සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල ද?

hpalpola

Well-known member
  • සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල ද?

    කොහෙත්ම නැත. එසේ වූවා නම් අපි සසෙර්මෙතරම් සංචාරය කරන්නේ නැත. සක්කාය දෘෂ්ඨිය නොයෙක් අයුරින් අර්ථ නිරූපනය කර තිබේ. ඔබගෙන් සක්කාය දෘෂ්ඨිය කුමක් දැයි ඇසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් විය හැකි ද? ඔබ සැමගේ පිළිතුර එකක් නම් නොවනු ඇත. එහි ස්වභාවය එයයි. මෙනිසා මේ සඳහා සරල අර්ථයක් දැනට ලබා දී සටහන ඉදිරියට පවත්වා ගෙන යමි. තමුන් නැත්නම් ආත්මය මුල්කර ගත් දැකීම නැතනම් දර්ශනය ලෙසින් අපි එය දැනට හඳුන්වමු.

    මෙහි දැකීම නැත්නම් දර්ශනය යන්න සැලකිය යුතු වන්නේ ජීවත්වන ආකාරය සඳහා වන දර්ශනය ලෙසිනි. ආත්මය ආත්මය යැයි කියන්නේ ද තමුන්ගේ යන්න සඳහාම ය. මම, මගේ යැයි හඳුන්වා ගැනීම, අල්ලා ගැනීම එහි වේ. මෙකී ස්වභාවය නිසාම සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවේ. මම අත්හැරීම මට පුළුවන් දයි ඔබම සිතන්න.

    මෙහි ස්වභාවය එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන අත්දැකීම්වලින් ම දැක ගත යුතු ය.

    නිදසුනක් ලෙස ඔබේ පවුල සලකන්න. ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ස්වභාවයෙන්ම යුතු තවත් පිරිස් අසල්වැසි නිවෙස් වල ජීවත් වෙනවා ඇත. එහෙත් ඔවුන් ගැන ඇති හැඟීම සහ ඔබේ පවුලේ සාමාජිකයන් සඳහා ඇති හැඟීම එකක් ම ද? ඔබ පාවිච්චි කරන වාහනය හා සමාන වාහන පාවිච්චි කරන අය තවත් නැද්ද ? ඒ වාහන සහ ඔබ පාවිච්චි කරන වාහනය ගැන දැනෙන්නේ එකම ආකාරයට ද? එදිනෙදා ජීවිතයේදී මේ අත්දැකීම් ඔබටත් අනිවාර්යෙන්ම දැනෙනවා ඇත.

    නමුත් මේ‍ වෙනස වෙනසක් ලෙසින් කුමන අවස්ථාවලදී දැක තිබෙනවා ද? ඕනෑම දෙයක් මගේ නැත්නම් අපේ කියා දැකීම ඉතා පහසු ය. එසේ දකින දේ මගේ හෝ අපේ නොවේ ලෙස දැකීම අපහසු ය. එකී අපහසුව නිසා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අවස්ථා අප්‍රමාණ වේ. බුදු දහමේ මූලික අරමුණ දුක නැති කිරීමයි. සක්කාය දෘෂ්ඨිය ඒ දුක ඇති කරන්නට සමර්ථය.

    ඔබ නිකමට හිතන්න යම් දිනයක් ගැන, ඔබේ දේ සහ අනුන්ගේ දේ අතර වෙනසක් නොදැනෙන. නිදසුනකට ඔබේ වාහනය කැඩුන අවස්ථාවක් ගන්න. එය ඔබේ වාහනයයි. ඔබේ වාහනය කැඩුනු විට ඔබට දැනෙන දේ අනුන්ගේ වාහනයක් කැඩුනු විටත් ඔබට දැනෙනවා ද? අනිවාර්යයෙන්ම ඔබට මේ අවස්ථා දෙකේ දී දැනෙන ආකාර එකිනෙකට වෙනස් ය. එයට හේතුව එකක් ඔබගේ වීම යි. ඔබගේ දරුවා අසනීප වූ විට ඔබට දැනෙන දුක ඒ දරුවාගේම වයසේ ඔබ නොදන්නා දරුවකුට ඒ අසනීපයම සැදුණු විටක ඔබට දැනෙනවා ද? එයට හේතුව ඒ ඔබේ දරුවා වීම ය. මේ සෑම විටම මගේ වාහනය, මගේ දරුවා යැයි ඔබ දැනගනී. ඒ දැන ගෙන ඒ අනුව දුක/සතුට උපදවයි. නමුත් යම් දිනයක ඔබේ දරුවා දරුවකු පමණක් වූවා නම් ඔබට කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? නැත්නම් ඔබේ වාහනය වාහනයක් පමණක් වූවා නම් කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? මා මේ ගෙන හැර පෑවේ නිදසුන් පමණකි. ඔබ එසේ සිතනා තුරු සක්කාය දෘෂ්ඨිය නම් වූ බැඳීම අත්හැරීම සිහිනයක් පමණි. සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවන්නේ එහෙයිනි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    නමුත් යම් දිනයක ඔබේ දරුවා දරුවකු පමණක් වූවා නම් ඔබට කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? නැත්නම් ඔබේ වාහනය වාහනයක් පමණක් වූවා නම් කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? මා මේ ගෙන හැර පෑවේ නිදසුන් පමණකි. ඔබ එසේ සිතනා තුරු සක්කාය දෘෂ්ඨිය නම් වූ බැඳීම අත්හැරීම සිහිනයක් පමණි. සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවන්නේ එහෙයිනි.

    🙏🙏🙏
     
    • Like
    Reactions: NRTG and S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල ද?

    කොහෙත්ම නැත. එසේ වූවා නම් අපි සසෙර්මෙතරම් සංචාරය කරන්නේ නැත. සක්කාය දෘෂ්ඨිය නොයෙක් අයුරින් අර්ථ නිරූපනය කර තිබේ. ඔබගෙන් සක්කාය දෘෂ්ඨිය කුමක් දැයි ඇසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් විය හැකි ද? ඔබ සැමගේ පිළිතුර එකක් නම් නොවනු ඇත. එහි ස්වභාවය එයයි. මෙනිසා මේ සඳහා සරල අර්ථයක් දැනට ලබා දී සටහන ඉදිරියට පවත්වා ගෙන යමි. තමුන් නැත්නම් ආත්මය මුල්කර ගත් දැකීම නැතනම් දර්ශනය ලෙසින් අපි එය දැනට හඳුන්වමු.

    මෙහි දැකීම නැත්නම් දර්ශනය යන්න සැලකිය යුතු වන්නේ ජීවත්වන ආකාරය සඳහා වන දර්ශනය ලෙසිනි. ආත්මය ආත්මය යැයි කියන්නේ ද තමුන්ගේ යන්න සඳහාම ය. මම, මගේ යැයි හඳුන්වා ගැනීම, අල්ලා ගැනීම එහි වේ. මෙකී ස්වභාවය නිසාම සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවේ. මම අත්හැරීම මට පුළුවන් දයි ඔබම සිතන්න.

    මෙහි ස්වභාවය එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන අත්දැකීම්වලින් ම දැක ගත යුතු ය.

    නිදසුනක් ලෙස ඔබේ පවුල සලකන්න. ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ස්වභාවයෙන්ම යුතු තවත් පිරිස් අසල්වැසි නිවෙස් වල ජීවත් වෙනවා ඇත. එහෙත් ඔවුන් ගැන ඇති හැඟීම සහ ඔබේ පවුලේ සාමාජිකයන් සඳහා ඇති හැඟීම එකක් ම ද? ඔබ පාවිච්චි කරන වාහනය හා සමාන වාහන පාවිච්චි කරන අය තවත් නැද්ද ? ඒ වාහන සහ ඔබ පාවිච්චි කරන වාහනය ගැන දැනෙන්නේ එකම ආකාරයට ද? එදිනෙදා ජීවිතයේදී මේ අත්දැකීම් ඔබටත් අනිවාර්යෙන්ම දැනෙනවා ඇත.

    නමුත් මේ‍ වෙනස වෙනසක් ලෙසින් කුමන අවස්ථාවලදී දැක තිබෙනවා ද? ඕනෑම දෙයක් මගේ නැත්නම් අපේ කියා දැකීම ඉතා පහසු ය. එසේ දකින දේ මගේ හෝ අපේ නොවේ ලෙස දැකීම අපහසු ය. එකී අපහසුව නිසා දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අවස්ථා අප්‍රමාණ වේ. බුදු දහමේ මූලික අරමුණ දුක නැති කිරීමයි. සක්කාය දෘෂ්ඨිය ඒ දුක ඇති කරන්නට සමර්ථය.

    ඔබ නිකමට හිතන්න යම් දිනයක් ගැන, ඔබේ දේ සහ අනුන්ගේ දේ අතර වෙනසක් නොදැනෙන. නිදසුනකට ඔබේ වාහනය කැඩුන අවස්ථාවක් ගන්න. එය ඔබේ වාහනයයි. ඔබේ වාහනය කැඩුනු විට ඔබට දැනෙන දේ අනුන්ගේ වාහනයක් කැඩුනු විටත් ඔබට දැනෙනවා ද? අනිවාර්යයෙන්ම ඔබට මේ අවස්ථා දෙකේ දී දැනෙන ආකාර එකිනෙකට වෙනස් ය. එයට හේතුව එකක් ඔබගේ වීම යි. ඔබගේ දරුවා අසනීප වූ විට ඔබට දැනෙන දුක ඒ දරුවාගේම වයසේ ඔබ නොදන්නා දරුවකුට ඒ අසනීපයම සැදුණු විටක ඔබට දැනෙනවා ද? එයට හේතුව ඒ ඔබේ දරුවා වීම ය. මේ සෑම විටම මගේ වාහනය, මගේ දරුවා යැයි ඔබ දැනගනී. ඒ දැන ගෙන ඒ අනුව දුක/සතුට උපදවයි. නමුත් යම් දිනයක ඔබේ දරුවා දරුවකු පමණක් වූවා නම් ඔබට කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? නැත්නම් ඔබේ වාහනය වාහනයක් පමණක් වූවා නම් කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? මා මේ ගෙන හැර පෑවේ නිදසුන් පමණකි. ඔබ එසේ සිතනා තුරු සක්කාය දෘෂ්ඨිය නම් වූ බැඳීම අත්හැරීම සිහිනයක් පමණි. සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවන්නේ එහෙයිනි.
    සක්කාය දෘෂ්ඨිය නැතිවෙන්නෙ සෝවාන් ඵලයේදී නේද මහත්තය? ඔය කියන විදියට මම සහ මගෙ යන හැගීම සෝවාන් ඵලයෙදීම නැතිවෙනව නම්, මම කියන්නවත්, මගෙ කියන්නවත් දෙයක් නැතිවෙනවනෙ... එතකොට රහත් ඵලයේදී නැතිවෙන්නෙ මොකක්ද?
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    සක්කාය දෘෂ්ඨිය නැතිවෙන්නෙ සෝවාන් ඵලයේදී නේද මහත්තය? ඔය කියන විදියට මම සහ මගෙ යන හැගීම සෝවාන් ඵලයෙදීම නැතිවෙනව නම්, මම කියන්නවත්, මගෙ කියන්නවත් දෙයක් නැතිවෙනවනෙ... එතකොට රහත් ඵලයේදී නැතිවෙන්නෙ මොකක්ද?
    Sowen weddi 3k net hi wenawaLU. Ragtag weddi mat matara widihata dweshaaya.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Sowen weddi 3k net hi wenawaLU. Ragtag weddi mat matara widihata dweshaaya.
    සෝවාන් වෙන කොට- සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති වෙනවා.

    සකදාගාමී වෙන කොට- කාමරාග, පටිඝ තුනී වෙනවා

    අනාගාමී වෙනකොට- කාමරාග, පටිඝ නැති වෙනවා

    රහත් වෙන කොට- රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා නැති වෙනවා
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සක්කාය දෘෂ්ඨිය නැතිවෙන්නෙ සෝවාන් ඵලයේදී නේද මහත්තය? ඔය කියන විදියට මම සහ මගෙ යන හැගීම සෝවාන් ඵලයෙදීම නැතිවෙනව නම්, මම කියන්නවත්, මගෙ කියන්නවත් දෙයක් නැතිවෙනවනෙ... එතකොට රහත් ඵලයේදී නැතිවෙන්නෙ මොකක්ද?
    ඕව ගැන වැඩිය හිතන්න එපා 😄
     
    • Haha
    Reactions: MalSeven

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,572
    113
    Colombo, Sri Lanka
    "ඔබ එසේ සිතනා තුරු සක්කාය දෘෂ්ඨිය නම් වූ බැඳීම අත්හැරීම සිහිනයක් පමණි. සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවන්නේ එහෙයිනි."

    🙏🙏🙏
     
    • Like
    Reactions: kinkon and S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    සක්කාය දෘෂ්ඨිය නැතිවෙන්නෙ සෝවාන් ඵලයේදී නේද මහත්තය? ඔය කියන විදියට මම සහ මගෙ යන හැගීම සෝවාන් ඵලයෙදීම නැතිවෙනව නම්, මම කියන්නවත්, මගෙ කියන්නවත් දෙයක් නැතිවෙනවනෙ... එතකොට රහත් ඵලයේදී නැතිවෙන්නෙ මොකක්ද?

    only the (wrong) view is eradicated, not the action. two different things.
     
    • Like
    Reactions: MalSeven

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්සු වගේම වැඩ කරන AI එකක් හදපු දවසක, ඒ AI ඩිලීට් කරාම ආපහු AI එකක් හැදෙයි ද සතෙක් වෙලා ඉපදෙයි ද 😄
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මිනිස්සු වගේම වැඩ කරන AI එකක් හදපු දවසක, ඒ AI ඩිලීට් කරාම ආපහු AI එකක් හැදෙයි ද සතෙක් වෙලා ඉපදෙයි ද 😄
    ඒ වගෙ වැඩ කරන AI එකක් එක්ක කතා නොකර කියන්න ටිකක් අමාරුයි :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔබ නිකමට හිතන්න යම් දිනයක් ගැන, ඔබේ දේ සහ අනුන්ගේ දේ අතර වෙනසක් නොදැනෙන. නිදසුනකට ඔබේ වාහනය කැඩුන අවස්ථාවක් ගන්න. එය ඔබේ වාහනයයි. ඔබේ වාහනය කැඩුනු විට ඔබට දැනෙන දේ අනුන්ගේ වාහනයක් කැඩුනු විටත් ඔබට දැනෙනවා ද? අනිවාර්යයෙන්ම ඔබට මේ අවස්ථා දෙකේ දී දැනෙන ආකාර එකිනෙකට වෙනස් ය. එයට හේතුව එකක් ඔබගේ වීම යි. ඔබගේ දරුවා අසනීප වූ විට ඔබට දැනෙන දුක ඒ දරුවාගේම වයසේ ඔබ නොදන්නා දරුවකුට ඒ අසනීපයම සැදුණු විටක ඔබට දැනෙනවා ද? එයට හේතුව ඒ ඔබේ දරුවා වීම ය. මේ සෑම විටම මගේ වාහනය, මගේ දරුවා යැයි ඔබ දැනගනී. ඒ දැන ගෙන ඒ අනුව දුක/සතුට උපදවයි. නමුත් යම් දිනයක ඔබේ දරුවා දරුවකු පමණක් වූවා නම් ඔබට කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? නැත්නම් ඔබේ වාහනය වාහනයක් පමණක් වූවා නම් කුමනාකාරයෙන් දැනේවිදැයි ඔබ සිතුවා ද? මා මේ ගෙන හැර පෑවේ නිදසුන් පමණකි. ඔබ එසේ සිතනා තුරු සක්කාය දෘෂ්ඨිය නම් වූ බැඳීම අත්හැරීම සිහිනයක් පමණි. සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල නොවන්නේ එහෙයිනි.
    ohoma samajaye jeewath wenne kohomada bn..thamanta jathaka una lamaya marenna watila iddi u gana balanna enne na ne wena mokekwath..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    ohoma samajaye jeewath wenne kohomada bn..thamanta jathaka una lamaya marenna watila iddi u gana balanna enne na ne wena mokekwath..
    upaddagena pariharanaya karanawa.beranne nethuwa inne ne.drushtiya athariya kiyanne robocop wage ohe balan inna eka newe