සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,225
    12,244
    113
    Ohio, USA
    සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

    පක්ෂය ඒකමතිකව කියන්නේ නම් තමා එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. රනිල් ට වඩා සජිත් හොඳ අපේක්ෂකයෙකු බව කිසිදු විමර්ශනයක් නොකරම ඇතැමුන් ආගමක් සේ විශ්වාස කළ ද, සජිත්ට එජාපය දිනවන්න පුළුවන්දැ? යි කල්පනා කිරීමෙන් සජිත්ටත්, රනිල්ටත්, එජාපයටත් වැඩක් මිස අවැඩක් සිදු නොවේ.

    මේ ලිපිය රනිල් වෙනුවෙන් හෝ සජිත් වෙනුවෙන් ලියන්නක් නොව කරුණු මතම පමණක් පදනම් කර එජාපය වෙනුවෙන් ලියන්නක් බව ලිපිය කියවා හමාර වීමේදී ඔබට වැටහෙනු ඇත. එබැවින් අවසානය දක්වාම එය කියවන ලෙස මුලින්ම ඉල්ලමි.

    තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන්නට සජිත් ප්‍රේමදාස මහතාට පුලුවන්ද? යන්නයි. එම ප්‍රශ්නයට ඇති විසඳුම අනුව නායකත්වය පිළිබඳව ගෙන එන විවිධ යෝජනා වලට තර්කානුකූල විසඳුම් සෙවීම පහසු වනු ඇත.

    එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට නම් ඉදිරිපත්වන අපේක්ෂකයා උතුරු නැගෙනහිර සහ නුවරඑළියේ ඡන්ද ඇතුළු සුළු ජාතික ඡන්ද බහුතරය දිනාගන්නා අතරම දකුණේ එජාප සම්ප්‍රදායික ඡන්ද පදනම සහ අළුත් ඡන්ද දිනාගත යුතුය. සාමාන්‍ය ලෙස ගත් කල ඒ මෙසේය.

    උතුරු නැගෙනහිර සහ නුවරඑළිය ඇතුළු රට පුරා එජාපයට ලබා ගත හැකි සුළු ජාතික ඡන්ද අවම වශයෙන් ලක්ෂ 8 ක් 9 ක් අතර වේ. මේ ඡන්ද සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගත් කල එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට ලබා ගත හැකිවන්නේ පක්ෂය ආරම්භයේ සිට අනුගමනය කරන සුළු ජාතීන් පිලිබඳ මධ්‍යස්ථ ස්ථාවරය හේතුවෙනි. ඒ සහාය සම්පූර්ණ වශයෙන් නොලැබුණහොත් එජාප අපේක්ෂකයාට සිදුවන පාඩුව 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට වාසිදායක වන ලෙස ඇතිකර ගත් එකඟතාව අනුව එල්.ටී.ටී.ඊ. ය දියත් කළ ඡන්ද වර්ජනය නිසා රනිල් වික්‍රමසිංහ මහතාට උතුරෙන් ලැබුණු අඩු ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිලි වේ. මෙවර 2013 පළාත් සභා ඡන්දයේදී ටී.එන්.ඒ. සංවිධානය ඡන්ද 386,823 ක් ලබාගත් නමුත් ඡන්ද වර්ජනය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 2005 දී ලැබුණේ ඡන්ද 71,321 කි. එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 300,000 ක වෙනසකි. ඒ ඡන්ද ප්‍රමාණයෙන් භාගයක් ලැබුණේ නම් ජනාධිපතිවන්නේ මහින්දරාජපක්ෂ මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතාය. කරුණු එසේ හෙයින් සුළු ජාතික ඡන්ද පදනම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා කෙතරම් තීරණාත්මකද? යන්න පැහැදිලිය. ආණ්ඩු පක්ෂයටද ජනාධිපතිවරණයක දී හිසරදයක් වී ඇත්තේ එජාපය කෙරේ ඇති එම සුළු ජාතික විශ්වාසයයි. එකම ව්‍යතිරේඛය රනිල් වික්‍රමසිංහ මහතා පරදවන්නට එල්.ටී.ටී.ඊ. ය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය සහයෝගයෙන් ක්‍රියා කළ 2005 ජනාධිපතිවරණයයි.

    එක්සත් ජාතික පක්ෂයේ ඇති අපූර්වත්වය වන්නේ මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසය සමග දකුණේ එජාප හිතවත් තිස් ලක්ෂයකට වැඩි සිංහල බෞද්ධ ජනතාවකගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාවයි. එය එජාපය මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් ලෙස ගොඩනගා ගෙන ඇති ඓතිහාසික ප්‍රතිරූපය සමග ගොඩ නැගී ආරක්ෂා වන්නකි. අදටත් රුපියල් කෝටි - ප්‍රකෝටි ගණන් වියදම් කළත්, ආණ්ඩුවට zඋතුරු වසන්තයZ හරහාවත් උතුරේ සුළු ජාතිකයන් දිනා ගන්නට නොහැකි වී ඇත. එබැවින් තීරණාත්මක කරුණක් වන්නේ එම ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා එජාපයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කෙරේ මධ්‍යස්ථ සුළු ජාතිකයන්ගේ පවා ඇති විශ්වාසයයි.

    එහෙත් සජිත් ප්‍රේමදාස මහතා කෙරේ එවැනි මධ්‍යස්ථ සුළු ජාතික විශ්වාසයක් ඇත්ද යන්න සැක සහිතය. දිගින් දිගටම සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පිටින් යමින් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් දැඩි විරුද්ධ ස්ථාවරයක් ප්‍රදර්ශනය කර ඇත. උදාහරණයක් ලෙස මෙවර 2013 පළාත් සභා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා සූරියවැව, රන්මඩු විහාරයේ පැවති රැස්වීමක් අමතමින් ටී.එන්.ඒ. සංවිධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය දැඩි ලෙස විවේචනය කරමින් පහර ගැසීය. එය මීළඟ ජනාධිපතිවරණයකදී 386,823 ක් වූ ටී.එන්.ඒ. සංවිධානය දිනාගත් උතුරේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට දිනාගැනීමට උපකාර වේ යැයි සැක සහිතය. එබැවින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන ජනාධිපතිවරණයදී එම ඡන්ද ප්‍රමාණය ඇතුළු සුළු ජාතික ඡන්ද අඩුම ගණනේ ලක්ෂ 8 ක් දකුණේ මහ ජාතික ඡන්ද වලින් ලබා ගැනීම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා වූ අනිවාර්ය කොන්දේසියකි. එය අති විශාල අභියෝගයක් වන අතර එහෙත් එසේ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකියාවක් තිබේද? යන්න ඒ මහතා එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෙන්වා දිය යුතුය.

    එම ප්‍රශ්නයට උපකල්පන මත පදනම් වූ උත්තරයක් දීම මෙම ඡන්ද ක්‍රමයේ ඇති සංකීර්ණතාව හේතුවෙන් මා හට අපහසුය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාට සිංහල-බෞද්ධ ඡන්ද ආණ්ඩුවට වඩා ආකර්ෂණය කර ගැනීමට හැකිද? යන්න ප්‍රයෝගිකව අත්හදා බැලීමට හොඳම තෝතැන්න වන්නේ ජනාධිපතිවරණයකට කලින් එන මීළඟ පළාත් සභා ඡන්දයකි. දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන යෝජනාවක් මාතරින් එළි දැක්වී ඇත. මා කල්පනා කරන ආකාරයට පක්ෂය පැත්තෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ තණතිල්ල තමාට සහ පක්ෂයට වාසිදායකදැ? යි පරීක්ෂා කර බැලීම සඳහා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. එම ඡන්දයෙන් පළාත් සභාව පිහිටුවීම කෙසේ වෙතත් සියයට 40 කින්වත් අඩුම ගණනේ ඉතා සැලකිය යුතු ප්‍රතිශතයක් මහ ජාතික ඡන්ද අළුතෙන් එක්සත් ජාතික පක්ෂයට ආකර්ෂණය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකි විය යුතුය. එහෙත් තරඟ කරනවාද? නැද්ද? යන්න සජිත් ප්‍රේමදාස මහතා ගත යුතු පුද්ගලික තීරණයකි. එවැනි තීරණයක් ගැනීමට නම් පළාත් සභා ජයග්‍රහණය පසෙක තබා අඩුම තරමින් මහ ජාතික ඡන්ද සියයට 40 ක් වත් දකුණෙන් ලබා ගැනීමට හැකි බවට සජිත් ප්‍රේමදාස මහතාට ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. ඒ ආත්ම විශ්වාසය ඒ මහතාට ඇතිද? නැතිද? යන්න දන්නේ ඒ මහතා පමණකි. එය සෙසු එක්සත් ජාතික පාක්ෂිකයන්ට දැන ගත හැකි වන්නේ දකුණු පළාත් සභා මහ ඇමති යෝජනාව සම්බන්ධයෙන් තම තීරණය සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ප්‍රකාශ කළ පසුවය.

    දිනේෂ් දොඩම්ගොඩ විසිනි

    (ලේඛකයා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර ජනමාධ්‍යවේදියෙකි. හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඔහු ජාතික ආරක්ෂාව පිලිබඳ ඇමෙරිකානු ෆුල් බ්‍රයිට් විද්‍යාර්ථියෙකු වන අතර බි්‍රතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ ආරක්ෂක හමුදා කළමණාරණය පිලිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. දැනට ඔහු ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘෘ සරසවියේ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ ජනමාධ්‍ය පිලිබඳ ආචාර්ය උපාධිය නිමකරමින් සිටී.)

    (ලංකා ඊ නිව්ස් -2013.සැප්.29, ප.ව.10.30)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සජිත් කියන්නේ මෙර්වින් සිල්වා වගේ පොරක්. මේ ඊයේ පෙරේද නපුංසකයෝ පොන්නයෝ කියල තමුන්ගේ පක්ෂයේ Senior අයට බැන්න. සමහරු කියන්න පුළුවන් අයියෝ ඕක සුළු දෙයක් නේ කියල. එත් බලය හම්බුනොත් තාත්තගෙම පුතා කියල පෙන්නයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.

    සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සුළු ජාතික චන්ද නැතුව දිනන මිනිහෙක් එනවනම් ලොකු දෙයක්... ජයග්‍රහණයක්‌.... සජිත් නම් වැඩක් නෑ...
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    දයාසිරි කියන්නේ සජිත් ට වඩා මේරු චරිතයක් (බුද්දීමතෙක්). බය නැතිව අබියෝගයක් බර අරගෙන දිනවල පෙන්නුවා. අන්න නායකයෝ. වැඩ කාරයෝ. පොරවල්. මහින්දට ත් කට උත්තර නැති උනා.

    සජිත් උදේ ඉදන් හවස් වෙනකම් නායකයා ප්‍රසිද්දියේ විවේචනය කරලා ගම කා ගත්ත. නායකයා වෙන්න හොදම විදිය තමයි UNP එක දිනන්න නායකයට සහයෝගය දීල, දක්ෂකම් පෙන්නලා තැනක් ගන්න එක. තියෙන ප්‍රශ්න UNP එක ඇතුලේ විසදා ගන්න එක. නැතිව අඩ අඩ මට නායකත්වය දෙන්න කියල නෙවි. සජිත් වැඩ පෙන්නුවොත් (දයාසිරි වගේ) රනිල්ටවත් මහින්දටවත් වෙන කාටවත් නවත්තන්න බැහැ

    aththa machan... mahinda prime minister inna kale chandrika kochchara kapuwada?eth mahinda wachanayak kiwwada e ganita wiruddawa? anna e iwaseema nisa thamai e manussaya ada me thathwe inne.. UNP gon modayanta eka therenne na.. anika sajith danne giriya puppagena kagahanna witharai ban oluwen gemak gahanna danne na.. nidan harapu salli dan boruwata pansal walata denawa karapu paw wahaganna. goda emak na ban
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    aththa machan... mahinda prime minister inna kale chandrika kochchara kapuwada?eth mahinda wachanayak kiwwada e ganita wiruddawa? anna e iwaseema nisa thamai e manussaya ada me thathwe inne.. UNP gon modayanta eka therenne na.. anika sajith danne giriya puppagena kagahanna witharai ban oluwen gemak gahanna danne na.. nidan harapu salli dan boruwata pansal walata denawa karapu paw wahaganna. goda emak na ban

    :yes::yes::yes:
    miniha danne minissuta hal,pol,seeni bedala denna. eth lankawata one economy eka gudeline karanna puluwan manussayek. Dakmak thiyena porak.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සුළු ජාතික චන්ද නැතුව දිනන මිනිහෙක් එනවනම් ලොකු දෙයක්... ජයග්‍රහණයක්‌.... සජිත් නම් වැඩක් නෑ...

    අවාසනාවකට ඕක හරි අමාරු වැඩක්. අනිවාර්යයෙන්ම සුළු ජාතීන් ඕනේ UNP එක ගොඩ යන්න. අපිට කෙලවෙනවා අනාගතේදී
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිනම් මේ පාර උතුරු පලාත් සභා චන්දයෙදි සුලු ජාතීන් යූඇන්පීයට කොච්චර කැමතිද කියලා දැක්කා. ආදරේ වැඩිකමටම එක ආසනයක්වත් දීලා නැහැ. ;)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    200% ශුවර් රනිල්ට තරම් වත් සජිත්ට චන්ද ලෑබෙන්නෙ නෑ.:yes::yes:
    රනිල් නෑත්තම් UNP එකට කොළබත් නෑ.:yes::yes:
    සජිත් බයයි මහා ඇමති කමට ඉල්ලන.:yes::yes:
    මොකද මිනිහ දන්නවා අනාතයි කියලා.:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    200% ශුවර් රනිල්ට තරම් වත් සජිත්ට චන්ද ලෑබෙන්නෙ නෑ.:yes::yes:
    රනිල් නෑත්තම් UNP එකට කොළබත් නෑ.:yes::yes:
    සජිත් බයයි මහා ඇමති කමට ඉල්ලන.:yes::yes:
    මොකද මිනිහ දන්නවා අනාතයි කියලා.:lol::lol:
    සජිත් දකුනෙන් ඉල්ලන්නෙ නැහැ කියලා තිබුනා.:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    200% ශුවර් රනිල්ට තරම් වත් සජිත්ට චන්ද ලෑබෙන්නෙ නෑ.:yes::yes:
    රනිල් නෑත්තම් UNP එකට කොළබත් නෑ.:yes::yes:
    සජිත් බයයි මහා ඇමති කමට ඉල්ලන.:yes::yes:
    මොකද මිනිහ දන්නවා අනාතයි කියලා.:lol::lol:

    :yes::yes::yes::lol:
    mathematically
    සජිත් = 1/(දයාසිරි) = inverse of දයාසිරි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එකම දේ වෙන්න පුළුවන් දැන් මහින්ද පස්සෙ යනව වගෙ මීහරක් රන්චුවක් සජිත් වටෙත් පෙළගැහෙන්න පුළුවන් ... ඕකුන් ඡන්ද ගහන්නෙ කිසිම logic එකකට හෝ reason එකකට අනුව නෙවෙයි ... එක පැත්තකින් දැන් හැදිල තියෙන මතවාදය රනිලට බෑ, රනිල් ඉන්නකන් දිනන්න බෑ කියලනෙ ... අනිත් පැත්තෙන් මහින්ද රට කාගෙන යන වේගය වේගය වැඩි වෙනකොට මිනිස්සුන්ටත් හොඳටම අප්පිරිය වෙලා ඉන්න වෙලාවක ඡන්දයක් ආවම ඔය රට හරක් ටික ඇරල දායි ලස්සනට ... චන්ද්‍රිකා බලයට ආවෙත් එහෙමනෙ :eek:
     
    උඹ කියන්නෙ ඉස්සරම තිබ්බ යූඇන්පී ආන්ඩුව ගැනද? යූඇන්පීය කරපු දේවල් වල හැටියට පැරදුනේ නැත්නම් තමයි පුදුමෙ. ඒ කාලේ ප්‍රේමදාසලා කරපු ජඩ වැඩ වලින් සීයට 10ක් වත් මේ ආන්ඩුව කරලා නැහැ. ඒ නිසා ඉබේ හාස්කම්වලින් බලය ලැබෙයි කියලා හිතන්න එපා. හාස්කම්වලින් ආන්ඩු පෙරලෙන්න හේතු තියෙන්න ඕන.:cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ කියන්නෙ ඉස්සරම තිබ්බ යූඇන්පී ආන්ඩුව ගැනද? යූඇන්පීය කරපු දේවල් වල හැටියට පැරදුනේ නැත්නම් තමයි පුදුමෙ. ඒ කාලේ ප්‍රේමදාසලා කරපු ජඩ වැඩ වලින් සීයට 10ක් වත් මේ ආන්ඩුව කරලා නැහැ. ඒ නිසා ඉබේ හාස්කම්වලින් බලය ලැබෙයි කියලා හිතන්න එපා. හාස්කම්වලින් ආන්ඩු පෙරලෙන්න හේතු තියෙන්න ඕන.:cool:

    චන්ද්‍රිකා ලංකාවෙවත් නෙවෙයි හිටියෙ ... කල දුටු කල වල ඉහ ගැනීමක් කරේ ... UNP ආණ්ඩුවට එරෙහිව සටනක් කරල දින්න නෙවෙයි නෙ ... එංගලන්තෙ ඉඳන් කෙලින්ම ඡන්ද කැම්පේන් එකට බැස්සෙ ... පළවෙනි පාර 3.50ට පාන් දෙනව කිව්ව නිසා බලයට ආව ... දෙවෙනි පාර ඇහැ නැති උනාට දුක හිතිල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    චන්ද්‍රිකා ලංකාවෙවත් නෙවෙයි හිටියෙ ... කල දුටු කල වල ඉහ ගැනීමක් කරේ ... UNP ආණ්ඩුවට එරෙහිව සටනක් කරල දින්න නෙවෙයි නෙ ... එංගලන්තෙ ඉඳන් කෙලින්ම ඡන්ද කැම්පේන් එකට බැස්සෙ ... පළවෙනි පාර 3.50ට පාන් දෙනව කිව්ව නිසා බලයට ආව ... දෙවෙනි පාර ඇහැ නැති උනාට දුක හිතිල

    do U have any idea of Premadasa era?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චන්ද්‍රිකා ලංකාවෙවත් නෙවෙයි හිටියෙ ... කල දුටු කල වල ඉහ ගැනීමක් කරේ ... UNP ආණ්ඩුවට එරෙහිව සටනක් කරල දින්න නෙවෙයි නෙ ... එංගලන්තෙ ඉඳන් කෙලින්ම ඡන්ද කැම්පේන් එකට බැස්සෙ ... පළවෙනි පාර 3.50ට පාන් දෙනව කිව්ව නිසා බලයට ආව ... දෙවෙනි පාර ඇහැ නැති උනාට දුක හිතිල
    බොරු කියන්න එපා බන් 99/2000 කාලෙත් පාන් තිබ්බෙ 3.50ට. එතකොට මොකටද 94 දී පාන් 3.50ට දෙනවා කියන්නෙ? දැන් උඹ කියන්නෙ මිනිස්සුන් චන්දෙ දුන්නෙ පාන් 3.50ට දෙනව කියපු නිසා විතරක් කියලද?:lol::lol:
     
    Similar threads