සන්නා - පාඨලී සම්මුඛ වීම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බැලුව බන්. සන්නත් මු ඉස්සරහ ඇඹරෙනවනෙ. මූට හරියන්නෙ චමුදිත වගේ පොරක්.

    රනිල්ගෙන් පස්සේ ඉන්නේ මූ විතරයි.
    අරූ UNP එකේ වෙන එකෙක්ට හැදෙන්න දුන්නෙ නෑ නේ.
    සන්න මූට ජැක ගහයි ඊලඟට
     
    • Like
    Reactions: hancok

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ..පාටලී කියන්නෙ රනිල් මහින්ද අනුර මේ ඔක්කොටම වඩා චාටර් චරිතයක් වගෙ මට පේන්නෙ.
    මේ බලය නැතුව පීචන් වෙලා කොන්වෙලා එහෙ මෙහෙ ඉබාගාතෙ යන කාලෙ ඔහොම ධර්මෙ දෙසයි නමුත් බලය ලැබුනම නිකන් හිට්ලර්ගෙ බාප්ප වගෙ අහන්කාරයි
    ඇමතිවෙලා හිටි කාලෙ හැසිරුනු හැටි කතාකරපු හැටි youtube වල ඇති.අර රාජගිරියෙ ඇක්සිටන්ඩ් එකක් කරල පැනල ගිහින් ඒ කොල්ලට අද මොකද තත්වෙ.
    බලය නැතිකාලෙ දෙන බණ වදන් බලය ගත්තමනෑ තුන්වෙනි පන්තියෙ රටවල දේසපාලු ලක්ශන
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ලංකාවෙ දේශපාලනය ගැන කතා කරන එක අණතුරුදායකයි. දේශපාලකයෙක් ගැන කතා කරන එක ඊටත් වඩා අවධානම් වැඩක්. කොයි පැත්තෙන් පහර වදීද… මොන කතංදර අපහාස අහන්න වෙයිද කියන්න අමාරුයි අද වගේ දවසක දේශපාලකයන් ගැන කතා කරද්දි.
    ජනාධිපති කවුද... ඡන්දෙ දෙන්නෙ කාටද... මොන පාක්ශිකයෙක්ද .. කාගෙ කඳවුරේද ඉන්නෙ කියන කාරණා පැත්තකින් තිබ්බොත් ... සිංහල භාශාවෙන් කරපු.. මෑත කාලයේදී බලපු ලස්සනම සාකච්ඡාවක් සංවාදයක් කියලා මේ සාකච්ඡාව නම් කරන්න පුළුවන් සැකයන් නැතුවම.
    චම්පික රණවක මහත්තයාගේ දේශපාලනය මම දන්නෙත් නෑ... එයාගෙ ප්‍රතිපත්ථි හඳුනන්නෙත් නෑ.
    නමුත් මේ සාකච්ඡාව පැය දෙකයි විනාඩි තිස් හයයි තත්පර හතලිස් අටක් තිස්සෙ බලන්න ඒක කිසිම ගැටළුවක් වුනේ නෑ.
    ප්‍රශ්ණයක් අහන්නෙ කොහොමද... වැල් වටාරම් දොඩවන්නෙ නැතුව අහපු ප්‍රශ්ණෙට උත්තරය දෙන්නෙ කොහොමද ... නිවැරදිව භාශාව... ශෛලිය ..භඬ හසුරුවන්නෙ කොහොමද කියන කාරණාවලට දිය හැකි හොඳම උදාහරණය මේ සාකච්ඡාව කියන්න දෙපාරක් හිතන්නෙ නෑ.
    කුට්ටිආරච්චි… ප්‍රනාන්දු… රාජපක්ශ… ප්‍රේමදාස… වික්‍රමසිංහ වගේ මිනිස්සුන්ට මේ සාකච්ඡාවෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනවා ඒ අය කවදාවත් ඉගෙනගන්නෙ නැතිවුනත්.
    මේ සංවාදය ඇතුලෙ මම දැකපු ලස්සන ප්‍රකාශ කීපයක්ම තිබුනා. විශේෂයෙන්ම රණවක මහත්තයා වරද්දගත් තැන් පිලිබඳව.
    රණවක මහත්තයා කියනවා මම අළුත් පරපුර කියවාගෙන හිටියෙ වැරදි විදිහට. ගෝල්ෆේස් අරගලය පටන් ගද්දි මම හිතුවෙ දවස් දෙක තුනකින් ... වැඩිම වුනොත් සතියකින් ඒක අවසන් වේවි කියලා. මම වැරදියි. කොයිතරම් කාලයක් මේ තරුණ තරුණියො මේක අල්ලගෙන හිටියද... ඒක විශාල වෙනස්වීමක්.
    මුහුකුරා ගිය පරපුරේ දැනුම තියන මනුස්සයෙක් විදිහට ඒ කියපු කාරණය බොහෝම වටිනව.
    කරු ජයසූරිය තෝරාගත යුතු වෙලාවෙ අපි තෝරගත්තෙ මෛත්‍රීපාල සිරිසේන. ඒ අපි වරද්දගත් තවත් තැනක්.
    විදුලි බල මණ්ඩලේ වර්ජ්න එන වෙලාවෙ රාජපක්ශ රෙජිමයෙන් පහර වදින වෙලාවේ මට තිබුනෙ අයින් වෙන්න... ඒත් මම එලියට බැස්සෙ නෑ. ඒ තවත් වැරදුනු තැනක්.
    ඊ ලඟට ටිරාන් අලස් රඟපාන්න උත්සාහ කරන චරිතය ගැන... ජවනිකාව ගැන ලස්සන කතාවක් කියනවා. රන්ජන් විජේරත්න ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් දේශපාලනයේ ප්‍රභල චරිතයක් වෙනවා. රන්ජන් වගේම... ප්‍රභල චරිතයක් වෙන්න ටිරාන් අලස් දරන බොලඳ උත්සාහය ගැන කියන කතාව ලස්සනයි.
    නමුත් ඒ සඳහා සහාය දෙන්න කොටි ත්‍රස්තවාදී ජවනිකාව අද ලංකාවෙ නෑ. ඒ නිසාම මත්ද්‍රව්‍ය භූතයා මවලා ඒ හරහා විශාල මෙහෙයුමක් කරන්න කරන උත්සාහය ගැන කතාව වටිනව කියල මට හිතෙනවා.
    නමුත් ඉතින් අලස් මහත්තයාට එහෙම ආකර්ශණයක් අරන් දෙන්න එයාගෙ චරිතයට... හැසිරීමට... කතාවට බෑ වගේම දේශබන්දුටත් ඒ හැකියාව නෑ කියලා ඒ කතාව අහන් ඉන්න අපිට තේරෙනවා. දේශපාලන හා නාකොටික් මාෆියාව ගැන කරන ප්‍රකාශ ලස්සනයි වගේම නිර්භීතයි.
    රනිල් කියන්නෙ සහකම්පනයක් නැති චරිතයක්. එයා තමන්ගෙ ජනතාව ගනන් නොගන්නා ජාතියේ කෙනෙක්. එහෙම කියන්නෙ පාඨලී.
    මේ කතාව මේ විදිහටම අනුර කුමාර මහත්තයා පාර්ලිමේන්තුවේ කියනව මට මතකයි.
    මේ නිසාම ගේම් ගහල එක එක විදිහේ වැඩ කරත්... ප්‍රතිඵල පෙන්නුවත් රනිල්ට ඒකට ක්‍රෙඩිට් එක ලැබෙන්නෙ නෑ.
    ජන්තාව මෝඩ නෑ... ජනතාවට පේනවා මේ වගේ හැඟීමක් නැති හැසිරීම්.
    අනුර කුමාර ගැන කියන්නෙ හොරකම් කරන්නෙ නැති... .. පවුල් පසුබිමෙන්... පරම්පරාවෙන් දේශපාලනයට ආපු නැති සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. ඒක සරල පිලිගත විදිහේ ප්‍රකාශයක්.
    ඒ එක්කම ජවිපෙ කොමියුනිස්ට්ද... මාලිමාව ලිබරල්ද... මේ විචිකිච්ඡාවට උත්තරයක් ජනතාව බලාපොරොත්තු වෙනවා.
    එතනදි නොකියපු කතාව තමයි ඉරාන ජනාධිපතිගෙ මරණය ගැන අනුර කුමාර ලියපු ලෙගසිය ඉදිරියට ගෙනයාමේ අමුතු කතාංදරේ.
    ( චම්පික රණවක රයිසිගෙ මරණය ගැන ලියපු පණිවිඩේ මොකද්ද කියන ප්‍රශ්ණය සන්නස්ගලට මගෑරුනු ප්‍රශ්ණයක්).
    මව්බිම නැත්තං මරණය.... සමාජවාදය නැත්තං මරණය කියන තැනට තල්ලුවුනු සටන් අපිට මතකයි.
    මේත් ඒ වගේ සටනක්ද පාඨලී අහනවා.
    හැබැයි සජිත් ගැන කියන්නෙ පරන කරත්තෙ බැඳගෙන... පරන පාරෙ යන ... පරන ගොනෙක් ගැන කියන කතාවක් විදිහට. කුඩේ නැතිව වැස්සෙ ඇවිදිනවා... ක්‍රිකට් ගහනවා... ගොං කතා කියනවා... ඒත් උනන්දුවයි කැපවීමයි නම් තියනවා. එයා බලය ගත්තත් මාස හයක් ඉදීවි.
    ඊට පස්සෙ මිනිස්සු පාරට බහිනවා.
    මීට වඩා කතාවක් ඒ හාදයාට ගැලපෙනවද කියන ගැටළුව මට මතුවෙන්නෙ නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනෙ ගොනෙක් හොඳයි කරත්තෙ බදින්න.
    දිලිත් ජයවීර ගැන කියන්නෙ මෙහෙම කතාවක්.
    එයා කියනවා හැට නව ලක්ශයේ ජයග්‍රහණය ලබා දුන්නෙ එයා කියලා. ඒකෙ ක්‍රෙඩි ලැබෙන්න ඕනෙ එයාටලු. එතකොට හැට නම ලක්ශයක් ඡන්ද අරන් දීලා... මිනිස්සු රවට්ට්ලා.. රට බංකොලොත් කරන්න කරපු අපරාධෙ වගකීමත් එයාම ගන්න ඕනෙ.
    සරලයි තාර්කිකයි.
    ධම්මික පෙරේරා හිතන්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නද... එතන හිතන්න යමක් ඉතුරුවෙනවා.
    ලංකාවෙ ඉන්නවා අමුතුම කතා කියන හාමුදුරුවරු... ගෑනුන්ට බනින.. අපායෙ කතංදර කියන අමුතුම චරිත.
    මම නම් ඉඳලා හිටලා හරි උන්ට බනිනවා... ඒත් චම්පික කිසිම දෙයක් කියන්නෙ නෑ. සන්නස්ගල ප්‍රශ්ණ කරනවා.
    ලංකාවෙ සීයට අසූවක් ඉන්නෙ මේ කතංදර විශ්වාස කරන මිනිස්සු. බෞද්ධ විතරක් නෙවෙයි අනිත් ආගම්වල මිනිස්සු වුනත් ජීවත් වෙන්නෙ දිව්‍යලෝකෙ යන්න බලාගෙන. ඒ අය හිතන් ඉන්නෙ දිව්‍යලෝකෙ දොරගාව පිං පොත තියාගෙන මුරකාරයෙක් ඉන්නව කියලා.
    මේ මිනිස්සු වෙනස් කරන්න අපිට පුළුවන්ද. මුලු ජීවිතේම ජීවත් වෙන්නෙ මේ කතංදර ඔළුවෙ තියාගෙන.
    මම තේරුම් ගත්ත දහම ඒක නෙවෙයි. ඒත් මේ ක්‍රමයට විරුද්ධව සටන් කරල වැඩක් නෑ.
    ඒ ප්‍රකාශය දේශපාලනිකයි... කියවීම නිවැරදියි. ඡන්දය ගැන හිතුවොත් නියම වටිනා ප්‍රකාශයක්. නමුත් බුද්ධිමත් තාර්කික මනුස්සයෙක්ට ඒ ප්‍රකාශය කොයි තරම් දුරට ගැලපෙනවද.?
    සන්නස්ගල මහත්තයා මෙන්න මෙහෙම අහනවා... යකෝ මේ දෙන උත්තර බලපුවාම චම්පික මාර පොරක්නෙ...
    එයාට වැරදිලාම නෑනෙ.... ඌ හැම තිස්සෙම හරිනෙ. මූ සර්ව සාධාරණ සීයට සීයක් හරි පුද්ගලයෙක්.
    මෙහෙම වෙන්නෙ කොහොමද..?
    ඒක අහන්න ඕනෙ ප්‍රශ්ණයක්. මොකද චම්පික රණවක කතා කරද්දි අපිට හිතෙන්නෙම මේ මනුස්සයා හරි... මෙයා බුද්ධිමත්... තර්කානුකූලයි... වට්ටන්න බෑ වගේ තත්වයක්.
    අන්න එතනදියි එයාට වැරදුනු තැන් ගැන එයා කතා කරන්නෙ.
    දෙමළුන්ට ගහද්දි සතුටුද... හෙමීට ජවිපෙටත් ගහගෙන යනවා නේද... මේ වගේ ප්‍රශ්ණ මේ සාකච්ඡාවට තුනපහ මිරිස් එකතුකරනව.
    මෙතනදි වැදගත් වෙන්නෙ මාලිමාවට ඡන්දය දෙනවද... පාඨලී ජනාධිපති වෙයිද... සන්නස්ගල මොන පැත්තට පනියිද.. මම මොන කඳවුරේද ඉන්නෙ.. මේක දේශපාලන ගුන්ඩුවක්ද කියන කාරණා නෙවෙයි.
    නමුත් දේශපාලන සාකච්ඡාවක් මෙහෙයවන්නෙ කොහොමද... ගලාගෙන යන්න ඉඩ දෙන්නෙ කොහොමද... අහන ප්‍රශ්ණවලට උත්තර දෙන්නෙ කොහොමද... අනිත් මනුස්සයාට අවශ්‍ය ක්‍රෙඩිට් එක අවශ්‍ය තැනදි දෙන්නෙ කොහොමද වගේ කාරණා ගොඩාක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්.
    සන්නස්ගල මහත්තයාට මේ වගේ සාකච්ඡාවක් අනුර කුමාර හෝ හරිනි අමරසූරියත් එක්කත් කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා.
    මේ සංවාදය පුරාවටම කැමරා හසුරවපු ආකාරය... ආලෝකය... හඬ පාලනය... හැමදේම ඉහල තත්වයක තියන බව නොකියම බැහැ.
    ඒ වැඩකරන තරුණ ශිල්පීන් දෙතුන් දෙනා හැබෑම දක්ශයො.

    කාලෙකින් බලපු අපූරු කතාබහක්.. සංවාදයක්.

    Malcolm Sang
    Former Senior Research Analyst at European Research Council
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    රනිල්ගෙන් පස්සේ ඉන්නේ මූ විතරයි.
    අරූ UNP එකේ වෙන එකෙක්ට හැදෙන්න දුන්නෙ නෑ නේ.
    සන්න මූට ජැක ගහයි ඊලඟට
    සන්නා වගේ පොරක් සමකාලීනයෙක් පස්සෙ යනව කියන්නෙ ඌගේ තත්වෙට ටිකක් හරි නෑ වගේ නේද. සන්නට ගැලපෙන්නෙ වයසින් වැඩි පොරක්ව


    අර රාජගිරියෙ ඇක්සිටන්ඩ් එකක් කරල පැනල ගිහින් ඒ කොල්ලට අද මොකද තත්වෙ.
    පාටලිගෙ හිට්ලර් සීන් එකක් මටත් දැනිලා තියෙනවා. ඒත් අර යකඩහීන පොන්නයට නම් අනුකම්පා කරන්න එපා. ඌගේ ෆේස් බුක් පෝස්ට් වගයක වීඩියෝ එකක් මම දැක්කා. ඔය වගේ හුත්තිගෙ පුතෙක් බඩේ ඉන්න දරුවා එක්කම අම්මා කෙනෙක්ව පාරේම මරලා තිබ්බා. මම වගේ එකෙක් නම් රිවස් කරල ඕකව යට කරලම දානවා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Don't deceive yourself to the words of powerless bugger who was autocratic and solum headed more than anyone when he was a minister. When Ranil was in opposition he was democratic more than the father of Mostequie.
    In nutshell, you never take it serious about the talks of politicians who are powerless or defeated.
     
    Last edited:
    • Like
    Reactions: perv and Sonique

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    4739364-Winston-Churchill-Quote-A-politician-needs-the-ability-to-foretell.jpg
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රශ්ණයක් අහන්නෙ කොහොමද... වැල් වටාරම් දොඩවන්නෙ නැතුව අහපු ප්‍රශ්ණෙට උත්තරය දෙන්නෙ කොහොමද ... නිවැරදිව භාශාව... ශෛලිය ..භඬ හසුරුවන්නෙ කොහොමද කියන කාරණාවලට දිය හැකි හොඳම උදාහරණය මේ සාකච්ඡාව කියන්න දෙපාරක් හිතන්නෙ නෑ.
    :yes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ආතල් කතා බහක් කොපි එකක් හදන් මේක බලපං කිරියෝ :yes:


    අහලා ඉවර කලා,

    මු කොහොමත් කතාවට දක්ෂයා ඒ කාලේ ඉදන්ම. කවදාවත් කෝන කරන්න නම් බැ පොරව.

    මුගෙන් මුලින්ම සන්නා අහන ප්‍රශ්න වල තියන සාරුක්ට ගහපු බොම්බෙ මුගේ වැඩක් නෙවෙයි. ඒක උන විදිහ මම මෙකේ ඔපදුප නුලක කිව්වා. එකේ ඉලක්කය සාරුක් නෙවෙයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මුගෙන් මුලින්ම සන්නා අහන ප්‍රශ්න වල තියන සාරුක්ට ගහපු බොම්බෙ මුගේ වැඩක් නෙවෙයි. ඒක උන විදිහ මම මෙකේ ඔපදුප නුලක කිව්වා. එකේ ඉලක්කය සාරුක් නෙවෙයි.

    ko 👀 😁