සමන්තභද්‍ර

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?

    ඕකෙ මොනවද සහෝ ආයෙ තෝරලා දෙන්න තියෙන්නෙ. ඔයාට අම්මා බත් කවන්නෙ මාළු වල කටුත් ඇරලද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?

    තෝ රන්කිරි කට ගාලවත් නැද්ද? පුටේ... :angry:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මට නම් මේ හමුදුරැවෝ කියන දෙවල් වලට හිත නිවෙනවා....

    මටත් එහෙමයි. ඒත් ඒ හාමුදුරුවෝ විවේචනය කරන්න බෑ. මොකෝ මම බුද්දාගමේ නෙමෙඉ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලා මරු බෞද්දයෝනේ. මම මූටවත් වෙන කිසිම සන්ඝයෙක්ටවත් කඩේ යන්න ආවේ නෑ නොදන්න හින්දා අහුවේ හෑමෝම පොරට බනින නිසා. මට දෑනගන්න ඕන සමන්තයා බුදු හමුදුරුවෝ කියපු දේවල් වලට වඩා වෙනස් දේවල් කරනවද් කියල විතරයි. මොකද මගේ සිගිති මොලේ තරමට නම් එහෙම දෙයක් පේන්නේ නෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා මරු බෞද්දයෝනේ. මම මූටවත් වෙන කිසිම සන්ඝයෙක්ටවත් කඩේ යන්න ආවේ නෑ නොදන්න හින්දා අහුවේ හෑමෝම පොරට බනින නිසා. මට දෑනගන්න ඕන සමන්තයා බුදු හමුදුරුවෝ කියපු දේවල් වලට වඩා වෙනස් දේවල් කරනවද් කියල විතරයි. මොකද මගේ සිගිති මොලේ තරමට නම් එහෙම දෙයක් පේන්නේ නෑ.

    බුදු හාමුදුරුවෝ කියන්නේ අපි වගේ මනුෂ්‍යයෙක් . එත් ගුණයෙන් සමාන කරන්න කෙනෙක් නැ.බුදු කෙනෙකුගේ 32 ක් අංග ලක්ෂණ තියනවා. ඒ එකක්වත් නැ මෙයාගේ.
    ඔන්න සරලවම.

    බුදු ගුණ 9 ක් ප්‍රදාන වශයෙන් තියෙනවා. ඒ එකක්වත් ගැවිල වත් නැ. පැහැදිලි කරන්න සැහෙන්න වෙලා යනවා .
    උදා:- 8 වෙනි බුදු ගුණය බුද්ඩ් ගුණය ගන්න. ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය තමන් විසින් අවබෝද කරලා අනික් යටත් කියල දෙන්න පුළුවන් කියන එක.
    මෙතන දුක ට හේතුව (තෘෂ්ණාව) තේරුම් කරනවා නෙමේ .

    වැඩි කරනවා.
     
    • Like
    Reactions: Dath

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දැක්කහම මොනවා කියන්නද කියලා හිතා ගන්න බහ.

    නමුත් සුදුසුම දේ ගැටෙන්න යන එකෙන් වැළකිලා ඉන්න එක.
    මොකද ගැටෙන්නේ භික්ෂුවකගේ චරිතය ගැන.
    තමන් ඉන්නවා සමාජ පසුබිම එක්ක එක එක මත වලට බැහැ ගන්න පුළුවන්. ඒත් කව්ද දන්නේ ඒවා හරිද වැරදිද කියලා? කොඉ තරම් කර්ම රස්වෙනවද කියලා?

    බුදු දහම හරියට ඉගෙන ගන්න බව්ද්යයෙක් නම්. එතකොට එක මතයකට එන්න පුළුවන්. ඒ කියන්නේ හරි වැරදි තේරුම් ගන්න පුළුවන් . එකට තම මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම කියන්නේ.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Thaman rahath vela kiyala thaman visin ma kiya ganna ekama madida mohuge deshana prathikashepa karanna.
    Thav
    a tika kaalekin niganta wei da danne naa
     

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    කියන ඒවා අහල හිටපන්.මට මගෙ ජීවිතේ ආපසු හැරී බලන්න ඇස් ලැබුනෙ ඔය කරන දේශනාවෙ න්.ජීවිතය ට මුහුණ දෙන්න මන් ඉගෙන ගත්තේ එහෙන්.ඒවගේම මේ ලෝකය ගැන ගැබුරු දැනුමක් ලබා ගත්ත අතුරු පලයක් විදියට .දුකයි බන් උබල තාම පින් කරල මදි ගොඩ යන්න.

    එක හරී කියමුකෝ.. ඒත් මේ වැඩේ ගැන මොකද කියන්නේ?
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    Buddagame therawadi mahayana kiyala nikaya 2k tiyanawa wage thawa tika kalekin lankawa athulema nikaya 2k hadei. bawudda aya athara gatum atiwela sasane pirihena 1i wenne antimata. Budu hamuduruwot kiyala tiyanawane me sasane winasa wenne pita kenekgen neme athulenmai kiyala. dan ewa patan aran tiyenne.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බුදු හාමුදුරුවෝ කියන්නේ අපි වගේ මනුෂ්‍යයෙක් . එත් ගුණයෙන් සමාන කරන්න කෙනෙක් නැ.බුදු කෙනෙකුගේ 32 ක් අංග ලක්ෂණ තියනවා. ඒ එකක්වත් නැ මෙයාගේ.
    ඔන්න සරලවම.

    බුදු ගුණ 9 ක් ප්‍රදාන වශයෙන් තියෙනවා. ඒ එකක්වත් ගැවිල වත් නැ. පැහැදිලි කරන්න සැහෙන්න වෙලා යනවා .
    උදා:- 8 වෙනි බුදු ගුණය බුද්ඩ් ගුණය ගන්න. ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම , නැති කිරීමේ මාර්ගය තමන් විසින් අවබෝද කරලා අනික් යටත් කියල දෙන්න පුළුවන් කියන එක.
    මෙතන දුක ට හේතුව (තෘෂ්ණාව) තේරුම් කරනවා නෙමේ .

    වැඩි කරනවා.

    ඉස්තුතියි. පුලුවන් වෙලාවක පොඩ්ඩක් විස්තර ඈතිව කියපන්.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම දන්න විදිහට නම් බුදුවෙන්න මැද මාර්ගයේ පිලිවෙත් අනුගමනය කරන්න අවශ්යයි. අධික සැපත් නෙමෙයි, අධික දුකත් නෙමෙයි.
    ඒත් මෙයා බුදු උනා නම් මිනිස්සුන්ට ප්‍රයොජනවත් දෙයක් නොකර තමන්ගෙ ඉන්න තැන ලස්සන කර කර සුපිරි ජීවිතයක් හදාගෙන තමන්වම පුම්බගන්න දගලන්නෙ ඇයි.

    මටනම් Mr.සමන්ත භද්‍ර කියන්නෙ
    උගත් (Bio degree holder) කතා කරන්න, පිරිස් රැස් කරන්න, හැමොටම නැති හැකියාවක් ඇති, හොද marketing මොලයකින් මෝඩ මිනිස්සු ටිකක් රවට්ටගෙන සැප විදින ගමන් මරනින් මතු ලොවට පව් පුරවගන්නා අපේ කාලයේ දේවදත්තයන් නොහොත් පව්කාර සමන්ත බඩ්ඩ.
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උන්වහන්සේ දේශනාකරන බණ සහ ධර්ම කාරණා බුද්ධ දර්ශණයට අනුකූල විය හැකියි!

    නමුත්,

    උන්වහන්සේ කරගෙන යනු ලබන ...
    බුදුන්ගේ පිළිරුවට සමාන කම් ඇතිව තමාගේ ප්‍රථිමා නිරිමාණය,
    මල් ඉසගනිමින් මල් පාවඩ උඩින් වැඩීම,
    තමන් මුනිණ්ද්‍රයන් වහන්සේ හෝ මාර්ග ඵල ලාභියෙකු හෝ ලෙස හෝ හුවා දැක්වීමට කරනු ලබන ප්‍රචාරයන්,
    අධික සුඛවිහරණය,
    ආදී තමාගේ ප්‍රතිරූපය පුම්බාගැනීමේ ක්‍රියාමාර්ග පෙනෙන්නේ අපි දන්නා බුදුන්ගේ මාර්ගයට පටහැනි ක්‍රියාවන් ලෙස නොවේද?

    එවන්නෙක් සමාජයේ ඇන්දවී නැති ජනයාගේ විවේචනයට ලක්වීම පුදුමයක් නොවේ.!!

    උන්වහන්සේ මහත් භක්තියෙන් අදහන මෙහිම සිටින සමහරගේ ප්‍රකට හෝ අප්‍රකට තරහයෑමේ ස්වභාවයෙන්ම පෙනෙන්නේ සමහරු ඇන්දවී ඇති ආකාරයයි. පැහැදිළි ධර්මාවබෝධයක් ඇත්තෝ එලෙස ප්‍රකට වනු නැතැයි මට සිතේ.

    අනේ මටනම් මළ පනිනවා සමහර දෙවල් දැක්කම.:growl:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උන්වහන්සේ දේශනාකරන බණ සහ ධර්ම කාරණා බුද්ධ දර්ශණයට අනුකූල විය හැකියි!

    නමුත්,

    උන්වහන්සේ කරගෙන යනු ලබන ...
    බුදුන්ගේ පිළිරුවට සමාන කම් ඇතිව තමාගේ ප්‍රථිමා නිරිමාණය,
    මල් ඉසගනිමින් මල් පාවඩ උඩින් වැඩීම,
    තමන් මුනිණ්ද්‍රයන් වහන්සේ හෝ මාර්ග ඵල ලාභියෙකු හෝ ලෙස හෝ හුවා දැක්වීමට කරනු ලබන ප්‍රචාරයන්,
    අධික සුඛවිහරණය,
    ආදී තමාගේ ප්‍රතිරූපය පුම්බාගැනීමේ ක්‍රියාමාර්ග පෙනෙන්නේ අපි දන්නා බුදුන්ගේ මාර්ගයට පටහැනි ක්‍රියාවන් ලෙස නොවේද?

    එවන්නෙක් සමාජයේ ඇන්දවී නැති ජනයාගේ විවේචනයට ලක්වීම පුදුමයක් නොවේ.!!

    උන්වහන්සේ මහත් භක්තියෙන් අදහන මෙහිම සිටින සමහරගේ ප්‍රකට හෝ අප්‍රකට තරහයෑමේ ස්වභාවයෙන්ම පෙනෙන්නේ සමහරු ඇන්දවී ඇති ආකාරයයි. පැහැදිළි ධර්මාවබෝධයක් ඇත්තෝ එලෙස ප්‍රකට වනු නැතැයි මට සිතේ.

    අනේ මටනම් මළ පනිනවා සමහර දෙවල් දැක්කම.:growl:

    ඔන්න බලපන් මේයා ඊළගට කරන්නේ මෙයාව වදින ගාථාවක් හදන එක,,
    "සමන්ත භද්‍ර වන්දනාව"


    :shocked::shocked::shocked::shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මම දන්න විදිහට නම් බුදුවෙන්න මැද මාර්ගයේ පිලිවෙත් අනුගමනය කරන්න අවශ්යයි. අධික සැපත් නෙමෙයි, අධික දුකත් නෙමෙයි.
    ඒත් මෙයා බුදු උනා නම් මිනිස්සුන්ට ප්‍රයොජනවත් දෙයක් නොකර තමන්ගෙ ඉන්න තැන ලස්සන කර කර සුපිරි ජීවිතයක් හදාගෙන තමන්වම පුම්බගන්න දගලන්නෙ ඇයි.

    මටනම් Mr.සමන්ත භද්‍ර කියන්නෙ
    උගත් (Bio degree holder) කතා කරන්න, පිරිස් රැස් කරන්න, හැමොටම නැති හැකියාවක් ඇති, හොද marketing මොලයකින් මෝඩ මිනිස්සු ටිකක් රවට්ටගෙන සැප විදින ගමන් මරනින් මතු ලොවට පව් පුරවගන්නා අපේ කාලයේ දේවදත්තයන් නොහොත් පව්කාර සමන්ත බඩ්ඩ.

    well said
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monava hari Prathiharyak,oya pilime pennana ras valalavath Samantha Badhra Himi pennuvoth Minisun meeta vada pili ganivi.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    අධිමානයේ පරතෙරටම ගිය සමන්තභද්‍ර දෙයියෝ

    පිටිදූවේ හිමිගෙන් රාජභෝජන ගැන අමුතු බණක්
    චාමිකා මුණසිංහරජු රජු විදියට සිටිය යුතු බවත්, රජු ගෙදරින් බත් උයාගෙන ජනාධිපති මන්දිරයට පැමිණ කමින් වැඩ කර හවසට ගෙදර යන්නේ නම් ඔහු රජ කෙනකු නොව ග්‍රාමසේවක කෙනකු බවත්, රජගෙදර සැදිය යුත්තේ රාජ භෝජන බවත්, රජ විය යුත්තේද රාජ භෝජන වැළඳීමට සුදුසු අය බවත් පැවැසූ පිටිදූවේ සිරිධම්ම හිමියෝ එසේ නොකරන්නේ ග්‍රාමසේවක කෙනෙක් රජවූ විට බව කියා සිටියහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ්‍රමයේ පැවැති ධර්ම දේශනාවකදීය. එහිදී සිරිධම්ම හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.ත්‍රිපිටක බුද්ධ වචනය විශ්ලේෂණයකින් තොරව අධ්‍යයනය කර මේ දහම අහන කෙනෙක් මට විරුද්ධ වෙලා කියයි මූ තමයි නූතන දේවදත්තයා, මූ තමයි ශාසනය කන්නෙ, මූ තමයි ශාසනය විනාශ කරන්නෙ කියලා. ඒ උෟරො බුද්ධ වචනය විශ්ලේෂණය නොකර ඉගෙන ගත් ඒ මෝඩයන්ට තේරෙන්නෙ නෑ ගෞතම බුද්ධ වචනය සඳහන් කළේ භාරතීය ජෛන සම්ප්‍රදායක් කියලා.බුද්ධ කාලෙ තිබුණු මහ ආගම ජෛන ආගම. අද ලාංකේය සමාජයේ මහ ආගම බුද්ධාගම. හැබැයි බුද්ධාගම කියල දැන් තියෙන්නෙ ජෛන සම්ප්‍රදායේ තිබුණු ජෛනාගම හා බුද්ධාගම මිශ්‍ර වුණු සම්ප්‍රදායක්.පසුගිය දවස්වල ආණ්ඩුව එක එක ඒවා පෙන්නුවා. භූගත මාලිගා පෙන්නුවා. අරලියගහ මන්දිරය මෙහෙමයි, මෙහෙමයි හදල තියෙන්නෙ කිව්වා. ඒ.සී. කාමර තිබුණා. වැසිකිළි ඒසී කරලා තිබුණ කියල මේ අය පෙන්නුවා. ඒ පෙන්නනකොට ඒ ලාංකේය මිනිසුන්ගෙ තිබුණෙ මහ පහත් නිර්ධන මානසිකත්වයක්. මම කියපු දේ තේරුණේනැති අයට මම පහදන්නම්. කොට දෙකක් දාපු වැසිකිළියක් අරලියගහ මන්දිරයේ තිබුණ කිව්ව නම් මේ ඉන්න සියලු දෙනාම සතුටු වෙලා කියයි ඒ නම් නියම රජ කෙනෙක්, එයා හරි ශේ‍ර්ෂ්ඨයි කියලා. එහෙම පොල්කොට දාපු වැසිකිළියකට ගියා නම් උෟ රජ කෙනෙක් නෙවෙයි වැද්දෙක්. රාජකීය සම්ප්‍රදාය එහෙමයි. පාලකයො මේව ඉත්තො කරගෙන අනෙකට මඩ ගහන්නෙ මිනිස්සු මෝඩ නිසයි. එච්චරයි ප්‍රශ්නෙ. දේශපාලනයක් නෑ. ඇත්ත කතාව කවුරු ආවත් ඕක තමයි කරන්නෙ. මේ බොරුව පෙන්නන එකයි දැන් අය කරන්නෙ.රජ කෙනෙක් කියන්නෙ රජ කෙනකුට රජු රජු විදියට ඉන්න ඕන. රජ්ජුරුවො ගෙදරින් බත් උයාගෙන ඇවිල්ල දවල්ට කාල ජනාධිපති මන්දිරේ වැඩ කරල ගෙදර යනව නම් උෟ රජ කෙනෙක් නෙවෙයි. උෟ ග්‍රාමසේවක කෙනෙක්. මම කියන්නෙ බොරුද? රජ ගෙදර හදන්න ඕන රාජ භෝජන. ඒ රාජ භෝජනය කන්න සුදුසුකම් ලබාපු අයයි ඒ රජ ගෙදර ඉන්න ඕන. එයා තමයි රජ්ජුරුවො. නැත්නම් එයා ග්‍රාමසේවක. තාම අමතක වෙලයි තියෙන්නෙ. එහෙම වුණාම ඒ රට අරාජික වෙනවා. රට විනාශ වෙනවා. යසලාලකතිස්ස කියල විකට රජ කෙනෙක් හිටියා. රජයි ‍ෙදාරටුපාලයයි එක හා සමානයි. රජු කරන්නෙ හිටපු ගමන් වෙස් මාරු කරගෙන රජා ‍ෙදාරටුපාලයා වෙන එක. එතකොට දෙයියෝ බුදුවෙන්ඩ කියල ‍ෙදාරටුපාලයාට වඳිනව රජු කියල හිතාගෙන. රජ්ජුරුවො මේක බල බල හිනා වෙනවා. දවසක් ‍ෙදාරටුපාලයා හිතුවා ඇඳුම් මාරු කරගත්ත වෙලාවට රජාට වැඩක් දෙන්න ඕන කියලා. ‍ෙදාරටුපාලයා අණ කළා රජුගෙ හිස ගසා මරා දාන්න කියලා. එතකොට අවුරුද්දක්වත් ඉන්නෙ නැතිව රජ ඇඳුම් ‍ෙදාරටුපාලයාට අන්දපු රජුට ‍ෙදාරටුපාලයා අතින් මැරුම් කන්න සිද්ධ වුණා. ‍ෙදාරටුපාලයාට රජකම් කරන්න බෑ. උෟ ‍ෙදාරටුපාලයෙක්. රටකට රජෙක් ඕන. නැත්නම් ඒ රට සුන්. දේශපාලකයො ඔය කාරණා විවේචනය කරනවා. රටේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය තේජස, රාජ මාලිගාව මාරු වුණාට බිසෝවරු පෙන්නන්න හොඳ නෑ. රජා කරන්න ඕන බිසෝවරු එක්ක යහන්ගත වෙන එක විතරයි.‍ෙදාරටුපාලයෙක් වගේ ග්‍රාමසේවක කෙනෙක් රජවෙලා. ඒකයි එහෙම වෙන්නෙ. කවුරු කළත් ඒක හොඳ නෑ. අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ මෝඩ කතා කියන්නෙ ජෛන සම්ප්‍රදාය අනුව සෙරෙප්පු නොදා යන්න ඕන. එළවළු බත් කන්න ඕන. ඇඳුම් පිළිවෙළට අඳින්න ඕන නෑ. ඕව හිඟන සම්ප්‍රදාය.අපිට දැන් වැරැදිලයි තියෙන්නේ. ඒකෙන් පාලකයො අපිව අන්දවනවා. ඉස්සරහටත් අපිව අන්දයි.


    http://www.sasrutha.com/article/2858305/පිටිදූවේ-හිමිගෙන්-රාජභෝජන-ගැන-අමුතු-බණක්/
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    01). ගැටලුව යනු උන්වහන්සේ ජීවමානව වැඩසිටියදීම උන්වහන්සේගේ සිතුවම්, ඡායාරූප එලිදැක්වීම එතරම් ප්‍රශ්ණයක් නොවීමත් ප්‍රතිමාවක් ඉදිකිරීම බරපතල අපරාධයක් සේ දිස්වීමය.
    සිතුවමක්, ඡායාරූපයක්, පිළිරුවක් එකිනෙකින් වෙනස් වන්නේ ඊට යොදන අමුද්රව්ය‍ වලින් පමණි. ඒ හැරුනුවිටම මේ ත්‍රිත්වයෙන්ම පිලිබිඹු වන්නේ පොදු දෙයකි. එනම් බුදු සිතුවමකට, ඡායාරූපයකට, ප්‍රතිමාවකට, මේ කුමකට වැන්දත් එකය. එසේ නම් කුමකටද මේ ප්‍රතිමාවකට පමණක් විශේෂ සැලකිලි?
    පැහැදිලිවම එය සමාජ සම්මතයයි. එනම් පිලිම කෙරෙහි වැඩි වටිනාකමක් ලබා දී ඇත්තේ සමාජයමයි. ඒ නිසා තමා සිතුවම්, ඡායාරුප ඔවුන්ගේ දෑස්වල නොගැටී ප්‍රතිමාව දෙසට පමණක් දෑස් විවර වූයේ. එය සමාජයේ ප්‍රශ්ණයක් මිසක් උන්වහන්සේගේ ප්‍රශ්ණයක් නොවේ.
    එමෙන්ම බහුතරයක් උත්සහකලේ උන්වහන්සේව මර්දනය කිරීමට හා සිරිධම්ම හිමි කඩා වැටෙන දෙස බලා සතුටු වීමටය. නමුත් ප්‍රතිමාවක් සැදීම යනු ඔවුන්ගේ සම්මතයේ ආකාරයට උතුම් දෙයකි. ලොකු දෙයකි. එනම් ඔවුන්ගේම සම්මතයේ පරිදි සිරිධම්ම හිමි උතුම් වෙනවා බලා සිටීමට ඔවුන්ට දැන් අපහසුය. ඔවුන්ගේ ඒ සම්මතය ඔවුන්ටම හරස් වී ඇත.
    02). උන්වහන්සේගේ ප්‍රතිමාව උන්වහන්සේගේ අතින්ම ජීවමාන කාලයේදී වීවෘත කිරීම :-
    මෙය එක් මෝඩ කතාවකි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටීනම්, උන්වහන්සේගේ පිලිරුව විවෘත කිරීමට වෙනත් අයෙක් අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම එය ඉදිකලේ ආශ්‍රම භුමිය තුල මිසක් ඔබලාගේ ගෙවල්වලද නොවේ. ජීවත්ව සිටියදී පිලිම ඉදිකීරීම නොහොබිනා වැඩක් බවත් පිලිම ඉදිකල යුත්තේ මරණින් පසුව බවත් ඔබලා තීරනය කලේ කුමන නීතියට අනුකූලවද? ඒවගේම ගිහි පැවිදි දේපාර්ශවයේම ඉටි ප්‍රතිමා, සිමෙන්ති ප්‍රතිමා ඕනෑතරම් ඔවුන් ජීවත්ව සිටියදීම ඉදිවී ඇත. කසේ වෙතත් අප පෙර සදහන් කල පරිදි ජීවමාන කාලයේදි සිතුවම්, ඡායාරූප එලිදැක්වීම ප්‍රශ්ණයක් නොමැති නම්, පිලිරුවක් විවෘත කිරීම ප්‍රශ්ණයක් නොවිය යුතුය.
    "සමන්තභද්‍රට පිස්සුහැදීල. ජීවත් වෙලා සිටියදීම පිලිම හද හද තමන්ගේ අසාවල් ඉටු කරගන්නවා, ධර්මය විකෘති කරමින් මිත්‍යාවන් වපුරනවා". මේ සමාජ මතයකි.
    එසේනම් ඔබලා බෞද්ධ කියා අදහන්නේ හොඳ පිස්සෙක්ටය. පළමුව ඒ පිස්සාව සාසනෙන් නෙරපාහැරිය යුතුය. කොසොල් රජතුමාට බුදුන් ජීවත්ව සිටියදීම ප්‍රතිමාවක් නෙලීමට බුදුන් විසින් අවසර ලබා දෙනලදි. එය ඉදිකල යුතු ආකාරය පිලිබඳ උපදෙස් දෙන්නේද බුදුන් වහන්සේමය. මෙවැනි දෙයක්ද අප අසා ඇත්තෙමු. එසේනම් බුදුන්ටත් එක එක ආසාවන් ඔබලාට අනුව අනුව තිබී ඇත. නමුත් කණගාටුව නම් උප්පත්ති බෞද්ධයන් මෙකි කරුණු කිසිවක් නොදැන රැල්ලට ආවඩා හත්පොලේ ගා ගැනීමය.
    03). ප්‍රතිමාවේ රැස්වලල්ලක් තිබීම :-
    අන් සියල්ලටම වඩා වැදගත් කාරණය මෙයයි. යමෙකුගේ අවබෝධය නිරූපණය කිරීමට රැස්මාලාවක් යොදාගනී. පිරිසකට උන්වහන්සේ අවබෝධ කලවූවෙකි. පිරිසකට එසේ නැත. ප්‍රශ්ණය උන්වහන්සේ සතුව සැබෑවටම අවබෝධය ඇත්ද? නැත්ද? යන කරණයයි. අවබෝධය ඇත්ද? නැත්ද? කියා සැබෑවටම සොයාගත්තා නම් සියලු ප්‍රශ්ණ විසදාගත හැකිය. නමුත් ඒ සදහා ඉදිරිපත්වන්නෙක් නැත. බෞද්ධ යැයි කියාගන්නවුන් උන්වහන්සේගේ අවබෝධය පරික්ෂා කරන ආකාරය ඉතා සෝචනියය. කාලාම සුත්‍රයෙහි සදහන් වන්නේ කට කතාවෙන්,පොතේ තිබෙන නිසා එකවර නොගෙන නුවනින් විමසාබලා පිලිගන්නා ලෙසයි. නමුත් සියල්ලන්ම පිලිගන්නේ කටකවෙනි.
    ඨාන සුත්‍රයේ සදහන් වන්නේ යමෙකුගේ අවබෝධය සාකච්ඡාවෙන්ද, දීර්ඝ කාලයක් එකට විසීමෙන්ද දැනගත යුතුයි කියාය. සමන්තභද්‍ර හිමියන් නිසා කලබලවූ බෞද්ධයන්ට ඇති එකම බෞද්ධ ක්‍රමය නම් මෙම ක්‍රමය ප්‍රයෝගිකව සිදුකිරීමයි. නමුත් කිසිවෙක් එසේ සිදුකරන්නේ නැත. අප දකින්නේ ඔබලා සතු පටු සීමාවන් ආරක්ෂා කරගැනීමට අසාර්ථක උත්සහයක නිරතවන බවයි. තම තමන්ගේ සීමාවට නොගැලපෙනවුන් පාගා දැමීමට වැයම් කරන බවයි. ඔබලා කිසිදිනක ඔබලාගේ සපිරිගෙයින් නිදහස් වන්නේ නැත.
    කවුරුන් හෝ පැමිණ උන්වහන්සේගේ අවබෝධය පරාජයට පත් කරන තුරු උන්වහන්සේ බුද්ධ කියා හදුන්වා ගැනීමට කිසිදු තහනමක් නොමැත. මන්ද එහි සත්‍ය අසත්‍ය තාවය තෝරා බේරා ගැනීමට ක්‍රමයක් ගෞතම බුදුන්ද දේශනා කරඇති බැවිණි.