~~@~ සංශුද්ද තනිකඩයෙක් ~@~~
ත්රේඩ් එක අයින් කරා සොරි... 
රිප්ලයි කරන්න වෙලාවක් නැහැ

රිප්ලයි කරන්න වෙලාවක් නැහැ

Last edited:


හම්මෝ... අහලා දැන් අවුරුදු ගානක් වෙනවාපස්සෙනුත් ගියා, බොරු ගොතාගෙන ගෙදරත් ගියා කරන්න පුලුවන් ඔක්කොම කරා බන් දැන් ඉතින් බලන් ඉන්න විතරයි තියෙන්නේ.
![]()
Ali patiya:19552636 said:ඔව් බන් මටත් ඒක තේරෙනවා. මං වගේ හිතන අය දැන් කාලෙට ගැලපෙන්නේ නැහැ. මම මගේ ජීවිත කාලෙම කරේ පන්සිල් රැකගෙන පොඩි කාලේ පොත් වල හිටපු සිරිමත් වගේ හොඳ ලමයෙක් වෙන්න ගියපු එක. යාලුවෝ නම් කියන්නේ කෙල උනෙත් ඒකයි කියලා.
![]()
Samahara welawata jiwithe apita labaganna one dewal labenne nathuwa giyaama apita danena paraajitha hangim walin berenne api apiwama rawatta gannawa. Eka eka aya eka eka krama walin thamanwa rawatta gannawa. E eka kramayak thamai thamaawama awathakseru karaganima. Eth aththatama karanna one thaman thaman ekkama , awankawa saakachchaawak karala yathaarthaya therum aragena ekata wisandumak dena eka witharai. 

![]()
Man kiwwe eka newei, thaman gana awathakseruwakin innawa kiyalai mata meka kiyawaddi hithune.Samahara welawata jiwithe apita labaganna one dewal labenne nathuwa giyaama apita danena paraajitha hangim walin berenne api apiwama rawatta gannawa. Eka eka aya eka eka krama walin thamanwa rawatta gannawa. E eka kramayak thamai thamaawama awathakseru karaganima. Eth aththatama karanna one thaman thaman ekkama , awankawa saakachchaawak karala yathaarthaya therum aragena ekata wisandumak dena eka witharai.
Api karapu waradi , api karapu saha thaamath karamin inna modakam , awankawa pili gaththama apita puluwan wenawa ape jiwithe api mechchara kal hitiye kohomada / ehema inna hetuwa / ilangata api karanna one mokak da kiyanna eka pahadiliwa dakinna.![]()


ඒ කතාව බොරු උනා බන්. කොල්ලා කියලා බොරුවට මාව හම්බ වෙන්නත් එකෙක් එව්වා ඌ දැන් මැරි කරලා ලංකාවෙත් නැහැ
![]()
ඒ බන්ස් මම අවුරුදු ගානක් කෙල්ලෙකුට ආදරෙයිඑයා මට කොහොමවත් කැමති නැහැලු..... මම පරක්කු වැඩියිලු.
... කලින් කිව්වුවනම් සලකලා බලන්න තිබ්බා කියලා එයා මට නොකියා කිව්වා.
... මම තාමත් එයාට ආදරෙයි
එයා මගේ පලවෙනිම ආදරේ
... මට නිකන් ජීවිතේම එපා වෙලා ඉන්නේ....ඉස්සර අපේ සෙට් එකේ තනිකඩ උන් ගොඩක් හිටියා ටික ටික අඩු වෙලා අඩු වෙලා දැන් මම තනිකඩ සෙට් එකේ තනි වෙලා. යාලුවො මල් කඩද්දි නම් ඇත්තටම දුක හිතෙනවා
ඒත් මම හිනාවෙලා
ඉන්න විදියට උන් හිතන්නෙත් මම කෙල්ලෙක් නැතත් පුල් ජොලියෙන්
ඉන්නවා කියලා....මම ආදරෙ කරන ගෑනු ලමයට මම දැනුවත්ව කොල්ලෙක් නැහැ
එයා එත් බොරුවට ඉන්න බව අඟවනවා
...අනේ මන්දා මම නම් හිතන් ඉන්නෙ හැමදාම තනිකඩවම ඉන්න
.. ඒත් අපේ අම්මා තව අවුරුදු 3 , 4 කින් මාව කාට හරි බන්දවලා දෙන්න දඟලයි
... එදාට මම වෙන රටකට පනින්න තමයි හිතන් ඉන්නෙ
මොනවා කරන්නද ලබා උපන් හැටි තමයි..
......
මම මේ පෝස්ට් එක " තනිකඩයන්ගේ පාරාදීසය..... " ත්රේඩ් එකේ දාලා තියෙන්නෙ 2011/04/11 වෙනිදා. මම මේ ත්රේඩ් එකේ දාපු පලවෙනි පෝස්ට් එක තමා මේක. මම තාමත් ආදරේමේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගානටම මේ කෙල්ල එක්ක යාලු වෙන්න බැරි උනා, වෙන කෙල්ලෙක් ගැන මම හිතුවෙවත් නැහැ, හොඳයි කියලා හිතෙන කෙලි පුලුට්ටක්වත් ජීවිතේට ආවෙත් නැහැ, ලං කරගන්න උත්සහා කරලත් නැහැ. කොටින්ම මම තාමත් ඒ කාලේ වගේම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා තියා, ජෝක් එකටවත් රෝන්ග් නම්බර් එකකට කතා කරලා මලක්වත් කඩලා නැහැ.( අපේ උන් ඕක දැනගත්ත ගමන් කියන්නේ තෝ මෙච්චර කල් ජීවත් උනේ මොකද යකෝ ? කියලා , මාත් ඒකම තමා කල්පනා කරන්නේ මොකෝ කරන්නේ ඉතින්
) හිතට එකඟව මට එහෙම දෙයක් කරන්න බැහැ, අවස්ථා අපමන
හම්බ වෙලා තිබුනත් කවදාවත් අරයට අසාධාරණයක් වෙයි කියලා කිසිම බලු වැඩක් කරලා නැහැ
කොහොම හරි තාම කෙල්ල මැරි කරලා නැහැ, බුකියෙවත් කොහෙවත් කිසිම තැනක රිලේෂන්ශිප් එකක් තියන බවට සලකුණක් දාන්නෙත් නැහැ. උඹලා දැන් මෙහෙම කරපන්, එහෙම කරපන් කියලා කියන්න දෙයක් නැහැ මචන්ලා, මමයි මගේ යාලුවොයි කරන්න තියන ඔක්කොම දේවල් කෙරුවා
. ඒත් කෙල්ල සෙට් උනේ නැහැ. කරපු දේවල් ගැන මට පොතක් ලියන්න උනත් පුලුවන්
. (මොකක්වත් හරි නොයන්න ගොඩක්ම හේතුව කෙල්ලව හම්බවෙන්න ක්රමයක් නැති එක තමා) මම ඕවා කරන්න ගිහින් ගොඩක් ප්රශ්න දාගත්තා. ලඟම උන එක තමා එයාලගේ තාත්තා අපේ ගෙදරටම කතා කරලා කිව්වා. එයා මැරි කරන්න ඉන්න නිසා මට ප්රශ්න ඇති කරන්න එපා කියන්න කියලා.
එහෙම කිව්වම ඉතින් අපේ ගෙදරට කියලා ප්රපෝසල් අරන් යන කතා හරියන්නේ නැහැනේ, කොහොමත් මම කෙල්ලට කලින්ම කියලා තිබ්බේ එයා කැමති නැතුව ගෙදරින් ප්රපෝසල් අරන් එන්නේ නැහැ කියලා.කොහොමත් එයා මැරි කරනකන්ම මම එයා
ගැන බලාපොරොත්තු අත්හැර ගන්නෙත් නැහැ.
වෙන කෙනෙක්වත් මැරි කරන්න මගේ අදහසකුත් නැහැ.ඉස්සරහට කිසිම දේයක් ගැන බලාපොරොත්තුවකුත් නැහැ.
මම අවුරුදු ගානකට කලින් කියලා තියනවා වගේම මේ ලඟදි අම්මා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් උස්සන් ආවා, හඳහනකුත් එක්කම. ගෙදර අය ඔක්කොටම කෙල්ලව පට්ට ලස්සනලු, මං නම් ෆොටෝ එකවත් හරියට බැලුවේ නැහැ.
ඒ දෙයියනේ කියලා ඇති යන්තම් හඳහන් බැලුවම ගැලපෙන්නේ නැහැලු.
ඒ අස්සේ අපේ අත්තම්මත් වැඩේ පටන් අරන්, මාතලේ උක්කු බංඩගේ, ලොකු කොල්ලගේ සුදු බෝල කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවලු, මොකද කියන්නේ අහනවා, මං කිව්වා සුදූ බෝ...ල කෙල්ලෝ එපා කෙට්ටු චූ..ටි කෙල්ලෙක්
ඉන්නවා. ඒක සෙට් උනොත් බඳිනවා කියලා. ඊට පස්සේ ඉතින් මම අත්තම්මගෙන් හොඳ බැනුම් ටිකක් අහගෙනම මාරු වෙනවා.
ඉස්සර ඕවගෙන් බේරෙන්න රට පනින්න හිතන් හිටියත් දැන් නම් අවුලක් නැහැ දැන් කාලේ කෙල්ලෝ හොඳ නැහැ කියලා කටින්ම ගේම ගහලා බේරෙන්න පුලුවන්
. දැන් ඉතින් හොඳ කෙල්ලෝ කියලා ජාතියක් නැහැනේ
. තරු කුමරගේ ලෝකෙවත් ඉන්නවද මන්දා
. දැන් ඉන්න උන් ඉෂි අම්මලා , ස්වප්නලා වෙන්න හදනවා කියලා පෙන්නුවට, පහනින් පහනක් දැල්ලුවාට, පලවෙනි පහනේ එලිය අඩුවෙන්නේ නැහැ කියලා, මිනිහා ඉද්දි හොර මිනිහෙක් තියන් ඉන්න එකත් අවුලක් නැහැ කියලනේ කියන්නේ. උඹලත් ඕවා බුකියෙන් දකින්න ඇතිනේ.
![]()
ඉස්සර නම් මගේ යාලුවෝ යාලු වෙලා විතරයි හිටියේමේ වෙද්දි යාලුවෙලා හිටපු එවුන් වෙන උන් එක්ක යාලු වෙලා
, යාලු වෙලා ඉන්න කෙල්ලම ඉන්න උන් හතර වටේ කොටු පනිනවා
, කෑලි අදිනවා
. සමහර එවුන් බැඳලා හොඳට ඉන්නවා
. සමහර එවුන් බැඳලා දැන් ඩිවෝසුත් වෙලා දෙවෙනි එකත් බැඳලා
, සමහර උන්ට ලමයි ඉන්නවා,ලමයි ලොකු එවුන් ලමයිව ඉස්කෝලේ දාන හැටි හිතනවා
. සමහර උන්ට ගෑනි මදි වෙලා හොර ගෑනුත් ඉන්නවා.
මම එක තැන හිටියට උන් හුඟක් දුර ගිහිල්ලා. ඉස්සර නම් යාලුවෝ මල් කඩද්දි විතරයි දුක හිතුනේ දැන් දකින දේවල් වලට ඊටත් වඩා දුක හිතෙනවා. කොහොම උනත් උන් තාමත් හිතන් ඉන්නේ කෙල්ලෙක් නැති උනත් මම ෆුල් ජොලියෙන්
ඉන්නවා කියලා. දැන් වයසත් 27යි මාස 2කට ලඟයි. මටම අත්දැකීම් නැති උනාට යාලුවන්ට වෙච්ච දේවල්, උන් කරපු දේවල් දැක්කම මේ ජීවිතෙත් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා
.එලකිරියේ ත්රේඩ් දාගෙන අවුරුදු 18ටේ 20සේ කොල්ලෝ, කෙල්ලෙක් නැහැ කියලා අඬද්දි මට ඒවට තනියම හිනා
. කොහොම උනත් මම සහසුද්දෙන්ම සංශුද්ද තනිකඩයෙක්. මම ආඩම්බරයි ඒ ගැන කියන්න.
මම හොඳ ලමයෙක් උනාට කවුරුත් මං වගේ වෙන්න හදන්න එපා. ඔයාලත් කෙල්ලෝ ගොඩාරියක් එක්ක යාලු වෙන, රැපර් කෙනෙක් වගේ කුනුහප්ප කියන නරක ලමයෙක් වෙන්න.![]()

