සමනල සිරිය විඳිමු

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සමනල අඩවියේ නොයිඳුල් ජල මූලාශ්‍රවලට කුණු කසල අපද්‍රව්‍ය මෙලෙස එක් කරන්නේ කවුරුන්ද?

    මෙවර සිරිපා වාරයේ නිමාව සටහන් වන වෙසක් පොහෝ දින (2023.05.05) අප මිතුරන් කිහිප දෙනෙක් එක්ව රත්නපුර පලාබද්දල පාරේ පොලිතීන් ප්ලාස්ටික් ආදී නොදිරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කුඩා ශ්‍රමදානයක නියැළුණෙමු. අප කණ්ඩායම 5 සිකුරාදා උදෑසන සිරිපා වැඳපුදාගෙන මළුවේ සිට රත්නපුර පලාබද්දල පාරේ පවනැල්ල දක්වා කොටසේ මාර්ගයට පෙනෙන තෙක්මානයේ අපේ රටේ බැතිමතුන් විසින් කැලෑවට වීසි කර දමා තිබූ ඇසට දකින්නට ලැබුණ ප්ලාස්ටික් බෝතල්, ෂොපින් කවර, පොලිතීන් උර, ඉටිකොළ, ටොෆි කොළ, භාණ්ඩ හා ආහාර ඇසුරුම් ආදී නොදිරන අපද්‍රව්‍ය හැකි ශක්ති පමණින් එකතු කරමින් පැමිණියෙමු.

    හැටන් පාරට සාපේක්ෂව ඉතා අඩු වශයෙන් රත්නපුර පාරේ එවැනි අපද්‍රව්‍ය තිබීම යම් සතුටුදායක කරුණක් විය. කඩ, අම්බලම් ආසන්නයේ සහ බඳුන්වල දමා ඇති අපද්‍රව්‍ය බැහැර කරලීමට ක්‍රමවේදයක් ඇති නිසා අපගේ ඉලක්කය වූයේ අම්බලම් හෝ කඩ ආසන්නයේත් නොවන අපද්‍රව්‍ය බැහැර කිරීමට සකසා ඇති බඳුන්වලිනුත් පිටත පාරේ දෙපස කැලෑව තුලට දමා තිබූ නොදිරන අපද්‍රව්‍ය රැගෙන ඒමයි. අඩවියේ නොයිඳුල් වන පෙතට එකතු වීමට නියමිතව තිබූ නොදිරන ද්‍රව්‍ය යම් තරමක් හෝ ඉවත් කිරීමයි.

    එහිදී රත්නපුර පාරේ සීත ගඟුල පසු කර ධර්මරාජගල දෙසට මද දුරක් එන විටම සීත ගඟුල හෙවත් කුරු ගඟේ ඉවුර ආසන්නයටම දමා තිබූ මේ කසල ගොඩ දක්නට ලැබුණි. මා එතැනටම ගොස් එහි ඇත්තේ දිරායන අපද්‍රව්‍ය පමණක්දැයි බැලූ විට වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් ෂොපින් කවර, ලෝහමය ද්‍රව්‍ය ආදී නොදිරන අපද්‍රව්‍යත් දිරා යන ආහාරමය අපද්‍රව්‍ය සහ කඩදාසි ආදිය සමග තිබුණි. කුණු වෙමින් ඕජස් ගලමින් දැඩි දුර්ගන්ධයෙන් යුතුව තිබූ ආහාරමය කැලි කසල වැසි දිය සමග සෙමෙන් සෙමෙන් පහලින් ඇති සීත ගඟුලේ ජලයට මුසු වෙමින් තිබුණි

    දැඩි අප්‍රසන්නතාවයකින් මෙම ඡායාරූප ගෙන පහළට බසින ගමනේදී ගෙත්තම්පානත් ගජමංසලත් අතරදී පාරට පහලින් කැලෑව තුළ එතරම් විශාල නැතත් තවත් එවැනි ස්ථානයක් දක්නට ලැබුණි. එතැනද පහළින් අඩවියේ නොකිලිටි ජල මූලාශ්‍ර තිබෙන තැනකි. අප නොදකින තැන්වලත් අඩවිය තුළ තවත් මෙවැනි කුණු ගොඩවල් තිබෙනවා විය හැක.

    මෙම කුණු ගොඩවල් සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් විසින් සෘජුව ඒ තැන්වලටම බැහැර කිරීමෙන් සෑදුණු ඒවා නොවේ. සිරිපා පාරෙන් තරමක් දුරින් ඇති මේ තැන්වලට කවුරුන් විසින් හෝ කුණු ගෙනැවිත් දැමීමෙන් සෑදුණු ඒවා බව පැහැදිලිය. ඒවා කවුරුන් විසින් ගෙනැවිත් දැමුවාදැයි මා නොදන්නා නිසා සෘජුව කිසිවෙකුට ඇඟිල්ල දිගු කර චෝදනා කිරීමට මට නොහැකිය. නමුත් කොතැනක හෝ බරපතල වැරැද්දක් ඇති බව පෙනෙයි.

    අඩවියේ කුණු කසල බැහැර කිරීමේ නියමිත ක්‍රමවේදයෙන් පිට යම් අයෙකු හෝ කිහිප දෙනෙක් වංචනිකව කටයුතු කර ඇති බව පෙනෙයි. මේවා එකතු වන ජල මූලාශ්‍ර පහළදී වර්ණගල ඇල්ල බෝපත් ඇල්ල වැනි සොබා දහමේ සුන්දර නිර්මාණ ඇති කරමින් ගලා යයි. බොහෝ දෙනෙක් පිරිසිදු ජලය යැයි සිතා ඒවා පරිහරණය කරති. සොයාගත නොහැකි ලෙඩ රෝග ඇති වූවත් පුදුමයට කරුණක් නැත. සමනල අඩවියේ සුන්දරත්වයට පිරිසිදුකමට බරපතල හානියක් ඇති කරන මෙම අක්‍රමවත් කුණු කසල බැහැර කිරීම් නතර කරලීමට බලධාරීන්ගේ ඇස් ඇරේවා..

    යසස් වීරසිංහ මහතාගේ ගවේෂණයක් ආශ්‍රයෙනි.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943

    mehema kaalakanni inna rataka hadanne kohomada?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Title eka dakkama man hithuwe umba kollo gahanna patan aran kiyala
    why-are-you-geh.gif
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඒ වුනාට කට පරෙස්සම් කරගෙන යන්න ඕනලු සිරීපාදේ. නැත්තන් කරදරලු
     
    • Love
    • Haha
    Reactions: Cypress and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මේ රටේ මිනිස්සු වැඩියි බං..ඒකයි මේ ඔක්කොටම මුල.
    ඒක කලින්ම දැකපු NM ලා වගේ මිනිස්සු උපත් පාලනය හඳුනවා දුන්නේ දශක ගනනාවකට කලින්. කොහෙද මේ මෝඩ මිනිස්සුයි, ගනින්නාන්සෙලයි ඒකටත් කෙලෙව්වා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මේ රටේ මිනිස්සු වැඩියි බං..ඒකයි මේ ඔක්කොටම මුල.
    හරියට හරි. ලකේ පංකාවේ තියෙන ප්‍රශ්න ඔක්කොටම මුල මේක තමයි. නූගත් අඩුකුලේ උන් වැහි වැහැලා. ජනගහනය ඕනවට වඩා වැඩී :dull: . ලමයි 1 ට වඩා හදන උන්ට ලොකු බද්දක් ගැහුවා නම් අවුරුදු කීපයකින් රට ගොඩ. මේ හූනු බිජ්ජක් විතර රටේ ජනගහනය පාලනය නොකර මොන ලබ්බ කරත් වැඩක් නෑ :dull:.

    ColorlessDelightfulKagu-size_restricted.gif