සබ්_මැරීනයක්_අතුරුදහන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සබ්_මැරීනයක්_අතුරුදහන්

ආර්ජන්ටීනියානු සබ් මැරීනයක් අතුරුදහන්



f-missingsub-a-20171119-870x539-735x400.jpg


ආර්ජන්ටීනාවට අයත් යුධ සබ් මැරිනයක් දකුණුදිග අත්ලාන්තික් සාගරයේදී අතුරුදහන් වී ඇති බවට වාර්තා වේ. සබ් මැරීනයේ කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකු සිටි අතර සබ් මැරීනය වෙරළේ සිට සැතපුම් 267 ක ( 430Km ) පමණ දුරින් යාත්‍රා කරමින් සිටියදී ගොඩබිම සමග ඇති සියලුම සම්බන්ධතා බිඳ වැටී ඇත.


දේශීය සහ විදේශීය තාක්ෂණික උපකරණ භාවිතා කොට අතුරුදහන්වූ සබ් මැරීනය කෙසේ හෝ සොයාගැනීමට කටයුතු කරන බව ආර්ජන්ටිනියානු ජනාධිපති මරිසියෝ මැක්රි ( Mauricio Macri ) විසින් ප්‍රකාශ කොට ඇත. මේ වන විට නාසාහී ( NASA ) ගවේෂණ ගුවන් යානාද අතුරුදහන් වූ සබ් මැරීනය සෙවීමේ මෙහෙයුම් සඳහා සම්බන්ද වී ඇත. තවද බ්‍රිතාන්‍ය ඇතුළු අවට රටවල් ද සෙවීම් කටයුතු සඳහා සිය දායකත්වය සපයමින් සිටී.


අපට තවමත් රේඩාර් සංඥා භාවිතයෙන් හෝ දෘශ්‍යමානව කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව නාවික හමුදාවේ ප්‍රකාශකයෙකු වන එන්රික් බල්බි Enrique Balbi විසින් ප්‍රවෘත්ති සාකච්චාවකදී පවසා ඇත. ආර්ජන්ටීනා රජය විසින් සිය නාවිකයින්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කල හැකි සියලුම උත්සාහයන් යොදවමින් සිටී.


98807881_12871e4b-adab-4288-bfe7-1fa6b03f9c6d.jpg


ඩීසල් සහ විදුලියෙන් ක්‍රියාත්මක වන මෙම සබ් මැරීනය දිනපතා සිදුකරන දෛනික සේවාවන් සඳහා යාත්‍රා කොට ඇත. සබ් මැරීනයෙන් ගොඩබිමට අවසන් සංඥාව ලැබී ඇත්තේ බදාදා දින උදය කාලයේදීය. මේ වන විට සබ් මැරීනය අවසන් වතාවට සිටි ස්ටි ස්ථානය හඳුනාගෙන එතැන් පටන් සෙවීම් කටයුතු ආරම්භ කොට ඇත. සෙවීම් කටයතු වෙනුවෙන් යොදවා ඇති යාත්‍රා සහ ගුවන් යානා සංඛ්‍යාවල අඩුව නිසා සෙවීම් කටයතු අසීරු වී ඇත. තවද දැඩි සුළඟ සහ මුහුදේ රළු ස්භාවය නිසා සෙවීම් කටයුතු වඩාත් අසීරු තත්වයට පත් වී ඇත.


සබ් මැරීනයේ ඇති විදුලි සැපයුම අඩාල වී ඇති බවට සැක පල කෙරේ. විදුලි සැපයුම නොමැති වීමෙන් සන්නිවේදන උපකරණද ක්‍රියා නොකරන තත්වයට පත්වී ඇත බවට අනුමාන කල හැකිය. නමුත් නාවික ක්‍රම වේදයන්ට අනුව යම් හෙයකින් සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් සිදු වුවහොත් සබ් මැරීනය වහා සාගරය මතුපිටට පැමිණිය යුතුය. නමුත් තවමත් මුහුද මතුපිට පාවෙමින් පවතින සබ් මැරීනයක් සොයා ගැනීමට නොහැකි වී ඇත. සෙවීම් කටයුතු වෙනුවෙන් මේ වන විට ඇමරිකාවේ නසා ආයතනය , බ්‍රිතාන්‍ය , බ්‍රසීලය, චිලී, උරගුවේ . පිරු සහ දකුණු අප්‍රිකාව සෙවීම කටයුතු වල යෙදී සිටියි. එන්රික් බල්බි Enrique Balbi විසින් විටර් පණිවිඩයක් නිකුත් කරමින් ” අපි ගත හැකි සියලුම උත්සාහයන් යොදවමින් සිටිනවා. මේවන විට විවිද රටවල් අපට සහයෝගය දක්වනවා. තවද රජය විසින් කාර්ය මණ්ඩලයේ සේවය කල අයගේ පවුල් සමගද නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් සිටින බව ” ට්විටර් පණිවිඩය මගින් වැඩි දුරටත් ප්‍රකශ කොට ඇත.


98807848_42a97495-6ccd-423e-bb58-5123afcd8625.jpg


සෙවීම් කටයුතු වෙනුවෙන් නාසා ආයතනය මගින් P-3 ගවේෂණ වර්ගයේ ( P-3 explorer aircraft ) ගුවන් යානා යොදවා ඇත. මෙවැනි ගුවන් යානා වල දිගු දුර පියාසර කරවීමේ හැකියාව නිසා සාගරයේ පුළුල් වපසරියක් ආවරණය කරලා හැකිය. තවද ආර්ජන්ටීනා ගුවන් හමුදාව විසින් ( Hercules C-130 ) හර්කියුලස් C-130 වර්ගයේ ගුවන් යානා සෙවීම් කටයුතු වෙනුවෙන් යොදවා ඇත.

P-3c_03l_modified.jpg


දිගු දුරක් පියාසර කල හැකි P-3 explorer වර්ගයේ ගුවන් යානයක්

උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited:
  • Like
Reactions: snm1990

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම හයියෙන් අල්ලාහු අක්බර් කියලා කියන්ඩද?:confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මේ කෑල්ල මතක් වුනා මේක අහද්දි

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    there is a battery backup pump. it can pump water out from ballast tanks. then sub will surface.

    it is a emergency survival way in case of main engine/ power failure

    the backup system will only work as long as the there is battery power and assuming there are no hull breaches. Also I don't think that the backup system can lift the sub up as it is too demanding task. The power of the batteries are very limited. The chances of survival is slim and every passing second counts for the trapped sailors.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    hehe... destroyer has got no chance with the sub. Sub can send the surface vessel to the davy jhon's locker even before the destroyer realize they are under attack. :P:P

    mekedi nam Sub ekata kela wela davy jhon's locker ekata giya :rofl: :confused: (ow ow ithin eeka story ekak neh :D )