සංවේදනය, හැඟීම්, මොළය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    සංවේදනය, හැඟීම්, මොළය

    මොළය වැඩ කරන්නෙ කොහොමද ?
    මොළය හැදිල තියෙන්නෙ නියොරෝන බිලියන 100 තරම් විශාල අගයකින්. මේ එක නියුරෝනයක්, ළඟින් තියෙන අනෙක් නියුරෝන සමග කනෙක්ෂන් 7000 ක් විතර ඇති කරගන්නව. ඒ එක නියරෝනයක්. එතකොට මොළේ ඔක්කොම නියුරෝන අතරෙ ටිලියන 100 ක් විතර සම්බන්ධතා තියෙනව (synaptic connections).

    ස්නායුවක් හැදිල තියෙන්නෙ නියුරෝන කියන සෛල වලින්
    මේ තියෙන්නෙ ස්නායු සෛලයක්
    400px-Neuron_Hand-tuned.svg.png


    මේ තියෙන්නෙ ස්නායුවක් දිගේ අවේග ගමං කරන විදිය

    nerve%20impulse.gif


    ස්නායු පද්ධතිය ගැන ඉස්කෝලෙ යන කාලෙ උගන්නපුව මතකද ?
    ප්‍රතීක චාපය මතකද ? මේ තියෙන්නෙ ඒක. බලන්ඩ ස්නායු සෛල කොහොමද තියෙන්නෙ කියල.

    receptive-arc-labeled.jpg


    මොකද ස්නායු සෛලයක් මේකයි කියල සරලව පෙන්නුවට, ඇත්ටම පවතින්නෙ ඔහොමයි. දැක්කද, සෛල දේහය ? ඒක පුංචියි. සෛලයෙන් ඇතිවෙච්ච අර අතු වගේ ඒව සෑහෙන්ඩ දිගයි (axons and dendrites). ඒව දිගේ තමා ස්නායු ආවේග ගමං කරන්නෙ

    ප්‍රතීක චාපය කියන්නෙ අනිච්ඡානුග ක්‍රියාවක්. ඒ කියන්නෙ අපේ සිතීමකින් තොරවයි සිද්ධ වෙන්නෙ. එක පාර අපට දැනෙන්ඩත් කලිං ඒක වෙනව. බලන්ඩ ඇහැට මොනා හරි විසිවුණොත් එක පාරට ඇහැ වැහෙනවනෙ. අපිට අහේ වදිනකං තේරෙන්නෙ නෑ. පේන්නෙ නෑ. ඕක අපි හිතල කරන්ඩ ගියානං ඇහැ තුවාල වෙලා ඉවරයි.

    ප්‍රතීක චාපය හරි සරලයි. මොළයෙ තියෙන නියුරෝන අතර සම්බන්ධය වගේ තේරුම් ගන්ඩ අමාරු නෑ..
    ඔන්න බලන්ඩ. මුළු ක්‍රියාවලියටම නියුරෝන 3 යි ඕනෙ

    reflex_arc_med.jpeg


    Sensory Neuron එකෙන් අැනෙනව කියන සංඥාව ගන්නව. Motor Neuron එකෙන් අත අහකට ගන්ඩ, අතේ මාංශ පේශියට සිග්නල් යවනව. මේ නියුරෝන දෙක පිට කොන්දෙ තියෙන Inter Neuron කියන තවත් නියුරෝනයකින් සම්බන්ධ කරනව
    ඕක දිහා බලපුවාම මුලු ස්නායු ආවේග ටික ගමං කළේ කොහොමද කියල තේරෙනව. මුල ඉඳං අවසන් වෙනකම්ම.

    දැං මට දැනගන්ඩ ඕන, මොළය ඇතුලෙ ස්නායු අතර වෙන සන්නිවේදනය. අපි හිතන කොට, දෙයක් මතක් කරනකොට, ඇහෙන් යමක් දකින කොට...
    බලන්ඩ මේ පින්තූරෙ

    image004.gif


    ඇහෙන් එන ස්නායුව තැලමසයට ගිහින් ආයෙ මොළේ පිටිපස්සෙ visual cortex එකට යනව
    අපිට නිරීක්ෂණය කරන්ඩ පුලුවං එච්චරයි. එතනින් එහාට ඔය සංඥාව මොළේ අනිත් නියුරෝන ජාලය සමඟ සම්බන්ධ වෙන හැටි, මෙහෙම නියුරෝන අතර ස්නායු අවේග ගමං කරන කොට අපි දෙයක් දකිනව කියල අපිට හිතෙන හැටි, මේ දේවල් තමා මට තේරුං ගන්ඩ ඕන.

    විඥානයක් මනසක් නැතත් මේ දේවල් යාන්ත්‍රිකව වෙනව නේද ? ස්නායු අවේග ඇහේ දෘෂ්ටිවිතානෙන් පටන් අරං ස්නායු දිගේ මොලේට යනව. ඒක යාන්ත්‍රිකව කොහොමත් වෙනව. කෘතිමව මොළයක් හැදුවොත් ඔය ටිකම වෙයි. මෙහෙම යාන්ත්‍රිකව යම් ක්‍රියාවලියක් වුණාට, ඒව අපිට දැනෙන්නෙ කොහොමද ?

    මේ ස්නායු අවේග අපේ සිතුවලි එක්කත් හට ගන්නව. අනික් පැත්තට යම් යම් සිතුවලි හට ගන්නෙත් ස්නායු අවේග නිසයි.
    දැං බලන්ඩ මානසික ලෙඩ වලට දෙන බෙහෙත් වලින්, කෙනෙක්ගෙ මනස වෙනස් කරනවනෙ..
    අපි අපේ මනසින් ශරීරය පාලනය කරනවද ? නැත්තං ශරීරයෙන් ඇති කරන කෘතිම භෞතික අවශ්‍යතාවයන් වලට අපේ මනස යටත් වෙනවද ? බඩගින්න දැනීම, ලිංගික අවශ්‍යතා දැනීම වගේ දේවල්

    අනිත් දේ තමා මොළයේ තියෙන නියුරෝන ජාලය සහ ඒව අතර යන ස්නායු අාවේග, අපේ මනස සමහ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක

    මේ දේවල් හොඳට තේරුම් කරල තියෙන සයිට්, පින්තූර, වීඩියෝ එහෙම තියෙනවනං ලිංක් එහෙම දාපල්ල..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අපේ මනසෙ සිතුවිිලි හට ගන්න කොට, මොළය තුළත් භෞතිකව ඒක නිරීක්ෂණය කරන්ඩ පුලුවංනම්, අපිට මෙහෙම කියන්ඩ පුලුවං
    එකම සිද්ධියෙ කොපියක් මනසෙත් හට ගන්නව, තව කොපියක් මොළය තුල භෞතිකවත් වෙනව

    නැත්තං මොළයට අදාල වෙන්නැතුව අපිට හිතන්ඩ පුලුවන්ද ? :confused:
     
    • Like
    Reactions: thilihare

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    10, 11 පන්තියෙදි මේක ගැන ඉගෙන ගත්තා. එච්චරයි දන්නේ. දැන්මතකත් නැ. ලොකු දැනුමක් තිබ්බෙ නැ. විස්තර කරාට ස්තූතියි.

    400px-Neuron_Hand-tuned.svg.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Sensory Neuron
    image006.jpg


    Motor Neuron
    image007.jpg


    Interneurons
    image008.jpg


    බලන්ඩ මේ ස්නායු සෛලවල වෙනස් කං. සෛලයක් නෙමේ වගේද පේන්නෙ ? :rofl:
    මේ එක එක සෛලවල, සෛල දේහය කොහෙද තියෙන්නෙ කියල බලන්ඩ ;)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අන්තර් ජාලය ලොකු ස්නායු ජාලයකට සමානයි.
    කමිපියුටර් ෆෝන් කීයක් ඕකට සම්බන්ධ ද.. :shocked: