සති දෙකකින් PTE ගොඩ දාමු!!!

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    IELTS කරන්න පටන් ගත්තා පට්ට අමාරුයි නේ
    give a try on PTE

    yeah bro! normally 2-3 hours walin enawa.
    Thanks a lot machan. Since this is a computer-based exam, can we get the answer on the sam
    ------ Post added on Nov 9, 2022 at 3:08 PM

    Thanks comment karapu hamotama :yes:
    ------ Post added on Nov 9, 2022 at 3:09 PM
     
    • Love
    Reactions: charitha2011

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    (1) Read Aloud (RA)

    හරි අපි දැන් එකින් එක ප්‍රශ්න ආකාරය ගොඩ දාන හැටි කතා කරමු. අපිට exam එක පටන් ගත්තු ගමන් එන task එක තමා Read Aloud (RA) කියන්නේ. මේකෙදි වෙන්නේ ඔබට පොඩි වාක්‍ය දෙකතුනක paragraph එකක් තිරය මත දිස් වෙනවා. මේ සඳහා සුදානම් වෙන්න ඔබට තත්පර 35ක් වගේ ලැබෙනවා. ඊට පස්සේ recording එක start වෙනවා. recording එක start උනු ගමන්ම ඔයාලා ඒ වාක්‍යය mic එකට කියන්න ගන්න ඕන. තත්පර 40ක් ලැබෙනවා ඔබට ඒ කොටස කියවලා ඉවර කරන්න.

    උදාහරණයක් විදිහට පහත screen එක බලන්න. ඔන්න ඔය වගේ paragraph එකක් ඔයාට තිරයේ දිස් වෙනවා. ඊට පස්සේ දෙවෙනි රුපයේ විදිහට current status එක "recording" කියල මාරු උණු ගමන් ඔබ කියන්න පටන් ගන්න ඕන.

    1667987258686.png


    1667987474655.png



    මේකෙදි ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්.

    හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.

    1. recording එක පටන් ගන්න කලින් දෙන තත්පර 35දීත් recording එකට කියනවා වගේම ශබ්ද නගලා වාක්‍යය කියවන්න. එතකොට මොකක් හරි තැනක හිර උනොත් ඒ තැන ආයේ ආයේ දෙපාරක් 3පාරක් කියන්න. එතකොට recording එකේදී හිර වෙන්නැතුව කියාගන්න පුළුවන්.

    2. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ.

    3. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, "á" වෙනුවට "the" කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු 90න් 80කට එහා ලේසියෙන් ගන්න පුළුවන්.

    4. අපි දන්නැති වචන ඕනි තරම් තියෙන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. practice කරන වෙලාවේ ඒ වචනේ දෙපාරක් තුන් පාරක් කියවලා ඔයාට හිතෙන විදිහට කියන්න. එහෙම නැත්නම් දන්නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. මතකනේ වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා.
    උදාහරණයක් විදිහට ඔය ඉහත වාක්‍යයේ "comprise" කියන වචනේ හරි pronunciation එක "කොම්ප්‍රයිස්" ද "කම්ප්‍රයිස්" ද "කොම්ප්රිස්" ද එහෙම කමක් නෑ. ඔයාට ඒක කියවෙන්නේ "කොම්පියුස්" කියලනම් එහෙම කියන්න. හැබැයි එතන නවතින්න එපා.

    5. Full stop වලදී නවත්තන්න. අනිත් හැම තැනම එක දිගට කියවගෙන යන්න. කොමාවකදී වචන නතර කරන විදිහක් තියනවා. ගොඩක් සිංහල අයට ඒ තාලෙට කියන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ කොමාවක් ළඟදිත් එක දිගට කියන යන්න.

    6. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 20-25 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න.

    7. එකට කියවෙන්න ඕන වාක්‍ය කාණ්ඩ එකටම කියන්න. උදාරණයක් විදිහට "in every cultivated language" , "there are two great classes of words" වගේ එකටම කියන්න ඕන ඒවා එක දිගට කියන්න. "in ... every ....cultivated ......language" මේ වගේ කඩ කඩ කියන්න එපා.

    8. practice time එකේදී singular වචන මොනාද plural වචන මොනාද past tense වචන මොනාද කියල අඳුනගන්න. කියවද්දී plural ඒවායේ අගට තියෙන "s" එක, past tense වල අගට තියෙන "ed" කෑල්ල එහෙම හොඳට ඇහෙන විදිහට කියන්න.

    9. සන්ධි කරන්න ඕන වචන සන්ධි කරලා කියන්න. උදාහරණයක් විදිහට "there are" කියලා තියෙද්දී "දෙයාර් ආර්" කියනවට වඩා "දෙයාරා" වගේ කියන්න. එතකොට flow එකට ලකුණු ලැබෙනවා වැඩියි.

    10. Annotation කියලා කියන්නේ වචන ඔහේ කියවන්නැතුව බර කරන්න ඕන වචන බර කරලා අනවශ්‍ය වචන සැහැල්ලුවෙන් වගේ කියන එකට. කෙනෙක් ලකුණු 90ම ගන්න try කරනවනම් ඒ ගැනත් පුරුදු වෙන්න. ApeUni එකේ ඔයාලට shadowing කියල method එකක් තියෙනවා. එකේ කෙනෙක් එක කියවන විදිහටම ඔයාටත් කියවල practice කරන්න පුළුවන්.


    ****BONUS TIP*****
    මේක කියවන්න පුරුදු වෙද්දී තමන් කියවන වචනෙට පස්සේ වචනෙට ඇහැ යවන්න පුරුදු වෙන්න. එතකොට ඊලඟ වචනේ කලින්ම මොලේට යන නිසා එක දිගට කියවගෙන යන්න පුළුවන්. මේක ටික දවසක් practice කලාම නිකන්ම පුරුදු වෙනවා.



    ඉතින් ඔන්න ඔය ඉහත කියපු කාරණා වලින් 1-6 වෙනකන් ටික ගොඩ දාගත්තොත් ඔයාලට අනිවා 65කට එහා යන්න පුළුවන්. ඉතුරු කාරණා ටිකත් ගොඩ දැම්මොත් 79+ ගන්න පුළුවන් ගේමක් නැතුව. මතක තියාගන්න මේක AI score එකක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ නිසා mic එක හරියට position කරගන්න. exam එක දවසේ ready වෙන හැටි මම වෙනවා කතා කරනවා. ApeUni එකෙන් දිගටම practice කරන්න. මේක ගොඩ දාන්න නම් දවසකට අඩුම 25ක් 30ක් practice කරන්න වෙනවා. තත්පර 75 ගානේ 30ක් කරනවා කියන එක (just 30min) කිසිම අමාරු වැඩක් නෙවෙයි. ඔයාට ApeUni එකේ mobile app එක දාගත්තම යමින් එමින් ගමන් උනත් ඔය වැඩේ කරන්න පුළුවන්. එහෙනම් RA ගොඩ කියල මම හිතනවා. practice කරලා ආපු experience එක අපිත් එක්කත් බෙදාගන්න.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    (2) Repeat Sentence (RS)

    RA 5ක් 6ක් කිව්වට පස්සේ එන දෙවෙනි task එක තමා RS. මේක සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේක තනිකරම ඔබේ මතක තබා ගැනීමේ හැකියාව මත රඳා පවතිනවා.
    ඔබට තියෙන්නේ computer එකෙන් ඇහෙන වාක්‍යයක් ඒ විදිහටම mic එකට නැවත කියන්න. වාක්‍යය, වචන 4-5 වගේ කෙටි වාක්‍යයක් වෙන්නත් පුලුවන්. වචන 10-12ක දිග වාක්‍යයක් වෙන්නත් පුලුවන්. මේකෙන් වාක්‍ය 10ක් වගේ විභාගෙට එන්න පුලුවන්. වාක්‍යය ඇහිලා අවසන් උනු ගමන්ම recording එක පටන් ගන්නවා. තත්පර 10ක් ඇතුලත කියා අවසන් වෙන්න ඕන.

    මේකෙදිත් ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්.

    හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.

    1. වාක්‍යය ඇහෙද්දි හොඳට ඇස් දෙක පියාගෙන කියන දේ හිතට ගන්න. සමහර අය කියනවා වාක්‍යය වචන වල මුල් අකුරු ටික ලියාගන්න කියලා. ඒත් ඒක එච්චර ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මොකද තත්පර 3-4ක් ඇතුලත වාක්‍යය කියලා ඉවර වෙනවා.
    ඒ නිසා මතක තියාගෙන කියන එක තමා හොඳම විදිහ.

    2. වාක්‍යය කෑලි කිහිපයකට මතක තියාගන්න බලන්න. උදාහරණයක් විදිහට "students need to submit their assignments by next Monday" කියන වාක්‍යය ගන්නකෝ. ඕක ඇහෙද්දි මෙහෙම මතක තියාගන්න. කවුද ? "Students" මොකක්ද කරන්න ඕන? "Need to submit their assignments" කවදටද? "On Monday" ඒ විදිහට කෑලි කිහිපයකට කඩා ගත්තම වැඩේ ලේසියි.

    3. චිත්ත රූප මවාගන්න. Students කියලා ඇහෙද්දි ඉස්කෝලේ යන ළමයි ටිකක් මවාගන්න. Assignment එකක් submit කරනවා මවාගන්න. Monday කියද්දි කැලෙන්ඩරයක monday ලකුනු කරලා තියෙනවා මවාගන්න. ඒ විදිහට මතක තියාගන්න බලන්න.

    4. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ.

    5. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, වැරදි වචන කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න, එතන හිරවෙන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු ලේසියෙන් ගන්න පුළුවන්.

    6. මුළු වාක්‍යයම මතක තියාගන්න බැරි උනානම් මතක ටික හරියට කලබල නැතිව කියන්න. අතරමැදි මතක නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. නැත්නම් මතක ටික කිව්වට පස්සේ නවත්තන්න. වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා.

    7. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 5-6 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න.

    8. පළමුවත් Practice, දෙවනුවත් practice, තෙවනුවත් practice - මේක මුලින්ම හිතද්දි පට්ට අමාරුයි කියලා හිතෙයි. හැබැයි දවස් කිහිපයක් කරන් යද්දි වැඩේ අහුවෙනවා. ඒ නිසා පුලුවන් තරම් practice කරන්න. දවසකට වාක්‍යය 50ක් වත් කරන්න. තත්පර 500ක් කියන්නේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඒ කාලේ හොඳට practice කරලා මේක ගොඩ දාගන්න.
     

    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    Thanks මචන් ඔයා මහන්සි වෙලා හැමදේම කියල දෙනව. ගොඩක් පිං. දිගටම කරගෙන යන්න. ජය වේවා!!
     
    • Love
    Reactions: mihir.rc.uom

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    @mihir.rc.uom මචන් පුලුවන් වෙලාවට thread එක update කරපන් ELAKIRI ඇවිත් බලන්නේ මේක update වෙලාද කියලා උබට ගොඩක් ස්තූතියි ගොඩක් ඒවා ඉගෙන ගත්තා මචන්..
     
    • Love
    Reactions: mihir.rc.uom