






















සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්යයනගේ කාමසූත්ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.
ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?
ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)
සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?![]()

yeh. i dont like chooti malli guy .. but its his idea..![]()
මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයිTV එකේ ඇවිත් තරුණයන් ගැන කතාකරයි 60 පැනපු අය
මම කවදාවත් දැකල නෑ තරුණ කෙනෙක්ගෙ අදහස් ගන්න program එකක්වත් ලංකාවෙ
![]()











chooty malli මම quote කරල විරුද්ධ අදහසක් කීවට -රෙප් නම් දුන්නෙ නෑ![]()
දැන් මට මේකට reply කරන්න වෙලාවක් නෑපස්සෙ මම join වෙන්නම්..
ඔන්න මගෙ ගානෙ +රෙප්![]()
(මම මේ උපුටා ගැනීම එක්කම මගේ පාටින් (තද දම්පාට)උත්තර ලියන්නම්.
අය්යෝ..රෙප් නිසා පැනලා දුවන්න එපා.එහෙම වෙනවනං මම ගිහින් ගොඩක් කල්.මට අහිමි වුන දේ අපමණයි.(අසාධාරණ බෑඩ් ගැන වාර්තා කරන්න පුලුවන්.)පිරිමි ළමයෙක් වගේ එඩිතරව කියන්න තියන දේ කියන්න/අදහස් නිසි පරිදි බෙදා හදාගන්න.විවේචන තියෙන්නේ සුරංගනා කතාවලට නෙවෙයි.හැබෑ ජීවිතේ/හැබෑ ප්රශ්ණවලටයි.කවුරු මොනව කිව්වත්,අපි සාකච්චාවක්/විවාදයක්/මතවාදයක් ඔස්සේ සමාජයට යමක් දෙන්න බලමු.!අම්මෝ මම නැති වෙලාවෙ මට ගහල තියෙන මඩක තරමක්.
මම මගේ අදහස කියන්නම්.මගේ අදහස් හින්ද - රෙප් නම් ගොඩාක් තියෙනව.කමක් නෑ රෙප් කන්නද?නමුත්,හේතුවක් නැතුව රෙප් කැපුව නං ඒක වැරදියි.ඒක රපෝර්තු කරන්න.(මොකද එහෙම කරන එක වැරදියි වගේම,වැරදි ආදර්ශයක්)
මෙතනින් පටන් ගමු.
මම ඩිග්රි එක කරන කාලෙ අපිට උගන්නපු සර් කෙනෙක් හිටියා.ඉගැන්නුවෙ econ .එත් ගොඩක් වෙලාවට අපිට ජීවිතේ ගැණ කියල දුන්න.සර් කියල දුන්න එක දෙයක් තමයි.තමන් මොකක් හරි ගැටලුවක් ප්‍රශ්ණයක් ගැන කතා කරද්දි පැති දෙකකින් බලන්න කියන එක.
1. හැමෝම හරියි කියල හිතන , තමන්ටත් වාසියක් වෙන , හැමෝගෙම අවදානය දිනාගන්න පුලුවන් විදියට ගැටලුවට උත්තර හොයන එක..
2. තර්කානුකූලව හිතල සමාජයට උචිත වන විදියට උත්තරයක් හොයන එක(හැබැයි මේ ක්‍රමේදි අපිට බැනුම් අහන්නත් වෙනව)
ඒ දෙකම නිකංම්ම කතාවක් විතරයි
දැන් අපි මූලික ප්‍රශ්ණෙට එමු
පලවෙනි ක්‍රමයට අනුව මමත් කැමතී ලන්කාව තුල ඔයාල කියන ආකරයට වෙනස්වේමක් ඇති වෙනවනම්.මොකද කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එකේ අන්තිමා සීට් එකේ ගියත් දැන් අපේ මිනිස්සු බලන්නෙ නරක විදියට(අත්දැකීම් ගොඩයි)ගොඩක් ප්‍රශ්ණ වලට මුල අපේ රටේ ලිoගික අද්යාපනයේ තියෙන දුර්වලකම.පුන්චි උදාහරණයක් ගම්මු අපේ රටේ මිනිහෙක් , හු...........වා කියල කිව්වොත්(අසබ්ය නම් කමා කරත්වා) ඒක වැරදී.එත් අපි බලන ඉoග්‍රීසි චිත්‍රපටි වල Fuck කියල ඕන තරම් තියෙනව.ඒවට කවුරුත් මොකුත් කියන් නෑ-,අන්න ඒක තමයි මෙතන කතා කරන්නේ.මතකද මන්දා අපි හෙළුවෙන්(අවංකව/විවෘතව/සළුපිළි වලට මුවා නොවී,ඇත්ත කතා කරමු කියලා මම දාපු ත්‍රෙඩ් එකට කියපු කතන්දර)
නමුත් මම මේ ත්‍රෙඩ් එකට කමන්ට් කලේ දෙවනි ක්‍රමයට අනුව.
හේතුව මo හිතුවෙ එලකිරි එකේ ඉන්න බහුතරය බුද්දිමත් මිනිස්සු කියලා.කවදාවත් කිසිම තැනක කිසිම විදිහකට එහෙම හීනෙකින්වත් හිතන්නවත් එපා.අදහස තේරුනේ නැතත්,බයිලා පාරක් දාලා අනිත් අයත් නොමඟ යවනවා මිස නියම අර්ථය තේරුම් අරන්,නිසි උත්තරයක් දෙන්නේ කීප දෙනයි.සමහරු පැහැදිලි උත්තරයක් ලියන්න බයයි/කම්මැලියි/ලැජ්ජයි.එවගේම ලොකු මාන්නයක් තියාගෙනයි හැසිරෙන්නේ.එයාලා හිතනවා මේ වගේ(සමාජ අඩවියක)නම්බුව/වත්කම/ටයිටල්/ආදිය බිඳෙයි කියලා)
ලoකාවෙ ජීවන රටාව මීට වඩා වෙනසකට ලක් කල යුතුයි කියලා මමත් දන්නවා.
ඒත් අවුරුදු දහස් ගානක් තුල අපේ රටේ මිනිස්සු අරගෙන ආව හැදියාව කියන දේ ඊට බාධාවක්.(හැමෝම නැති උනත් ලජ්ජ බයට හැදුනු මිනිස්සු ගැහැනු ලන්කාවෙ තවම ඉන්නවා)
සමහරවිට එලකිරි එකේ ඔයාලට ඒ බාධාව ජය ගන්න පුලුවන් වෙයි.හි.. බලමු.ඇත්ත කියලා/සංවාදයක් ගොඩනඟලා/21වෙනි ශතවර්ෂයට කට්ටිය අරන් යන්න පුලුවන්ද කියලා.
මේ ඇති මට වෙන - රෙප් දෙන්න එපා.මම කාටවත් - රෙප් වලින් ගහලවත් ගහන්න යන්නෙවත් නෑ.(- රෙප් දීල තියෙන්නෙ scurvy ට විතරයි)
අයේ කිසිම දවසක මේ වගේ ත්‍රෙඩ් වලට කමන්ට්ස් දාන්නෙත් නෑ
බොහොම ස්තුතියි
![]()


සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)

කාඩයෙක් වුනාට පැහැදිලි අදහසක් කියලා තියෙන්නේ.කාඩ රජා;8004604 said:මේකයි සීන් එක...
අපිට මේ දේ සභ්‍යයි මේ දේ අසභ්‍යයි කියලා වෙන් කරන්න බැ...
මොකද යම් දේකට සාපේක්ශව සභ්‍යය වෙන දෙයක් තවත් දෙයකට සාපේක්ශව අසභ්‍යය වෙන්න පුලුවන්....
ඒක නිසා හොදම දේ තම තමන්ට ගෝචර වෙන ආකාරයට සභ්‍යය අසභ්‍යය බව වටහාගෙන නිවැරදි දේ කරනවා මිසක් තමන්ගේ සීමාවේ ඉදගෙන අනෙක් අයටත් එම සීමාව තුලින් සභ්‍යය අසභ්‍යය බවය දිහා බලන්න කියන්නෙ නැතුව ඉන්න එක..



මම නම් සාමන්‍යයෙන් ඔය පඩි ටෝක් දන්නේ නැහැ.... ඔයා මේක කියපු නිසා දෙයක් කියන්නම් මගේ භාෂාවෙන්.....
අතේ ඇගිලි 5ම එක වගේ නැහැ...ඔයා කැමති දේට මම අකමැති වෙන්න පුලුවන්, මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන්.... (පෙම්වතු, සැමියා බිරිද, මව පියා ) කවුරු උනත් ඒක එහෙම තමයි.....
ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......
නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි......
මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....









සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)






චූටි මල්ලි. ඔයා ඉස්සෙල්ලම කියපු දේ අනුව සමහරු වැරදියට තේරුම් ගන්න ඇති.දැන් කියවන්න මගේ අදහස.(මම මේ උපුටා ගැනීම එක්කම මගේ පාටින් (තද දම්පාට)උත්තර ලියන්නම්.අය්යෝ..රෙප් නිසා පැනලා දුවන්න එපා.එහෙම වෙනවනං මම ගිහින් ගොඩක් කල්.මට අහිමි වුන දේ අපමණයි.(අසාධාරණ බෑඩ් ගැන වාර්තා කරන්න පුලුවන්.)පිරිමි ළමයෙක් වගේ එඩිතරව කියන්න තියන දේ කියන්න/අදහස් නිසි පරිදි බෙදා හදාගන්න.විවේචන තියෙන්නේ සුරංගනා කතාවලට නෙවෙයි.හැබෑ ජීවිතේ/හැබෑ ප්රශ්ණවලටයි.කවුරු මොනව කිව්වත්,අපි සාකච්චාවක්/විවාදයක්/මතවාදයක් ඔස්සේ සමාජයට යමක් දෙන්න බලමු.!
![]()