සපුගස්කන්ද පිරිපහදුව පලමු වරට වසාදමයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,849
    39,870
    113
    Homagama
    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය.

    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.

    පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.

    දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්‍රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

    මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.

    ---------===-==-----
    ජයවේවා සර්.
    නියමටම කරනවා.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    t6N0CzI.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ෂැපද?
    අප්පච්චි නැතිව නින්ද යන්නේ නැද්ද?
    අහස අඳුරුයි, බත ඉදෙන්න හාල් නෑ, මුට්ටිය විතරක් ලිපේ, බොක යන්නෙත් නේ මාතියා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඩීසල් , පෙට්රෝල් රටින් ගෙන එක ලබයි බන් ලංකාවේ නිලදාරීන්ගේ යටි මදි ගසාකෙම් වලට යන්නේ නැතුව.

    ඕක කොහොමත් වහල දාන්න ඕනේ.

    තෙල් සංස්ථාවේ හැමෝම පයින් ගහල දොට්ට දාන්න තියින්නේ.
    ------ Post added on Nov 14, 2021 at 7:57 PM