- කොහොමද කොටස් වලට ඉල්ලුම් කරන්නෙ?
ඕනෙම ශ්‍රී ලාංකිකයෙක්ට කිසි ප්‍රශ්නයක් නැතුව කොටස් වලට ඉල්ලුම් කරන්න පුලුවන් කොටස් වෙළදපොලේ ලියාපදිංචි වෙලා ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යම කාරණයක් නෙවේ හැබැයි අකවුන්ට් එකක් තිබ්බාම තමා ෂෙයාර්ස් ගත්තට වඩා වැඩි ගානකට ලාබයක් සහිතව විකුණන්න ලේසි අකවුන්ට් එකක් නැත්නම් අපි කොටස් ඉල්ලුවන කොටස් සහතිකයක් නිකුත් කරනවා අපේ නමට ඊට පස්සෙ අපිට පුලුවන් බ්‍රෝකර් සමාගමක අපි වෙනුවෙන් කොටස් වෙළදපොලේ ගිණුමක් ඇරල අර අපිට නිකුත් කරපු කොටස් සහතිකය ඒ ගිණූමෙ තැන්පත් කරන්න ඉගාවට ඉතින් වැඩි ගානකට විකුණල ලාභයක් ලබාගන්න
- එහෙම ඉල්ලන්න ඕන ලියවිලි කොහෙන්ද ගන්නඕනෙ?
කොළඹ ලාෆ් ගෑස් ප්‍රධාන කාර්යාලයෙන් සහ ලාෆ් අලවි නියෝජිතයො ගාවත් තියෙනවා
ආශා පිලිප් බ්‍රෝකර් සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛා කාර්යාල වල තියෙනවා
මර්චන්ට් බෑන්ක් එකෙත් තියෙනවා
මෙන්න පීඩිඑෆ් වර්ශන් එක
මෙතනින් බා ගන්න
- ඒ ලියවිලි කාටද ඒකරල යවන්න ඕනෙ?
කොට්ස් වෙළදපොලේ බ්‍රෝකර් කෙනෙක් ගාව අකවුන්ට් එකක් ඇරල නම් තියෙන්නෙ එයාලට දුන්නම් එයාලා යවනවා නැත්නම් මේක යවන්න ඕනෙ මර්චන්ට් බැංකුවට
මම නුවර ඉන්නෙ නුවර පැත්තෙ මෙහෙන් ඒවැඩෙ කරගන්න පුලුවන් තැනක් එහෙම තියනවද?
නුවර නම් තැනක් දන්නෙ නෑ
අර මම දාපු ලින්ක් එකෙන් ඇප්ලිකේෂන් එක බාගෙන ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඒක පුරවලා චෙක් එකක් හරි බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් හරි අරන් උඩ තියෙන ඇඩ්‍රස් එකට පෝස්ට් කරන්න (චෙක් එකක් ලියනවා නම් ඒක රේඛනය කරන්න තමන්ගෙම අකවුන්ට් එකක් චෙක් එකක් වෙන්න ඕනෙ නෑ ඔයාගෙ තාත්ත ගෙ කරනට් අකවුන්ට් එකක් තියෙනවා නම් ඒකෙ සල්ලි ටික තැන්පත් කරල චෙක් එකක් ලියන්න පුලුවන් මම මුලින්ම කරේ එහෙම)
තව කරුණු කිහිපයක් තියෙනවා දැන් නොවෙම්බර් 4 ඩෙඩ් ලයින් එක හින්ද ඔයාට කොටස් වෙළදපලේ ගිණූමක් නැත්නම් බ්‍රෝකර් කෙනෙක් ගාව අකවුන්ට් එකක් ඇරල ඇප්ලිකේෂන් එක දාන්න කාලයක් නෑ (අකවුන්ට් එක හදන්න සතියකට වඩා යනවා) ඒ හින්ද ඇප්ලිකේෂන් එක පුරවද්දි ෂෙයාර් සෙටිපිකේට් එක තැපෑලෙන් ඔයාට එවන්න කියල දාන්න
කොහොමත් එයාල ෂෙයාර් දෙන්න මාසයක් විතර යනවා ඉතින් ඒ කාලෙ අතර තුර ඔයාට පුලුවන් කොටෙස් වෙළදපලේ ලියාපදිංචි බ්‍රෝකර් සමාගමකට හරි එයාලගේ කාර්යාලයකට හරි ගිහින් අකවුන්ට් එකක් ඇගන්න ඊලගට අර ෂෙයාර් සෙටිපිකේට් එක ආවම ඒක බ්‍රෝකර් ගාව තැන්පත් කරන්න
මේ වෙබ් අඩවියේ තියෙනවා දැනට ලියාපදිංචි බ්‍රෝකර් සමාගම් වල වෙබ් අඩවි වල ලින්ක් ඒවට ගිහින් මහනුවර පැත්තේ බ්‍රාන්ච් එකක් තියෙන බ්‍රෝකර් කෙනෙක් හොයාගන්න බලන්න
තවත් සීන් එකක් තියෙනවා දැන් ලාෆ් එකෙන් නිකුත් කරන ගානට වඩා වැඩිපුර ෂෙයාර්ස් ඉල්ලුවොත් ඒ කියන්නෙ ඔවර් සබ්ස්ක්‍රයිබ් උනොත් එයාලා අපි ඉල්ලන මුලු ගානම දෙන්නෙ නෑ එතකොට දෙන්නෙ අපි ඉල්ලපු ගානෙන් අනුපාතයක් විතරයි එතකොට අර වැඩිපුර ඉල්ලපු ගානට ඉතුරු වෙන මුදල් එවන්න අපි අපේ බැන්ක් අකවුන්ට් එකක් හරි එහෙම නැත්නම් අපේ නමට ගෙදරට චෙක් එකක් එවන්න හරි කියන පහසුකම් දෙකෙන් එකක් තෝරන්න තියෙනවා ඇප්ලිකේෂන් ෆෝම් එකේ ඒක කියවල බලල තෝරන්න යවන්න කලින්
පුරවන්න කලින් දෙපාරක්වත් ඇප්ලිකේෂන් එක පිටිපස්සෙ තියෙන විස්තර කියවලා අයිඩියා එකක් ගගන්න
ජයවේවා!