විද්‍යාවේ දාසයෙක් වෙලා, ඔයා විද්‍යාව තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියන මතයේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න විද්‍යාවේ අලුත් සොයාගැනීම් එක්ක පරණ සොයාගැනීම් බොරු වෙනවා, බුද්දාගමේ එහෙම වෙන්නේ නෑ. හැම බුදුවරයම දේශනා කරන්නේ එකම දේ. ඒකයි ශ්‍රේෂ්ටත්වය.
විද්‍යාවට සත්වයාගේ ආරම්බය ගැන පැහැදිලි මතයක් නෑ, සමහරු කියනවා පිටසක්වලින් ජීවය ආව කියලා. සමහරු කියනවා මුහුදේ ජීවය හැදිලා ගොඩබිමට ව්‍යාප්ත උනා කියලා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕවා හොයා හොයා ගියා කියලා අපේ දුක කෙලවර වෙන්නේ නැති බව. යහාපත්ව ජීවත් වෙලා බන බාවනා කරගෙන මේ දුකින් එතෙර වෙන්න කියන එකයි බුදු වරුන්ගේ පණිවුඩය. මම නම් බොහෝ දුක් විදල තියෙනවා මේ ජීවිතයේදී එක නිසා දුකෙන් එතෙර වෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා. ඔයා තනිකරම සැප විතරයි වෙන්න ඇති විඳලා තියෙන්නේ. එකනේ මේ වගේ හිස් ප්‍රශ්න අහ අහ කාලේ නාස්ති කරන්නේ.
විද්‍යාවේ දාසයෙක් නෙවි. මේ ලෝකයේ සැහෙන්න කාලෙකට එකියන්නේ මිනිසාගේ මුල්ම අවදියේ පවා පොසිල සාක්ෂි තියෙනවා. ලංකාවේ පවා බලන්ගොඩ මානවය වගේ. ඒ කාලේ ඔය කියන බුදුවරුන්ගේ පහලවිමක් තබා භාෂාවක් වත් ඇතිවෙලා නෑ. ඉන්දියාවේ තත්වයත් ඕකමයි. එහෙම වෙද්දී ඊටත් අවරුදු ලක්ස ගානකට කලින් බුදුවරුන් පහල උනා කියල පැවසීම මිත්‍යාවක්.
මම සැප විඳපු කෙනෙක් නෙවි. මම දුක හොඳට විඳලා තියෙනවා. මේක හිස් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? මම ඇහුවේ තාර්කික ප්‍රශ්නයක්. මම බෞද්දයෙක් එත් මේ වගේ බොරු මම විස්වාස කරන්නේ නෑ.
(16 X 1.6 = 25.6 km)