සතිපට්ඨාන_වැඩීම_හා_ආර්‍යෂ්ඨාංගික_මාර්ගය

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතිපට්ඨාන_වැඩීම_හා_ආර්‍යෂ්ඨාංගික_මාර්ගය

    gDKm0i2.jpg


    සතිපට්ඨානය වඩන කෙනෙක් දින 7 සිට වසර 7 තුල අනිවාර්යෙන්ම රහත්වන බවට බුදුහාමුදුරුවෝ සහතිකයක් දුන්නත් අද කාලයේ රහතුන් හිඟ (හෝ නැත්තේ) ඇයි?

    ස්වාමින්වහන්සේලා කිහිපනමකගේම ධර්ම දේශනා රාශියක් (බෝධිරාජ සූත්‍රය, සබ්බාසව සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, ආනාපානාසති සූත්‍රය... ආදී) ශ්‍රවණය කිරීමෙන් මම පැමිණි නිගමනයන් මෙසේය. වැරදි නම් නිවැරදි කර දෙන්න. සියළුදෙනාගේ අදහස් දැනගන්න කැමතියි

    1) නිවන් යාම සඳහා ක්‍රම කිහිපයක්ම ඇත. ඒ කුමන ක්‍රමය තෝරාගත්තත් ඒ සඳහා ආර්යෂ්ඨාංගික මාර්ගයේ මුල් අංග 5 සම්පූර්ණ විය යුතුමයි. ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ මුල් අංග වැඩීමකින් තොරව කොච්චර භාවනා කළත් නිවන් දැකිය නොහැක. සබ්බාසව සූත්‍රයට අනුව ක්‍රම 7කට කෙලෙස් නැති කිරීම මඟින් නිවන් දැකිය හැක. එහි භාවනාව ඇත්තේද 7 වෙනියටයි. ඊට කලින් කෙලෙස් නැති කරන මුල් ක්‍රම 6 කියන්නේත් ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ මුල් අංග වලින් ලැබෙන ප්‍රථිඵලයමයි නේද?.

    2) සතිපට්ඨාන වැඩිය යුත්තේ මනා හික්මීමක් ඇති කෙනායි. බුදුරජානන්වහන්සේ සතිපට්ඨාන කුරු රටදීම දේශනා කිරීමට හේතුවත් එදා කුරු රටේ ගෙවල් වල ඉන්න තිරිසන් සතුන් පවා ලෝකය තුල හික්මෙන තත්ත්වයක් තිබුණු නිසයි. මනා සංයමයක් කියන්නේ ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ මුල් අවස්ථා 5 වැඩිලා කියන එකයි.

    සබ්බාසව සූත්‍රයට අනුව නම් "අධිවාසනා පහාතබ්බාසවා" කියන්නෙත් ඉවසීමෙන් කෙලෙස් නැති කීරීමයි. ඒ කියන්නේ කෙනෙකුට ඉක්මනින් නිවන් යන්න ඕනේ කියලා සතර සථිපට්ඨානය වඩන්න ගත්තට ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ මුල් අංග සම්පූර්ණ වෙලා නැත්නම් වැඩක් නෑ. මොකද ඔහු තුල හික්මීම, සංයමයක් නොතිබෙන නිසා. ආර්‍යෂ්ඨාංගික මාර්ගයේ මුල් අංග සම්පූර්ණ වීමක් ඕනේ නෑ කියලා කෙනෙක් කියනවා නම් සම්මාදිට්ඨිය නැතුව සථිපට්ඨානය වඩන මුස්ලිම් කෙනායි, කතෝලික කෙනායිත් රහත් වෙන්න ඕනේ නේද?.

    3) බෝධිරාජ සූත්‍රයට අනුව කාමභෝගී ජීවිතයෙන් ඈත් වෙන්නේ නැතුව ගෙදර ඉඳන් කොච්චර භාවනා කළත් නිවන් යන්න බෑ. බෝධිරාජ කුමාරයාට කියනවා වතුරේ දාපු කිරි සහිත කෝටු දෙකක් ඇතිල්ලුවට ගින්දර එන්නේ නෑ, වතුරේ දාපු නැති ඒත් කිරි සහිත කෝටු දෙකක් ඇතිල්ලුවට ගින්දර එන්නෙත් නෑ, ගින්දර ගන්න නම් කෝටුවේ ඇතුලයි පිටයි දෙකම වේලෙන්න ඕනේ. ඒ වගේම තමයි භාවනා කරද්දී ඇතුලයි පිටයි දෙකම නිවෙන්නත් ඕනේ. පිට කියන්නේ කාමභෝගී ජීවිතයෙන් ඈත් වීමයි. ඇතුල කියන්නේ පංචනීවරන. ඒ විදිහට බලද්දී ආනාපානාසති සූත්‍රයේ කියන මුල්ම අවශ්‍යතාවය වන ආරාන්‍යගතවීම, රුක්ඛමූලගතවීම හෝ ශුන්‍යාගාරගතවීම අවශ්‍යමයි. එහෙම නැතුව ගෙදර ඉඳන් කොච්චර ආනාපානාසතිය හෝ සතිපට්ඨානය වැඩුවත් වැඩක් නෑ නේද?


    Reference:
    ආනාපානාසති භාවනාව කරන්න පටන්ගද්දී කරන්න තියන පලවෙනිම දේ හැටියට බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කළේ ආරාණ්‍යගතවීම, රුක්ඛමූල ගතවීම හෝ ශුන්‍යාගාර ගතවීමයි. කාමභෝගී ජීවිතයෙන් අයින් වෙන්නම ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ එහෙම කරන්නම ඕනෙම නිසයි කාටවත් මේකෙන් බැහැර වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්ව නම් එහෙම කරන්නම ඕනේ නිවන කරා යන්න. අපිට ඕනේ විදිහට අර්ථ කථන දෙන්නත් බෑ, අපිට ඕනේ විදිහට ඒක අඩු වැඩි කරන්නත් බෑ. ගෙදර ඉඳන් කරන්නත් බෑ.
    (3:24 ඉඳන් අහන්න).
    https://youtu.be/KFATWZC-UiU?t=204

    බුදුරජානන්වහන්සේ ඒ ඒ මාර්ග, ඒ ඒ සූත්‍ර දේශනා කළේ ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රීය ධර්ම වලට ගැලපෙන්නයි. ලෝකය තුල මනා හික්මීමක්, සංයමයක් ඇති කෙනෙක් තමයි සතිපඨ්ටානය වඩන්න ඕනේ කියන්නේ. ඒ මොකද බුදුරජානවහන්සේ සතිපට්ඨාන සූත්‍රය කුසිනාරාවේදී හෝ සැවැත් නුවරදී දේශනා කළේ නෑ. මගධයෙදී හෝ කසී රටේදීත් දේශනා කලේ නෑ... සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ කුරු රටදී. ඒකට හේතුව එදා කුරු රටේ ගෙවල් වල ඉන්න තිරිසන් සතුන් පවා ලෝකය තුල හික්මෙන තත්ත්වයක් තිබුණු නිසාලු. ගිරවා පවා ගොදුරකට හසුවුන වෙලාවේ අට්ඨේ අට්ඨේ අට්ඨේ කියලා අට්ඨික සංඥාව සිහි කරන්න තිරිසන් සතා පවා පුහුණුව සිටියා. (32:20 ඉඳන් අහන්න)
    https://www.youtube.com/watch?v=4xtmN78useg&t=1940


    උපුටාගැනීම facebook.com
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP