සදහම් සාකච්ඡා මැසෙන්ජර් ගෲප් එකට එකතුවෙන්ඩ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ ලෝකෙ බුදුවරු ඉපදෙනකොට කල්ප විනාශ සිදු වෙලා නැවත අලුතින් ලෝකය ඇති වෙලා තමයි ඉපදෙන්නෙ. එතකොට දැනට අපේ ලෝකයට වඩා දියුණු ලෝක වලත් අටවිසි බුදු වරයන් වහන්සේලාගෙන් සමහර අය පහලවෙන්න ඇති.

    නමුත් කිසිම ජාතක කතාවක දියුණු තාක්ෂණික උපාංග ගැන කිසිම සඳහනක් නෑනෙ. කාර් එකක්, යානාවක්, ප්ලේන් එකක්, ෆෝන් එකක් වගේ ?
    හැමතැනම අශ්ව කරත්ත, ගොං කරත්ත විතරයි. ඇයි ඒ ?
    හුදෙක් පැහැදිලි කර ගැනීම සඳහා විමසමි
    අද වගේ කාලයක බෝධිසත්වයන් වහන්සේ නමක් මනුෂ්‍ය ලොකයේ පෙරුම් පුරනවා කියන එක හිතන්න අමාරුයි ඉතිං.

    අහසින් ගමන් කරන යානයකින් ගිහින් රාජ්‍යයක් යටත් කරගත්ත පාලකයෙක් ගැන අටුවාවේ සඳහන් වෙනවා.

    ඒ අය ගෞතම බුද්ධ ශාසනයේදී පාරායන වග්ගයේ ධර්ම කරුණු අහලා මාර්ගඵල ලැබුවා.
     
    • Like
    Reactions: Solo Rider and AEG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔබට නොපෙනෙන මට පෙනෙන දෙයක් ගැන වාද කිරීමෙන්
    හම්මට උබට පේනවද 😮😮 @dilann පොඩ්ඩක් වරෙන්කො මෙන්න මෙයාට කර්මය වැඩ කරන විදිහ පේනවා ලු..
     
    • Wow
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ
    කුරුස කාරයා .. ආමෙන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,058
    113
    මෙන්න මෙතන...
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ

    කුනු ජෙප්පො මේවට එන්න එපා
    ------ Post added on Jan 13, 2023 at 11:43 PM
    Ubata oya prashna walata uttra apen aran wadak ne...dharma maargaya yamthak hari durata giyapu swamin wahanse kenek gen ahuwa nam oya prashna tikata ubata sahena uttrayak ganna pluwan
     
    • Wow
    Reactions: Solo Rider

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    මේ ලෝකෙ බුදුවරු ඉපදෙනකොට කල්ප විනාශ සිදු වෙලා නැවත අලුතින් ලෝකය ඇති වෙලා තමයි ඉපදෙන්නෙ. එතකොට දැනට අපේ ලෝකයට වඩා දියුණු ලෝක වලත් අටවිසි බුදු වරයන් වහන්සේලාගෙන් සමහර අය පහලවෙන්න ඇති.

    නමුත් කිසිම ජාතක කතාවක දියුණු තාක්ෂණික උපාංග ගැන කිසිම සඳහනක් නෑනෙ. කාර් එකක්, යානාවක්, ප්ලේන් එකක්, ෆෝන් එකක් වගේ ?
    හැමතැනම අශ්ව කරත්ත, ගොං කරත්ත විතරයි. ඇයි ඒ ?
    හුදෙක් පැහැදිලි කර ගැනීම සඳහා විමසමි

    මට තේරෙන විදිහට, බුදු කෙනෙක් පහල වෙන්නෙ, ඒකෙන් ප්‍රොයෝජන ගන්න පුලුවන් අය උපරිම ඉන්න කාලෙක...තව විදිහකට කිව්වොත්, බවුතිකයෙන් මිදිල, ස්පිරිටුවල් ෆ්‍රීඩ්ම් එකක් හොයන අය ඉන්න කාලෙක..

    බවුතිකව ලෝකය දියුනු කාලෙක, ඔහොම හොයන අය ඉතාමත් අඩුයි. ඉදිරියට තවත් අඩු වෙයි...අද බුදු කෙනෙක් පහල උනත්, ඒකෙන් ප්‍රතිපල ලබන ගනන සාපේක්ශව ඉතා අඩුයි බුද්ද කාලයට වඩා.
     
    • Like
    Reactions: siri_ayya and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    මේ ලෝකෙ බුදුවරු ඉපදෙනකොට කල්ප විනාශ සිදු වෙලා නැවත අලුතින් ලෝකය ඇති වෙලා තමයි ඉපදෙන්නෙ. එතකොට දැනට අපේ ලෝකයට වඩා දියුණු ලෝක වලත් අටවිසි බුදු වරයන් වහන්සේලාගෙන් සමහර අය පහලවෙන්න ඇති.

    නමුත් කිසිම ජාතක කතාවක දියුණු තාක්ෂණික උපාංග ගැන කිසිම සඳහනක් නෑනෙ. කාර් එකක්, යානාවක්, ප්ලේන් එකක්, ෆෝන් එකක් වගේ ?
    හැමතැනම අශ්ව කරත්ත, ගොං කරත්ත විතරයි. ඇයි ඒ ?
    හුදෙක් පැහැදිලි කර ගැනීම සඳහා විමසමි
    ඕකට හේතුව තමයි ඔය කතාව ලියපු එකාට හිතන්න පුලුවන් සිමාවේ ඇතුලේ තමයි කතාව ලියල තියෙන්නේ.
    අද සමාජයේ ඉන්න එකෙක් ඔය කතාව ලිව්වා නම් තව අවුරුදු 100කින් තියන දේවල් ගැන ඌට හිත්නන්න බෑ .දැනට තියන , කලින් තිබ්බ දේවල් වලින් හිතන්න පුලුවන් පරාසයේ හිතල තමයි ඕක ලියන්නේ.
    ඒකයි ඔය අතීත කතා වල කතාව ලිව්වා කාලෙට අදාළ, කතාව ලිව්ව සමාජයට අදාල දේවල් විතරක් තියෙන්නේ.

    දැන් බලපං කතාවක් තියනවා මච්චරිය කෝසිය කියලා ලෝබ බමුණෙක් කැවුම් කන්න ගිහින් මුගලන් හමුදුරුවෝ ඇවිල්ල වෙච්ච සීන් එකක්.
    කතාව ලියල තියෙන්නේ ලංකාවේ එකෙක්.
    ඌ තමන් ට හුරු "කැවුම්" දාල තමයි ලියලා තියෙන්නේ.
    ඉන්දියාවේ කොහෙන්ද බන් කැවුම්..
    ඔන්න වඩේ , අග්ගලා වගේ දෙයක් දැම්මනම් කමක් නෑ . 🥴
     
    ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුව්න් නෙ... සමහර විට බුදුන් දැනෙගෙන හිටිය, තව අවුරුදු 2500, හදටත් රොකට් යනව කියල...හැබයි ඉතින් ඕක කිව්වනම් එදා හිටිඅ උන්ට, උන් එක්කො හිනාවෙයි. නැතිනම්, බුදු හමුදුරුවන්ට චතුරාර්ය සත්ය පැත්තක තියල, රොකට් සයන්ස් කියල දිදි ඉන්න වෙයි නෙ අනාගතේ ගැන.

    ඕඩියන්ස් එක හැටියටනෙ ලෙක්චර් එක දෙන්න වෙන්නෙ...නේද?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුව්න් නෙ... සමහර විට බුදුන් දැනෙගෙන හිටිය, තව අවුරුදු 2500, හදටත් රොකට් යනව කියල...හැබයි ඉතින් ඕක කිව්වනම් එදා හිටිඅ උන්ට, උන් එක්කො හිනාවෙයි. නැතිනම්, බුදු හමුදුරුවන්ට චතුරාර්ය සත්ය පැත්තක තියල, රොකට් සයන්ස් කියල දිදි ඉන්න වෙයි නෙ අනාගතේ ගැන.

    ඕඩියන්ස් එක හැටියටනෙ ලෙක්චර් එක දෙන්න වෙන්නෙ...නේද?
    එහෙනම් ඉතින් අනාගතේදි සිද්ද වෙන්නෙ නැති සත්තු කතාකරන ඒව කියන්න ගියේ ඇයි??
    ඒවටත් හිනාවෙනව නේ..
    ඔතන කෙලින්ම තියෙන්නේ කතාව ලියපු පරිසරයට අදාල දේවල් ටිකක් බන්.. ඒ කාලේ තිබ්බ කතා , කෑම , වාහන, ඇදුම් වගේ දේවල් විතරයි ඒ කාලේ එකෙක්ට හිතන්න පුලුවන්
     
    • Like
    Reactions: kolavari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    එහෙනම් ඉතින් අනාගතේදි සිද්ද වෙන්නෙ නැති සත්තු කතාකරන ඒව කියන්න ගියේ ඇයි??
    ඒවටත් හිනාවෙනව නේ..
    ඔතන කෙලින්ම තියෙන්නේ කතාව ලියපු පරිසරයට අදාල දේවල් ටිකක් බන්.. ඒ කාලේ තිබ්බ කතා , කෑම , වාහන, ඇදුම් වගේ දේවල් විතරයි ඒ කාලේ එකෙක්ට හිතන්න පුලුවන්

    සතෙක් කතාකරනව කියනෙ එක, රොකට් එක වගේ, ඒ මිනිස්සුන්ට හීනෙන්වත් හිතාගන්න බැරි දෙයක් නෙවෙනෙ..

    මම උනත් කාට හරි ලෙක්චර් එකක් දෙනවනම් අහන් උන්ට ගෝචර වෙන දේවල් වලින් දුන්නොත් නෙ, අදහස හොදට දෙන්න පුලුවන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    සතෙක් කතාකරනව කියනෙ එක, රොකට් එක වගේ, ඒ මිනිස්සුන්ට හීනෙන්වත් හිතාගන්න බැරි දෙයක් නෙවෙනෙ..

    මම උනත් කාට හරි ලෙක්චර් එකක් දෙනවනම් අහන් උන්ට ගෝචර වෙන දේවල් වලින් දුන්නොත් නෙ, අදහස හොදට දෙන්න පුලුවන්...
    බුදු කෙනෙක් කරන්නේ ඇත්ත කියන එකද උපමා කතා කියන එකද?.

    උබ ඔය උඩ කියල තියන විදියට බුදු කෙනෙක් උපදින්නෙත් ධර්මය අවබෝදපකරගන්න පුලුවන් මිනිස්සු ඉන්න කාලෙකලු.. දැන් කියනව ඒ කාලේ හිටපු උන්ට තේරුම් ගන්න පුලුවන් දේලු කිව්වේ..
    දැන් ඉන්න උන්ටවත් අවබෝධ කරගෙන ඔය කියන ඥාන ලබාගන්න බැරි දේ තේරුම් ගන්න පුලුවන් මිනිස්සු හිටපු බුද්දකාලේ හිටපු අයට මොකටද පොඩි උන්ට වගේ බොරු උපමා කතා කියන්නේ?.
    ඇත්ත කිව්වනම් ඉවරයි නේ ඉතින්.. 🙃
     
    • Haha
    Reactions: kolavari

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    සතෙක් කතාකරනව කියනෙ එක, රොකට් එක වගේ, ඒ මිනිස්සුන්ට හීනෙන්වත් හිතාගන්න බැරි දෙයක් නෙවෙනෙ..

    මම උනත් කාට හරි ලෙක්චර් එකක් දෙනවනම් අහන් උන්ට ගෝචර වෙන දේවල් වලින් දුන්නොත් නෙ, අදහස හොදට දෙන්න පුලුවන්...
    එතකොට මුසාවාදා සිල් පදය කැඩෙනව නේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    මට තියනව පස්න, මෙව්වට උත්තර දෙන්න,

    01. සසර කියන දේ ඇත්තටම තියන්වද, ඔප්පු කරන්නෙ කොහොමද

    02. ඔය පට්ට අමාරු දර්ම කාරනා / පොත් / ගාත කියවන්නෙ, දැනගන්නෙ නැතුව නැතුව රහත් වෙන්න පුලුවන්ද

    03. කර්මය ඇත්තද? කොහොමද ඔප්පු කරන්නෙ
    2 නන් ඔව් එහෙම ඕනිම නෑ කර්ම ශක්තිය අනුව තමා ඕක තීරණය වෙන්නෙ. චුල්ලසෙට්ඨි රහතන්වහන්සේගේ කතාව බලන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    බුදු කෙනෙක් කරන්නේ ඇත්ත කියන එකද උපමා කතා කියන එකද?.

    උබ ඔය උඩ කියල තියන විදියට බුදු කෙනෙක් උපදින්නෙත් ධර්මය අවබෝදපකරගන්න පුලුවන් මිනිස්සු ඉන්න කාලෙකලු.. දැන් කියනව ඒ කාලේ හිටපු උන්ට තේරුම් ගන්න පුලුවන් දේලු කිව්වේ..
    දැන් ඉන්න උන්ටවත් අවබෝධ කරගෙන ඔය කියන ඥාන ලබාගන්න බැරි දේ තේරුම් ගන්න පුලුවන් මිනිස්සු හිටපු බුද්දකාලේ හිටපු අයට මොකටද පොඩි උන්ට වගේ බොරු උපමා කතා කියන්නේ?.
    ඇත්ත කිව්වනම් ඉවරයි නේ ඉතින්.. 🙃

    බන්, දැනුම, තේරුම කියන්නෙ එකක්, ප්‍රජ්නාව කියන්නෙ තව එකක්...දැනුම නැති, සෝපාකට ප්‍රජ්නාව තිබුනෙ ඒකයි..

    උබ නිකමට ප්‍රායොගිකව හිතල බලපන්... අද කවුරු හරි ශ්‍රාස්ත්‍රි වරයෙක් පහල වෙනව..එතුම එතුමගෙ ආගම කියන අස්සෙ, කියනව තව අවුරුදු, 500කින් පේන්නෙ නැතිව ඉන්න පුලුවන් විදි තියෙනව. අවුරුදු 500 ක් ජීවත් වෙන්න පුලුවන් විදි තියෙනව කියල...හිතල බලපන් ඌට උගෙ ආගම ගැන වචනයක් වත් ඊට පස්සෙ කියන්න පුලුවන් වෙයිද, නැත්තන් වැල නොකැඩි අර කියපු ඒව අහන්න එයිද කියල

    එතකොට මුසාවාදා සිල් පදය කැඩෙනව නේද

    බොරු කියනව කියන්නෙ එකක්, නොකියනව කියන්නෙ තව එකක් නේද?
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අනේමන්දා දහම් කරුනුනම්. ඕව ප්‍රශ්න කරලා තේරුමක් නෑ.

    පුලුවන්නම් ඔය ගෘප් වල යමක් කමක් තියෙන මිනිස්සු ඉන්නවනම්, මේ දවස්වල අමාරුවෙන් ජිවත් වෙන පවුල් වලට කෑම බිම ටිකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න. හිගා නොකන අසරණ මිනිස්සු පුදුම අසරණකමකින් ඉන්නේ. එහෙම මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන්නම් දහම් කරුණු සාකච්චා කරනවාටත් වඩා පිනක් වේවි.
    උන් කරපු කරුම බන් උන් ගෙවන්නෙ. කන්න දුන්නම උන් ආයෙ ගිහින් කොහෙ හරි හරකෙක්ට කතිරෙ ගහලා ආයෙ කෙල උනාම අඩ අඩ ඉන්නවා. එක්කො හැදෙන්න ඕන අවබෝදයට ඇවිල්ල , නැත්නම් මැරෙන්න ඕන.:baffled:

    ඔය ගොඩක් අසරණ වෙලා ඉන්න උන් ගොඩ ඉස්සර පට්ට සක්කිලි බන්. නැතිම උනාම තමා කෙල වෙලා සැලෙන්ඩර් වෙන්නෙ.
     
    • Sad
    Reactions: techhelpme

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    බන්, දැනුම, තේරුම කියන්නෙ එකක්, ප්‍රජ්නාව කියන්නෙ තව එකක්...දැනුම නැති, සෝපාකට ප්‍රජ්නාව තිබුනෙ ඒකයි..

    උබ නිකමට ප්‍රායොගිකව හිතල බලපන්... අද කවුරු හරි ශ්‍රාස්ත්‍රි වරයෙක් පහල වෙනව..එතුම එතුමගෙ ආගම කියන අස්සෙ, කියනව තව අවුරුදු, 500කින් පේන්නෙ නැතිව ඉන්න පුලුවන් විදි තියෙනව. අවුරුදු 500 ක් ජීවත් වෙන්න පුලුවන් විදි තියෙනව කියල...හිතල බලපන් ඌට උගෙ ආගම ගැන වචනයක් වත් ඊට පස්සෙ කියන්න පුලුවන් වෙයිද, නැත්තන් වැල නොකැඩි අර කියපු ඒව අහන්න එයිද කියල

    බොරු කියනව කියන්නෙ එකක්, නොකියනව කියන්නෙ තව එකක් නේද?
    එතකොට බුදුහාමුදුරුවෝ ඔය කියන අනාගතේ දැක්ක ප්‍රඥාව තියන නිසා නෙවෙයි ද ?

    අනිත් එක බලපං ඔය කතා වල ඉන්න උන්.
    යක්කු, දිය රකුසෝ , අහසේ ඉදන් බලන් ඉන්න දෙයියෝ , කිදුරෝ , කතා කරන සත්තු.
    ඔය වගේ ෆැන්ටසි කතා ද ප්‍රඥා ව තියන අයට තේරෙන්නේ ?

    අනාගතේ ගැන ඇත්ත කිව්වා නම් ඒක අඩුම ගානේ ප්‍රායෝගිකයි නේ බන් .
    එහෙම නැතුව ලෝක ඉතිහාසයේ වත් සාක්ෂි හම්බු වෙන්නේ නැති දිය රකුසොයි, යක්කුයි ගැන කිව්වම ඒවා අනාගතේ ටත් නිකන්ම ෆැන්ටසි යක් විතරයි නේ.

    උබ ඔය යන්නේ defend කරන්න නේ තමන්ගේ ආගමික ශාස්තෘ ව.
    උබත තේරෙන්න ඕනේ ඔය කතා වල තියන දේවල් එක්ක ඕව අතීතයේ මොකෙක් හරි ඌට ඕන දේවල් දාල ලියපු ඒවා කියලා..
     
    මම නම් දන්න විදියට පන්සිය පනස් ජාතක පොත ලියල තියෙන්නෙ පස්සෙ කාලෙක. එතකොට ඒක ලියපු අය තමන්ට හිතුන දේවල් ලියන්න හොඳටම ඉඩ තියෙනව. මේ සේරම කතා බුදු හාමුදුරුවෝ දේශනා කරන කොටම ලියපුව නෙමෙයිනෙ
     
    • Like
    Reactions: ek_rosh

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ජාතක කතා පොත ලියවිලා තියෙන්නේ කුරුණෑගල යුගයේ. ඒකෙ තියෙන්නේ ඉන්දියාවේ තිබුන ජන කතා ගොඩක මිශ්‍රණයක් සහ සමහර බෞද්ධ අට්ට කතා එකතුවක්. ඒවා මිනිස්සුන්ට ශ්‍රද්ධාව ඇතිවෙන ආකාරයට ලියලා තියෙන්නේ. ඒක සාහිත්‍යමය පොතක් මිසක් ආගමික පොතක් නෙවෙයි. ඒක ආගමික ග්‍රන්ථයක් විදියට කොහෙවත් පිළිගන්නේ නෑ. කොටින්ම ගොඩක් බෞද්ධ රටවල ජාතක කතා පොත ගැන කතා වෙන්නෙවත් නෑ. එහෙම වෙනවනම් ඒ ලංකාව එක්ක සම්බන්ධ රටවල විතරයි. වැඩේ ලංකාවේ බෞද්ධයොන්ට ඕවා උගන්නන විදිය. මිනිස්සුන්ව බය කරන්න ඒ කතා tools කරගෙන ඉන්නේ සමහර අසපුවල මිනිස්සු. උඹලා බලපන් වජ්‍රායාන හාමුදුරුවෝ එහෙම බණ කියද්දී ජාතක කතා ගන්නවද කියලා. ගන්නේ නෑ, ඕක ලංකාවේ විතරක් ප්‍රසිද්ධ උන හොඳ සාහිත්‍යමය ග්‍රන්ථයක්.
     
    • Like
    Reactions: AEG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    එතකොට බුදුහාමුදුරුවෝ ඔය කියන අනාගතේ දැක්ක ප්‍රඥාව තියන නිසා නෙවෙයි ද ?

    නැ බන්, ප්‍රජ්නාව කියන්නෙ, එක මාන්සික චයිටසිකයක්..ඒකෙන් කරන්නෙ එක දෙයයි..වෙන වෙන න්යාන දියුනු කිරීමෙන් තමයි වෙන වෙන හැකියාවන් එන්නෙ..

    අනිත් එක බලපං ඔය කතා වල ඉන්න උන්.
    යක්කු, දිය රකුසෝ , අහසේ ඉදන් බලන් ඉන්න දෙයියෝ , කිදුරෝ , කතා කරන සත්තු.
    ඔය වගේ ෆැන්ටසි කතා ද ප්‍රඥා ව තියන අයට තේරෙන්නේ ?

    ඔව බුද්ද කාලයට කලින් ආව සන්කල්පනෙ..බුදුන්ත් ඒව පාවච්චි කරල තියෙනව..ඒව වෙනස් කරන්න ගියෙ නැ දර්මයට අවුලක් නැති නම්..

    අනාගතේ ගැන ඇත්ත කිව්වා නම් ඒක අඩුම ගානේ ප්‍රායෝගිකයි නේ බන් .
    එහෙම නැතුව ලෝක ඉතිහාසයේ වත් සාක්ෂි හම්බු වෙන්නේ නැති දිය රකුසොයි, යක්කුයි ගැන කිව්වම ඒවා අනාගතේ ටත් නිකන්ම ෆැන්ටසි යක් විතරයි නේ.

    උබ ඔය යන්නේ defend කරන්න නේ තමන්ගේ ආගමික ශාස්තෘ ව.
    උබත තේරෙන්න ඕනේ ඔය කතා වල තියන දේවල් එක්ක ඕව අතීතයේ මොකෙක් හරි ඌට ඕන දේවල් දාල ලියපු ඒවා කියලා..

    නැ බන්. මට නම් බුදුන්, අද ලෝකෙ ගැන සත පහක දෙයක් දන්නෙ නැ කිව්වත් අවුලක් නැ බන්. එහෙම වෙන්න ඕනෙත් නැ...එතුම කලෙ, යන්න පුලුවන් උපරිම මානසික මට්ටමට ගිහිල්ල, මනසෙ කිරියාකාරිත්වය තේරුම් ගත්ත් එකනෙ...එතනින් එහාට මොනවද බන් එතුමගෙන් ගන්න තියෙන්නෙ...

    වඩුවගෙ ගෙදර ගිහිල්ල...කැම උයන විදිහ අහල වැඩක් නැනෙ බන්...උ එක දන්නෙ නැති උනත් කිසිම අවුලක් නැ. උගෙ වැඩේ ඌ දන්නවනෙ...

    මම මෙතන කිව්වෙ, සාඩරන වෙන්න පුලුවන් දේවල්..