සම්පත්ට_නවාතැන්_දුන්නාටත්_නඩු
සම්පත්ට නවාතැන් දුන්නාටත් නඩු-පොලිස් ප්‍රකාශක
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත් අඩංගුවට ගැනීම සඳහා විද්‍යාත්මක දත්ත රැසක් විශ්ලේෂණය කිරීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රකාශක අජිත් රෝහණ බී බී සී සංදේශයට ප්‍රකාශ කළේය.භාවිතා කළ ක්‍රමවේදයෙන් පිළිබඳව බී බී සිය කළ විමසුමට පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ එම ක්‍රමවේදයෙන් හෙළිදරව් කළ නො හැකි බවයි.බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කිරීම සම්බන්ධ නඩුව පසුගිය නම වැනිදා කැඳවූ අවස්ථාවේ විත්තිකාර සම්පත් විදානපතිරණ පෙනී නො සිටිම හේතුවෙන් අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබුණි.
විමර්ශන හමාරයි
ඒ නියෝගය දුන් විගස තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති වරයා අත් අඩංගුවට නො ගත්තේ ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කළ නමුත් විශ්ලේෂණය සඳහා කාලයක් ගත වූ බවයි පොලිස් ප්‍රකාශකයා කියා සිටියේ.අඟහරුවාදා රාත්‍රී පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද සැකකරු ට නවාතැන් ලබා දුන් පුද්ගලයාට එරෙහිව නඩු පවරන බවත් ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.මේ වන විට නඩුවේ පොලිස් විමර්ශන සම්පූර්ණයෙන්ම හමාර කොට ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
BBC Sandeshaya