සම්මා කම්මන්ත යනු කුමක්ද? - මහා චත්තාරීසක සූත්‍රයෙන්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිවන් මග වඩන ආර්ය ශ්‍රාවකයා සම්මා කම්මන්තයද ප්‍රගුණ කළ යුතුයි. සම්මා කම්මන්තය සඳහාත් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට වුණත් මෙහි සඳහන් කරුණු අනුගමනය කරන්න පුලුවන්. නමුත් සම්මා දිට්ඨියෙන් තොරව මේ දේවල් කිරීමෙන් එය "සම්මා කම්මන්තය" වෙන්නෙ නම් නෑ.


    කලින් ලිපි කියවීමට......
    1. සම්මා දිට්ඨිය යනු කුමක්ද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
    2. මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
    3. සම්මා සංකප්ප: https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/
    4. සම්මා වාචා: https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/

    මිත්‍යා කම්මන්ත සහ සම්මා කම්මන්ත පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

    මිත්‍යා කම්මන්ත:

    ~ කතමෝ ච භික්ඛවේ, මිච්ඡාකම්මන්තෝ: පාණාතිපාතෝ, අදින්නාදානං, කාමේසු මිච්ඡාචාරෝ. අයං භික්ඛවේ, මිච්ඡාකම්මන්තෝ. ~

    පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා කටයුතු කියන්නේ? අනුන්ගේ ජීවිත විනාශ කිරීම, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ යෙදීම, පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා ක්‍රියාපටිපාටිය.


    ලෞකික වශයෙන් වන සම්මා කම්මන්ත:

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාකම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ: පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. අයං භික්ඛවේ, සම්මාකම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ. ~

    පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු කුමක්ද? ඒ කියන්නේ අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටීම, නුදුන් දේ සොර සිතින් ගැනීමෙන් වැළකී සිටීම, කාම මිත්‍යාචාරයේ යෙදීමෙන් වැළකී සිටීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු නම් මෙයයි.


    ලෝකෝත්තර වශයෙන් වන සම්මා කම්මන්ත:

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාකම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ: යා ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ තීහිපි කායදුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. අයං භික්ඛවේ, සම්මාකම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. සෝ මිච්ඡාකම්මන්තස්ස පහානාය වායමති, සම්මාකම්මන්තස්ස උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ. ~

    පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ තුන් ආකාර වූ කායික දුෂ්චරිතයට නොඇලී වෙන් වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කියලයි.


    ~ සෝ සතෝ මිච්ඡාකම්මන්තං පජහති. සතෝ සම්මාකම්මන්තං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හෝති සම්මාසති. ඉති’ස්සිමේ තයෝ ධම්මා සම්මාකම්මන්තං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි, සම්මාවායාමෝ, සම්මාසති. ~

    එතකොට ඔහු මිත්‍යා ක්‍රියාවන් ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා කම්මන්තය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා ක්‍රියාපටිපාටිය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා වැඩකටයුතු උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහු ගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා වැඩකටයුතුවලට අනුව වේගවත් ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.


    තෙරුවන් සරණයි!

    ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/සම්මා-ආජීවයට-අනුව-ජීවත්-වීම-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006530/
     
    Last edited:

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    මහා මංගල සූත්‍රය සිංහල තේරුම සහිතව

    එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

    තේරුම
    මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

    එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

    බහූ දේවා මනුස්සා ච
    මංගලානි අචින්තයුං
    ආකංඛමානා සොත්‍ථානං
    බ්‍රෑහි මංගල මුත්තමං

    තේරුම
    දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

    අසෙවනා ච බාලානං
    පණ්ඩිතානඤ්ච සෙවනා
    පූජා ච පූජනීයානං
    එතං මංගල මුත්තමං

    තේරුම
    අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

    පතිරූප දේස වාසො ච
    පුබ්බේ ච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීධි ච
    එතං මංගල මුත්තමං

    තේරුම
    සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

    බාහු සච්චං ච සිප්පං ච
    විනයො ච සුසික්ඛිතො
    සුභාසිතා ච යා වාචා
    එතං මංගල මුත්තමං

    තේරුම
    බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

    මාතා පිතු උපට්ඨානං
    පුත්තදාරස්ස සංගහො
    අනාකුලා ච කම්මන්තා
    එතං මංගල මුත්තමං

    තේරුම
    මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

    දානං ච ධම්මචරියා ච
    ඤාතකානඤ්ච සංගහො
    අනවජ්ජානි කම්මානි
    එතං මංගල මුත්තමං

    තේරුම
    දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

    ආරති විරති පාපා
    මජ්ජපානා ච සඤ්ඤමො
    අප්පමාදො ච ධම්මෙසු
    එතං මංගල මුත්තමං

    තේරුම
    පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

    ගාරවො ච නිවාතො ච
    සන්තුට්ඨි ච කතඤ්ඤුතා
    කාලේන ධම්ම සවනං
    එතං මංගල මුත්තමං

    තේරුම
    ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

    ඛන්තී ච සොවචස්සතා
    සමණානං ච දස්සනං
    කාලෙන ධම්ම සාකච්ඡා
    එතං මංගල මුත්තමං

    තේරුම
    ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

    තපො ච බ්‍රහ්ම චරියඤ්ච
    අරියසච්චාන දස්සනං
    නිබ්බාණ සච්ඡි කිරියා ච
    එතං මංගල මුත්තමං

    තේරුම
    තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

    ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
    චිත්තං යස්ස න කම්පති
    අසොකං විරජං ඛෙමං
    එතං මංගල මුත්තමං

    තේරුම
    අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

    ඵතාදිසානි කත්වාන
    සබ්බත්ථ මපරාජිතා
    සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
    තං තෙසං මංගල මුත්තමන්ති.
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    කරණීය මෙත්ත සූත්‍රය සිංහල තේරුම සහිතව

    කරණීය මත්‍ථ කුසලෙන
    යං තං සන්තං පදං අභිසමෙච්ච
    සක්කො උජූ ච සූජූ ච
    සුවචො චස්ස මුදු අනතිමානි

    තේරුම
    1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

    සන්තුස්සකො ච සුභරො ච
    අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
    සන්තින්ද්‍රියො ච නිපකො ච
    අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

    තේරුම
    2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

    නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
    යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
    සුඛිනො වා ඛෙමිනො හොන්තු
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    තේරුම
    3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

    යෙ කෙචි පාණ භූතත්ථි
    තසා වා ථාවරා වා අනවසෙසා
    දීඝා වා යෙ මහන්තා වා
    මජ්ඣිමා රස්සඛාණුකථූලා

    තේරුම
    4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
    යෙච දූරෙ වසන්ති අවිදූරෙ
    භූතා වා සම්භවෙසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    තේරුම
    5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

    නපරො පරං නිකුබ්බේථ
    නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
    ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

    තේරුම
    6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

    මාතා යථා නියං පුත්තං
    ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
    එවම්පි සබ්බභූතෙසු
    මානසං භාවයෙ අපරිමානං

    තේරුම
    7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

    මෙත්තං ච සබ්බලොකස්මිං
    මානසං භාවයෙ අපරිමානං
    උද්ධං අධො ච තිරියඤ්ච
    අසම්බාධං අවෙරං අසපත්තං

    තේරුම
    8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

    තිට්ඨං චරං නිසින්නෝ වා
    සයානො වා යාවතස්ස විගතමිද්ධො
    එතං සතිං අධිට්ඨෙය්‍ය
    බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

    තේරුම
    9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

    දිට්ඨිං ච අනුපගම්ම සීලවා
    දස්සනේන සම්පන්නො
    කාමෙසු විනෙය්‍ය ගෙධං
    නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

    තේරුම
    10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය