මෙය ජයග්‍රහණයක් පමණයි-සටන දිනා ගත යුතුයි
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළේය.
වික්‍රමසිංහ මහතා එහිදි කියා සිටියේ හෙට(14) දිනයේදි පාර්ලිමේන්තුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
අද දිනයේ දී ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් හිමිවු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ලබා දීම තුළින් දේශපාලන සීලාචාරත්වය පියවරක් ඉදිරියට ගිය බව ද සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ දී ගත් තීන්දුව අගය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක අධිකරණය විසින් රටේ ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යෑමට නොහැකි බව පෙන්වා දී තිබේ.
ඉදිරියේ දී මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව අධිකරණය තුළ හිමි වී ඇති බවත් එය ඉදිරිපත් කර මේ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
කථානායකවරයාට ද පාර්ලිමේන්තුවේ බලය හා ගෞරවය රැකීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.
මෙය ජයග්‍රහණයක් පමණක් වන බවත් කෙසේ හෝ සටන දිනා ගත යුතු බව ද කියා සිටි රනිල් වික්‍රමසිංහ මහතා, එය පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය තුළින් පෙන්වන බව ද පැවසීය.
හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ කථානායකවරයා නොව බවත්, ජනාධිපතිවරයාගේ නියෝග මත හෙට දිනයේ දී පාර්මේන්තුව රැස්වන බවත් එහිදී අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය.
මේ දවස්වල බයියොන්ට රෙද්දේ රෙවිලා ඉන්නේ. වචනයක් කියන්න බැහැ අම්බානක් කිපෙනවා. ඊයේ ඔෆිස් එකේදී එක බයියෙක් මගෙත් එක්ක ගේම ඉල්ලුවා.