සන්ෆ්ලවර් විකුණා දමයි !
කණ්ඩායම් සංගීත කලාවේ වසරක 30 කට වැඩි කාලයක් තිස්සේ ඉහලම නාමයක් දිනා තිබූ සන්ෆලවර් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේ ගෞරවය හිමි වනුයේ නීල් වර්නකුලසුරියටයි. එහි කිසිදු විවේචනයක් නොමැත. ලංකාවේ හොඳම සංගීත කණ්ඩායමේ නියමුවා හොඳම නායකයා ද ඔහු බව බොහෝ දෙනාගේ මතයයි.
“නීල් අයියා සන්ෆ්ලවර් එක විකුණලා බං… දැන් තාල් බෑන්ඩ් එක කරගෙන යනවලු.. කෝටි ගානකට විකුණලා තියෙන්නේ ශාන්ටලු..”
මේ දිනවල සංගීත කණ්ඩායම් වල සාමාජිකයින්ගේ ප්රධාන කතාබහට ලක්ව තිබෙන මාතෘකාවකි.
මේ පිළිබඳව අප විසින් සොයා බැලීමේදී අනාවරණය වූයේ සන්ෆලවර් සංගීත කණ්ඩායම නීල් වර්ණකුලසුරිය විසින් විකුණා දමා ඇති බවයි. ඉදිරියට භාරගත් සංගීත ප්රසංග 70 ක් දක්වා නීල් වර්ණකුලසූරිය සහභාගී වන අතර ඉන් පසුව සියලුම කටයුතු මෙහෙයවනු ලබන්නේ සංගීත කණ්ඩායම මිලදීගත් ශාන් නැමැත්තා විසින් බවද වාර්තා වේ. ශාන් නැමැත්තා මීට කලින් මහින්ද සිල්වා ප්රමුඛ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමද මහින්ද සිල්වාගෙන් මිලදී ගත්තේය.
ශ්රී ලාංකීය රසික පිරිස වැඩියෙන්ම ආදරය කල සංගීත කණ්ඩායම වුයේ සන්ෆ්ලවර්ය. තවමත් රිද්මය මිනිසුන්ගේ මතකයේ ඇත. අතුල අධිකාරී,මහින්ද සිල්වා,අර්නි පීරිස් මුලින්ම කණ්ඩායම හැරගිය ගියේය. සංගීත කණ්ඩායමේ පසුබෑම ආරම්භ වුයේ පසුගිය වසර කිහිපය අතර තුර විවිධ ශිල්පින් එහා මෙහා මාරුවීමත් සමග බවත් ඇතැම් රසිකයෝ පවසති.
කෙසේ වෙතත් සන්ෆලවර් විකිණීමට ආසන්නම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තාල් සංගීත කණ්ඩායම ඉදිරියට පවත්වා ගෙන යාමට නීල් වර්ණකුලසූරිය කටයුතු කරන ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙක් පවසා තිබේ.
නීල් වර්ණකුලසූරිය ‘‘සන්ෆ්ලවර්” විකුණා දමයි !