සජිත් ගේ රසා පෝලිම

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea method eka venas venna ona. Mea pakksha vidiyata job denna gihilla thama Lankavata kela vela thiyenne. Dan vena job nathi ayata badagini hadenne nathdha ?? A aya Minissu nevedha ? Mehema job denna puluwan, Private industries valata pamanai. A mokadha salary gevanne, industry owner ge money valin nisa. Desapalcchekuta[politician] kenekuta mehema Job denna puluwan eyage private industries valata pamanai.Ministry eke job denna baha mehema. A mokadha padi[money] gevanne , Minister ge private money valin novana nisa. Lankave koi Desapalachhayth 1948 sita kaley mea vage indirect vada thama. Lankavata kela vela thiyenne ekai.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Police commission---- Adikarana seva commission vage---------Poduve JOB DENA COMMISSION ekak athi karanna ona. Ema commission eka sama desapalana pakksayaka parliament members la vagema Adikaranaya niyojanaya karana members ladha sitiya yuthuya.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සජිත් පොන්සිදාසය දැන් හෙන බයෙන් ඇත්තේ.. කට උත්තර නෑ.. ආව එකාධිපතියෝ එලවන්න:lol:
     

    waligamaya

    Well-known member
  • සජිත් ප්‍රේමදාසට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා - SYU

    http://www.lankatruth.com/site/inde...හිව-අල්ලස්-කොමිසමට-පැමිණිල්ලක්-ගොනු-කරනවා-syu


    තමන්ගේ ඉදිරි දේශපාලන අරමුණු වෙනුවෙන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවල වැඩකළ තරුණ තරුණියන්ය රැකියා ලබාදීම දේශපාලන අල්ලසක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාවට එරෙහිව සමාජවාදී තරුණ සංගමය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් එම තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.
    ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපේ ප්‍රධාන කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිණි. මෙම මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික බන්දුල පුෂ්පකුමාර මහතාද සහභාගී වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එරංග ගුණසේකර මහතා...
    "තරුණයින්ට රැකියා දශලක්‍ෂයක් ලබාදෙන්න ආපු යහපාලන ආණ්ඩුව තරුණයින්ට රැකියා ලබාදීම පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා. හැමදාමත් පහුගිය ආණ්ඩු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගත්තා. තරුණ තරුණියන්ට රැකියාවක් ලබාගැනීම ඔවුන්ගේ අනාගතය තීරණය කරන්නක් තමන්ගේ ජීවිතයෙන් කොටසක් තමයි ඔවුන්ගේ රැකියාව කියන්නේ. ඒ නිසාම දේශපාලඥයන් තරුණයින්ට රැකියා ලබාදීම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළා. මේවන විටත් තරුණ තරුණියන් ඇතුලුව ලක්‍ෂ 35කට වැඩි ප‍්‍රමාණයක් අපේ රටේ විරැකියාවෙන් පෙළෙනවා.
    මහින්ද රාජපක්‍ෂ පාලනය සමයෙත් තරුණයින්ට රැකියා ලබාදීම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගත්තා. රාජපක්‍ෂ පාලනය තරුණයින්ගේ අනාගතය ගොඩදාන්න කියලා ආවත් බොහෝ තරුණයින්ගේ හොට බිම ඇන්නුවා. නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ මැදිහත්වීමෙන් නිල් බලකාය හදලා එහි සමාජිකත්වය ලබාගත්ත තරුණ තරුණියන්ට පමණක් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා. එවකට ආණ්ඩුවේ ඇමතිවරුන් පවා තමන්ගේ අමාත්‍යංශයේ රැකියාවක් දෙන්න "නිකම්ම මන්ත‍්‍රී" නාමල් රාජපක්‍ෂගෙන් අවසර ගත යුතු තත්වයක් තිබුණා. වරාය ඇමති රොහිත අබේගුණවර්ධන තමන්ගේ අමාත්‍යංශයේ රැකියා දෙන්න නාමල් රාජපක්ෂගෙන් අවසර ගන්න ලියුම් ලිව්වා. චන්දිම විරක්කොඩි නියෝජ්‍ය කථානයකවරයා තමන්ගේ හිතවතුන් මහාමාර්ග අමාත්‍යංශයේ රැකියා ලබාගන්න නාමල් රාජපක්‍ෂට ලියුම් ලියලා අවසර ඉල්ලුවා. ඒ විතරක් නෙවෙයි තමන්ට හිතවත් ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගන්න කියලා නාමල් රාජපක්‍ෂ එස්.බී. දිසානායකට ලියුම් දුන්නා. උදේ හවස දේශප්‍රේමය මතුරන විමල් වීරවංස තමන්ගේ අමාත්‍යාංශය යටතේ තිබුණු ඉංජිනේරු සංස්ථාවට තමන්ගේ හිතවතුන් හැටකට අධික ප‍්‍රමාණ්‍යක් පත්කරගෙන සංස්ථාවේ වැඩ නොකර සංස්ථාවෙන් පඩි ලබාදුන්නා.
    මේ රටේ තරුණ තරුණියන් ඇතුළු බහුතරයක් සමස්ත ජනතාව පහුගිය පාලනයට එරෙහිව අරගල කළේ මෙවැනි දුෂිත ක‍්‍රියා නිසයි. ඒ පාලනය පරාජය කරලා යහපාලනය වෙනුවෙන් ආපු ආණ්ඩුව තරුණ තරුණියන්ට පොරොන්දු වුණා රැකියා දශලක්‍ෂයක් දෙනවා කියලා. වැස්සේ තෙමි තෙමී යන කොල්ලන්ට කෙල්ලන්ට කාර් දෙනවා කිවුවා. මේ වෙනකල් තරුණ තරුණියන්ට ජොබ් එකක් ලැබිලත් නැහැ. කාර් එකක් ලැබිලත් නැහැ. ඒ වෙනුවට ජොබ් දෙන්න දැන් අලුත් ක‍්‍රමයක් හොයාගෙන තියෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා රැකියා පොළක් දාලා තියෙනවා. ඒ සම්බන්ධව වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තමන්ගේ දේශපාලන කතාවලදී නිතරම කිවුවේ, ගමින් ගමට දොරින් දොරට ගිහින් ගමේ කොල්ලන් කෙල්ලන් ගොඩදාන්න කටයුතු කරනවා කියලයි. අමාත්‍යංශයේ වැඩ බාරගන්නකොට කිව්වේ තමන්ගේ අමාත්‍යාංශය කොලපාට ශාඛා සමිතියක් කරගන්නේ නැතුව, නිල්පාට ශාඛා සමිතියක් කරගන්නේ නැතුව ජනතාවට සේවය කරනවා කියලා. සජිත් ප්‍රේමදාස වචන දහයක් කතා කළොත් වචන පහක්ම තිබෙන්නේ නිර්දේශපාලණීකරනය ගැනයි. නමුත් ඔහුගේ ක‍්‍රියාව හාත්පසින්ම වෙනස් එකක්.
    අපේ රටේ මන්ත‍්‍රීවරුන්ට, ඇමතිවරුන්ට පුද්ගලයින්ට රැකියා ලබාදීමට නීතිමය අවසරයක් නැහැ. රැකියා ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට මන්ත‍්‍රීවරුන් ඇමතිවරුන් නායකත්වය ලබාදිය යුතුයි. නමුත් ඔවුන්ට ඔවුන්ගේ කැමැත්තට අනුව රැකියා ලබාදීමේ හැකියාවක් නැහැ. ඇමතිවරුන් මන්ත‍්‍රීවරුන් ඒ විදියට රැකියා ලබාදෙනවා නම් ඒක දේශපාලන අල්ලසක්. සජිත් ඇමතිවරයාට කවුද බලයක් දුන්නේ උස මදිනම් කම්කරු රැකියාවටත් උස වැඩිනම් සිකුරිටි රැකියාවටත් පුද්ගලයින් නම්කරන්න. ඔහුගේ තර්කයට අනුව මොළේ අඩු අයට දෙන්නේ ඇමතිකමද?
    මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල කොතනකවත් කිවුවේ නැහැ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට උදව්කරන අයට, පොලින් බූත්වල ඉන්න අයට රැකියා ලබාදෙනවා කියලා. නමුත් සජිත් ප්‍රේමදාස කියනවා තමන්ට රැකියා දෙන්නේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට උදවු කරපු අයට පොලිම්බූත්වල හිටපු අයට කියලා. නාමල් රාජපක්‍ෂලා සජිත් ප්‍රේමදාසලා අතර තිබෙන වෙනස කුමක්ද? ඒ වගේම සජිත් ප්‍රේමදාස කරන තවත් බරපතල ප‍්‍රකාශයක් තිබෙනවා. ඔහු කියනවා "මගේ අමාත්‍යාංශයට පුරවන්නේ මට වැඩ කරපු අය. අනෙක් අයගේ අමාත්‍යංශවලට ඒ අය පුරවා ගන්නවා" කියලා. මේ දවස්වල මුදල් අමාත්‍යංශය දැන්වීම් පළකරනවා සාමාන්‍ය ජනතාවට රටේ සංවර්ධනය වෙනුවෙන් බදු ගෙවන්න කියලා. ඒ විදිහට සාමාන්‍ය ජනතාවගෙන් අයකරගන්න බදු මුදල්වලින් දේශපාලඥයින්ට මේ විදිහට රැකියා දෙන්න අයිතියක් තිබෙනවාද? හැම ආණ්ඩුවක්ම මේ දේවල් කළා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාව ඒ සඳහා ප‍්‍රබල සාක්‍ෂියක් වෙලා තියෙනවා.
    පහුගිය කාලයේ ලංකාපුත‍්‍ර බැංකුව ගැන විශාල සංවාදයක් මතුවුණා දේශපාලඥයින්ගේ හිතවතුන්ට ණය දීලා බැංකුව බංකොළොත් වුණා කියලා. අද සජිත් ප්‍රේමදාස බැංකුවලට ලියුම් දෙනවා තමන්ගේ හිතවතුන්ට සහන පොලියට ලක්‍ෂ ගණනින් ණය ලබාදෙන්න කියලා. මේ ආණ්ඩුවේ ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකයින්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් පත්කරගත්තා. ඔහු පාර්ලිමේන්තුවේදී පිළිගත්තා එක්සත් ජාතික පක්‍ෂ්යෙන් ඡන්දයට වැඩකරපු අයට රැකියා දෙනවා තමයි කියලා. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න යටතේ තියෙන ආයුර්වේද සංස්ථාවට බදවා ගැනීමේ පටිපාටියෙන් තොරව සේවකයින් බදවාගෙන තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් පවා නොමැතිව තිබියදී පුරප්පාඩු නොතිබියදීත් බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් දේශපාලන බලපෑම් මත බදවාගෙන තිබෙනවා.
    සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇතුලු මේ ආණ්ඩුවේ අනෙකුත් ඇමතිවරු තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පුද්ගලයින්ට රැකියා ලබාදීම අපි තරයේ හෙළාදකිනවා. සමාජවාදී තරුණ සංගමය ලෙස අපි මේ ආණ්ඩුවට බලකරන්නේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේදී සුදුස්සන්ට රැකියා ලබාදෙන්න කියලා. එහෙත් අගමැතිවරයා ලක්‍ෂ දහයක් රැකියා ලබාදෙනවා කියලා පොරොන්දුවෙලා රැකියා දශලක්‍ෂයේ ව්‍යාපෘථියේ ප‍්‍රධානියා ලෙස පත් කළේ මහ බැංකුවේ බැදුම්කර වංචාවෙන් දුෂිතයෙක් වුණු අර්ජුණ මහේන්ද්‍ර හිටපු මහ බැංකු අධිපතිවරයායි.
    සජිත් ඇමතිවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳවත් අනෙකුත් අමාත්‍යංශවලත් රැකියා ලබාදීම පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව අපි අගමැතිවරයාට අවධාරණය කරනවා. රටේ අනෙකුත් ආයතන ගැන ඉතාම සංවේදීව කතාකරන ජනාධිපතිවරයා සජිත් ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් කිසිදු කලබලයක් නොමැති වීම අපිට ගැටලුවක්. තමන්ගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරයෙක් දේශපාලන වුවමනා වෙනුවෙන් රැකියා ලබාදීම ගැන හොඳ සාක්‍ෂියක් තිබෙනවා. ජනාධිපතිවරයා මේ ගැන සංවේදී නැත්තේ ඇයි. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම දේශපාලන අල්ලස්දීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා.
    ඒවගේම අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලනවා මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ක‍්‍රියා පිළිබඳව අවධානයෙන් ඉන්න කියලා. රටේ ඇමතිවරු මාලු වෙළෙන්දන් වගේ රැකියා විකුණනවා. අපේ රටේ උපාධිධාරීන්ගේ තත්වය මොකක්ද? ඇමතිවරුන්ගේ මෙම ක‍්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුයි. ඒ වගේම රටේ වගකිව යුත්තන් මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි. අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කරන්න කියලා."
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp nugathek rep kapala kunuharupa dala:Prep japapu eka athma 1000 k usa yanne anura kumarage usata . Lapa enawa aga purama . Nama kumara . Lapa kumara kiyala prasidda wenawa athma 1000 ma . Badinna set wenne achchila naddala punchi ammala wage mahatha ganu:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Jvp nugathek rep kapala kunuharupa dala:Prep japapu eka athma 1000 k usa yanne anura kumarage usata . Lapa enawa aga purama . Nama kumara . Lapa kumara kiyala prasidda wenawa athma 1000 ma . Badinna set wenne achchila naddala punchi ammala wage mahatha ganu:P

    :)