සත්ව බිලි පූජා බෑ!

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    සත්ව බිලි පූජා බෑ!

    මින් ඉදිරියට ආගමික ස්ථානවල සත්ව බිලි පූජා බෑ! :yes:


    ආගමික ස්ථානවල සත්ත්ව බිලි පුජා පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ.

    ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    සිසිර ද ආබෲ, දිපාලි විජේසුන්දර සහ සුනිල් රාජපක්ෂ යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.

    හලාවත, මුන්ණේෂ්වරම් කෝවිලේ වාර්ෂික බිලිපූජාව වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

    පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල පැවසුවේ සතුන් මරා බිලි පුජා කිරීම, සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට විරුද්ධ බවයි.

    ඒ අනුව කිසිදු ආගමික ස්ථානයක මින් ඉදිරියට සතුන් බිලි පූජා සඳහා යොදා ගැනීම තහනම් වනු ඇත.

    හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පූජාවට එරෙහිව ආගමික සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය කාලයේදී විරෝධතා දැක්වීය.

    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙවසරේදීම එම‍ කෝවිලේ බිලි පූජා පැවැත්වීමට අවකාශ නොලැබිණ.

    එසේම විශාල වශයෙන් සත්ව ඝාතනයක් සිදුවීම බෞද්ධ රටකට කිසිසේත් යෝග්‍ය නොවන බවටද ආගමික සංවිධාන පෙන්වාදී තිබුණි.

    මෙවන් වාතාවරණයක් යටතේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂික සත්ව බිලි පූජාව පැවැත්වීමට පසුගිය දෙවසර තුළදීම ගැටලු මතුවිය.

    මෙවරද එම බිලි පූජාව පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නැවතත් මීට විරුද්ධව කලබලකාරී තත්ත්වයක් මතුවිය හැකි බැවින් බිලි පූජා නොපැවැත්වීමට කෝවිලේ භාරකරුවන් තීරණය කළ බවද වාර්තා විණ.

    කෙසේ හෝ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් මතුවූ මෙම අර්බුදකාරී ගැටලුවට අභියාචනාධිකරණය අද නිශ්චිත විසඳුමක් දී තිබේ.

    එනම් හලාවත මුන්නේෂ්වරම් පමණක් නොව දිවයිනේ කොතැනක වුවද පිහිටි ආගමික ස්ථානයක සත්ව බිලි පූජා නොකළ යුතු බවටය.

    ඒ අනුව අද සිට මින් ඉදිරියට ආගමික ස්ථානවල සත්ව බිලි පූජාවට ‍නීතියෙන් ඉඩක් නොමැත.


    අද සිට මින් ඉදිරියට ආගමික ස්ථානවල සත්ව බිලි පූජාවට ‍නීතියෙන් ඉඩක් නොමැත :yes::yes:

    Source: Derana
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar358740_2.gif

    avatar42973_1.gif


    elamakiri............