සඳහිරු සෑයට රත්තරන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සඳහිරු සෑයට රත්තරන් කිලෝ 8 ක් නිදහස් කළේ මගේ ලිපියකට නොවේ



    සඳහිරු සෑයට රේගුව සතුව තිබූ රත්තරන් ක්‍රිලෝග්‍රෑම් අටක් නිදහස් කර තිබුණේ තමාගේ ලිපියකට අනුව නොවන බව දැන දැනත් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළා යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න මහතා ඉකුත් 19 වැනිදා පැවසීය.


    ඔහු මේ බව පැවසුවේ 2105 - 2019 කාලයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේය.


    සඳහිරු සෑයේ තැන්පත් කිරීමට රේගුව සතුව තිබූ රත්රන් කිලෝග්‍රෑම් අටක් ලබාදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගෙන අගතියට ලක්කළේ යැයි තාරක සෙනෙවිරත්න මහතා ගොනුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි විමසීම ඉකුත් 19 වැනිදා කොමිසම හමුවේ සිදුකෙරිණ. එහිදී තාරක සෙනෙවිරත්න මහතා නීතිඥ තරිඳු වික්‍රමනායක මහතාගේ ප්‍රශ්නකිරීම් හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබාදුන්නේය.


    නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා - ඔබ තවමත් රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරනවාද? මොකක්ද ඔබේ තනතුර?
    තාරක සෙනෙවිරත්න මහතා - මම විශ්‍රාමික රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. මම 2106 මාර්තු 08 වැනිදා විශ්‍රාම ගත්තා.


    ප්‍රශ්නය- ඔබගේ සේවා කාලය කොපමණද?
    පිළිතුර - වසර හතළිහට දින තුනයි අඩු.


    ප්‍රශ්නය - ඔබ මේ කොමිසම හමුවේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මොකක්ද ඒ?
    පිළිතුර - 2014 ඔක්තෝබර් පළමුවැනිදා නාවික හමුදාව යාපනය උතුරු මුහුදේදී රත්රන් කිලෝ 45ක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ පිළිබඳව රේගුවට දැනුම් දී දෙවැනිදා ඒවා රේගුවට යොමු කළා. ඒවා තුන්වැනිදා රාජසන්තක කළා. තුන්වැනිදාම නාවික හමුදාවෙන් ලිපියක් එවා තිබුණා එම රත්තරන් වලින් කිලෝ අටක් සඳහිරුසෑයේ තැන්පත් කිරීමට ලබාදෙන ලෙස ඉල්ලලා.


    කොමිසමේ සභාපතිවරයා- මොකක්ද මේ සඳහිරුසෑයේ විශේෂත්වය?
    පිළිතුර - අපි රජයක් ලෙස බුද්ධශාසනය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනයට බැඳී සිටිනවා. ඒ නිසා වෙහෙර විහාර ඉදිකිරීමේ හා සංරක්ෂණය කිරීමේ වගකීමක් රජයට තිබෙනවා. මේ සෑය හදන්නේ යුද්ධය කාලයේ වූ භාරයක් ඔප්පු කිරීමක් වශයෙන් කියලයි මට දැන ගන්න ලැබුණේ. සෑම පළාතකටම එකක් හදනවා කියලා තමයි භාරය වෙලා තියෙන්නේ. මේක හදන්න යොදාගෙන තිබුණේ අනුරාධපුරයෙයි.


    ප්‍රශ්නය - කාටද ලිපිය යොමුකර තිබුණේ?
    පිළිතුර - රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාශයේ ඉල්ලීම පරිදි නාවික හමුදාවෙන් එම ලිපිය යොමුකර තිබුණේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. ඔහු මේ ලිපිය අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන පූවිහරන්ටයි මටයි ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් රාජසන්තක කළ භාණ්ඩයක් එසේකර මාසයක කාලයක් අභියාචනා සඳාහා ඉඩ ලබාදිය යුතුයි. එහෙත් මේ රත්තරන් තොගය රාජසන්තක කීරීමේ නීතිමය කටයුතු අවසන් කළ තුන්වැනිදාම එයින් කිලෝ අටක් ඉල්ලා ලිපියක් යොමුකර තිබුණා. එම තොගයෙන් රත්රන් ලබාදිය නොහැකි බව මම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙන්වා දුන්නා. මමත් පූවිහරනුත් සාකච්ඡා කර ඊට විසඳුමක්ද යෝජනා කළා. අපි කිව්වා රජයේ අවශ්‍යතාවක් නිසා රාජසන්තක කෙරුණ නඩු අවසන්ව ඇති රත්රන්වලින් මේ ඉල්ලීම සපුරා පසුව නාවික හමුදාවෙන් අල්ලාගත් රත්තරන් වලින් එය ප්‍රතිපූරණය කළ හැකියි කියලා. මම ඒ කරුණු සියල්ල ලිපියේ අවසානයේ සටහන් කර තිබෙනවා.


    ප්‍රශ්නය - ස්වාමීනි මා එම ලිපිය පෑ 01 ලෙස ඉදිරිපත් කරනවා.
    ප්‍රශ්නය - ඔබ එසේ කළේ රේගු ආඥාපනතට අනුකූලවද?
    පිළිතුර - රාජසන්තක කර රේගුව සතුව පවතින භාණ්ඩ රජයේ අවශ්‍යතාවලට, මහා භාණ්ඩාගාරයට හෝ සුභසාධන කටයුතු සඳහා නිදහස් කිරීමේ බලය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙනවා. ඒ නිසා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මගේ යෝජනාවට එකඟ වුණා. ඒ නිසා මම ගුවන්තොටුපොළ භාර රේගු අධ්‍යක්ෂ ගෙන් විමසා යැව්වා ඔවුන් සතුව පවතින රාජසන්තක කරන ලද අභියාචනා කාලය අවසන් කළ රත්තරන් තොග පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස.
    ඔහු ලිපි ගොනු තුනක් යටතේ පවතින රත්තරන් තොග පිළිබඳව වාර්තාවක් මා වෙත යොමුකර තිබුණා. මා එය රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකළා. ඉන්පසු මා රට ගියා.


    ප්‍රශ්නය - ඊට පස්සේ මොකද වුණේ?
    පිළිතුර - මා නැවත ලංකාවට ආවට පස්සේ සොයා බැලුවේ නැහැ මේවා නිදහස් කළාද කියලා. මම 2016 විශ්‍රාම ගියාටත් පස්සේ දවසක මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඇවිත් මගෙන් ප්‍රකාශයක් ලබාගත්තා සඳහිරුසෑයට රත්රන් ලබාදීම සම්බන්ධයෙන්. මට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා කියලා තමයි ඔවුන් කිව්වේ. මේවා නිදහස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වුවමනාවටද කියලා ඇහුවා. මම ඒක පිළිගත්තේ නැහැ. ඒ වෙනකොට මම ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා සුදුද, කළුද කියලාවත් දන්නේ නැහැ. දැන්නම් දන්නවා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ නිසා.


    ප්‍රශ්නය - ඊට පස්සේ ඔබ අත්අඩංගුවට ගැනීමක් සිදුවුණාද?
    පිළිතුර - 2019 සැප්තැම්බර් මාසයේ දවසක නැවත පෙර පැමිණි නිලධාරීන් දෙදෙනාම ආවා. කලින් දීපු ප්‍රකාශය ප්‍රමාණවත් නැහැ, අලුත් එකක් අවශ්‍යයි කියලා ප්‍රශ්න විසිඑකක් හදාගෙන ආවා. ඒ වෙනකොට මම හිටියේ රෝහල්ගතවයි.

    ප්‍රශ්නය - ඔවුන් ප්‍රශ්න විසිඑකක් හදාගෙන ආවා?
    කොමිසමේ සභාපති - ඒ නිලධාරීන්ගේ නම් දන්නවාද?
    පිළිතුර - ප්‍රේමරත්න හා ප්‍රනාන්දු කියලා දන්නවා. ඒ හැර නමේ ඉතිරි කොටස දන්නේ නැහැ.


    කොමිසමේ සභාපතිවරයා - ඔබට විරුද්ධ චෝදනාව මොනවද කියලා ඔවුන් පෙන්වා දුන්නාද?
    පිළිතුර - නැහැ. මට කිව්වේ සඳහිරුසෑයට රත්රන් මුදාහැර තිබුණේ මගේ ලිපියකට අනුවයි. ඒ සම්බන්ධයෙන් මා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් තිබෙනවා කියලා පමණයි.


    නීතිඥ තරිඳු වික්‍රමනායක - ඔවුන් මොනවද කිව්වේ?
    පිළිතුර - ප්‍රශ්න විසිඑකක් තියෙනවා. මේවාට උත්තර දීලා හොඳ ප්‍රකාශයක් ලබාදෙන්න කිව්වා. ඒ ප්‍රශ්නවලින් එකක් තමයි දැන්වත් ඔබ පිළිගන්නවාද මේ රත්රන් නිදහස් කළේ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමට කියලා යන්නයි. ඔවුන්ට ඕන කළේ ඒක මගේ කටින් කියවා ගන්නයි. මට දැනුණ විදිහට මේ ප්‍රශ්න හදලා දීලා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්.


    කොමිසමේ සභාපතිවරයා - ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ?
    පිළිතුර - ලිඛිත සාක්ෂියක් නැහැ. එහෙත් ඒ පැමිණි පොලිස් නිලධාරීන් කිව්වේ ගියවර ප්‍රකාශය ශක්තිමත් නැහැ කියලා අපට ලෙඩක් වැටුණා. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් හදලා දීපු මේ ප්‍රශ්න ටිකටවත් හරියට උත්තර දෙන්න කියලයි.


    ප්‍රශ්නය - ඊට පස්සේ ඔබ අත්අඩංගුවට ගත්තා?
    පිළිතුර - ඔව්. අත්අඩංගුවට ගත්තාට පස්සෙ තමයි මම ලිපිගොනුව පරීක්ෂා කළේ. එතකොටයි මම දැනගත්තේ මගේ ලිපියට එතනින් එහාට කිසිම දෙයක් සිදුව නැති බව.


    ප්‍රශ්නය - එතකොට රත්රන් ලබාදී තිබෙන්නේ කෙසේද?
    පිළිතුර - මගී බඩු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. කේ. පණ්ඩුල මහතා යොමුකළ රත්රන් තොග පිළිබඳ ලිපිගොනුවකට අනුව රත්රන් කිලෝග්‍රෑම් අටයි, ග්‍රෑම් 113ක් නිදහස් කර ඇති බව මෙම සිදුවීමට අදාළ ලිපිගොනුව පරීක්ෂා කිරීමේදී දැනගත හැකිවුණා. ඔහු එයට කොන්දේසි කීපයක්ද පනවා තිබුණා. මේ නාවික හමුදාවෙන් ලබාදී තිබූ රත්රන්වල නීතිමය ප්‍රශ්න විසඳුණ පසු මෙම නිදහස් කරන රත්රන් තොගය වෙනුවට රත්රන් හෝ මුදල් ප්‍රතිපූරණය කරන ලෙසට හා එසේ කිරීමට එකඟ බවට නාවුක හමුදාවෙන් එකඟතාව පළකරන ලිපියක් අවශ්‍ය බවට.


    ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබේ ලිපිය අනුව කිසිම කටයුත්තක් ඉදිරියට ගිහින් නැහැ?
    පිළිතුර - නැහැ. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හිතාමතාම තමයි වැරැදි තොරතුරු සහිත ලිපිගොනුවක් සකස්කර නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර මා අත්අඩංගුවට ගත්තේ.



    ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඔබ නීතිමය පියවරක් ගත්තේ නැද්ද?
    පිළිතුර - මා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. ඒක එක දවසක් කැඳෙව්වා. දෙවැනි දවසෙ කැඳවන්න වුණේ නැහැ කොරෝනා වසංගත තත්ත්වය නිසා.
    විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සෙසු සාමාජිකයන් වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කොමිසම කැඳවනු ලැබීය.
    පැමිණිල්ලේ සාක්ෂි විභාගය නැවත ලබන 26 වැනිදා සිදුකිරීමට නියමිතය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රශ්නය - එතකොට රත්රන් ලබාදී තිබෙන්නේ කෙසේද?
    පිළිතුර - මගී බඩු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී. කේ. පණ්ඩුල මහතා යොමුකළ රත්රන් තොග පිළිබඳ ලිපිගොනුවකට අනුව රත්රන් කිලෝග්‍රෑම් අටයි, ග්‍රෑම් 113ක් නිදහස් කර ඇති බව මෙම සිදුවීමට අදාළ ලිපිගොනුව පරීක්ෂා කිරීමේදී දැනගත හැකිවුණා. ඔහු එයට කොන්දේසි කීපයක්ද පනවා තිබුණා. මේ නාවික හමුදාවෙන් ලබාදී තිබූ රත්රන්වල නීතිමය ප්‍රශ්න විසඳුණ පසු මෙම නිදහස් කරන රත්රන් තොගය වෙනුවට රත්රන් හෝ මුදල් ප්‍රතිපූරණය කරන ලෙසට හා එසේ කිරීමට එකඟ බවට නාවුක හමුදාවෙන් එකඟතාව පළකරන ලිපියක් අවශ්‍ය බවට.

    නාවික හමුදාවෙන් සල්ලි දීලද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නාවික හමුදාවෙන් සල්ලි දීලද?
    සල්ලි නෙමේ එකගතාවය පමණයි ඉල්ලලා තියෙන්නෙ. මෙතන ඈත්තටම අදාල වෙන්නේ නාවික හමුදාව එක්ක ඈති වුන ගිවිසුම නෙමේ. මේ මනුස්සයා සම්බන්ධ නෑති ලියුමක් ගෑන ප්‍රශ්ණ කරලා, ගෝඨාභයගේ නම කියන්න කියලා බල කරපු එක. උන් යහපාලනේට කඩේ ගිහින්. යහපාලනේ එවුන් හම්බ කරගෙන මාරු. දෑන් ඉතින් කඩේ ගිය නිලධාරීන්ට කෙල වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි නෙමේ එකගතාවය පමණයි ඉල්ලලා තියෙන්නෙ. මෙතන ඈත්තටම අදාල වෙන්නේ නාවික හමුදාව එක්ක ඈති වුන ගිවිසුම නෙමේ. මේ මනුස්සයා සම්බන්ධ නෑති ලියුමක් ගෑන ප්‍රශ්ණ කරලා, ගෝඨාභයගේ නම කියන්න කියලා බල කරපු එක. උන් යහපාලනේට කඩේ ගිහින්. යහපාලනේ එවුන් හම්බ කරගෙන මාරු. දෑන් ඉතින් කඩේ ගිය නිලධාරීන්ට කෙල වෙනවා.
    නාවික හමුදාවෙන් පස්සෙ සල්ලි දුන්නද දන්නෙ නෑ. ඒ ගැන හොයල නැද්ද?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔච්චර රත්තරන් කිසි ප්‍රයෝජනයක් නැතුව ඕකේ නිදන් කරල මක් කරන්නද අපරාදේ නෙ :baffled:
    ඇයි බන් අනාගත නිදන් හොරුන්ට හාරාන්ඩ නේ නිදන් කරන්නේ. රජකාලේ නිදන් කරපුවා අද කාලේ ගොඩ දානවා. අද කාලේ නිදන් කරලා අනාගතේ ගොඩදාගන්නවා. නිදන් වදුලු පොත්, ලක්ස ගනන් වටින මැශීන් , ඔනි නැ ගුගල් කරාම නිදන් හොයන්න පුළවන්
     
    • Like
    Reactions: LazyLizard

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නාවික හමුදාවෙන් පස්සෙ සල්ලි දුන්නද දන්නෙ නෑ. ඒ ගැන හොයල නැද්ද?

    සල්ලි දෙන්න ඕනේ වෙන්නේ නෑ. මෙහෙමයි කේස් එක. නාවික හමුදාවෙන් හොර බඩු, ඒ කියන්නේ මෙතනදී රත්තරන් අල්ලනවා. ඊට පස්සේ ඒවා බාර දෙනවා කස්ටම් එකට. එයාලා ඒකෙදී නීතිමය පෑත්ත හෑන්ඩ්ල් කරනවා. ඒ කටයුත්ත ඉවර වෙනකම් ඒ අල්ලපු රත්තරන් වෙනම තියනවා මොකද ඒ නීති කටයුත්තේදි ඔප්පු වුනොත් ඒවා ඈත්තටම හොර බඩු නෙමේ කියලා අයිතිකාරයට ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා තමා නාවික හමුදාවෙන් ලියුමක් අරන් තියෙන්නෙ නීති කටයුත්තෙන් ඒවා අයිතිකාරයට දෙන්න වුනොත් නාවික හමුදාවෙන් එක්කෝ ඒ වටිනාකමට රත්තරන් හරි සල්ලි හරි දෙනවා කියලා. මේකෙදි එහෙම වෙලා නෑ. හොර බඩු රාජසන්තකයි. ඉතින් නේවි එකෙන් සල්ලිවත් රත්තරන්වත් දෙන්න ඕනේ නෑ.