සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී

    mother_and_son-1015946803.jpg


    රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.

    1.තණකොල කැපීමට - ඍි.100

    2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200

    3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250

    4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300

    5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250

    6.වත්ත සුද්ද කිරීමට - රු.500

    ගෙවීමට ඇති මුළු වටිණාකම } රු.1600


    තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.


    1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ

    2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ

    3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට ඛෙහෙත් ටික පෙවීම - නොමිළේ

    4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ

    5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ

    6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

    ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

    පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.


    ~~සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී~~




    අන්තර්ජංජාලයේ සැරිසරනාවිට දුටිමි. මගේ සිත ගත් නිසා එය මෙහි පල කලෙමි :)
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මාස 2 දෙකද මම අවුරුදු 2 කකට කිට්ටු වෙන්න මව් කිරි බිව්වා. ඒකනේ අපේ සුපිරියට ඔළුව තියෙන්නේ :P
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට සහෝ
    රේප් +
    Thanks සහෝ :)
    Łűɱíņã™;15591628 said:
    :) Mewa ekathu karala short film tikak kala nam maxxa. :D
    අනිවා :cool:
    :cool::)
    RePost බුවා;15591650 said:
    බෙදා ගත්තට ස්තුති සහෝ...
    Thanks සහෝ :)
    සුපිරි මචෝ +8
    Thanks සහෝ :)
    මාස 2 දෙකද මම අවුරුදු 2 කකට කිට්ටු වෙන්න මව් කිරි බිව්වා. ඒකනේ අපේ සුපිරියට ඔළුව තියෙන්නේ :P
    :):cool:
    :)
    බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි සහෝ!!!
    5+
    Thanks සහෝ :)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    • Like
    Reactions: sasliit