හිරේ ඉන්න අපරාධකාරයොන්ට වගේ ප්ලේන්ටියයි,බනිස් ගෙඩියයි නෙවේ අලින්ට ලැබෙන්නේ.උන්ට හොඳට කන්න බොන්න ලැබෙනවා.ඕකෙ තව ප්රශ්ණ තියෙනවා.ඒවටත් උත්තර දෙන්න.මෙතන මේ අලියෙක් ගේ මගුලක් කතා කරනවා,තමුසෙට සිරාවටම පිස්සුද ඕයි?හිරකාරයොයි අලියොයි සමාන කරන්නේ? මොනවද මේ කියවන විකාර?මේ වෙලාවෙත් ලංකාවේ කොහෙහරි තැනක ගවයෙක්,කුකුලෙක් මසට මරන්න ඇති.ගිහින් ඒවා නවත්තනවකෝ.සත්ත්ව හිංසනේ වලක්වන්න කරන්න පුළුවන් දේ එහෙමම තියෙද්දි මේ අලියෙක්ගේ නැට්ටක් අල්ලගෙන දඟලනවා,නැත්නම් අර පාරේ ඉබාගතේ කන්න නැතුව ඇවිදින බල්ලෝ ටිකක් එකතු කරලා උන්ට සත්කාර කරනවකෝ ඕයි.අලියා පෙරහැරේ ගිහින් දුක් වින්ද කියමුකෝ,ඒකෙන් ඌ කොයි තරම් පින් රැස් කරගන්නවද.ඒ පිනම ඇතිනේ ඌට ඊලඟ ආත්මේ තිරිසනෙක් නොවි ඉපදෙන්න,නිවන් දකින්න.ඔබ බෞද්ධයෙක්නම් මේ පිළිබඳත් සිහියෙන් සිතන්න.ජීවත් වෙනවා කියන එක් දුකක්,ඒක අලියට විතරක් නෙවේ හැමෝටම පොදුයි.ඒ සතාට තමන්ගේ සසර කෙටි කරගන්න ඒ දීලා තියෙන අවස්ථාව වටිනවා නේද?