ඔක්කොමට ඉස්සල්ල කියන්න ඕනේ මම බොන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉඳල හිටලා බියර් බොනව. නැත්නම් උඹල හිතයි මම මේ හිත සනසගන්න කියනවා කියල.
අපි අහල තියන විදියට නම් බොන එක නරක පුරුද්දක් මිසක් පවක් නෙමෙයි. අපිට කියල දීල තියෙන්නේ "චේතනාව කර්මයට මුලයි" කියල. ඉතින් බිව්වා කියල වෙන පවක් හෝ පිනක් නැහැ. ඔන්න බිලා මිනිහෙක් මැරුවොත් නම් අන්න එක පවක්.![]()
මේක කාගෙහරි ලොකු බොරුවක් මට දුක මේ වගේ වැඩ වලින් අපේ බුදු ධර්මයට වෙන හානිය ගැනයි.![]()
මේ අපාය සහ යම පල්ලන් ගැන කියනවා නම් . ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සාහිතයේ සඳහන් වෙන්නේ පොලව පලාගෙන අපායට ගියා කියල . ඒ කියන්නේ අපාය තියෙන්නේ පොලොව යට වෙන්න ඕනනේ. එතකොට පොලොව යට තියෙන්නේ ලාවා ගෝලයක්. ඒ ක අපායේ කියන ලෝදිය එක්ක හොඳට ගැලපෙනවා.
මේ ගැන මගේ පෞද්ගලික විශ්වාසය නම් අපාය යනුවෙන් හඳුන්වන්නේ පොලොව යට පිහිටි මේ ලාවා ගෝලයේ උපත ලබන යම් කිසි ජීවින් කොට්ටාශයක් ගැනයි.
මේ යමපල්ලන් , යම රජුන් ගැන නම් මගේ විශ්වාසයක් නැහැ
කතං නිරයසංවත්තනිකං හොති පෙත්ති විසය සංවත්ති
නිකං හොති,
යො සබ්බලහු සො සුරාමෙරයපානස්‌ස
විපාකො, මනුස්‌සභූතස්‌ස උම්මාදසංවත්තනිකො හොන්තීති
සුරාමේරයෙහි නිතර නිතර යෙදෙන්නා හෙවත් ඊට ඇබ්බැහි වූවෝ (සුරාධුත්ත) සතර අපායේ උත්පත්තිය ලබන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම්කිසි ආකාරයකින් ඔහු සතර අපායේ උප්පත්තිය නොලබා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවහොත් උන්මත්තයකු, බිහිරකු සේ අඩු ලුහුඬුකම් ඇතිව උත්පත්තිය ලබන බවයි මින් අදහස් කරනුයේ.
මටනං ධර්මය ගැන ලොකු අවබෝධයක් නෑ මචං, අනික් පැත්තෙන් ගත්තොත් මම උඹට වඩා බොන එකෙක් එහෙනම්, මම මේක දැම්මෙ මේක හරියි කියන්නවත් මේ මනුස්සයා බීපු නිසාම අපායගාමී වුනා කියන්නවත් නෙමෙයි, එහෙම එකක් කියවිලත් නෑ නෙ මේකෙ.
මේක කියෙවුවට පස්සෙ අමුත්තක් දැනුන නිසා. මම දැම්මා, ඉන් පස්සෙ කරන දේවල් - බොන එක හෝ නොකරන එක ගැන මං මොකුත් නොකියමි...










Mii harak