සංවේදනය, හැඟීම්, මොළය
මොළය වැඩ කරන්නෙ කොහොමද ?
මොළය හැදිල තියෙන්නෙ නියොරෝන බිලියන 100 තරම් විශාල අගයකින්. මේ එක නියුරෝනයක්, ළඟින් තියෙන අනෙක් නියුරෝන සමග කනෙක්ෂන් 7000 ක් විතර ඇති කරගන්නව. ඒ එක නියරෝනයක්. එතකොට මොළේ ඔක්කොම නියුරෝන අතරෙ ටිලියන 100 ක් විතර සම්බන්ධතා තියෙනව (synaptic connections).
ස්නායුවක් හැදිල තියෙන්නෙ නියුරෝන කියන සෛල වලින්
මේ තියෙන්නෙ ස්නායු සෛලයක්
මේ තියෙන්නෙ ස්නායුවක් දිගේ අවේග ගමං කරන විදිය
ස්නායු පද්ධතිය ගැන ඉස්කෝලෙ යන කාලෙ උගන්නපුව මතකද ?
ප්රතීක චාපය මතකද ? මේ තියෙන්නෙ ඒක. බලන්ඩ ස්නායු සෛල කොහොමද තියෙන්නෙ කියල.
මොකද ස්නායු සෛලයක් මේකයි කියල සරලව පෙන්නුවට, ඇත්ටම පවතින්නෙ ඔහොමයි. දැක්කද, සෛල දේහය ? ඒක පුංචියි. සෛලයෙන් ඇතිවෙච්ච අර අතු වගේ ඒව සෑහෙන්ඩ දිගයි (axons and dendrites). ඒව දිගේ තමා ස්නායු ආවේග ගමං කරන්නෙ
ප්රතීක චාපය කියන්නෙ අනිච්ඡානුග ක්‍රියාවක්. ඒ කියන්නෙ අපේ සිතීමකින් තොරවයි සිද්ධ වෙන්නෙ. එක පාර අපට දැනෙන්ඩත් කලිං ඒක වෙනව. බලන්ඩ ඇහැට මොනා හරි විසිවුණොත් එක පාරට ඇහැ වැහෙනවනෙ. අපිට අහේ වදිනකං තේරෙන්නෙ නෑ. පේන්නෙ නෑ. ඕක අපි හිතල කරන්ඩ ගියානං ඇහැ තුවාල වෙලා ඉවරයි.
ප්රතීක චාපය හරි සරලයි. මොළයෙ තියෙන නියුරෝන අතර සම්බන්ධය වගේ තේරුම් ගන්ඩ අමාරු නෑ..
ඔන්න බලන්ඩ. මුළු ක්‍රියාවලියටම නියුරෝන 3 යි ඕනෙ
Sensory Neuron එකෙන් අැනෙනව කියන සංඥාව ගන්නව. Motor Neuron එකෙන් අත අහකට ගන්ඩ, අතේ මාංශ පේශියට සිග්නල් යවනව. මේ නියුරෝන දෙක පිට කොන්දෙ තියෙන Inter Neuron කියන තවත් නියුරෝනයකින් සම්බන්ධ කරනව
ඕක දිහා බලපුවාම මුලු ස්නායු ආවේග ටික ගමං කළේ කොහොමද කියල තේරෙනව. මුල ඉඳං අවසන් වෙනකම්ම.
දැං මට දැනගන්ඩ ඕන, මොළය ඇතුලෙ ස්නායු අතර වෙන සන්නිවේදනය. අපි හිතන කොට, දෙයක් මතක් කරනකොට, ඇහෙන් යමක් දකින කොට...
බලන්ඩ මේ පින්තූරෙ
ඇහෙන් එන ස්නායුව තැලමසයට ගිහින් ආයෙ මොළේ පිටිපස්සෙ visual cortex එකට යනව
අපිට නිරීක්ෂණය කරන්ඩ පුලුවං එච්චරයි. එතනින් එහාට ඔය සංඥාව මොළේ අනිත් නියුරෝන ජාලය සමඟ සම්බන්ධ වෙන හැටි, මෙහෙම නියුරෝන අතර ස්නායු අවේග ගමං කරන කොට අපි දෙයක් දකිනව කියල අපිට හිතෙන හැටි, මේ දේවල් තමා මට තේරුං ගන්ඩ ඕන.
විඥානයක් මනසක් නැතත් මේ දේවල් යාන්ත්‍රිකව වෙනව නේද ? ස්නායු අවේග ඇහේ දෘෂ්ටිවිතානෙන් පටන් අරං ස්නායු දිගේ මොලේට යනව. ඒක යාන්ත්‍රිකව කොහොමත් වෙනව. කෘතිමව මොළයක් හැදුවොත් ඔය ටිකම වෙයි. මෙහෙම යාන්ත්‍රිකව යම් ක්‍රියාවලියක් වුණාට, ඒව අපිට දැනෙන්නෙ කොහොමද ?
මේ ස්නායු අවේග අපේ සිතුවලි එක්කත් හට ගන්නව. අනික් පැත්තට යම් යම් සිතුවලි හට ගන්නෙත් ස්නායු අවේග නිසයි.
දැං බලන්ඩ මානසික ලෙඩ වලට දෙන බෙහෙත් වලින්, කෙනෙක්ගෙ මනස වෙනස් කරනවනෙ..
අපි අපේ මනසින් ශරීරය පාලනය කරනවද ? නැත්තං ශරීරයෙන් ඇති කරන කෘතිම භෞතික අවශ්‍යතාවයන් වලට අපේ මනස යටත් වෙනවද ? බඩගින්න දැනීම, ලිංගික අවශ්‍යතා දැනීම වගේ දේවල්
අනිත් දේ තමා මොළයේ තියෙන නියුරෝන ජාලය සහ ඒව අතර යන ස්නායු අාවේග, අපේ මනස සමහ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක
මේ දේවල් හොඳට තේරුම් කරල තියෙන සයිට්, පින්තූර, වීඩියෝ එහෙම තියෙනවනං ලිංක් එහෙම දාපල්ල..

Last edited: