මෙතන කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මම දන්න ගොඩක් රැඩිකල්ස්ල උපතින් බෞද්ධයො නැත්නම් දෙමාපියන්ගෙ කෙනෙක් බෞද්ධ. සමහර අයට රැඩිකල් උණ උපතින්ම තියෙනව වගේ. සමහර අය ඉස්කෝලෙ චාටර් වෙලා එහෙම නැත්නම් ළමා කලෙදි වෙච්ච යම් දේවල්, පවුල් ප්‍රශ්න නිසා සමාජය ගැන තියෙනව ලොකු වෛරයක්. ඒ වෛරය පිරිමහන්නේ සමාජයේ හොඳයි යැයි සම්මත් යමක් වේ නම් එයට පහර ගැසීමයි, ඒකට රැඩිකල් වෙනව. හැබැයි රැඩිකල්ස් ලගෙත් ගතයුතු දෑ තියෙනව මොකද ඔවුන් විවෘත මනසකින් බලන නිසා. ඔය වාමාංශික පැත්තට ඉස්සර ගියේ ඒ අය. විජේවීර වුනත් රැඩිකල් විදියට ඒ කාලෙ සමාජවාදී නායකයින් දිහා බැලුවෙ මොකද ඒ අයත් ධනපතියොන්ගෙන් පැවත් එන අය නිසා. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බිඳවැටුනයින් පස්සේ රැඩිකල් අදහස් තියෙන අය ධනවාධයේම අතකොලුවක් බවට පත්වුනා. දැන් ඉන්න රැඩිකල්ල කැමති ජෙප්පොන්ට නෙමෙයි රනිල්ට. මොකද ඔවුන්ට ආතල් රනිල් වගේ කෙනෙක් ඉන්නකොට. මෑතකාලයේ ලංකාවෙ හිටපු කපටිම උපකාරක පංති ගුරුවරයා වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල මේ වෙන්ඩ රැඩිකල් පිස්සුව ගොඩක් සමාජගත කරන්න උත්සහ කරා විශේෂයෙන් ඔහුගෙ පන්ති හරහා. මුල් කාලේ තමන්ට ලව් කරන්න ඉඩ දෙන්න කියල තමන්ගෙ දෙමවුපියොන්ට විරුද්ධව පිකටින් කරන්න ළමයිනව උසිගැන්වුව අනූගණන් වල මේ මනුස්සය. මම පුද්ගලිකව දන්න විදියට ඔය ගොඩක් වෙන්න රැඩිකල් ල ගොඩක් සන්නගෙ ගෝලයෝ. මිනිහා ඒ වගේ ෆිල්ම්ස් වල නිශ්පාදක විදියට හිටිය, පොත් වලට උදව් කරා ප්‍රකාෂක විදියට. දැන් මම කලින් පෝස්ට් එකකත් කිව්ව විදියට මුන් ටිකක් පිම්බිල ඉන්නේ රනිල් ප්‍රභල වෙච්ච සමයක් නිසා
සම්පූර්ණ ඇත්ත.බුද්දාගමේ තහනම් කිරීම් නැති මිසා බුද්දගමේ උන් තමන්ගේ ආගමටම බැනගන්නවා.ඉස්ලාම් ආගමේ ඒවා බෑ.


මුන් ලිබරල් උන්......
රෙප් දෙන්න බෑලූ.මිනිස්සු පිලිගන්න අකමැති ඇත්ත මේකයි.විහින්ම විදව විදව ජීවත් වෙනවා....