සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

absolutel

Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

    බුදු හාමුදුරුවන්ගේ කාලේ
    එක්තරා හාමුදුරුවෝ නමක්....
    බුදු හාමුදුරුවෝ වැඩ හිටපු
    පන්සලේ ම වැඩවාසය කළා.....
    ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට
    ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්....
    මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින්
    අපල උපද්‍රව හටගන්නා බවට....
    උන්වහන්සේ තරයේ විශ්වාස කළා!
    එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ
    ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර...
    තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්
    යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...
    දවසක් උදය වරුවෙහි දී
    බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....
    බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....
    .
    .
    .
    //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස....
    මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//
    .
    .
    .
    කොහොමහරි බුදුන් වහන්සේ
    ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....
    එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ......
    දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....
    එම පැනය ම නැවත විචාළා.....
    එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!
    ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව
    සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....
    එම පැනයම විචාරුවා......
    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි
    එවිට බුදුන් වහන්සේ වදාළා.....
    කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...
    අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌
    බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ....
    තම ප්‍රශ්නය ඉදිරිපත් කළා..
    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......
    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....
    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....
    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"
    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....
    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....
    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.
    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....
    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....
    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....
    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!
    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"
    මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය
    අරඹයා දේශනා කළා!
    හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව
    ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු....
    සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින්
    විශාල වීම!
    අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම....
    යන කාරණා අඩංගු වන්නේ....
    මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය....
    මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ
    නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට.....
    විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌
    නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය.....
    නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා...
    සිතන්න.....
    බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම්
    විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද!
    ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක්
    අද පෑයු ඒවා නොවේ.....
    සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ......
    අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි....
    කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ
    එම තරුවේ 2014 දී ස්වභාවයයි....
    ඒ අනුව මුළු අහස තුළින් ම,
    අපි දකින්නේ අතීතය යි....
    එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන
    ලද ත්‍රිපිටක ග්‍රන්ථ ලියා ඇත්තේ.....
    අදට සියවස් ගණනකට කලිනි....
    කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන
    සංකල්පය තබා.....
    ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්.....
    සොයාගෙන තිබුණේ නැත....!
    සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව....
    දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක්
    කිසිදු අත්දැකීමක් තිබුණේ නැත....
    මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ
    බෝහෝ මැතක නිසා ය...!
    එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ....
    තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක්
    ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ!
    මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි.....
    දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය...
    බුදු බණ මෙන් සර්වකාලීන වූ
    දේශනා ලොව කිසි කලෙකත් නො වීය....
    මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!

    උපුටා ගැනිම - ෆෙස්බුක්

    සංවාදයට විවෘතයි
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බුදු හාමුදු......
    බුදු බණ මෙන් සර්වකාලීන වූ
    දේශනා ලොව කිසි කලෙකත් නො වීය....
    මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!

    උපුටා ගැනිම - ෆෙස්බුක්

    සංවාදයට විවෘතයි

    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකට බබා එලියට අදින ,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකටපොඩි එකාට බත් කවන,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකට පොඩි එකාට අකුරු උගන්නන්න පටන් ගන්න,
    තරු තියෙන පැත්ත බලල හොඳයි දිශාව බලල ගෙයින් එලියට බහින,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකට මගුලේ දිනේ කියන්න යන,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන වෙලාවට මගුලට එලියට බහින,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන වෙලාවට පෝරුවට නගින,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන වෙලාවට මගුල අහවර කරලා එලියට බහින,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකට ගේ හදන්න පටන් ගන්න,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන දිනේකට ගෙදර පදිංචි වෙන්න යන,
    තරු තියෙන පැත්ත බලල නරකයි කියන කාලෙට ගල්කැට බෙල්ලේ එල්ලන් ඉන්න,
    තරු තියෙන පැත්ත බලල හොඳයි කියන වෙලාවට ගෙයින් එලියට බහින,
    ..........

    අත රිදෙනවා හු..##
    .
    .
    නිවට ජාතියකට මොන බුදු බණ ද ඕයි :rofl::rofl::rofl:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තොත්ත බබා;23251533 said:

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලි කෙප්ප. බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ. බුදු දහම බටහිර කරනය කරන්න ඕනෙ උන් තමා මේ වගේ බුදු හාමුදුරුවො නොකියපු දේවල් කිව්ව කියල සූත්‍ර වලට කෑලි එකතු කරල හදන්නෙ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අලි කෙප්ප. බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ. බුදු දහම බටහිර කරනය කරන්න ඕනෙ උන් තමා මේ වගේ බුදු හාමුදුරුවො නොකියපු දේවල් කිව්ව කියල සූත්‍ර වලට කෑලි එකතු කරල හදන්නෙ.

    :yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අලි කෙප්ප. බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ. බුදු දහම බටහිර කරනය කරන්න ඕනෙ උන් තමා මේ වගේ බුදු හාමුදුරුවො නොකියපු දේවල් කිව්ව කියල සූත්‍ර වලට කෑලි එකතු කරල හදන්නෙ.

    එකත් එහෙමද බං :nerd:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අලි කෙප්ප. බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ. බුදු දහම බටහිර කරනය කරන්න ඕනෙ උන් තමා මේ වගේ බුදු හාමුදුරුවො නොකියපු දේවල් කිව්ව කියල සූත්‍ර වලට කෑලි එකතු කරල හදන්නෙ.

    me suththraya hadapu ekakda ethakota???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොත්ත බබා;23279735 said:
    එකත් එහෙමද බං :nerd:

    me suththraya hadapu ekakda ethakota???

    නෑ ඇත්තටම සත්ත සුරියොද්ගමන සූත්‍රය කියල එකක් තියෙනව ඒකෙ ඔහොම දෙයක් නෑ. ඔය බුදු හාමුදුරුවො තරුවක් පෙන්නල මේක පුපුරල ගොඩක් කල් කියපු එක දිවයිනට ලිපි ලියන මොකෙක් හරි ලියපු කෙප්පයක්. දිවයිනෙන් එහාට ඕකට කිසිම බෞද්ධ පොතක සෝස් නෑ.
    සත්ත සුරියොද්ගමන සූත්‍රය කියවන්න පුලුවන් මෙතනිං ඔහොම දෙයක් තියෙනවද බලපං.
    https://pitaka.lk
    මේකට ගිහිං "සත්තසුරියුග්ගමන සූත්‍රය" කියල search box එකේ paste කරන්න එයි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120

    http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    මේ තියෙන්නේ සූත්‍රය.ඕකෙ කියවෙන්නෙ සූර්යන් 7ක් පායලා වෙන ලෝක විනාශය ගැන.දැන් මොකක් හරි සූත්‍රයක නමක් කියලා ඕනෙ ඕනෙ ඒවා ලියන එක විනෝදාංශයක් වෙලා.
    මේකෙ post එක දාපු සහෝදරයට නෙමේ කිවුවෙ.මේක ලියපු මනුස්සයට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    මේ තියෙන්නේ සූත්‍රය.ඕකෙ කියවෙන්නෙ සූර්යන් 7ක් පායලා වෙන ලෝක විනාශය ගැන.දැන් මොකක් හරි සූත්‍රයක නමක් කියලා ඕනෙ ඕනෙ ඒවා ලියන එක විනෝදාංශයක් වෙලා.
    මේකෙ post එක දාපු සහෝදරයට නෙමේ කිවුවෙ.මේක ලියපු මනුස්සයට

    :yes:
    http://www.thripitakaya.org/tipitakaya/Index/567?s=10515
    මේකත් බලන්න ධොවන සූත්‍රය. බුදු හාමුදුරුවො නැකැත් නැහැමයි කියල ප්‍රතික්ශේප කරල නෑ නිවනට වැඩක් නෑ කියල විතරයි තියෙන්නෙ :yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    :yes:
    http://www.thripitakaya.org/tipitakaya/Index/567?s=10515
    මේකත් බලන්න ධොවන සූත්‍රය. බුදු හාමුදුරුවො නැකැත් නැහැමයි කියල ප්‍රතික්ශේප කරල නෑ නිවනට වැඩක් නෑ කියල විතරයි තියෙන්නෙ :yes:

    බුදුහාමුදුරුවො නැකත් ප්‍රතික්ශේප කලේ නෑ.උන්වහන්සේ භික්ෂූන්ට ඔය නැකැත් පස්සේ යන්න එපා කියලයි දේශනා කලේ.ලෝකෝත්තර මාර්ගය වඩන කෙනෙකුට නැකැත් බලන එකෙන් වෙන්නේ ප්‍රමාදයක් විතරයි. අර තරුවක පිපිරීමක් ගැන කියන දේශනයක් මම දැනුවත්ව ත්‍රිපිටකයෙ නෑ.එකයි මම කිවුවෙ.
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    මේ තියෙන්නේ සූත්‍රය.ඕකෙ කියවෙන්නෙ සූර්යන් 7ක් පායලා වෙන ලෝක විනාශය ගැන.දැන් මොකක් හරි සූත්‍රයක නමක් කියලා ඕනෙ ඕනෙ ඒවා ලියන එක විනෝදාංශයක් වෙලා.
    මේකෙ post එක දාපු සහෝදරයට නෙමේ කිවුවෙ.මේක ලියපු මනුස්සයට

    ස්තුති දැනුවත්කලාට

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බුදුහාමුදුරුවො නැකත් ප්‍රතික්ශේප කලේ නෑ.උන්වහන්සේ භික්ෂූන්ට ඔය නැකැත් පස්සේ යන්න එපා කියලයි දේශනා කලේ.ලෝකෝත්තර මාර්ගය වඩන කෙනෙකුට නැකැත් බලන එකෙන් වෙන්නේ ප්‍රමාදයක් විතරයි. අර තරුවක පිපිරීමක් ගැන කියන දේශනයක් මම දැනුවත්ව ත්‍රිපිටකයෙ නෑ.එකයි මම කිවුවෙ.

    නක්කත්ත සූත්‍රයෙ තියනව බන්
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අලි කෙප්ප. බුදු හාමුදුරුවො නැකැත් ප්‍රතික්ශේප කලේ නෑ. බුදු දහම බටහිර කරනය කරන්න ඕනෙ උන් තමා මේ වගේ බුදු හාමුදුරුවො නොකියපු දේවල් කිව්ව කියල සූත්‍ර වලට කෑලි එකතු කරල හදන්නෙ.

    පව් බන් උඹ