සති දෙකකින් PTE ගොඩ දාමු!!!

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    (3) Describe Image (DI)

    ඔන්න Speaking category එකේ ඔයාලට එන 3වෙනි task එක තමා මේක. මේක හරිම පහසුයි. ඔයාට පින්තූරයක් දෙනවා. ගොඩක් වෙලාවට මේකේ එන්නෙ graph එකක්. ඒක ගැන තත්පර 40ක් ඇතුලත කතා කරන්න ඕන. සූදානම් වෙන්න තත්පර 25ක් ලැබෙනවා. මේ යටතේ ප්‍රශ්න 3-4ක් එන්න පුලුවන්.

    මේකෙදිත් ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර රූපෙට ගැලපෙන වචන key words කොච්චරක් හරියට කියනවද කියන එක. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්.

    හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.

    මේක ගොඩ දාන්න වැඩි වැල් වටාරම් ඕනි නෑ. මෙන්න මේ පහත කාරණා ටික අනුපිළිවෙලට කරන්න.

    1. සූදානම් වෙන තත්පර 25 ඇතුලත පින්තූරේ තියෙන වචන 10ක් ලියාගන්න.
    Key Words ඒ කියන්නේ වැදගත්ම වචන. Graph එකක් නම් ඒකේ ලොකුම value එක, පොඩිම value එක, units, line වල පාට, ඔය වගේ මොනා හරි. 10ක් ඇති. ඒ වගේම topic එකත් හොඳට කියවගන්න. වචන ලියද්දි දෙක දෙක පේලි 5කට ලියාගන්න.
    Word 1 word 2
    Word 3 word 4
    Word 5 word 6
    Word 7 word 8
    Word 9 word 10

    මෙන්න මේ වගේ. ඔයාට පැටලෙන්නැතුව පින්තූරෙන්ම වචන හොයාගන්න පුළුවන්නම් ලියාගන්න ඕනිත් නෑ. වචන 10ක් note කරගන්න.

    2. දැන් recording එක පටන් ගත්තු ගමන් මෙන්න මේ පල්ලෙහා ටික කට පාඩමෙන් mic එකට කියවගෙන යන්න. කලින් වගේම speed එක හොඳට තියාගෙන, වචන පටලන්නැතිව, එක දිගට කියාගෙන යන්න.

    1. This picture gives information about <
    topic>
    2. I can see several trends in this picture.
    3. From this picture, I can see
    <word 1> and <word 2>
    4. From this picture, I can see <word 3> and <word 4>
    5. From this picture, I can see <word 5> and <word 6>
    6. From this picture, I can see <word 7> and <word 8>
    7. From this picture, I can see <word 9> and <word 10>
    8. I can see the largest element, and also the smallest element
    9. In conclusion, this picture is very informative.


    ඔච්චරයි. ඔය ටික කිව්වා. Next කලා. මොන පින්තූරේ ආවත් ඕක තමා කියන්න ඕනි. පට්ට ලේසියි නේහ්? ඕක ඔහොම්ම කියන්න ඕනි නෑ. ඔයාට පහසු විදිහට ඔයා කැමති වචන ටිකක් දාලා වෙනස් කරගත්තත් කමක් නෑ. ඔය වගේ templates ඕනි තරම් තියෙනවා net එකේ හොයාගන්න. එකම දේ මොකක් කිව්වත් පැටලෙන්නැතුව එක දිගට කියාගෙන යන්න. ApeUni එකෙක් හොඳට එක එක පින්තූර අරන් practice කරන්න.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    meka karanna ona machan PR apply karanna skill assesments ehema karanna kalin da?
    ඔව්. රට යන එකේ පලවෙනි පියවර තමා කඩ්ඩ ගොඩ දාන එක. Skill assessment එකටත් English result එක යවන්න ඕනි. 😊
     

    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    PTe goda. Prashna thiyenawa nam ahanna machnala. Practice weddi hodata sadde thoyena place ekaka practise weyalla. Exam patan gattu gaman malu kade wage genu tika kegahanne
    PTe goda. Prashna thiyenawa nam ahanna machnala. Practice weddi hodata sadde thoyena place ekaka practise weyalla. Exam patan gattu gaman malu kade wage genu tika kegahanne
    Ah elane machan. covid na kiyala pennana report/letter oneda bro?
     
    • Like
    Reactions: mihir.rc.uom