සබ්මැරීන අංගනය
එළකිරියේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වන මාතෘකාවක් බවට සබ්මැරීන පත්වෙලා තියෙනවා.විශේෂයෙන්ම ඉදිරියේ රාළගේ ත්‍රෙඩ් නිසා සබ්මැරීන සම්බන්ධව නොදන්නා තොරතුරු දැන කියාගන්නට අවස්ථාවක් ලැබී තිබේ.සීතල යුද්ධයෙන් පසුව පුටීන් සමග අළු ගසා නැගී සිටින රුසියාව මෙන්ම සිරියානු යුද්ධයත් සබ්මැරීන සම්බන්ධව කතාබහක් ඇතිවීමට හේතු ලෙස දැක්විය හැකිය.බොහෝදෙනා සිතා සිටින්නේ 1991 සෝවියට් දේශය බිදවැටීමෙන් පසුව සීතල යුද්ධය අවසන් වූ බවයි.නමුත් එය එසේ වූයේ නැත.ඇමෙරිකානු කඳවුරේ සහ රුසියාවේ සහාය ලබන ආයුද සන්නද්ධ අරගල සීතල යුද්ධය පැවති සමයේ මෙන්ම අදටත් පවතියි.හොඳම උදාහරණය තවමත් ඇදී යන සිරියානු යුද්ධයයි.1991 වර්ෂයේදී සෝවියට් දේශය කැබලිවලට වෙන්වී ගොස් එහි සුපිරි බලය අතුරුදහන් වූ පසු ආර්ථික සහ යුදමය අතින් පහළට වැටුණු රුසියාව තවත් දුර්වල කිරීමට ඇමෙරිකාව සහ සෞදි අරාබිය ඇතුලු රටවල් චෙච්නියාව අවුලුවාලන ලදි.චෙච්නියාවේ මුස්ලිම් බෙදුම්වාදය අදටත් රුසියාවට හිසරදයකි.1979-1989 සමයේදී ජිමී කාටර්ගේ පාලන තන්ත්‍රයේ සහායෙන් ඇතිකල මුජහිදීන් ජිහාඩ් සටන්කාමීන් හමුවේ ඇෆ්ගනිස්ථානයේදී නින්දාසහගත පරාජයක් ලැබූ සෝවියට් දේශය, ඇමෙරිකා විසින් බිහිකල අල්කයිඩා ත්‍රස්තවාදීන් සමග කොකේසස් කඳුකරයේ දශකයකට වැඩි කාලයක් සටන් කලේය(චෙච්නියානු යුද්ධ).
සෝවියට් දේශය නැති ලෝකයේ තනි සුපිරි බලවතා වූ ඇමෙරිකාව 2000 දශකය තමන්ගේ අභිමතාර්ථ සිය සුපිරි යුද ශක්තිය යොදාගෙන සඵල කරගන්නට උත්සාහ කලේය.එහිදී ඔවුන් පළමුව ඇෆ්ගනිස්ථානයද දෙවනුව ඉරාකයද ආක්‍රමණය කලේය.ඉන්පසු ඔවුන් ලිබියාවට පය තැබීය.අවසානයේ සිරියාවද අවුලුවාලන ලදි.නමුත් යැංකින්ගේ සිරියානු සංග්‍රාමය සිතූ තරම් ලෙහෙසි එකක් නොවූයේ රුසියාව සිරියානු පක්ෂයේ සිට ගැනීම නිසාය.2001 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කල ජයගත නොහැකි සංග්‍රාමයක් ආරම්භ කල යැංකින්ට සිදුවූයේ දශකයකට පමණ පසුව සිය හමුදා එරටින් ඉවත් කරගැනීමටය.එනමුත් අදටත් එහි 10,000කට ආසන්න ඇමෙරිකානු සෙබලුන් පිරිසක් රැදී සිටියි.ඇමෙරිකාවේ අලුත්ම කතාව වන්නේ තලෙයිබාන්වරුන්ට රුසියාව රහසේ උදව් කරන බවයි.එය සත්‍යයක් නම් ඉතිහාසයේදී ඔවුන් සෝවියට් දේශයට අත්කරදුන් අවමානය දැන් ඔවුන් විදිමින් තිබේය යන්නයි.
අද්මිරාල් කුෂ්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුලු නාවුක සංග්‍රාමික කණ්ඩායම නොවැම්බර් මාසයේදී සිරියාව ආසන්න නැගෙනහිර මධ්‍යධරණී මුහුද වෙත ළඟාවීමත් සමග එහි සිට ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම් දියත් කිරීම ඇරඹිණි.නමුත් ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමත් සමග මෙහෙයුම් නවතා දැමූ බවට වාර්තා පළවිය.ඉන්පසු එම නෞකා කණ්ඩායම සිරියාවේ ටාර්ටස් වරායේ රුසියානු නාවුක කඳවුර ආසන්නට ලඟා වූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.
ප්‍රංශයද තමන් සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන චාර්ල්ස් ඩි ගෝල් මධ්‍යධරණී මුහුදට එවා තිබෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නට බවයි පවසා තිබෙන්නේ.ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ යූ එස් එස් අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවද මධ්‍යධරණී මුහුද වෙත ළඟාවී තිබේ.
ඒ අතරතුර පසුගිය නමවෙනිදා අපූරු පුවතක් මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.ඒ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සැරිසරන ගුවන් යානා ප්‍රවාහන නෞකා ගිල්වා දැමිය හැකි රුසියානු සබ්මැරීන සොයා නේටෝ හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන බවයි.දැනට වාර්තාවන තොරතුරු අනුව නේටෝව සහ ඇමෙරිකානු නාවික හමුදාව ලුහුබදින්නේ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක රුසියාවට අයත් සබ්මැරීනයක් හෝ දෙකක්ය.ඉන් එක් සබ්මැරීනයක් ප්‍රොජෙක්ට් 949ඒ ඇන්ටි(Project 949A Antey) එනම් ඔස්කාර්-2(Oscar II) යන නේටෝ නාමයෙන් හඳුන්වන නියාමක මිසයිල සබ්මැරීනයක් යැයි සැක කෙරේ.මෙම සබ්මැරීන වර්ගය 'carrier killers' හෙවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවල මරුවා නමින් හඳුන්වයි.
මෙම රුසියානු සබ්මැරීන ලුහුබැදීමට ඇමෙරිකානු නාවුක හමුදාව සහ නේටෝ හමුදා ඔවුන් සතු පී-8 පොසයිඩන්( P-8 Poseidon) ඇතුලු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ගුවන් යානා යොදවා තිබෙන බව සඳහන් වේ.මෙම යානා සිසිලිය දූපතේ සිගොනෙල්ලා ගුවන් කඳවුරේ සිට පිටත්ව ගොස් තිබේ.
ටොන් 19,400 ජල කඳක් විස්ථාපනය කරන ඔස්කාර්-2 සබ්මැරීනයක් පී-700 ග්‍රැනයිට් සුපර්සොනික් නෞකා නාශක මිසයිලවලින් සන්නද්ධය.මෙම සබ්මැරීන පන්තිය සෝවියට් දේශය විසින් හඳුන්වාදුන්නේ ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් ලුහුබැද ගොස් විනාශ කිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.තවද රුසියානු නාවික හමුදාවේ න්‍යෂ්ඨික සබ්මැරීන ඇණිය සතු නිශ්ශබ්දව යාත්‍රා කල හැකි සබ්මැරීනවලින් එකක් ලෙසද ඔස්කාර්-2 පන්තිය හඳුන්වා දෙයි.ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමීමට සමත් සතුරන් අතලොස්සෙන් එක් අයෙක් ලෙසද මෙම සබ්මැරීන පන්තිය කතාබහට ලක්ව තිබේ.
ප්‍රොජෙක්ට් 949ඒ පන්තියේ සබ්මැරීන 11 සෝවියට් දේශය විසින් සම්පුර්ණ කලද ඉන් එකක් වන කෘස්ක් සබ්මැරීනය 2000 වර්ෂයේදී අනතුරක් නිසා අහිමි විය.නමුත් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින සබ්මැරීන ගණන සම්බන්ධව තොරතුරු පැහැදිලි නැත.සමහර විට එම ගණන 5ක් පමණ වේ යැයි අනුමාන කෙරේ.නමුත් දැනට හොඳ තත්ත්වයේ තිබෙන ඔස්කාර්-2 පන්තියේ සබ්මැරීන ප්‍රොජෙක්ට් 949ඒ එම්(Project 949AM) සංස්කරණයේ තත්ත්වයට වැඩිදියුණු කර 2030 වර්ෂය තෙක් සේවයේ යොදවන්නට රුසියාව සැලසුම් කර තිබේ.වැඩිදියුණු කල ඇන්ටි සබ්මැරීනයකට පී-800 ඔනික්ස්(P-800 Oniks) සහ කැලිබර්-එන්කේ(Kaliber-NK) මිසයිල ඇතුලුව කෲස් මිසයිල 72ක් රැගෙන යා හැකි යැයි සඳහන් වේ.
පසුගිය 9වනදා උද්ගත වූ තත්ත්වය රුසියා-නේටෝ ගැටුමක් බවට පත් වේදැයි යම් අයෙකුට සිතෙන්නට පුලුවනි.නමුත් සැබවින් දෙපාර්ශ්වය එවැනි ගැටුමක නොසිටියි.එසේ නම් නේටෝ සහ ඇමෙරිකානු හමුදා රුසියානු සබ්මැරීන දඩයම් කිරීමට යන්නේ යැයි පුවත් පළවන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවිය හැකිය.එලෙස රුසියානු සබ්මැරීනයක් ලුහුබැද විනාශ කලහොත් නම් යුද අවධානමක් අනිවාර්යයි.නමුත් මෙය එක්තරා ආකාරයක අභ්‍යාසයකි.රුසියානු සබ්මැරීන නේටෝ සහ ඇමෙරිකානු නෞක හමුදා නෞකා කණ්ඩායම් ආශ්‍රිතව ගැවසෙන්නේ ගැටුමක් අවුලුවා ගන්නට නොවේ.තම සබ්මැරීනවල ස්ටෙල්ත් හැකියාව පරීක්ෂා කිරීමටයි.
යම් ආකාරයකින් රුසියානුවන්ට සිය සබ්මැරීන නේටෝ හමුදාවලට හසු නොවී අදාල ප්‍රදේශයේ සැරිසරන්නට හැකි නම් ඔවුන්ගේ උත්සාහය සාර්ථකය.නේටෝවට අවශ්‍ය කරන්නේ තමන් සතු තාක්ෂණයෙන් රුසියානු සබ්මැරීන අනාවරණය කරගත හැකිබවත් යුදමය වාතාවරණයකදී එවැන්නක් සිදුවූයේ නම් රුසියානු සබ්මැරීන විනාශ වීමට ඉඩ ඇතිබවත් පෙන්වාදීමයි.ඉතින් දෙපාර්ශ්වයම කරන්නේ සිය හැකියාවක් මැන බැලීමක් විනා ගැටුමකට මගක් පාදා ගැනීම නොවේ.
රුසියානු ඔස්කාර්-2 සබ්මැරීන පන්තිය,අකූලා-2(Akula II) පන්තියේ සබ්මැරීනවලට වඩා ස්ටෙල්ත් තාක්ෂණයෙන් පහත්ය(Akula II යනු රුසියාව සතු අතිශය නිශ්ශබ්ද සබ්මැරීන පන්තියකි.වරක් මෙම පන්තියේ සබ්මැරීන ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේ සහ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව සැරිසැරූ බවට වාර්තා පළවිය)
Source
--------
dailymail.co.uk
theaviationist.com
nationalinterest.org
-HarshaLulzSec-

සිරියාවේ ටාර්ටස් වරාය දෙසට ගමන් කරන රුසියාවේ අද්මිරාල් කුෂ්නෙට්සොව් නෞකාව ඇතුලු රුසියානු ඇණිය-වරාය ආශ්‍රිතව සිටි අයෙක් විසින් මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබිණි.
අද්මිරාල් කුෂ්නෙට්සොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුලු නාවුක සංග්‍රාමික කණ්ඩායම නොවැම්බර් මාසයේදී සිරියාව ආසන්න නැගෙනහිර මධ්‍යධරණී මුහුද වෙත ළඟාවීමත් සමග එහි සිට ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම් දියත් කිරීම ඇරඹිණි.නමුත් ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමත් සමග මෙහෙයුම් නවතා දැමූ බවට වාර්තා පළවිය.ඉන්පසු එම නෞකා කණ්ඩායම සිරියාවේ ටාර්ටස් වරායේ රුසියානු නාවුක කඳවුර ආසන්නට ලඟා වූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය.
චාර්ල්ස් ඩි ගෝල් ගුවන් යානා ප්‍රවාහන නෞකාව
යූ එස් එස් අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාව
ප්‍රංශයද තමන් සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන චාර්ල්ස් ඩි ගෝල් මධ්‍යධරණී මුහුදට එවා තිබෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නට බවයි පවසා තිබෙන්නේ.ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ යූ එස් එස් අයිසන්හවර් ගුවන් යානා ප්‍රවාහන නෞකාවද මධ්‍යධරණී මුහුද වෙත ළඟාවී තිබේ.
ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා සංග්‍රාමික කණ්ඩායමක දළ සැකැස්ම
ඒ අතරතුර පසුගිය නමවෙනිදා අපූරු පුවතක් මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.ඒ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සැරිසරන ගුවන් යානා ප්‍රවාහන නෞකා ගිල්වා දැමිය හැකි රුසියානු සබ්මැරීන සොයා නේටෝ හමුදා මෙහෙයුම් දියත් කර තිබෙන බවයි.දැනට වාර්තාවන තොරතුරු අනුව නේටෝව සහ ඇමෙරිකානු නාවික හමුදාව ලුහුබදින්නේ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක රුසියාවට අයත් සබ්මැරීනයක් හෝ දෙකක්ය.ඉන් එක් සබ්මැරීනයක් ප්‍රොජෙක්ට් 949ඒ ඇන්ටි(Project 949A Antey) එනම් ඔස්කාර්-2(Oscar II) යන නේටෝ නාමයෙන් හඳුන්වන නියාමක මිසයිල සබ්මැරීනයක් යැයි සැක කෙරේ.මෙම සබ්මැරීන වර්ගය 'carrier killers' හෙවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවල මරුවා නමින් හඳුන්වයි.
Oscar II සබ්මැරීනයක්
මෙම රුසියානු සබ්මැරීන ලුහුබැදීමට ඇමෙරිකානු නාවුක හමුදාව සහ නේටෝ හමුදා ඔවුන් සතු පී-8 පොසයිඩන්( P-8 Poseidon) ඇතුලු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ගුවන් යානා යොදවා තිබෙන බව සඳහන් වේ.මෙම යානා සිසිලිය දූපතේ සිගොනෙල්ලා ගුවන් කඳවුරේ සිට පිටත්ව ගොස් තිබේ.
ටොන් 19,400 ජල කඳක් විස්ථාපනය කරන ඔස්කාර්-2 සබ්මැරීනයක් පී-700 ග්‍රැනයිට් සුපර්සොනික් නෞකා නාශක මිසයිලවලින් සන්නද්ධය.මෙම සබ්මැරීන පන්තිය සෝවියට් දේශය විසින් හඳුන්වාදුන්නේ ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් ලුහුබැද ගොස් විනාශ කිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.තවද රුසියානු නාවික හමුදාවේ න්‍යෂ්ඨික සබ්මැරීන ඇණිය සතු නිශ්ශබ්දව යාත්‍රා කල හැකි සබ්මැරීනවලින් එකක් ලෙසද ඔස්කාර්-2 පන්තිය හඳුන්වා දෙයි.ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ගිල්වා දැමීමට සමත් සතුරන් අතලොස්සෙන් එක් අයෙක් ලෙසද මෙම සබ්මැරීන පන්තිය කතාබහට ලක්ව තිබේ.
පී-8 පොසයිඩන් ගුවන් යානයක්
ප්‍රොජෙක්ට් 949ඒ පන්තියේ සබ්මැරීන 11 සෝවියට් දේශය විසින් සම්පුර්ණ කලද ඉන් එකක් වන කෘස්ක් සබ්මැරීනය 2000 වර්ෂයේදී අනතුරක් නිසා අහිමි විය.නමුත් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින සබ්මැරීන ගණන සම්බන්ධව තොරතුරු පැහැදිලි නැත.සමහර විට එම ගණන 5ක් පමණ වේ යැයි අනුමාන කෙරේ.නමුත් දැනට හොඳ තත්ත්වයේ තිබෙන ඔස්කාර්-2 පන්තියේ සබ්මැරීන ප්‍රොජෙක්ට් 949ඒ එම්(Project 949AM) සංස්කරණයේ තත්ත්වයට වැඩිදියුණු කර 2030 වර්ෂය තෙක් සේවයේ යොදවන්නට රුසියාව සැලසුම් කර තිබේ.වැඩිදියුණු කල ඇන්ටි සබ්මැරීනයකට පී-800 ඔනික්ස්(P-800 Oniks) සහ කැලිබර්-එන්කේ(Kaliber-NK) මිසයිල ඇතුලුව කෲස් මිසයිල 72ක් රැගෙන යා හැකි යැයි සඳහන් වේ.
සබ්මැරීන අනාවරණය කරගැනීමේ ප්‍රධානතම ක්‍රම
පසුගිය 9වනදා උද්ගත වූ තත්ත්වය රුසියා-නේටෝ ගැටුමක් බවට පත් වේදැයි යම් අයෙකුට සිතෙන්නට පුලුවනි.නමුත් සැබවින් දෙපාර්ශ්වය එවැනි ගැටුමක නොසිටියි.එසේ නම් නේටෝ සහ ඇමෙරිකානු හමුදා රුසියානු සබ්මැරීන දඩයම් කිරීමට යන්නේ යැයි පුවත් පළවන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතුවිය හැකිය.එලෙස රුසියානු සබ්මැරීනයක් ලුහුබැද විනාශ කලහොත් නම් යුද අවධානමක් අනිවාර්යයි.නමුත් මෙය එක්තරා ආකාරයක අභ්‍යාසයකි.රුසියානු සබ්මැරීන නේටෝ සහ ඇමෙරිකානු නෞක හමුදා නෞකා කණ්ඩායම් ආශ්‍රිතව ගැවසෙන්නේ ගැටුමක් අවුලුවා ගන්නට නොවේ.තම සබ්මැරීනවල ස්ටෙල්ත් හැකියාව පරීක්ෂා කිරීමටයි.
P-8 යානයක ආකෘතිය
යම් ආකාරයකින් රුසියානුවන්ට සිය සබ්මැරීන නේටෝ හමුදාවලට හසු නොවී අදාල ප්‍රදේශයේ සැරිසරන්නට හැකි නම් ඔවුන්ගේ උත්සාහය සාර්ථකය.නේටෝවට අවශ්‍ය කරන්නේ තමන් සතු තාක්ෂණයෙන් රුසියානු සබ්මැරීන අනාවරණය කරගත හැකිබවත් යුදමය වාතාවරණයකදී එවැන්නක් සිදුවූයේ නම් රුසියානු සබ්මැරීන විනාශ වීමට ඉඩ ඇතිබවත් පෙන්වාදීමයි.ඉතින් දෙපාර්ශ්වයම කරන්නේ සිය හැකියාවක් මැන බැලීමක් විනා ගැටුමකට මගක් පාදා ගැනීම නොවේ.
ඔස්කාර්-2 සබ්මැරීනයක්
රුසියානු ඔස්කාර්-2 සබ්මැරීන පන්තිය,අකූලා-2(Akula II) පන්තියේ සබ්මැරීනවලට වඩා ස්ටෙල්ත් තාක්ෂණයෙන් පහත්ය(Akula II යනු රුසියාව සතු අතිශය නිශ්ශබ්ද සබ්මැරීන පන්තියකි.වරක් මෙම පන්තියේ සබ්මැරීන ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේ සහ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව සැරිසැරූ බවට වාර්තා පළවිය)
සෝවියට් - ඇමෙරිකා සීතල යුද්ධය මතක් කරවන මෙම සිද්ධිය ටොම් ක්ලැන්සි විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරින් නිර්මාණය කල The Hunt For Red October චිත්‍රපටය සිහිපත් කරවයි.
Source
--------
dailymail.co.uk
theaviationist.com
nationalinterest.org
-HarshaLulzSec-
Last edited:

හැබැයි ටිකක් පරණයි
)