සංසාරයේ ආයු කාලය ( වේපුල්ල සූත‍්‍රය )

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සංසාරයේ ආයු කාලය ( වේපුල්ල සූත‍්‍රය )

    මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක‍්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.

    ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත‍්‍ර ප‍්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන්් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ ”ජාති ක්ෂේත‍්‍රයට” අයත් වේ. සම්බුදුවරයෙකු ගේ ”ආඥා ක්ෂේත‍්‍රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප‍්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප‍්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.

    අන්තඃකල්පයක් විනාශය වන ක‍්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත‍්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.

    දිව්‍ය භූමි 06

    01. චාතුර්මහාරාජිකය ( එක් දිනයක මනුෂ්‍යය වසර 50, පරමායුෂ දෙව්ලොව වසර 500, පරමායුෂ මනුෂ්‍යය වසර අනූ ලක්ෂයකි*

    02. තාවතිංසය ( එක් දිනයක මනුෂ්‍යය වසර 100, පරමායුෂ දෙව්ලොව වසර 1000, පරමායුෂ මනුෂ්‍යය වසර තුන්කෝටි හැට ලක්ෂයකි*

    03. යාමය ( එක් දිනයක මනුෂ්‍යය වසර 200, පරමායුෂ දෙව්ලොව වසර 2000, පරමායුෂ මනුෂ්‍යය වසර දාහතර කෝටි හත් ලක්ෂයකි*

    04. තුසිතය ( එක් දිනයක මනුෂ්‍යය වසර 400, පරමායුෂ දෙව්ලොව වසර 4000, පරමායුෂ මනුෂ්‍යය වසර පනස් හත් කෝටි හැට ලක්ෂයකි*

    05. නිම්මාණරතිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 800, පරමායුෂ දෙව්ලොව වසර 8000, පරමායුෂ මනුෂ්‍යය වසර දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි*

    06. පරනිම්මිත වසවර්තිය ( එක් දිනයක මනුෂ්‍යය වසර 1600, පරමායුෂ දෙව්ලොව වසර 16000, පරමායුෂ මනුෂ්‍යය වසර නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි*

    අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
    අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01

    ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ‍්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප‍්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.

    ප‍්‍රථම ධ්‍යාන භූමි 03

    1. බ‍්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි
    2. බ‍්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි
    3. මහාබ‍්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි

    ද්විතිය ධ්‍යාන භූමි 03

    1. පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02
    2. අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04
    3. ආභස්සරය ආයු කාලය මහා කල්ප 08

    තෘතිය ධ්‍යාන භූමි 03

    1. පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16
    2. අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32
    3. සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64

    චතුර්ථ ධ්‍යාන භූමි 02

    1. වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500
    2. අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500

    සුද්ධාවාස භූමි 05

    1. අවිහ ආයු කාලය මහා කල්ප 1000
    2. අතප්ප ආයු කාලය මහා කල්ප 2000
    3. සුදස්ස ආයු කාලය මහා කල්ප 4000
    4. සුදස්සී ආයු කාලය මහා කල්ප 8000
    5. අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000

    අරූපාවචර භූමි 04

    1. ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000
    2. විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000
    3. ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000
    4. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000

    කල්පයක් කියන්නේ කොපමණ දිගු කාල පරාසයකට ද ?

    සූත‍්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ ”සාස්‍ය සූත‍්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    ”මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප‍්‍රාකාරයකින් (තාප්පයකින්* වට වූ නගරයක (භූමියක* සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා* කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ ”පබ්බත සූත‍්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    ”මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්* බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති* මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

    (Y) Us @ Dedunna
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    පට්ට කාලයක් නේ බොලව්.. ඉක්මනට සංසාර ගමන කෙටි කරගන්න බලන එක කාගේත් නුවනට හුරුයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,870
    113
    rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka:baffled:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka:baffled:

    දැන් අපේ ඇඟේ අවයව ස්වාභාවිකවම අවුරුදු හැට හැත්තෑවක් වැඩකරන්න පුලුවන් වෙලා තියනවා වගේ ඒ කාලෙ වෙනකොට එච්චර වැඩි කාලයක් වැඩ කරන්න පුලුවන් විදිහට හේතූ සකස්වෙනවා ඇති.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,835
    113
    rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka:baffled:

    මෙම කරුණු දේශනා කර තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන්. උඹේ පටු මනසට මෙම කරණු හිතලු වගේ පේන්න පුලුවන්. ඒත් සත්‍ය මෙයයි. සත්‍ය පිලිගන්න නොගන්න එක උඹෙ වැඩක්
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    සියලු සත්වයො මේ ආත්මයෙදීම උතුම් ධර්මාවබෝදය ලබාගනිත්වා...!! :love::love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙම කරුණු දේශනා කර තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයෙන්. උඹේ පටු මනසට මෙම කරණු හිතලු වගේ පේන්න පුලුවන්. ඒත් සත්‍ය මෙයයි. සත්‍ය පිලිගන්න නොගන්න එක උඹෙ වැඩක්

    How do u know this is true.?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka:baffled:

    ගිය ආත්මෙ අගහරු ලෝකෙ හිටිය කියන රශීයන් පොඩි ළමය කියනවා එයාල පෟතුවියට එන්න කැමති නැහැලු පෟතුවියේ ඔක්සිජන් නිසා ඉක්මනට වයසට යන නිසා.


    http://www.mawbima.lk/article20170101MB20170331.php?id=3808