සපත්තු දෙක

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කඳු පල්ලම් මැදින් අලුත් සපත්තු දෙකක් දාගෙන
කැම්පස් ආවා මතකයි මට තාමත්
අම්මත් එක්ක ලොකු බෑග් එකක් එල්ලගෙන
පුදුම ආසාවකින්
පුදුම සතුටකින්



ඒත්

රුග් එකෙන් පස්සේ
බැස්සා සෙරෙප්පු දෙකට
කට්ටක් තියෙන බව දන්න හින්දා
විඳින්න වෙන දුක් ගින්දර දන්න හින්දා


අවුරැදු දෙකකට පස්සේ

ගියා රස්සාවකට මමත්
උපාධියත් කරන අතරේම
පැත්තකට දාපු සපත්තු දෙකත් දාගෙන
අම්මට බරක් වෙන්න බැරි හන්දා
මල්ලිගේ වියදනුත් වැඩි හන්දා



ඒත්

අවුරැදු දෙකකට පස්සේ
අඩිය ගැලවිලා සපත්තුවේ
උපාධිය දවසෙම
දාගෙන යන්නත් බැරි තරමට
අම්මත් එක්කම වළලන්න වෙන තරමට



සංකල්පනාව - මාලන් විදානපතිරණ

 
Last edited:

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අම්මත් එක්කම වළලන්න වෙන තරමට :(:(:(:(:(
මගේ අත්දැකීමක් නෙ:(මෙයි. මට මගේ නොවන:no: අත්දැකීමක්:oo: තිබුණු නිසායි එහෙම දැම්මේ:rolleyes: