නිවන් මග වඩන ආර්ය ශ්රාවකයා සම්මා කම්මන්තයද ප්‍රගුණ කළ යුතුයි. සම්මා කම්මන්තය සඳහාත් සම්මා දිට්ඨිය මුල් වෙනවා. සම්මා දිට්ඨිය අවශ්‍යයි. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට වුණත් මෙහි සඳහන් කරුණු අනුගමනය කරන්න පුලුවන්. නමුත් සම්මා දිට්ඨියෙන් තොරව මේ දේවල් කිරීමෙන් එය "සම්මා කම්මන්තය" වෙන්නෙ නම් නෑ.
කලින් ලිපි කියවීමට......
1. සම්මා දිට්ඨිය යනු කුමක්ද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
2. මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
3. සම්මා සංකප්ප: https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/
4. සම්මා වාචා: https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/
මිත්‍යා කම්මන්ත සහ සම්මා කම්මන්ත පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී මෙසේ වදාළ සේක.
මිත්‍යා කම්මන්ත:
ලෞකික වශයෙන් වන සම්මා කම්මන්ත:
ලෝකෝත්තර වශයෙන් වන සම්මා කම්මන්ත:
තෙරුවන් සරණයි!
ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/සම්මා-ආජීවයට-අනුව-ජීවත්-වීම-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006530/
කලින් ලිපි කියවීමට......
1. සම්මා දිට්ඨිය යනු කුමක්ද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/
2. මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/
3. සම්මා සංකප්ප: https://elakiri.com/threads/සම්මා-සංකප්ප-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006030/
4. සම්මා වාචා: https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/
මිත්‍යා කම්මන්ත සහ සම්මා කම්මන්ත පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී මෙසේ වදාළ සේක.
මිත්‍යා කම්මන්ත:
~ කතමෝ ච භික්ඛවේ, මිච්ඡාකම්මන්තෝ: පාණාතිපාතෝ, අදින්නාදානං, කාමේසු මිච්ඡාචාරෝ. අයං භික්ඛවේ, මිච්ඡාකම්මන්තෝ. ~
පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා කටයුතු කියන්නේ? අනුන්ගේ ජීවිත විනාශ කිරීම, නුදුන් දේ සොර සිතින් ගැනීම, කාම මිත්‍යාචාරයේ යෙදීම, පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා ක්‍රියාපටිපාටිය.ලෞකික වශයෙන් වන සම්මා කම්මන්ත:
~ කතමෝ ච භික්ඛවේ, සම්මාකම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ: පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. අයං භික්ඛවේ, සම්මාකම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ. ~
පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු කුමක්ද? ඒ කියන්නේ අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටීම, නුදුන් දේ සොර සිතින් ගැනීමෙන් වැළකී සිටීම, කාම මිත්‍යාචාරයේ යෙදීමෙන් වැළකී සිටීම. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා වැඩකටයුතු නම් මෙයයි.ලෝකෝත්තර වශයෙන් වන සම්මා කම්මන්ත:
~ කතමෝ ච භික්ඛවේ, සම්මාකම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ: යා ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ තීහිපි කායදුච්චරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. අයං භික්ඛවේ, සම්මාකම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. සෝ මිච්ඡාකම්මන්තස්ස පහානාය වායමති, සම්මාකම්මන්තස්ස උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ. ~
පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකු තුළ තුන් ආකාර වූ කායික දුෂ්චරිතයට නොඇලී වෙන් වීමක් ඇද්ද, දුරු කිරීමක් ඇද්ද, නැවැත්වීමක් ඇද්ද, වැළකී සිටීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා වැඩකටයුතු කියලයි.~ සෝ සතෝ මිච්ඡාකම්මන්තං පජහති. සතෝ සම්මාකම්මන්තං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හෝති සම්මාසති. ඉති’ස්සිමේ තයෝ ධම්මා සම්මාකම්මන්තං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථීදං: සම්මාදිට්ඨි, සම්මාවායාමෝ, සම්මාසති. ~
එතකොට ඔහු මිත්‍යා ක්‍රියාවන් ප්රහාණය කිරීම පිණිසත්, සම්මා කම්මන්තය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා ක්‍රියාපටිපාටිය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා වැඩකටයුතු උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහු ගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා වැඩකටයුතුවලට අනුව වේගවත් ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.තෙරුවන් සරණයි!
ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/සම්මා-ආජීවයට-අනුව-ජීවත්-වීම-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006530/
Last edited: