නෙමෙ.
සෛද්ධාන්තික පැත්ත හරියට අර අයිස් බර්ග් එක වගේ මම නම් හිතන්නෙ.
හොයාගන්ක තව දේවල් ගොඩක් තියෙනවා.
මොකද්ද මචං වියුක්ත චින්තනය කියන්නේ? මට ඒ කතාව තේරුනේ නෑ පොරගෙ විවාද වල. මං කාලයක් බැලුව.ඒව නිකං විකාර ගොඩක් වගේ .මං ඊට පස්සෙ තේරුම් ගන්න ගියේ නෑ.
මම නම් හිතන්නෙ ඒකට ලොකුම හේතුව අපේ උන්ට පොඩි කාලෙ ඉදන් හිතට දාලා තියෙන විකාර කතා. සයන්ස් කරොත් පඩිය ලොකුයි කියන එක ඔළුවට දාලා තියෙන්නෙ.සයන්ස් කරාම ඇති පරම්පරා හතක් ගොඩ දාන්න කියල හිතේ තියෙන්නෙ.
වෙන රටවල් වල උන් එහෙම නෑනෙ. ඇමරිකාවෙ වගේ නම් ඩොකෙක් වෙන්න යන කාලය මහන්සිය බැලුව ම සිරාවට ම ඩොකා වෙන්න ඕන කෙනා විතරයිනෙ යන්නෙ. මෙහෙ වගේ ඕන එකයි එපා එකයි හැම හැත්ත බුරුත්ත ම නෑනෙ.
ඉතිං යන එකා උගේ ඩියුටිය හරියට කරනවා
වියුක්ත කියන්නෙ ෆිසිකලි පවතින්නෙ නැහැ කියන අර්ථය.
වියුක්ත චින්තනය කියන්නෙ ෆිසිකලි පැවැත්මක් නැති සංකල්ප හරහා නිර්මාණය වෙච්ච චින්තන ක්‍රමයට .
උදා : සරල රෙඛාව කිව්වාහම පවතින දෙයක්ද ?
අපිට පුලුවන්ද ඒක මවා ගන්න ?
අපි පොතක ,කොලෙක ඉරක් ඇඳොත් ඒක සරල රෙඛාව කියන්න පුළුවන්ද ? මොකක්ද නිර්වචණෙ ?
අපි ගණන් වලට එක්ස් විචල්‍යක් කියනවා
ඒ වගෙම සංකේත ගොඩක් එක්ක අපි ගණිතය කරන්නෙ .
ගුරුත්වකර්ෂණය කිව්වොත් අපිට ඒක පේනවද ?
අත පත ගාන්න පුළුවන්ද ? ගඳ සුවඳ දැනෙනවාද ?
එත් අපි එහෙම එකක් ගැන කියනවා.
ඒ ඇයි ? වියුක්තව ගොතපු කතාවක් නිසා ඒ ගොතපු කතා වට අපිට ලැබෙන නිරීක්ෂණය නිසා අපි ඒක පිළිගන්නවා.
ඇපල් ගෙඩිය පොලවට වැඩෙන්නෙ ගුරුත්වා කර්ෂණය නිසා කියල නිව්ටන් කිව්වා
ගණිතයෙන් ඔප්පුත් කරා අපි ඒක පිළි ගන්නවා.
සරලවම කිව්වොත් වියුක්ත චින්තනය කියන්නෙ අපෙ පංචේන්ද්‍රියන්ට ප්රත්යක්ෂ නොවන සංකල්ප එක්ක ගොඬ නැගිච්ච චින්තනයකට .
අපෙ චින්තනය සංවෘත්තයි .අපෙ මිනිස්සු පංචෙන්ද්‍රිය ගොචර දෙවල් හරහා ලබා ගන්න නිරීක්ෂණ වලින් තමා නිගමනය ගන්නෙ.
වැස්සක් එනවා නම් අපි ඒක නිගමනය කරන්නෙ කලින්ම කොහොමද ?
එක්කො වැහි ලිහිණින් පියඹලා යනවානම් .
මෙරුන් පියඹලා යනවානම් වගෙ දෙවල් වලින්
අන්න අපි ඉන්ද්‍රීය ගෝචර නිරික්ෂණ වලින් තමා සංකල්ප ගොඬ නගන්නෙ.
එක නිසා තම අපිට බැරි බටහිර මිනිහෙක් වගෙ හිතන්න .
ඇත්තම කතාව නම් බටහිරත් දැන් එහෙම හිතන අය නැහැ.
ඒක නිසා තමා විද්‍යාව යට ගිහින් තාක්ෂණය උඩට ඇවිත් තියෙන්නෙ.
ඊලාන් මස්ක් ලා වගෙ අය පොර වල් වෙන්නෙත් ඒක නිසා.
අපෙ රටවල් වල උන් සයන්ස් කරන්නෙ තැනක් ගන්න මිසක් දැනුම ලබා ගන්න වත් ආලුත් දෙයක් හිතල සොයාගන්නවත් නෙමෙ.
ඩොකෙක් වෙන සීන එක ගැන කිව්වොත් අපෙ ඩොකාල වෙන්න තියෙන ක්‍රමෙ පට්ට අවුල් .
ඒ ලෙව්ල වලින් ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික් කෝටා එකෙන් සිලෙක්ට් කරගන්නෙ.
ඇමරිකාවෙ ඩොකෙක් කියන්නෙ සිරාවටම දැනුමක් එක්ක බිහි වෙන පොරක් .
මන් හිතන්නෙ ඇමරිකාවෙ ගන්න අමාරුම ජොබ් එක ඕක.