මෙතනින් හොඳට පෙනෙනවා මුලාවීමක තරම!
මේ කියන විදියට
1. ඇස "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!
2. රූපය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!
3. චක්ඛු විඥානය "ඇත" (තිබේ, පවතියි ) කැමති සේ නැති කමයි අවුල! තෘප්තියක් නැති එකයි අවුල!
හරි සරලයි නේද? තාර්කිකයි. කාටත් තේරෙන සරල බණ!
"ඇත" යන අන්තයේ හිරවෙලා කොහොමද ඉදප්පච්චයතාවක් ගැන කතා කරන්නේ? "ආශ්වාදය, ආදීනවය, කැමති සේ නැත" රාමුවට ඕක දාන්න ගිය ගමන් "ඇත" අන්තයේ හිරවෙනවා, හැබැයි ඒක දන්නේවත්, තේරුම්ගන්න උත්සාහයක්වත් නෑ.
මෙය ඇති කල්හි මෙය වේ
මෙය නැති කල්හි මෙය නොවේ කියන පටිච්චසමුප්පාදී ක්‍රියාවලියට දාන්න පුලුවන්ද මේ කතාව? බැහැ නේ.