![]()
හැරිස් විජේසිංහ යනු මෙරට සිටින අති දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්ය. ඔහු මනාලියන් සිය දහස් ගණනක් හැඩගන්වා ඇත. වසර ගණනාවක් තිස්සේ ඔහු සිය නාමය ක්ෂේත්‍රය තුල තබාගෙන ඇත. ඔවුන්ගෙන් මනමාලිය වී සැරසීමට එන යුවතියන් ඉතා අසීරුවෙන් ඔහුගෙන් වේලාව වෙන්කර ගනී. ඒ ඔහු එතරම්ම කාර්යබහුල පුද්ගලයෙක් වන නිසාය.
මහාචාර්ය නලීන්ද සිල්වාද වසර ගණනාවක සිට මනාලයන්ට හැඩ ගන්වමින් ඇත. ඔහු හැඩ ගන්වන්නේ ජාතික මනාලයින්ටය. නමුත් හැරිස්ට ඇති ඉල්ලුම ඔහුට නැත. ඔහු කරන්නේ කොහේ හෝ සිටින අතාක් පාතක් නැති චරිතයක් සොයා ඔහුට හෝ ඔවුන්ට සළුපිළි අන්දවා මනාලයන්ගේ රජ දැක්මට ඉදිරිපත් කිරීමය. මහාචාර්ය නලීන්ගේ රූපලාවන්‍යාගාරය චින්තන පර්ෂදයය. එහි සිටි නලීන්ද සිල්වාගේ ගෝලයෝ මනමාලයෙක් වී රජ දැක්මට නොයන තරම්ය. එහි බිහි වන්නේ ඔහු මෙන් ඉල්ලුමක් නැති රූපලාවන්‍ය ශිල්පීන්ය. එසේ නලීන් ද සිල්වාගේ මේකප් පෙට්ටිය අල්ලන කොලු ගැටයා ගෙවිඳුය. ඔහු සිය ගුරා foundation cream ගා ෆේෂල් කරන අතරතුර නිය සකසන ආවතේවකරුය. හැරිස්ගේ උදව්කරුවා ජෙරම්ය. ඔහු හැරිස්ට ඉතා හිතවත්ය. නමුත් ඔහුට තනිව දෙයක් කරගැනීමේ විශාල හැකියාවක් නැත. වසර ගණනාවක් හැරිස් ලඟ සිට ඔහු හැරිස්ගේ ගෝලයා වී ඇත. පසු කාලීනව ජෙරමි වෙනමම රූපලාවන්‍යාගාරයක් දා ගත්තේය. එහි සිදුවූයේ කොණ්ඩය සැකසීම, නිය සැකසීම වැනි සිල්ලර වැඩය. ඒ ජෙරමිට මනාලියන් හැඩ ගැන්වීමට ඇති නොහැකියාව නිසාය. ගෙවිඳු යනු ජෙරමි වැනි චරිතයක්ය. ගෙවිඳුගේ යුතුකම කඩය හා ජෙරමිගේ සැලූන් එක අතර වෙනසක් නැත.
චින්තන ලාවන්‍යාගාරය තුල හැදුනු වැඩුනු පිරිස අතරින් සමාජය හමුවට යා හැකි වූ පිරිමින් වූයේ චම්පිකය හා රතනය. අනිත් සියල්ලන්ම අතරමැදි අවස්ථාවල සිටින පුද්ගලයන්ය. මෙසේ තම රූපලාවන්‍යාගාරයේ සිටි පෞර්ෂය ඇති පුද්ගලයකු මනාලයෙක් වීම අතරමැදි පිරිමි චරිත තුල ඇතිවූයේ කුහකත්වයක්ය. චින්තන ලාවන්‍යාගාරයේ නිර්මාතෘ තුමා හැසිරෙන්නේ ඉතා කුහක ලෙසය. නමුත් චම්පික ජාතික මනාලයෙක් කිරීමට වටේම මනාලයන්ට අන්දන නලීන්ද සිල්වා උත්සහ ගන්නේ නැත. කුහක කම නිසාවෙන් නලීන් ද සිල්වා චම්පික ජාතික මනමාලයා කිරීමට කැමති වූයේ නැත. ඒ වෙනුවෙන් ඔහු දිගින් දිගටම ජාතික මනාලයෙක් සෙවීමේ නිරත විය. ඔහුගේ අනුගාමික ගෙවිඳුගේ හැසිරීම් මා හට සිහිපත් කෙරුවේ හැරිස්ගේ ගෝලයෙක් තනියම ව්‍යාපාරයක් ඇරඹු විට ජෙරම් කියූ කතාවක්ය. “එයා සර්ට ද්‍රෝහි වුනා මෙයා“ ලෙස ජෙරමි පැවසූවේ පැහැදිලිවම කුහක කම නිසාය. ජෙරමි මෙන්ම ගෙවිඳුද ලොක්කාට වන්දනා මාන කරමින් ඔවුන්ගේ පහනෙන් එළිය බලන්නේ තමන්ගේ නොහැකියාව නිසාය. ජෙරමි හැරිස්ගෙන් ඉවත්වූ පුද්ගලයා දුටු විට කරන ගැස්සීම්, අහක බැලීම් ගෙවිඳුලා චම්පිකලාට දක්වන ප්‍රතිචාර වලට සමානය.
නලීන්ද සිල්වා එක එක කාලයට ජාතික මනාලයන් ලෙස ජාතික සළුපිළි අන්දවා විවිධ පුද්ගලයන් ජාතික මනාලයා කරවීමට උත්සහ දරනු ලැබීය. විටක කණ්ඩායමකටම ජාතික සළුපිළි අන්දවා මනාලයන් කිරීමට උත්සහ දැරූහ. ඔවුන් 56 දරුවන් ලෙස කරලියට ගෙන ඒමට දැඩි වෙහෙසක් දැරීය. අවසානයේ 56 දරුවන් ජාතික සළුපිළි හැරදමා සුපුරුදු රතු ඇඳුමට බැස්සේ සියලු වස්ත්‍රය ගැලවී ගිය පසුවය. අවසානයේ නලීන්ද සිල්වාට ඉතුරු වූයේ වී-මල්කුමාරයා පමණක්ය. ඔහුව මනමාලයා කර පොරුවට නැංවිය නොහැක. මන්දයත් ඔහුට අවැසි කාර්යය මගුල් ගෙදර බෙර වැයීම වන බැවින්ය. ඉන් අනතුරුව නලීන්ද සිල්වා සොයාගත් ජාතික මනමාලයා මහින්දය. ඔහුට මඟුල් දින වනතුරු ජාතික ඇඳුමට එහා ගිය ඇඳුමක් නොමැති තරම්ය. නමුත් ඔහු පෝරුවෙන් බැසගත් විගසම බටහිර ඇඳුමට පනින්නේ අෂ්ඨක කියන්නට පැමිණි ජාතික සූට්කාරයින්ටද කොකා පෙන්නමින්ය. එතැන් පටන් ඔහු හැසිරෙන්නේ විහිළුවටවත් ජාතික ඇඳුමට නොබැස්ස ගාණටය.
ජාතික මනමාලයාට ඇන්දවීමට ගිය නලීන් ද සිල්වා තවත් රූපලවන්‍යය ශිල්පියෙක් බවට පත්වී ඇත. අන්දන මනාලයන් තමා ලඟ රැදෙන්නේ නැත. තම නොහැකියාව නිසා තමාට කියා මනාලියක්ද ඇත්තේ නැත. මෙම තත්වය හමුවේ චින්තන කල්ලිය සැබෑ පිරිමි ලෙස කුහකත්වයෙන් බලන අතරමැදි පිරිමි බවට පත්ව ඇත.

meka liyapu eka nan sahena කුහකත්වයෙන් බලන අතරමැදි පිරිමි ekek wage tama penne.mathawadee widihata happenna bari kattiya ta nan shok.
anemanda MY3th
ow 
