1. බබල්ස් සහ බෙලා.
බබල්ස් කියන්නේ 1983 ඉදන් සෆාරි එකක ජීවත් වුන අලියෙක්. බෙලා කියන්නේ 2007දී සෆාරි එකේ වැඩකරන්න ආපු කෙනෙක් දාලා ගිය බල්ලෙක්. මේ දෙන්නම ගොඩක් කැමති දෙයක් තමා වතුරේ සෙල්ලම් කරන එක. මේ දෙන්නටම වතුරට තියන ආසාව නිසා බබල්ස් සහ බෙලා වෙන් කරන්න බැරි යාලුවෝ වෙලා.
2. තෙල්මා සහ ඇල්බර්ට්.
තෙල්මගේ අම්මා මැරුණට පස්සේ දකුණු අප්‍රිකාවේ රක්ෂිතයක් එයාව හදාගන්න ගත්තා. එතන එයාට හම්බවුන යාලුවෙක් තමා ඇල්බර්ට් කියන බැටලුවා. මේ දෙන්නා එකිනෙකාව දැක්ක පලවෙනි දවසේ පොඩි අකමැත්තක් දැක්කුවට දැන් වෙන් කරන්න බැරි යාලුවෝ බවට පත් වෙලා.
3. ටෝර්ක් සහ ශ්‍රෙක්.
ටෝර්ක් කියන්නේ බල්ලෙක්. ටෝර්ක්ගේ අයිතිකාරයා ශ්‍රෙක් කියන බකමූණු පැටියව හදාගන්න ගත්තා. ශ්‍රෙක් ගෙදරට ආපු දවසේ ඉදන් එයාව බලාගන්න වගකීම අරගත්තේ ටෝර්ක්. ඒ දෙන්නා එකට ටීවී බලන්නත් ආසයි.
4. පිපින් සහ කේට්.
පිපින් කියන මුව පැටියා තනියම නැතිවෙලා ඉන්නකොට තමා කේට් කියන බල්ලා එයාව හොයාගත්තේ. එයාව තමන්ගෙම පැටියෙක් වගේ බලාගන්න පටන්ගත්ත කේට් අන්තිමට එයාගේ ගෙදරට පිපින්ව ගෙනිච්චා.
5. සූරියා සහ රොස්කෝ.
රොස්කෝ කියන මේ බල්ලට සූරියා කියන මේ ඔරං ඔටංව හම්බවුනේ දකුණු කැරොලීනාවල සත්ව රක්ෂිතයක. මේ දෙන්නා හොදම යාලුවෝ හැටියට ලෝක ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහන් විශාල ප්‍රමාණයක්ට සහභාගී වෙල තියනවා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න




