[FONT="]1988-1989 කැරැල්ල ඔවුන් ක්‍රියාත්මක කලේ රජයේ තනතුරු දරන්නන් තුවක්කුවේ බලයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම වැනි ක්‍රම වේදයක් හරහාය. ගමේ ග්‍රාමසේවක, විවාහ රෙජිස්ට්‍රාර් වරුන්ට මරණ
විජය කුමාරණතුංග
තර්ජනය කර ඉල්ලා අස්වීමට කටයුතු කිරීම කෙලවර වූයේ තවමත් යුද්ධයක් පවතින රටක හමුදා නිලධාරීන්ට අස්වීම හෝ මරණය තෝරාගන්නා ලෙස බල කිරීමකිනි. ඉල්ලා අස්වීම නොකල නිසා හෝ ඔවුන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙම කාල සීමාවේදී ඔවුන්
කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ
විසින් මරාදමන ලද අය අතර විජය කුමාරණතුංග, තේමිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ වැනි අයද දහස් ගණනින් වූ අනික් අයද විය. ජ.වි.පෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ 1988-1989 දී මිනිසුන් 6,000 ක් මරා දමන ලද බවට
පිළිගෙන තිබේ. ඔහු පිළිගන්නා ලද ප්‍රමාණයට වඩා පිරිසක් ඔවුන් ඝාතනය කල බව මගේ හැඟීමයි. එහෙත් 1988 සිට 1989 නොවෙම්බර් දක්වා කාලය තුල ඝාතන 6,000 ක් යනු අඩුම වශයෙන් මාසයකට ඝාතන 200 කට වැඩිය. [/FONT]
[FONT="]
[/FONT] [FONT="]ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය අල්ලා ගත නොහැකිවුණු ජ.වි.පය රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ කලේ මැතිවරණ වලට ඉදිරිපත්වන්නන්, ඡන්ද නිලධාරීන්, ඡන්දය පාවිච්චි කරන අය ආදීන් ඝාතනය කරමින් වීම සරදමකි. අද දේශපාලනයේ දක්නට ලැබෙන මදාවියන් හා චන්ඩීන් දේශපාලනය පැමිණීමද ජේ. වී.පිය එම කාලයේ සිදුකල දේශපාලකයන් ඝාතනය කිරීමේ ඍජු ප්‍රතිඵලයකි. මෙම කාලයට කලින් වැඩිපුර දේශපාලකයින් බිහිවූයේ උගත් පවුල් වලිනි. මැතිවරණයකට ඉදිරිපත්වීම මරණයට කාරණයක් ලෙස සැලකූ සහ එවන් කිහිප දෙනෙකු ඝාතනය කළ ජ.වි.පෙ නිසා මැතිවරණ වලට ඉදිරිපත් වීමට පරාර්ථකාමී අරමුණු ඇතිව දේශපාලනය කල හෝ පිවිසෙන බොහෝ දෙනෙක් අදිමදි කලහ. මෙම භීශණයට මුහුණ දීමට හැකි සහ ඒ සඳහා ඉදිරිපත් වන්නන් මැතිවරණ වලට ඉදිරිපත් කිරීම හැර වෙන විකල්පයක් දේශපාලන පක්ෂ වලට නොවීය. අදටත් දක්නට ඇති මන්ත්‍රීන්ට සහ ඇමතීන්ට ආරක්ෂකයන්, එම ආරක්ෂකයින්ට වාහන, පඩි නඩි ආදිය අවශ්‍යවීමත් සිදුවූයේ මොවුන් එම කාලයේ කල දේශපාලකයින් ඝාතනය නිසාය.[/FONT]
[FONT="]
[/FONT] [FONT="]දරුණු භීශණය හමුවේ මැතිවරණ සංවිධාන කටයුතු වලින් අයින් වන පිරිස නිසා එක්තරා ප්‍රදේශයක සංවිධාන කටයුතු වලට සහය දීමට මටද සිදුවිය. එම කාලයේ අත් දුටු දේවලින් කරුණු දෙකක් පමණක් මෙහි සඳහන් කරමි. ජේ.ආර් ජයවර්ධන මහතාගේ රියැදුරකු වශයෙන් සිට විශ්‍රාම ගිය අයකු ප්‍රචාරක කටයුතු සඳහා වූ වාහනයක් පැදවීමෙන් අපට සහය වුණි. දින දෙකකින් පසු මම ඔහු දුටුවේ ඔහුගේ ගෙයි මැද සාලයේ වෙඩි තබා මරාදමා ඇති අයුරුයි. ඉතාමත් කරුණාවන්ත අහිංසකයෙකු වූ ඔහුගේ දේහය දැකීම මා සසල කරවීය. ඔහුගේ අතුනු බහල් මුලු සාලය පුරා විසිරී තිබුණේ එම පුද්ගලයා ඝාතනය කිරීමට විශාල උණ්ඩ සංඛ්‍යාවක් ඔහු වෙත එල්ල කර තිබීම නිසාය. මෙලෙස ම්ලේඡ ලෙස ඝාතනය කිරීමේ අදහස ඔවුන්ගේ එම ම්ලේඡත්වය ගැන අන් අය වෙත දැන්වීමට සහ එමඟින් අන් අය දේශපාලනය කිරීමෙන් අයින් කිරීමයි. දෙවෙනි උදාහරණය නම් තම රැකියාවලින් ඉවත්වී සංවිධාන කටයුතු වලට සහය දුන් කලා හැකියාවන් වලින් පරිපූර්ණ තරුණයන් පස් දෙනෙක් ගැනයි. ජනාධිපතිවරයා පැමිණෙන නගරයේ පැවැත්වීමට නියමිතවූ රැස්වීමකට තොරණක් ඉදිකරමින් තිබෙන තැනකදී රාත්‍රී 10 ට පමණ අවසන් වරට ඔවුන් සමඟ කථා කොට කොලඹ බලා පිටත්වුණ මට ඊට පැයකට පසු ආපසු යාමට සිදුවූයේ ඔවුන් පස් දෙනාම දණගස්වා නලලට වෙඩි තබා මරා දමා තිබූ අකාරය දැක ගැනීමටයි. මරණ දඬුවම ලැබීමට ඔවුන් කල එකම වරද තම කලා හැකියාවෙන් ඔවුන් විශ්වාශ කරන පක්ශයකට සහය දැක්වීමට වෙහෙස වීම පමණි. [/FONT]
[FONT="]
[/FONT] [FONT="]ඔවුන් පාවිච්චි කල රට අඩපණ කිරීමේ තවත් ක්‍රමයක් වූයේ සතියකට දවස් කීපයක් හර්තාල් දින ලෙස නම් කිරීමයි. ඒ දිනවල කඩ සාපු සහ කර්මාන්තශාලා වසා දැමිය යුතුය. බස් ධාවනය කිරීම තහනම් විය. හර්තාල් නිසා නිෂ්පාදන කටයුතු කරගත නොහැකිවූ කුඩා, මධ්‍යම සහ විශාල කර්මාන්තශාල වසා දැමිණ. එයින් රැකියා නැතිවූයේ එදිනෙදා ජීවත් වූ සාමාන්‍ය මහජනයාටය. පාසැල් දරුවන් පාරට බස්සමින්, විදුහල්පතිවරුන් මරමින් කොටි සංවිධානයවත් නොකල ලෙස අධ්‍යාපනය කඩාකප්පල් [/FONT][FONT="]කලේය. [/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මීට උතුරු නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශවල ලංගම බස් රථ දහස් ගණනක් ගිණි තබා විනාශ කරමින්, රජයේ ආයතන, බැංකු ගිණි තබමින්, විදුලි ට්‍රාන්ස්ෆෝමර් වල සිසිල් කරන තෙල් රහසේ මුදාහැර දහස් ගණන් ට්‍රාන්ස්ෆෝමර් පිපිරීමට සැලැස්වීමෙන් කල සම්පත් හාණිය අතිවිශාලය. මොවුන්ගේ ක්‍රියා නිසා බොහෝ ප්‍රදේශ වල සති ගණන විදුලිය නොතිබුණ අතර රැකියාවට යන්නවුන් හැතැප්ම ගණන් පයින් යනු දැකීම සුලභ දර්ශනයක් විය. [/FONT][FONT="]රටින් පිටවිය හැකි බොහෝ දෙනෙක් තමන්ගේ වත්කම් කුණුකොල්ලයට විකුණා දමා රටින් පිටවූහ.[/FONT][FONT="] [/FONT]
[FONT="]
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]ජනරාල් රන්ජන් විජේරත්න මහතා[/FONT]
[FONT="]මේ අවස්ථාවට මාස ගණනක් මුහුණ දුන් රජයට කල හැකිව තිබුණේ කුමක්ද? රට තවදුරටත් ඉදිරියට ගෙනයාමට නොහැකි රටේ ජනයාගේ එදිනෙදා ජීවිත ගෙවීමට තර්ජනයක් වන මෙම පිළිලය අයින් කිරීමද? එසේත් නැත්නම් නවගුණ වැල ගණිමින් හමුදා නීති රීති පිලිපදිමින් රට විනාශ වී යන්නට ඉඩ දීමද? මෙහිදී සිදුවූයේ මෙම පිළිලය ඉවත් කිරීමේ වගකීම නියොජ්‍ය ආරක්ෂක ඇමති ජනරාල් රන්ජන් විජේරත්න මහතා තම කර මතට ගැනීමයි. නිව්යෝක් හී ලෝක වෙලඳ මධ්‍යස්ථාන පුපුරවා හැරීමෙන් පසු මානව හිමිකම් ගැන දේශණා කල ඇමෙරිකා එක්සත් ජනපදයත් පාවිච්චිය ගත් තොරතුරු සොයා ගැනීමේ ම්ලේඡ ක්‍රම භාවිතා කිරීමට 1989 දී විජේරත්න මහතා ප්‍රමුක ආරක්ශක මණ්ඩලය ක්‍රියා කරන්නට යෙදිනි. ත්‍රස්තවාදීන් වූ ජවිපෙ සාමාජිකයින් යුධ හමුදා නිලධාරීන් මෙන් නිල ඇඳුම නොඅඳින බැවින් ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වී සිටියදී අත්ඩංගුවට ගතහොත් හැර එවන් ක්‍රියාවක් කර හානියක් කිරීමට පෙර ඔවුන් හඳුනා ගැනීමට හැකිවන ක්‍රම තොරතුරු තාක්ෂණය එවන් අවදියක නොතිබිණි. අල්ලා ගත් කැරලි කරුවන් ගෝනිබිල්ලන් ලෙස යොදාගනිමින් අනික් කැරලි කරුවන් අල්ලා ගැනීම, අනිකුත් කැරලි කරුවන්ගේ විස්තර ලබා ගැනීමට ශාරීරික වද හිංසා කිරීම, දන්නා කැරලි කරුවන් ගැන තොරතුරු දෙන මෙන් මන්ත්‍රී වරුන්ට දැන්වීම ආදි සහමුලින්ම නිත්‍යානුකූල නොවුණත් වැඩි දෙනාගේ යහපතට යම් මට්ටමකට හෝ සාධාරණීකරණය කල හැකි ක්‍රම භාවිතයට ගැණිනි. [/FONT]
[FONT="]
[/FONT] [FONT="]මෙම කාලයේ තවත් හාස්‍ය ජනක දේවල් කිහිපයක් සිදුවිය. 1989 දී මනව හිමිකම් කඩ කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් , වාසුදේව නා[/FONT][FONT="]නා[/FONT][FONT="]යක්කාර මහතාත්ය. ඉන්දියන් හමුදා ඉවත්ව ගිය දිනෙක යුද්ධ කිරීමට හමුදා වලට ආයුධ සහ ජාත්‍යන්තර සහය ගැනීමට මෙම චෝදනා බලපාන බව අ[/FONT][FONT="]ව[/FONT][FONT="]ස්ථාවාදියෙකු ඔහුට ප්‍රශ්ණයක් නොවීය. ජ.වි.පෙ මර්ධනය ගැන කණගාටුවෙන් පසුවන අයගෙන් ලකුණු දමාගැනීමට ක්‍රියා කරමින් සිටි රාජපක්ෂ මහතා පාර්ලිමේතුවේදී රන්ජන් විජේරත්න මහතාට විරුද්ධව කථා කරන විට නැගී සිටි විජේරත්න මහතා පැවසුවේ කැරලි කරුවන්ගේ ලැයිස්තු ලබා දුන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී නම් කිරීමට තමන් සූදානම් බවයි. එලෙස නම් ලබා දුන් අයෙක් වූ රාජපක්[/FONT][FONT="]ෂ[/FONT][FONT="] මහතා වැඩේ ගැස්සෙන බව තේරී වහා වාඩි විය. පසු කාලයකදී නීතීඥ විජෙදාස ලියනආරච්චි හමුදා වලට අල්ලා දුන් එවකට මන්ත්‍රී වරයා කවුදැයි බොහෝ දෙනෙකු දැනගති. [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේජර් ජනරාල් [/FONT][FONT="]ජානක පෙරේරා[/FONT]
[FONT="]මෙම ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ තීරණාත්මක සිද්ධිය වූයේ එල්.ටී.ටී.ය විසින් පසුව මරාදැමූ අතිදක්ෂ හමුදා නිලධාරීන් දෙදෙනෙකු වූ
මේජර් ජනරාල් ජානක පෙරේරා[/FONT][FONT="] මහතා සහ
මේජර් ජනරාල් ලකී අල්ගම [/FONT][FONT="]මහතා විසින් උලපනේ ප්‍රදේශයේ අත්තනායක යන නමකින් සුඛෝපභෝගී දිවියක් ගෙවමින් සිටි රෝහණ විජේවීරව අත්ඩංගුවට ගැනීමයි. විජේවීර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සිතා ප්‍රධාන පෙලේ නායකයින් සියළු දෙනාම සිටිනා තැන් හමුදාවටට හෙළිකරන ලදී. එම තොරතුරු මත සෝමවංශ අමරසිංහ හැර අන් සියලු දෙනාම අත්ඩංගුවට ගෙන ඝාතනය කර දැමීමෙන් ලංකා ඉතිහාසයේ රට දණගැස්වූ අඳුරුම කාල පරිච්චෙදයක් නිමාවිය. [/FONT]
[FONT="]
[FONT="]මේජර් ජනරාල් [/FONT]ලකී අල්ගම
ජනරාල් රන්ජන් විජේරත්න උතුරේ ත්‍රස්තවාදය එලෙසම අවසන් කිරීමට සැලසුම් කරනවාත් සමඟම එල්.ටී.ටීය ඔහුව තුන්මුල්ලේදී ඝාතනය කරන ලදී. එලෙසම [/FONT][FONT="]මේජර් ජනරාල් [/FONT][FONT="]ජානක පෙරේරා සහ [/FONT][FONT="]මේජර් ජනරාල් [/FONT][FONT="]ලකී අල්ගම යන අය එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය පිවිසි පසු ඔවුන්ගේ දක්ෂතාවය සහ කැපවීම ගැන හොඳින් දත් එල්.ටී.ටිය ඔවුන් දෙදෙනාද පසුව ඝාතනය කරන ලදී. රට විනාශ මුඛයට ගෙන යමින් සිටි එක් ත්‍රස්තවාදයක් අවසන් කල මේ ලක් පුතුන් අනෙක් ත්‍රස්තවාදයත් එලෙසම අවසන් කිරීමට නොහැකි වන ලෙස ඔවුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූහ.[/FONT]
[FONT="]
[/FONT] [FONT="]උතුරේ යුද්ධය අවසන් කිරීමට හැකියාවත් උවමනාවත් මෙම අයට තිබිණි. එහෙත් දකුණේ ත්‍රස්තවාදයක් ඇති කර යුධ හමුදාව සහ එහි සම්පත් විහිදුවීමට (stretch) ක්‍රියා කල [/FONT][FONT="]ජ.වි.පය[/FONT][FONT="] සහ ඔවුන්ගේ මර්ධනය සහ සුදු නෙළුම් විකුණමින් බලයට පැමිණ අදක්ශයන් යොදවා යුද්ධය අනාථ කලවුන් නොවන්නට උතුරේ යුද්ධය අවසන් වන්නේ මීට කලිනි. එසේම යටින් ඔත්තු දෙමින් උඩින් මානව හිමිකම් කථා කල තවත් [/FONT]එවැනිම ම්ලේඡ [FONT="]ත්‍රස්තවාදීන් කොටසකට පඬුරු දී බලයට පැමිණ රටතුල, ඉන්දියාව සහ ලෝකයේ ඇතිවූ ත්‍රස්ත විරෝධී තත්ත්ව නිසා සහ හමුදා දක්ශතාව නිසා අවසන් වූ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය අහම්බෙන් ලැබී එය විකුණමින් රට උලා කෑ වුන් බිහිවීමට ඉඩ නොතිබිණි.[/FONT]
[FONT="]
[/FONT] [FONT="]රජය රටේ යහපතට ගෙනගිය ත්‍රස්තවාදී මර්ධනය ආර්ත්මාර්ථකාමී අරමුණු මුදුන් පත්කරගැනීමට පාවිච්චි කල අයද සිටියහ. පාසැලක විදුහල්පතිවරයෙකු සහ හමුදා අණු ඛ්ණ්[/FONT][FONT="]ඩයක සමාජිකයින් කිහිප දෙනෙකු එකතුවී කල
සූරියකන්දේ පාසැල් ශිශ්‍යයන් 31 දෙනා ඝාතනය එවැන්නකි. එයට රජයේ කිසිම සම්භන්ධයක් නොතිබුණි. 1994 දී එජාප විරෝධී රජයක් බිහි කිරීමට මෙම සූරියකන්දේ ඇටකටු බොහෝ ලෙස උපකාරී විය. එවකට පැවති එ.ජා.ප රජය පැරදීමට හේතුවූයේ කැරැල්ල මර්ධනය ගැන කඳුලු සලමින්, මව් සංගමයක් ඇතිකිරීම, ඇටකටු ගොඩ ගැණීම් වැනි බයිස්කෝප් රඟ දක්වා මහජනයා මුලා කිරීමට ශ්‍රි.ල.නි.ප ඇතුළු සංධාන වලට හැකි වුණේද නොකරම බැරි අවස්ථාවක රටේ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් එජාප රජය කල 1989 කැරැල්ල මර්ධනයයි. සාධාරණ ඡන්දයක් ලෙස පිළිගන්නා 1994 මහමැතිවරණය සංධානය ජයග්‍රහණය කළේ එක ආසනයකින් පමණක් [/FONT][FONT="]වීමත්[/FONT][FONT="] [/FONT][FONT="]එම මැතිවරනයේදී ජ.වි.පෙ ලබා ගතහැකිවූයේ එක් ආසනයක් පමණක් වීමත් රටේ පොදු යහපත සඳහා 1989 කැරැල්ල මැඩ පැවැත්වීම කැරැල්ලෙන් බැටකෑ පොදු මහජනයා අනුමත කල කාරණයක් බවට සුළු සාධකයකි.[/FONT]
[FONT="]
[/FONT] [FONT="] 1989 ජවිපෙ කැරැල්ල මර්ධනය ගැන කඳුළු සලන්නවුන් අද [/FONT][FONT="]පෙන්වන්නට උත්සාහ කරන්නේ මේ කැරලිකරුවන් රටට කිසිම හාණියක් නොකර බුරුතු පිටින් මහජනයා නොමරමින් දේපල විනාශ නොකරමින් සාමකාමීව තිබූ විටක රජය නිකරුණේ ඝාතන සිදුකල බව පෙන්වන චිත්‍රයකි. [/FONT][FONT="]ත්‍රස්තවාදී යුද්ධයකදී සිදුවන අහිංසකයන් මියයාම
( Collateral damage ) සැමවිටම සිදුවේ. ජනරාල් රන්ජන් විජෙරත්න ප්‍රමුඛ ආරක්ෂක අංශ 1988-1989 දී දකුණු ලංකාව දණගැස්වූ එම ම්ලේඡ ත්‍රස්තවාදය අවසන් නොකරන්නට 1975-79 දී
කාම්බෝජයේ පොල්පොට් පාලනය සමයේ සිදුවූවාක් මෙන් සාමාන්‍ය මිනිසුන් දස දහස් ගණනින් ඝාතනය වන පාලනයක් ඇතිවී, උතුරේ යුද්ධයට අමතරව රට සුණු විසුණු වී යාමට ඉඩ තිබිණි.[/FONT]
[FONT="]
[/FONT] [FONT="]ජ.වි.පෙ සාමාජිකයන්ගේ නොමඟ යාම නිසා වූ ඔවුන්ගේ මරණ, හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ මරණ, කලා කරුවන් සහ සංඝයාගේ මරණ සහ ජ.වි.පෙ සහ හමුදා අතින් ඝාතනය වූ අහිංසකයන්ගේ මරණ යන සියළුම මියගිය අය ගැන අපි දුක් විය යුතුය. එවන් ජන ඝාතන අවස්ථාවන් දෙකක්ම නිර්මාණය කල රෝහණ විජේවීර වැන්නවුන් හේතු කුමක් වුවත් නැවතත් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය. තවමත් මල මිණී විකුණමින් හොරුන්ට යළිත් පාර කපන්නට උත්සාහ කරන්න[/FONT][FONT="]න්[/FONT][FONT="]ද හෙලා දැකිය යුතුය.[/FONT]
[FONT="]
[/FONT] [FONT="](
වියාචනය: මෙය කිසිසේත්ම අද පවතින දූෂණ විරෝධී එමෙන්ම පඬුරු පාක්කුඩම් ලබාගෙන රජයයන්ට සම්බන්ධ නොවූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා ජනතා විමුක්ති පෙරමුණ ගැණ විවේචනයක් නොවේ. )[/FONT]