සමහරවිට වැදගත් වෙයි !!!

සමහරවිට වැදගත් වෙයි !!!

ආයුබෝවන් සැමට, මාගේ උපන්දිනය වෙනුවෙන් සැමට වැදගත් වන දෙයක් කිරියේ පළකරන්න හිතුවා.
තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.

මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස් අවුරුදු ආදරය අවසන් වී දැනට අවුරුදු 3 ක් වෙනවා නමුත් ජීවිතයේ 28 වන සැතපුම් කණුව ලග සිටින මා තවම තනිකඩයෙකි.

මගේ ජීවිතය ඇසුරෙන් මම පහත සදහන් උපදෙස් ටික මෙහි පළකරන්නම්, සමහරවිට එය ඔබට වැදගත් වේ,

1. බූට් එකක් වැදුන අලුත තමාගේ සිත අයාලේ යයි, විශේෂයෙන්ම නරක අතට. එම නිසා සැමවිටම තමාගේ මව හෝ කිට්ටුම කළන මිතුරා සමග දුක බෙදාගන්න.

2. තමාගේ පෙම්වතියට දැඩි ලෙස ඇලෙන්න එපා. සියලු දේ වෙනස් වන සුලු නිසා තමා තමාටම කිය පුද්ගලිත්වයක් තියාගන්න. එවිට කොයි මොහොතේ කිනම් දේ වෙනස් වුවද "සියලු දේ වෙනස් වන සුළුයි" යන ධර්මතාව අනුව තමාගේ සිත හදාගන්න පුලුවන්.

3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.

පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.
උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.

4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, etc මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්‍රිය, etc යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.

5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.

6. තමාගේ ජීවිතෙට නෑදැයින් බලපෑමක් කර නොගන්න, මොකද නෑදැයින් බොහොවිට දන්නේ වැරදුනම හිනාවෙන්න සහ විවෙචනය කරන්න පමණයි. තමාට නිසි සහකාරියක්/සහකරුවෙක් ලැබුනවිට අන් දේවල් ගැන නොසිත්න්න.
උදා - මුදල්, කුලය, etc
මොකද ඔය දෙවල්වල වඩා වැදගත්වෙන්නේ එකට ජීවත්වීමට ඇති හැකියාවයි. තමාට සුදුසු කෙනෙක් ලැබුනොත් දෙමාපියන්ට ඇය/ඔහු ගැන තේරුම් කර දී ඔවුන්ගේ කැමත්ත ලබාගන්න.

7. තමාට සුදුසුම සහකරුවෙක්/සහාකාරියක් ලැබෙනකන් ඉවසන්න, සුදුසු කෙනෙක් නොලැබුනොත් බදිනවාට වඩා තනිකඩව සිටීම වඩා යහපත්.

මේ thread එක සදා පාදක වූ කථාව,

Boot කා ඇති අය සදහා විෂේශයි

P.S - මෙය මගේ අදහසක් වන අතර සමහර අය මෙයට එකග නොවන්නට පුලුවන්.
වරදක් ඇත්නම් සමාවෙන්න.
I have chosen the Right girl according to this guide.. :P
Many happy returns of the day Friend.
 
malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සුභ උපන්දිනක් යාලුවා.උපදෙස් ටික වටිනවා
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සෑමදනාගේම උපන්දින සුබ පැතුම් වලට බොහොම ස්තූතී :yes:
    තෙරුවණ් සරණයි !!!
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    රත්තරං;19811152 said:
    කාලෙකින් එකෙක් කෙල්ලෝ ගැන පිලිගත හැකි මතයක් දාලා...

    රෙප් 8+ මචන්
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් මේ ලඟදී මගේ කෙල්ලගෙන් වෙන් වුනා මචං...ඒ කේන්දර ප්‍රශ්නයක් හා අපේ ගෙදරින් තිබ්බ බලවත් විරෝධය නිසයි.ඒත් මම ඒ තීරණේ එයාට කිව්වේ ගොඩක් දුකින්.ඒත් ඒක කිවුව ගමන් කෙල්ල කිවුව කතා වලට කෙල්ලව අතඇරිය එක හොඳ බව මට තේරුණා.මම ඒකිගෙන් ගැලවුනේ පූරුවේ පිනකට..මෙච්චර කාලෙකට ඒකි එහෙම වචනයක් වත් කියලා තිබ්බේ නෑ..මම හීනෙන් වත් නොහිතපු කතා තමයි එයා කිවුවේ....ඉස්සල්ලා නම් මගේ හිතට ලොකු දුකක් තිබ්බා එයා ගෙන් වෙන් වෙන එකට ඒත් කියපු කතා වලට නම් වෙන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා....කෙල්ලන්ව විශ්වාස කරන්න අමාරුයි බං අන්තිම තත්පරය වෙනකල්ම බං....මමත් කෙල්ල ගැන හරියටම දැන ගත්ත අන්තිම විනාඩි කීපයේදී තමයි......:no::no::no:
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    True

    හැමදේම වෙන්නේ හොදට මචං, ගෑණු කොයි මොහොතේ වෙනස් වන කොට්ඨාශයක්ද කියලා කියන්න බෑ මචං. මගේ X-girl friend මචං නුවර වැව රවුමේ ප්‍රසිද්ධ රජයේ බාළිකා පාසලක ඉගෙනගත්තේ අදටත් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ඇහුවොත් කියයි එකි ඉස්කෝලේ හිටපු වැඩිය කථා බහක් නැති ඉතාමත් අහිංසක් ළමයෙක් කියලා. නමුත් මේකිගේ වෙනම සැග උන ජීවිතයක් තිබ්බා. මේ සියලු විස්තර මම මගේ,
    Boot කා ඇති අය සදහා විෂේශයි
    යන ත්‍රේඩ් එකේ දැම්මා, විශෙෂයෙන්ම Elakiri Confessions කියන ත්‍රේඩ් එකේ. උබට වෙලා තියෙන වෙලාවක පුලුවන්නම් කියවපන්. "උපාසක බළල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ" කියලා පැරැණ්නෝ කියලා තියෙන කථාව නම් සම්පූර්ණ ඇත්ත.

    උබලා මගේ ත්‍රෙඩ් කියවලා ජීවිතයට යමක් එකතු කරගත්තා නම්, ඒක මට ලොකු සතුටක් :yes:
     
    Last edited:

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සුභ උපන්දිනක් යාලුවා.උපදෙස් ටික වටිනවා

    සුබ උපන්දිනක් පුතා..;)

    සුබ උපන්දිනයක් මචන්

    :):)
    Happy birthday :D

    රෙප් 8+ මචන්

    සුබ උපන්දිනයක් මචන්

    Thank you everyone :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall

    හැමදේම වෙන්නේ හොදට මචං, ගෑණු කොයි මොහොතේ වෙනස් වන කොට්ඨාශයක්ද කියලා කියන්න බෑ මචං. මගේ X-girl friend මචං නුවර වැව රවුමේ ප්‍රසිද්ධ රජයේ බාළිකා පාසලක ඉගෙනගත්තේ අදටත් ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ඇහුවොත් කියයි එකි ඉස්කෝලේ හිටපු වැඩිය කථා බහක් නැති ඉතාමත් අහිංසක් ළමයෙක් කියලා. නමුත් මේකිගේ වෙනම සැග උන ජීවිතයක් තිබ්බා. මේ සියලු විස්තර මම මගේ,
    Boot කා ඇති අය සදහා විෂේශයි
    යන ත්‍රේඩ් එකේ දැම්මා, විශෙෂයෙන්ම Elakiri Confessions කියන ත්‍රේඩ් එකේ. උබට වෙලා තියෙන වෙලාවක පුලුවන්නම් කියවපන්. "උපාසක බළල්ලු තමා මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ" කියලා පැරැණ්නෝ කියලා තියෙන කථාව නම් සම්පූර්ණ ඇත්ත.

    උබලා මගේ ත්‍රෙඩ් කියවලා ජීවිතයට යමක් එකතු කරගත්තා නම්, ඒක මට ලොකු සතුටක් :yes:

    Mama uba Elakiri Confessions thread ekey daala thiyena story eka baluwaa.
    Machan mama hithanney uba loku karadarayakin berunaa kiyalaa :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    සුබ උපන්දිනයක් මචන් :) ඔහොම කෙල්ලෙක් කොහෙන්ද හොයන්නේ බන් :oo: