සක්විති දසිස් රාවන රජතුමා

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නියමයි මචන්.good post.දිගටම දාපන් තව විස්තර.

    තව ලිපි 2 කියන්නට කරුණු එක්රැස් කරනවා මචෝ . ඉක්මනින් ඒ ලිපි වලින් හමුවෙමු .

    මේ දිරිමත් කිරීම මට බොහොම වැදගත් .
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany


    කාලිංග මාඝ ගේ ආක්‍රමණය ඇතුළු බොහෝ ආක්‍රමණ ලංකාවට පැමිණීමට හේතුව ඉතිහාසය පුරාවට පැවත ආ ඒ ශිෂ්ටාචාරය මකාදැමීම .

    රාවනා රජු ඉන්දියාවට පිටපිට අබියෝග එල්ලකරද්දී ඒවා භාරගනිමට නියම රජවරයෙක් එහි නොසිටිබව මගේ මිතුරු අස් ක්‍රිෂ්ණන් (පුරාව්ද්‍යය මහාචාර්ය) මිට වසර 3 කට පෙර මාහට පවසා සිටියා .

    රාවනා රජු දේවත්වයෙන් අදහන පිරිස් අදටත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඉන්නවා .

    ඇත්තටම බොහොම කණගාටුයි ලංකාවේ සිටින සමහර විද්වතුන්ගේ ප්‍රතිචාර ගැන කියවා , අසා බැලුවා ම .

    රාවන යනු හුදු කල්පිතයක් ලෙස කියන්නා වූ පිරිසට අපහට කිවීමට ඇත්තේ "ඉතිහාසය යනු විද්‍යාව මෙන් තමාට අවශ්‍ය පරිදි වෙනස් කර නොහැකි ස්ථිර සාර සාධකයක් බැව ය".
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    වැඩක් නෑ සුරන්ගනා කතාවක් විතරයි .

    ඇත්තටම බොහොම කණගාටුයි ලංකාවේ සිටින සමහර විද්වතුන්ගේ ප්‍රතිචාර ගැන කියවා , අසා බැලුවා ම. .
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83


    රාවනා රජු දේවත්වයෙන් අදහන පිරිස් අදටත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඉන්නවා .

    රාවන යනු හුදු කල්පිතයක් ලෙස කියන්නා වූ පිරිසට අපහට කිවීමට ඇත්තේ "ඉතිහාසය යනු විද්‍යාව මෙන් තමාට අවශ්‍ය පරිදි වෙනස් කර නොහැකි ස්ථිර සාර සාධකයක් බැව ය".

    * ඔය දෙවියො අදහන අයයි , සායි බාබා අදහන අයයි, විමුක්තිය හොයාගෙන ඉන්න නිගන්ටයො යි, ඔය උඩ කියල තියන අයයි අතර ලොකු වෙනසක් නම් මම දකින්නෙ නෑ.

    * හැබැයි විද්‍යාව වෙනස් වෙන්නෙ ඒක ඕනම කෙනෙක් ගෙ තර්කයටයි බුද්ධියටයි අසුවන නිසා, පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා. නමුත් ඔය සාක්ශි නැති අතීත කතා නම් ඔය දෙකටම නෑ, එහෙම තිබුනා කියල හිතාගෙන, "ෂා නියමයි" කියල නම් කියන්න
    ම්...... ඕනෙම නම්.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    * ඔය දෙවියො අදහන අයයි , සායි බාබා අදහන අයයි, විමුක්තිය හොයාගෙන ඉන්න නිගන්ටයො යි, ඔය උඩ කියල තියන අයයි අතර ලොකු වෙනසක් නම් මම දකින්නෙ නෑ.

    * හැබැයි විද්‍යාව වෙනස් වෙන්නෙ ඒක ඕනම කෙනෙක් ගෙ තර්කයටයි බුද්ධියටයි අසුවන නිසා, පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා. නමුත් ඔය සාක්ශි නැති අතීත කතා නම් ඔය දෙකටම නෑ, එහෙම තිබුනා කියල හිතාගෙන, "ෂා නියමයි" කියල නම් කියන්න
    ම්...... ඕනෙම නම්.

    ----------------------------------------------------------------------------

    සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය .

    කාලය වනාහි සංකල්පයකි . සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ?

    කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි .

    පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ?

    විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි .

    අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්‍රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්‍රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ .

    මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි .

    විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය .

    මගේ වැටහීම නම් ඔබ අනුරාධපුරය , පොලොන්නරුව වැනි පුරාවිද්‍යා නගර වලට යාමට මහත් අප්‍රසන්න බවක් දක්වන්නෙක් බවය .යන්න ඉතිහාසය දකින්නට .... ඇහුන්කන් දෙන්න ඉතිහාසය හඩ ට ...... ඔබ ඉතිහාසය දෙස වපර ඇසින් බැලුවද ඉතිහාසය ඔබව කිසිදා අතනොහරිනු ඇත .

    මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය . මෙම ලිපිය ලිවිම පවා ඉතිහාසයේ කරුණු ගොනුකොට දැකඋවක් මිස "රාවණ" ලෙස රජ කෙනෙක් අතීතයේ ලංකාවේ සිටිබව සොයාගත් පුද්ගලයා මම නොවන බව කරනු කැමැත්තෙමි .

    මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : -

    අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක .

    එබැවින් ,

    මොහොතක් සිතන්න A සහ B ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා ,

    නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි .

    යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ.

    බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ?

    අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ?

    තීරණ ඔබ සතුයි !
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    r4sy.jpg